(විමුක්ති එස් රුද්‍රිගු)
ජනතා විමුක්ති පෙරමුණ ජනතා ප්‍රසාදය හිමිකර ගනිමින් දිනෙන් දින ශ්‍රී ලංකාවේ වර්ධනය වන පක්ෂයක් බව අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති හමුවක් පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පසුගියදා පැවති හමුවේදී ඉතා ඵලදායී අවංක සාකච්ඡාවක් සිදු කළ බව ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
එහිදී ඇමෙරිකාවේ ආයෝජන සම්බන්ධයෙන් සහ ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ගැටළුවක් ඇත්නම් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙස අනුර කුමාර දිසානායක මහතාට පැවසූ බව ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.එවිට සමාජ මාධ්‍ය සහ කටකතා මාර්ගයෙන් සැරිසරන අසත්‍ය තොරතුරු වලින් ඈත් වීමට අවස්ථාව ලැබෙන බව ජුලී මහත්මිය ප්‍රකාශ කළාය.
අතීතයේ සිට ජනතා විමුක්ති පෙරමුණ සමඟ මතභේදාත්මක තත්ත්වයන් හට ගත්තද ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිතයෙක් ලෙස නොව පුද්ගලයෙක් වශයෙන් අනුර කුමාර දිසානායක මහතා හමුවීම යුතුකමක් ලෙස හැඟුණු බව තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
එම හමුවේදී ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවට අවශ්‍ය දේශපාලන පක්ෂයක් ලෙස හැඟුණු බවත් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ මතවාද සමාජ ගත කරන බවත් ප්‍රකාශ කළ ඇය මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ මතය නොවන බවත් තමන්ගේ පුද්ගලික මතය බවත් පැවසුවාය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ජේ.වී.පිය ජනතාවගේ හිත් දිනාගනිමින් සිටියි’’
Bamunuarachchi Monday, 11 July 2022 06:21 PM
මේ ගොල්ලන්ගේ ආණ්ඩුක්රමය කුමක්ද කියලා කියන්නේ නැහැ.. දෑකැත්තයි, මිටියයි ලාංඡනයට දාගෙන ප්රගතිශීලි ආණ්ඩුවක් කරනවලු... ලංකාව පිහිටා තිබෙන ස්ථානය ඔබලාට බොහොම වැදගත්. මෙරට කොමියුනිස්ට් වෙන්න දෙන්න එපා. කෙලින්ම හමුදාව ගොඩ බස්සන්න. අපේ මොරාල් සපෝට් එක ලැබෙනවා.
ShafMonday, 11 July 2022 06:58 PM
අනේ යන්න බමුණෝ යන්න.. ඔයා කලිසම් ඇඳගෙනද ඉන්නේ දැන්..?
ලමයTuesday, 12 July 2022 03:56 AM
මේ හාදය ලංකාවෙ ඉන්න කෙනෙක් නෙවෙයිද , ඇයි මනුස්සයො පච කෙප්ප කෙලින්නෙ JVP කාරයො රටේ කරන්න යන ඔවුන්ගෙ වැඩපිලිවෙල ගැන කොච්චර කියනවද. දැන් ලෝකෙ කොමිනියුස්ට් ආන්ඩු නැ. ඔහේ ටිකක් කියවන්න , ඔය පාට කන්නාඩිය අහක් කරන්න.
චමින්ද Tuesday, 12 July 2022 08:06 AM
අපේ කියන්නෙ කාගෙද .මගේ කියන්න නුඹට ඉන්නෙ නුඹ විතරයි. අහල ඇතිනේද අත්තාහි අත්තනෝ නාථෝ කොහි නාථෝ පරෝසියා කියලා
sugath Monday, 11 July 2022 07:02 PM
බලාගෙන, මේ අයගේ අතීත හැසිරීම එතරම් හොඳ නැහැ.
abMonday, 11 July 2022 08:13 PM
අතීත හැසිරීම හෝද නති බව අපි දනිමු, නමුත් පසුගිය වසර 30 දීම ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් ඉවත්ව ප්‍රජතන්ට්‍රවාදය තොර ගෙන ඇත එමනිසා ජනතා විමුක්ති පෙරමුණටත් අවස්තවක් ලබාදිය යුතුවේ, අගමැතිකම අනුර කුමාර දිසානායක ඉල්ලා සිටි.
