
(විමුක්ති එස් රුද්‍රිගු)
යුරෝපා සංගමයේ සංශෝධිත නව ජී.එස්.පී රෙගුලාසිවලට අනුකූලව 2028 දෙසැම්බර් මස වන විට ජී.එස්.පී. ප්ලස් බදු සහනය සඳහා නැවත අයදුම් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කළේය.
ජීඑස්පී ප්ලස් සහනය අඛණ්ඩව ලබාගැනීම සඳහා මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, යහපාලනය සහ පරිසර සම්මුතීන්ට අනුකූලවීම සම්බන්ධයෙන් පවතින සියලුම ගැටලු විසඳීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පසුගියදා පැවැති මෙරට විදේශ තානාපතිවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර තිබිණි.
නව යුරෝපා සංගම් ජීඑස්පී රෙගුලාසි ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, දැනට ජීඑස්පී ප්ලස් සහනය ලබන රටවලට එම සහනය තවදුරටත් ලබාගැනීම සඳහා නව ක්‍රමවේදය යටතේ යළි අයදුම් කිරීමට සිදුවේ. එම රටවලට 2028 වසර අවසානය දක්වා නව අයදුම්පත් ඉදිරිපත් කිරීමට කාලය ලබාදී තිබේ.
නව ක්‍රමවේදය යටතේ ජීඑස්පී ප්ලස් සඳහා අයදුම් කරන රටවල් අතිරේක ජාත්‍යන්තර සම්මුති පහක් සම්බන්ධයෙන්ද අවශ්‍යතා සපුරාලිය යුතු අතර, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක්ද ඉදිරිපත් කළ යුතුය. නව සම්මුතීන් අතරට ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අංක 81 දරන කම්කරු පරීක්ෂණ සම්මුතිය ආදී සම්මුතීන් ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සාමාන්‍ය අහිංසක ජනතාවට සමහර පොලිස් නිලධාරීන් රාත්‍රී කාලවලදී මහ මඟදී සිදු කරන අඩත්තේට්ටම් සහ සැකකරුවන්ගේ ශරීරය (අඩෝ, මුහුණ) කෙනීම් කටයුතු සඳහා අනීතික ලෙස භාවිතා කිරීම වැනි නොමිනිස් ක්‍රියාකාරකම් පිළිබඳව දැන් ඔවුන්ට කරුණු කාරණා වාර්තා වී තිබෙනවා. ඉදිරියටත් එවැනි සිදුවීම් නොකඩවා ඔවුන්ට වාර්තා වීමට නියමිත බව ඔබතුමාලා හොඳින් සිහියට ගත්තොත් හොඳයි. මෙවැනි නොමිනිස්කම් පිළිබඳව වාර්තා කිරීමට මනුෂ්‍යත්වයට ප්රමුඛ ස්ථානය දෙමින් කටයුතු කරන, විනීත මිනිසුන් බොහෝ පිරිසක් සිටීම ගැන පුරවැසියකු ලෙස මම බොහෝමත් සතුටට පත්වෙමි. ඔවුන්ට කෘතඥ වෙමි. GSP දෙන්න ඉස්සෙල්ලා ඔබතුමන්ලාව ඔවුන් ඉස්සරහා වාඩි කරලා මෙවැනි දේවල් ගැන ප්‍රශ්න කළොත්, ඔබතුමන්ලාට වෙස් මුහුණක් දාගෙන තමයි මේවාට උත්තර දෙන්න වෙන්නේ. රටක් හැටියට අපි මෙවැනි තත්ත්වයකට පත්විය යුතු නැහැ. එවැනි දේවල් සිදු නොවන විදිහට කටයුතු කරන්නයි ජනතාව ඔබතුමන්ලාව පත්කරලා සභාවට එවලා තියෙන්නේ. තවමත් එවැනි දේවල් සිදුවෙමින් පවතිනවා නම්, අපට කියන්න තියෙන්නේ එකම දෙයයි — “උනුත් එකයි, මුනුත් එකයි.”