(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන මහතා කාබනික පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 21 අස්වැන්න නෙළිමේ කටයුතු මේවන ආරම්භ කොට තිබේ.
බඩ ඉරිඟු, දේශීය වී වර්ග ද වගා කර ඇතැයි ද ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රාදේශිය සභා මන්ත්‍රි කුමුදු ප්‍රියන්න ගුණවර්ධන මහතා මෙසේ පැවසිය.
මම මේ වන විට කුඹුරු අක්කර 21 ක ප්‍රමාණයක් කාබනික පොහොර යොදා වී වගා කර දැනට ගොයම් කැපෙමින් පවතිනවා. කිසිම විදියකින් වත් අස්වැන්නේ අඩු විමක් නැහැ. බඩ ඉරිගු, වගාවක්ද කර තිබෙනවා. ඒ සදහා දැම්මේත් කාබනික පොහොර.අප කාබනික දියර පොහොර වර්ග වගේම කාබනික කෘමි නාශක වර්ගත් හදා පාවිච්චි කරනවා.
ඇත්තටම මෙය ලංකාවේ කල හැකි හොදම දේ හැටියට මම දකිනවා. මම කාබනිකව එළවළු, වී වර්ග කිහිපයක්ම,ඒ වාගේම බීජී 384 කියන වී වර්ගය, දේශීය වී වර්ග කාබනික පොහොර යොදා නිශ්පාදනය කර තිබෙනවා. බඩ ඉරිගු සේනා දලඹුවාටත් අප දේශීය බෙහෙතක් නිශ්පාදනය කර තිබෙනවා.
කාබනික පොහොර මාස තුනෙන් දිරන ක්‍රමය තමයි රටේ තියෙන්නේ. නමුත් මම දින 45 කින් පමණ කාබනික පොහොර හදනවා. ඒ තාක්ෂණය මට රටට දෙන්න පුවවන්. ජනාධිපතිතුමා , වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයත් අපෙන් ප්‍රයෝජන ගන්න ඕන.
රජය කාබනික රටක් කිරීමට ගත් තීරණය හරිම වැදගත්.නමුත් මේ කාබනික පොහොර හදන පුද්ගලයන් 25000 ක් පමණ රට තුල ඉන්නවා. ඒ අය ජනාධිපතිතුමා ඉදිරියට ගෙනල්ලා ඒ අයගේ ක්‍රමවේද පිළිබදව අධ්‍යයනය කළොත් මේ වැඩේ කරන්නට හරිම පහසු වනවා.
නැත්නම් දැනට සමහර මුදලාලිලා දේශපාලන හිතවතුන් සමග ඉඩම් ටික බෙදා ගෙන නොයෙකුත් වර්ග යොදමින් කාබනික පොහොර හදන්න පටන් අරගෙන. මේ ක්‍රමවේදය වැරදුනොත් ඉදිරියට මේ කර්තව්‍ය කර ගෙන යන්න ජනාධිපතිට අමාරු කාර්යක් වනවා.
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහ
වකුගඩු රෝග, පාලනය කළ නොහැකි දියවැඩියාව, දැඩි විජලනය වැනි රෝගවලින් පෙලෙන රෝගීන්ගේ සංකූලතා පාලනය කිරීමට භාවිත කරන සෝඩියම් බයි කාබනේට් එන්නත් හිඟයක් බව ස
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජ.වි.පෙ ප්‍රා.මන්ත්‍රීගේ කාබනික වගාව සරුවී
SUNIL MILANO Sunday, 04 July 2021 01:59 PM
ඇති යාන්තම් සත්‍ය වටහාගත් එක.. ජවිපයේ මහත්මයෙක් හරි සිටින එක ගැන සතුටුයි.. මෙතුමාට හිස නමා මගේ ප්‍රණාමය පුදකරමි.
ජයන්තSunday, 04 July 2021 02:41 PM
ජවිපේ තමා ප්‍රාදේශීය සභා මට්ටමින් මුලින්ම කාබනික පොහොර නිශ්පාදනය කලෙත්. තිස්සමහාරාමයෙන්.කාබනික පොහොර හොඳ සංකල්පයක්. නමුත්, ප්‍රායෝගිකව රටේම කිරීමේදී මේ විදිහට ආණ්ඩුව තීරණය ගැනීමයි වැරදි.
සෙනවිSunday, 04 July 2021 02:49 PM
ඔබ වරදවා වටහාගෙන.කිසිම පක්ෂයක් කාබනික වගාවට විරුද්ධ වුනාද.බොර දියේ මාළු බානව.මිලාන් වලත් කාබනික පොහොරද බාවිතා කරන්නෙ.??
RaveendraSunday, 04 July 2021 03:35 PM
ඔබගේ අදහස් නිවැරදිය.. කිසිඳු පක්ෂයක් එළිපිට එයට විරුද්ධ වූයේ නැත. නමුත් මේ පිළිබඳව හතු පිපෙන්නා සේ එළිදකින උද්ඝෝෂණ පිටුපස සිටින්නේ කව්රුන්ද යන්න මධ්‍යස්තව හිතන ඕනෑම කෙනෙකුට වැටහෙන කරුණකි...