බෞද්ධ රටMonday, 11 July 2022 08:28 PM
සිංහල බෞද්ධ රටට එන පලමු ක්‍රිස්තියානි කෙනා අනුර කියලා ඔබ දන්නවද..??
nuwanMonday, 11 July 2022 08:36 PM
දැන් ඉන්න අයගේ හැසිරීම හොද හින්දා ඔයා සතිටින් ඇති නේද?. නිර්පාක්ශික වීම තමා වැදගත්
මාමTuesday, 12 July 2022 03:49 AM
අතීත හැසිරිම රාජපක්ෂලගෙ , ප්‍රේමදාසලගෙ හොදද මල්ලි, මල්ලි පෝලිම්වල හිටියෙ නැද්ද. ඒ හැසිරිමෙ ප්‍රතිපල තමයි අද අපි භුක්ති විදින්නෙ මල්ලි.
රටට ආදරෙයි Monday, 11 July 2022 07:06 PM
දැන්ම හමුදා ආණ්ඩුවක් පිහිටවනු... තුවාලය ඔඩුදුවලා ඉවරයි. ලංකාව අත්, කකුල් නැති කඳ විතරක් තියන කෙනෙක් දැන්...
saliya Monday, 11 July 2022 07:49 PM
බටහිර අධිරාජ්‍යවාදීන්... මොවුන්ට රැවටෙන්නද අපි..? වාමාංශික ශ්‍රේෂ්ඨ ව්‍යාපාරය.
aoouhami Monday, 11 July 2022 09:05 PM
ඇමරිකාවට තේරුම් ගියත් ලංකාවෙ තවම බත් කන හරක්ට නෝතේතේරේ
මැක්ස් Monday, 11 July 2022 09:17 PM
ජවිපෙට දැන් සහතික දෙන්නේ ඇමරිකාව! සුවච කීකරැකමේ තරම තමයි.
පියසේන Monday, 11 July 2022 10:00 PM
අනුර කුමාරගෙන් ඇමෙරිකාවටත් මේ ලෙඩේ බෝකරන්න බැරිද? මූව එතකොට නඩේ පිටින්ම එහෙට යවන්න පුළුවන්, අපට නිදහසේ රට ගොඩගන්න. කාලකණ්නි හිපාටුවා. ඌ බැන්දේ උගේ අම්මාගේ නංගි කියලත් සාකච්ජාවේදි කිව්වද නෝනේ...
Samaranayake Monday, 11 July 2022 10:01 PM
2015 රෙජිම් චේන්ජ් එකට සල්ලි දුන්න ඒව, බැරැක් ඔබාම එලි කරානෙ..මියන්මාරය, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් පහක රෙජීම් චේන්ජ් සඳහා ඩොලර් මිලියන 800 ක් වියදම් කරා කියලා..ඒකෙන් පස්සෙ ඒකට සහභාගි වූ පිරිමි නර්ස්තුමා වගේ කට්ටිය කෝටිප්තියො වුනා..ඒත් ඒ චේජ් එකට තීරණාත්මකව සහභාගි වූ ජේ.වී.පී. එක සල්ලි එකපාරට එලියට දැම්මෙ නෑ..ඒගොල්ලො මළ ගෙවල් වල ගියාම, රැස්වීම් වලට ගියාම වාහන වලට් පෙට්රෝල් ගහන්න එක එක්කෙනා සල්ලි දෙන විදියට තමයි ඒ ඇමරිකන් සල්ලි එලියට දැම්මෙ..දැන් මේ නෝනාගෙ මේ ඇමරිකන් බබල් අත ඔන්න එලියට පැන්න..ඕක තමයි නෝන ඕගොල්ලො 1973 චිලී රටට කරේ, නිකරගුවාවට කරේ, පැනමාවට කරේ, යුක්රේනෙට කරේ, දැන් ලංකාවට කරන්නෙ..ඇමරිකන් බළල් අත එලියට පනිනව, නැත්තන් ජේ.වී.පී එක කරයි අරගල ..
kasun Monday, 11 July 2022 10:38 PM
අනුර කියන්නේ ජවිපෙ එකේ තිබ්බ සියලුම හොඳ දේවල් නැති කරලා දාලා තව එක පක්ෂයක් විතරක් කරපු කෙනා...
