ලෝක ආහාර සංවිධානයේ හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වශයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා පසුගියදා පත්විය.
රෝමයේ පිහිටි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන මුලස්ථානයේදී එහි විධායක අධ්‍යක්ෂක ග්‍රස්සියානෝ දී සිල්වා මහතාට හා ලෝක ආහාර සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා එනිතනින් කුසින් මහත්මියට තානාපති බෙනට් කුරේ මහතා විසින් සිය අක්‍රපත්‍ර පසුගියදා බාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් අපේ රටේ විදේශ සේවා, පරිපාලන සේවා උපාදිධාරීන්ට මොන රැකියා ද දෙන්නේ? (නදී)
ගලබඩ ඔය තානාපති තුමාව ඉතාලියට එපා නම් ජර්මනියට එවන්න , අපි අපේ ගමන්බලපත්‍ර ගන්න මාස ගනන් බලන් ඉන්නවා. ඔය වගේ ජංගම සේවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩකාරයෙක් තමයි අපටත් ඕනේ නැතුව වැඩ බැරි ටාසන්ලා නොවේ.(නදී)
ගලබඩ, පුලුවන් නම් ජර්මනියේ ජංගම සේවයක් පවත්වපු එක තානාපතිවරයකුගේ නමක් කියන්න (නි)
අනේ බර්ලින් ඔයා මොනාද දන්නේ? (ස)
බය හැක නැතිව මේ වගේ තනතුරක් භාර ගැනීමම සුදුසුකමක් නොවෙයිද? (ස)
දේශපාලන සුදුසුකම් වලට තානාපතිකම් ප්‍රධානය කිරීමට මම ප්‍රත්පතියක් වශයෙන් විරුද්ධ වෙනවා නමුත් මෙතුමා යුරෝපයේ ඉන්න ශ්‍රී ලංකික තානාපති වරුන් අතරින් දක්ෂම සහ කර්යශූරම තානාපති වරයා වශයෙන් අවිවාදයෙන් පිළිගන්න වෙනවා , මෙතුමා ඉතාලිය නගරවල ජංගම සේවා පවත්වමින් ශ්‍රී ලාංකිකයන්ට විශාල සහනයක් ලබාදෙන අතර ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරමින් ඔවුන්ට නායකත්වය ලබාදෙනවා , යුරෝපයේ අනිත් තානාපතිවරුත් මේවගේ කටයුතු කරනවානම් කොටි ඩයස්පෝරාවට මේවගේ නටන්න හම්ම්බවෙන්නේ නැහැ . (ස)
උපාදිධරයන්ට රැකියා නැහැ ඉංග්‍රීසි බස දන්නේ නැත්තම්.ඇයි දෙය්යනේ මේවත් රටේ සංවර්දනයට යොදාගතහැකි අපේ සම්පත් නේද ඔය නිකරුනේ කළු කඩ මුදලාලිලව ලොකු ලොකු පුටුවල ඉන්දනවට වඩා. (ස)
අපේ රටේ විදේශ සේවා, පරිපාලන සේවා උපාදිධාරීන්ට මොන රැකියා ද දෙන්නේ? පිළිතුර: සමුර්ධි නියාමක. (ස)
ජයන්ත ඔබ කිවා හරි. මේකයි ලංකාවේ අලුත්ම ක්‍රමය. ඔය චන්දයකින් පරදින පුද්ගලයාටත් පොඩි චන්ද ප්‍රමාණයක් තියෙනවනේ. මේ වගේ තනතුරක් දුන්නම ඔය චන්ද ටික ආණ්ඩුවටම ලැබෙනවා එකනේ කට්ටිය කරන දුෂණ හොර මැරකම් වලට කිසිම දඬුවමක් නැත්තේ. ඒ කට්ටියට දඬුවම් කලොත් චන්ද අඩු වෙන නිසයි ඔහොම කරන්නේ ...(ස)
මෙයාට තියෙන සුදුසුකම මොකක්ද ? (නදී)
මෙතුමා මට හමුවුනේ තානාපති ජංගම සේවෙන් පලේර්මෝ වලදී මෙවැනි තානාපතිවරුන් තමා මේ රටට උවමනා මෙතුමා ඉතාම උවමනාවෙන් ඉන්න අයගේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න මහන්සි ගත්ත.මම දැකපු ඉතාම නිහතමානී මහත්තයෙක් එම නිසා අපහස කරන්න එපා (ස)
මොකක්ද මේ රට ඡන්ද වලින් පැරදෙන අයව මොලේ නැති උනත් පත් කරන රටක් මේක එකේ පාඩුව තියන්නේ රටට (අ)
මෙයාට තියෙන එකම හා හොදම සුදුසකම තමා ආණඩුවට වැඩ කරලා දිනන්න බැරි වීම , මෙයා ගේ හොදම යාලුවා තමා නැසී ගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතා (අ)
මෙයාව අපි හොඳට අඳුනනවා, (ස)
මේක විශේෂ දෙයක් නොවේ. සුදුසුකම් ඇතා හෝ නැතා ලංකාවේ තානාපති තමා ලෝක ආහාර සංවිධානේ ලංකා නියෝජිත, එහෙම නැතිව බෙනට් කුරේ මහතා ගේ සුදුසුකම් වලට දුන්න එකක් නොවේ. (නදී)
අපේ රටට වැදගත් ආයතනක් තමා ඔය ආයතනය. ඒකට මොලේ තියෙන කට්ටිය පත් කරන්න ඕන.(නදී)
දේශපාලනය. (ස)
ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් පත් කරා මිසක සුදුසු කම් වලට ලෝක ආහාර සන්විදානයෙන් පත්කර ගත්තා නෙමේ.(නදී)