2011 වසරේදී ශ්‍රී ලංකා රූ රැුජිණ වූ මේ සුරූපී ස්ටෙෆනි සිරිවර්ධන 2015 එළැඹෙද්දී අපූරු අවස්ථාවකට මුහුණ දීමට සූදානමින් සිටින්නීය. එනම් එළැඹෙන ජනවාරියේ ස්විට්සර්ලන්තයේ දී පැවැත්වෙන ලෝක ආර්ථික සංසද සමුළුවේ දී ලෝක තාරුණ්‍යය නියෝජනය කරන චරිතයක් ලෙසිනි. වසරක් පාසා පැවැත්වෙන මෙම අවස්ථාව නියෝජනයට එක්වන්නේ ලෝකයේ අංක එකේ ධනවතුන්වන බිල් ගේට්ස්, රිචඞ් බ‍්‍රැන්සන් වැනි ප‍්‍රකට චරිතය. ඊට අමතරව ඔබාමා වැනි ලොව ප‍්‍රකට නායකයින් ද සහභාගි වන මෙම අවස්ථාව නියෝජනයට ස්ටෙෆනි වරම් ලබා ගත්තේ කෙසේද? ස්ටෙෆනි යනු අන්තර්ජාතිකව පැවැත්වෙන ප‍්‍රසංග මෙහෙයවන අපූරු තරුණියක වන අතර ඊටත් අමතරව තවත් බොහෝ අංශවලට දායකව සිටින සුරූපිණියකි. සුරූපි ජැකලීන්ගෙන් පසුව ස්ටෙෆනි හට ද බොලිවුඩයේ රඟපෑමට අවස්ථා හිමිව ඇති බවට ද ආරංචි ලැබේ. මේ සියල්ල ගැන අපි සුරූපි ස්ටෙෆනිගෙන් විමසා දැන ගනිමු.
ස්ටෙෆනි ලෝක ආර්ථික සංසදයේ නියෝජනයට ඔබට ලැබුණු මේ අවස්ථාව ගැන විස්තර කළොත්?
”වර්ල්ඞ් ඉකොනොමික් ෆෝරම්” කියන්නේ ස්විට්සර්ලන්තයේ තියෙන ලොකුම සමුළු සංසදයක්. වසරකට වතාවක් එයාලා සමුළුවක් සංවිධානය කරනවා. ලෝකයේ විවිධ අංශවලින් ඉහළටම ගිය චරිත තමයි ඊට සහභාගි වෙන්නේ. මුළු ලෝකයේම සිටින ඒ වගේ චරිත මෙවරත් මෙම සමුළුවට ආරාධනා ලැබ සිටිනවා. ”ලෝකයේ හෙට දවසේ යහපත” තේමා කරගෙන පැවැත්වෙන ලොකු සමුළුවක්. මීට ලෝකයෙන්ම තරුණ ප‍්‍රජාවේ 50ක් විතර තෝරා ගන්නවා. මෙවර මාත් මේ අවස්ථාවට අයදුම් කළා. ලෝකයේම දස දහසකට පමණ වඩා තරුණ පිරිසක් මේ අවස්ථාව ගන්න අයදුම් කරනවා. නමුත් පනස් දෙනකු පමණයි ඊට තෝරා ගන්නේ. මටත් ඒ 50 අතරට අවස්ථාව ලැබුණා. ඒක ලොකු අවස්ථාවක්. ජනවාරි 18 සිට 25 දක්වා පැවැත්වෙන මෙම සමුළුවේදී මුළු ලෝකයේම තරුණ ප‍්‍රජාව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී තිබෙන්නේ මටයි. ශ්‍රී ලංකාවෙන් ප‍්‍රථම වතාවට මේ වගේ අවස්ථාවක් ලැබුණෙ මටයි.
දැන් මේ සමුළුවට ගියාම, බිල් ගේට්ස්, රිචඞ් බ‍්‍රැන්සන් වැනි ලෝක ධනවතුන් සහ ඔබාමා වැනි ලෝක නායකයින් සමග ඔබට කතා කරන්න අදහස් හුවමාරු කරගන්න අවස්ථා ලැබෙනවා නේද?
ඔව්, ඒකනෙ මේ තරම් සතුටින් ඉන්නෙ. ඒක ඇත්තටම ලොකුම ලොකු අවස්ථාවක්. දැන් ඒ ගැන හිතද්දී හිතට ගැස්මකුත් ඇතිවෙනවා. දැන් මේ අවස්ථාවට ගියාම ලෝකයේ තියෙන ප‍්‍රශ්න ගැන, දරිද්‍රතාවය, පුද්ගල ගැටලූ, ආර්ථික ගැටලූ, වාහන තදබදය ආදි බොහෝ දේ මාතෘකා කරගෙන ඒවාට විසඳුම් ගැන කතිකා වෙනවා. කොහොමද දරිද්‍රතාවයෙන් පීඩා විඳින අයට සහනයක් වෙන්නේ කියන දේ ගැන කතා වෙනවා.