BT Monday, 11 July 2022 11:01 PM
මෙම තානාපතිනියට කුමක් හෝ ඉනාවක් අනුභව වී ඇති සෙයකි. ඇය නිතරම මෙරට අයට විවිධ අණ නිකුත් කරන්නේ මින් පෙර කිසිම ඇමරිකානු තානාපතිවරයකු නොකළ අන්දමටය. කෙසේ වෙතත්, මෙරට සිරි නරඹා නොබෝ කලකින් නැවත සිය රට වෙත යාමට මාර්ගය සකස් කරමින් සිටිනා බවක් හැඟේ.
චන්දන Tuesday, 12 July 2022 12:43 AM
සමාජ අසාධාරණය, දූෂණය අල්ලස හොරකම ඥාති සංග්‍රහ මේ හැම දෙයක්ම ප්‍රධාන පක්ෂ පොහොට්ටු ශ්‍රී ලංකා රනිල් සජිත් උරුම කරගත් අය. ඒවා රටට හෙළි කරන විට ජ.වි පෙ ට ගහන්න යොදාගන්නා හොඳම අවිය තමයි කුහක කම ඊර්ෂ්‍යාව කියලා හංවඩු ගසන එක. මෙක සමාජ ගත කර ඇති නිසා ජවිපෙ වෙනුවෙන් කතා කරන්න සමහරු අකැමැති. උන්ගේ අඩු පාඩු කම් තිබුනත් පාට්ටා හොරුන්ට වඩා හොද යි
දාස Tuesday, 12 July 2022 03:39 AM
මේ රටට අද අවශ්‍ය මෙවැනි පිරිසක් අපි අවුරුදු 74 තිස්සෙ බලය දුන්නෙ පක්ෂ 2 කට , රට විනාශවුනා රට කරපු අය කෝටිපතියො වුනා. දැන් ඉතිරිවෙලා ඉන්නෙ JVP විතරයි, ඔවුන් ප්රජාතන්ත්රවාදය වැලදගෙන දැන් අවුරුදු 30 වෙනව ඔවුන්ට කිසිම භිෂන චොදනාවක් නෑ. අද ලංකාවෙ විනය ගරුක පක්ෂයක් ලෙස කටයුතු කරන්නෙ ඔවුන් විතරයි. මෙයට උදාහරන ඔන තරම් දෙන්න පුලුවන් . අපි JVP භිෂනය දැකපු අත් විදපු මිනිසුන්. ඒත් අපි දැන් හිතනව ඔවුන්ට මෙරට පාලනයට අවස්ථාවක් දිය යුතුයි කියල. ඔවුන් අසමත් උනොත් ඔවුන් එලවා දමන්න අපි පෙල ගැහෙන බවත් කිව යුතුයි
mangala Tuesday, 12 July 2022 08:53 AM
අරගලය මෙහෙයවන්නේ jvp ය. jvp මෙහෙය වන්නේ ඇමෙරිකාව. දැන් නම් හොදටම පැහැදිලියි.
ලලිත් පුෂ්පකුමාර Tuesday, 12 July 2022 10:08 AM
74 වසරක සාපයෙන් වැටුනු රට ගොඩ ගන්න පුළුවන් ජවිපෙ ප්රමුඛ ජාතික ජනබලවේගයට බව ජනතාව තේරුම් ගනිමින් වේගයෙන් ඔවුන් වෙත ඇදී එමින් පවතී.
rathne Tuesday, 12 July 2022 10:11 AM
ආව්! ආව්! දැන් ඇමරිකාව ශෝක්ද?