කිරිපුතා Sunday, 04 July 2021 02:49 PM
විශිෂ්ඨයි. ක්රිියාවෙන්ම ඔප්පුකර පෙන්වලා. දේශපාලන බෙදීමක් නැතිව හොඳ දෙයට හොඳයි කියමින් ඉදිරියට යනව නම් කොතරම් අගේද. රටම දිණුම්
RaveendraSunday, 04 July 2021 03:32 PM
ඇත්තෙන්ම විය යුත්තේ එයයි. හොඳ දෙය කවුරුන් කරත් අප එය අගය කරන්නෙමු. මොහුගේ මෙම ක්‍රියාව අප හදවතින්ම අගය කරන්නෙමු.
මුණසිංහ Sunday, 04 July 2021 03:05 PM
ඔය ජවිපෙ ලොක්කෝ කියලා හිතාඉන්න පාර දිගේ මේ දවස්වල රස්තියාදු වෙන අයට ඕක දන්වන්න...
සෙනෙවිරත්න Sunday, 04 July 2021 03:50 PM
ඔබ වටහා ගත් දෙය වැරැදියි. ජවිපෙ කාබනික වගාව කළ නොහැකි දෙයක් බව කියා නැත. කඩිමුඩියේ නිසි සැලසුමක් නොමැතිව එක්වර රසායනික පොහොර තහනම් කරන මේ කටයුත්තට එරෙහි වීමයි කරන්නේ... මෙම මහතාගේ ගොවිපල මසකින් කළ දෙයක් නොවන බවත් සෑම අයෙකුටම මෙසේ කිරීමට නොහැකි බවත් තේරුම් ගන්න. අනෙක මෙම නිෂ්පාදිත සහල් කිලොවක් රු 200ක පමණ වේ නම් ඉන් ඵලක් නැත. එය ඔබට මිලයට ගත හැකි වුවද බහුතරයක් ජනතාවට කළ නොහැකිය. එහි ප්‍රතිඵලය සාගින්න නොවේද?
SUNIL MILANO Sunday, 04 July 2021 03:30 PM
ජයන්තගේ දෙවැනි අදහසට මමත් එකඟයි. ඒත් මොන එහෙකටද බෝඩ් කෑලි උස්සගෙන පගාවත් දීලා අහිංසක ගොවියෝ උසිගන්වන්නේ. ජෙප්පෝ කියන්නේ කිසිම දේක හොඳක් දකින්නේ නැති ජාතියක්...
ජයන්තSunday, 04 July 2021 06:16 PM
ජවිපේ රසායන පොහොරම දීපල්ලා කියලා කියන්නේ නෑ. රසායන හෝ කාබනික හෝ මොන ජාතියක හරි පොහොරක් ගොවියන්ට දීපල්ලා කියන ඒකයි කියන්නේ. ජවිපේ ප්රතිපත්ය ප්‍රකාශයේත් කාබනික පොහොර සහ රසායන මිශ්‍ර පොහොරකට ක්‍රමිකව ගොවිතැන පත්කරනවා කියලා තියනවා. ඒක කළ යුත්තේ ක්‍රමිකව... පොහොර නතර කළාම ගොවියන් මිසක් තරු ක්ලාස් අමාරුවේ වැටෙන්නේ නෑ. ගොවිතැනට මුල්තැන දිය යුතුයි. ඒකේ ප්‍රධානම අරමුණ ආහාර සුරක්ෂිතතාව. මේ ආණ්ඩුව දැන් ගන්න තීන්දු වලින් වෙන්නේ නැති ප්‍රශ්න සමාජයේ මතුවෙන එක.
යාපාSunday, 04 July 2021 08:04 PM
නැති ප්‍රශ්න ඇතිකරන්නේ හාක්‍රෝස් අනුරලාම නේද? කවද්ද හොඳ වැඩකට හොඳයි කිව්වේ...? ක්‍රමානුකූලව නැවැත්තුවා නම් තමන්ගේ හෙන්චයියන් දාලා පොහොර ටික හංගලා අසරණ මිනිස්සුන්ට පොහොර හිඟයක් ඇතිකරලා මිනිස්සු උසිගන්වයි. දැනුත් කරන්නේ ඒකනේ...
Sumeth Sunday, 04 July 2021 06:39 PM
කළින් දමපු රසායනිකවල සාරවත් කම පසේ තාම තියෙනවා. තව කන්න 02ක් යනකොට බලාගන්න පුළුවන්.
Bishan Sunday, 04 July 2021 07:06 PM
බයියන්ට දැන් කාබනික පොහොරත් එපා වෙයි.
Sri Lanka Sunday, 04 July 2021 07:25 PM
කාලයකට පස්සේ අහන්න ලැබුණු හොඳම පුවත... ජයවේවා..!!!
යාපා Sunday, 04 July 2021 08:01 PM
පක්ෂ නායකයන් කියාගන්නා ව්‍යාපාරිකයන් සමාගම්වල කොමිස්වලට රටට බොරු පතුරමින් කාබනික සංකල්පයට විරුද්ධව මිනිසුන් උසිගන්වන වෙලාවක ඔබතුමා අවංකවම හොඳ දෙයට හොඳයි කීම ගැන ස්තුතිවන්ත වෙමි..
මෝ Sunday, 04 July 2021 08:12 PM
පොහොර දියව් දියව් කියලා පෝස්ටර් ගහලා, ගොවියන් විදියට අන්දලා කුලියට ගත්ත මිනිස්සු පාරට බස්සලා උද්ඝෝෂණ කරන්නේත් ජේවීපීමයි. ඔවුන්ගේ පෝස්ටර් තනිකරම....
මෝ Sunday, 04 July 2021 08:13 PM
ඔලුවක් තියෙන ජෙප්පෙක් දැක්කමයි.