මේ වගේ අවස්ථාවකට මීට පෙර ලංකාවෙන් කවුද සහභාගිවෙලා තියෙන්නේ?
මම දන්නා තරමින්, තාරුණ්‍යයේ සිටියදී මීට පෙර මෙම අවස්ථාවට ලංකාවෙන් සහභාගි වීමේ අවස්ථාව ලැබුණෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියටයි. ඉන්පසුව තමයි මට මේ අවස්ථාව ලැබුණේ. ඉතින් ඇත්තටම මේක මට ලොකු සතුටක්.
චන්ද්‍රිකා මැතිණිය පසුකලෙක දේශපාලනයට ආවා. ඔබත් එහෙම කරාවිද?
ඒ ගැන නම් කියන්න බැහැ. නමුත් මගේ සිහිනයක් තිබුණා. රිචඞ් බ‍්‍රැන්සන් වැනි චරිතයක් ලංකාවට ගෙන්වන්න. එයාට ආරාධනා කරලා ලංකාවෙ තරුණ ප‍්‍රජාවට එයාගෙ උපදෙස් ලබාදෙන සමුළුවක් පවත්වන්න. ඇත්තටම එයාගෙ පොත්පත් කියවද්දි මට දැනුණ දේ බොහෝමයි. ඉතින් ඒ සිහිනය යථාර්ථයක් කරදීම මගේ අරමුණයි. දැන් මේ ලැබුණු අවස්ථාවෙන් මම ඒ ආරාධනාව එතුමාට කරනවා.
ස්ටෙෆානි ඔබ උපන්නේ ලෙබනනයේ දී නේද?
ස්ටෙෆානි ඔබ ජාත්‍යන්තරව පැවැත්වෙන සහ දේශීය වශයෙන් පැවැත්වෙන සමුළු සම්මන්ත‍්‍රණ සහ සමූහ අවස්ථා මෙහෙයවීමේ අවස්ථාවලට සහභාගි වෙනවා නේද?
ඔව්, ඇත්තටම දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර ඒවාටත් මට ආරාධනා ලැබෙනවා. ඉන්දියාවේ පැවැත්වෙන එවැනි බොහෝ දේ සඳහා නිරන්තරයෙන් ආරාධනා ලැබෙනවා. චෝගම් වැනි බොහෝ අවස්ථා සඳහා මෙහෙයවීම් කළා. මට ආසයි කතා කරන්න. ඒ නිසා දැන් ඒ වගේ අවස්ථාවන් කථනයෙන් මෙහෙයවීමට ලැබීම මම හිතන්නෙ වාසනාවක්.
බොලිවුඩයේ රඟපෑමට ආරාධනා ලැබුණු බවටත් ආරංචියි? හිංදි චිත‍්‍රපටියක්ද?
ශ්‍රී ලංකා රූ රැුජිණ දිනුවාම මට එදා ඉන්දියානු චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ රඟපෑමට ගොඩාක් ආරාධනා ලැබුණා. ඒත් එදා මට රඟපාන්න බැහැ කියලයි මම හිතුවේ. මොකද මම නිතරම හිනාවෙච්ච ගමන්. මට හිනාව නවත්ත ගන්න බැහැ. ඉතින් රඟපාන්න ගිිහින් බැ?රුම් අවස්ථාවලදීත් මට හිනා යාවි කියලා හිතුවා. එදා සුරූපී ජැකලීන් තමයි මාව ශ්‍රී ලංකා රූ රැුජිණ සඳහාත් උනන්දු කළේ. ඇය මේ ළඟදී ලෝ ප‍්‍රකට ටොමි හිල්ෆිගර් විලාසිතා සාප්පුව මෙහිදී විවෘත කරන විට මට හමුවුණා. මෑතකදී ජෙරම් ඩි සිල්වා කළ පැන්ටම් ඔෆ් දි ඔපෙරා එකේ ප‍්‍රධාන චරිතය රඟපෑ බවත් මම ඇයට කිව්වාම ඇය ගොඩාක්ම සතුටු වුණා. ඉතින් එදා මට තේරුම් ගියේ රඟපාන්න පුළුවන් කියලයි. ඔව් දැන් ඒ අවස්ථාවට මම සූදානමින් ඉන්නෙ. මගේ ජීවිතයට වගේම රටටත් කීර්තියක් ගෙනත් දීම අරමුණයි. එක පියවරක් හෝ ජීවිතයේ ඉදිරියට යන්න කියලා මම මිනිසුන්ට කියන්න කැමැතියි.
ඔබගේම වියදමින් සමාජ සත්කාරක වැඩපිළිවෙළකුත් පවත්වාගෙන යනවා නේද?
ස්ටෙෆානි සිරිවර්ධන පදනම නමින් මම එය පවත්වාගෙන යනවා. රොටරි සමාජයේ මම ගෞරවනීය සාමාජිකාවක්. එයාලා එක්කත් එකතු වෙලා අනාථ දැරියන්ගේ සුබ සාධනය සඳහා බොහෝ දේ කරනවා. මාත් මට හැකි විදියට ඒවාට දායක වෙනවා.
කලා ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය තරුණ ශිල්පියකු ඔබගෙ හොඳම මිතුරකු වෙනවා නේද?
ගොඩාක් හොඳ යාළුවෝ මට ඉන්නවා. ඒ අතරින් හොඳම කෙනකුත් ඇති. ඒ හැමෝම එක්ක එකතු වෙලා මුළු ශ්‍රී ලංකාවටම සුබම සුබ නත්තලක්, හොඳම හොඳ 2015 නව වසරක් වේවා කියලා කියන්න කැමතියි.
හැඩගැන්වීම් - රන්සිරිනි වීරමන්
පසුතලය - Park Street Mews
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ
රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජැකලීන්ගෙන් පසුව ස්ටෙෆනි බොලිවුඩය කළඹාවිද?
ගයාන් Thursday, 25 December 2014 11:30 AM
කණිෂ්කගේ කතාව හරියටම හරි. අපේ මිනිස්සු පුරුදුවෙලා නැහැ මොනදේක වුණත් හොඳක් දකින්න (නි)
සුබා Monday, 22 December 2014 12:04 PM
ඹබේ සිනහව සුන්දරයි, අව්‍යාජයි. නම නොදැනත් ලස්සනයි විවෘතයි කියල මම හැමදාම හිතුවා. ඹබට ජය පතමි.! (ර)
ඉන්ද්‍රජිත් Thursday, 25 December 2014 05:22 AM
මම ඔබට හද පත්ලින්ම සුභ පතනවා. මේ ලද මහඟු අවස්ථාවෙන් අප රටට කීර්තියක් ගෙනදෙන අයුරින් ඉහත සමුළුවට සහභාගී වීමට ඔබට දළදා සමිඳුගේ පිහිට ලැබේවා. (නදී)
අමිල රංගන Wednesday, 24 December 2014 01:35 PM
මම හිතන්නේ එ්ක හොඳයි. (නදී)
තරංග Tuesday, 23 December 2014 07:29 AM
මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන ශ්‍රී ලංකාවට කීර්තියක් ලබාදීමට හැකි වේ යයි හිතනවා. (ර)
කුෂාන්ත Tuesday, 23 December 2014 11:49 PM
මෙයා මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? අපේ රටට ඕනෑ විදේශිකයන්ගේ උපදෙස් නෙමෙයි. අනගාරික ධර්මපාලතුමා වගේ මිනිසුන්ගේ මඟපෙන්වීම්. (නි)
ජානක Friday, 02 January 2015 12:14 PM
අනේ ජැකලින් ගේ තත්ත්වෙට නම් වැටෙන්න එපා.(හේ)
කුෂාන්ත Tuesday, 23 December 2014 11:59 PM
මේ වගේ අය තමා දැන් බහුතරය පාර්ලිමේන්තුවේත් ඉන්නේ. උගත් මිනිස්සු ගෙවල් වල. අනේ! රටට යන කලක් (නි)
තරිදු Tuesday, 23 December 2014 02:20 AM
මට නම් පෙනෙන්නේ ලංකාවේ මිනිස්සු නිකන් කැළඹිලා වගෙයි (නි)
කණිෂ්ක Wednesday, 24 December 2014 03:45 AM
කුෂාන්ත වගේ හැමදේකම වැරදි දකින අය හිටියොත් අනේ රටට යන කලක් කියලා තමා ඉතින් කියන්න වෙන්නේ. හොඳ පැත්තත් දකින්න පුරුදු වෙන්න.රටට කොච්චර අභිමානයක්ද? හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙමෙයි මේක.උගත්කමින්ම රටට වැඩක් කරන්න ඕනෑ කියලා දෙයක් නැහැ.තමන් දක්ෂ දෙයකින් රටට හොඳ දෙයක් කරනවා නම් උගත්ද නැද්ද කියන එක වැදගත් නැහැ.ඔබට ජය! (නි)