IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘ජගත් පිරික්සුමට දෙපැත්තේම සහය ඕනෑ‘

යුද සමයේ දෙපාර්ශවයෙන්ම සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධ සිදුවීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලිකත්වය ගෙන සිදුකිරීමට යන අන්තර්ජාතික පරීක්ෂණයට ශී‍්‍ර ලංකාව අනිවාර්යයෙන්ම සහය දිය යුතුව ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියයි.

පසුගිය 18 වැනිදාට යුද්ධය අවසන් වී වසර 5 ක් ගතවී අවසානය.

ශ්‍රී ලංකා රජයේ පරීක්ෂණයකින් සිදුව ඇති අපරාධවලට සාධාරණය ඉෂ්ඨකරන්නෙමැයි රජය පොරොන්දුවුවද ඒ කිසිවක් ඉටුකිරීමට යුද්ධය අවසන්වී වසර 5 ගතව ඇති තැන ශී‍්‍රලංකාවට නොහැකිව ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයට එවන් පරීක්ෂණයක් සදහා කාලයදී එයින් ප‍්‍රතිඵලයක් නොමැති බව පෙනී යාම නිසා දැන් අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකිරීමට යද්දී රජය ඊට විරෝධය දක්වන බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කරයි.

රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ගන්නා තීරණයන්ට හිස නැමිය යුතුව ඇතැයිද එහි සංවිධානය පවසයි.

පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරිපත් කර සම්මත කරගත් යෝජනාවලියෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වරියට යුධ සමයේ  ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමටත් මේ දක්වා එම චෝදනා වලට රජය ගෙන ඇති පියවරයන් පිළිබඳ සොයාබැලීමටත් අවසරය හිමිව තිබේ.

පරීක්ෂණයෙන් හෙළිවන කරුණු සම්බන්ධයෙන් මහකොමසාරිස්වරිය කවුන්සිලයේ 27 වැනි සැසිවාරය පැවැත්වෙන 2014 සැප්තැම්බර් මසදී වාචික පැහැදිලි කිරීමක් සිදුකරනු ඇති අතර 2015 මාර්තු මස පැවැත්වෙන කවුන්සිලයේ 28 වැනි සැසිවාරයේදී පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

 



අදහස් (0)

‘ජගත් පිරික්සුමට දෙපැත්තේම සහය ඕනෑ‘

සම්පත් Wednesday, 21 May 2014 05:13 PM

ඇමෙරිකාව වියට්නාමයේ කරපුවට, ඉරාක‍ෙ කරපුවට ජගත් පිරික්සුම නැද්ද? (ස)

:       0       0

නීල් Wednesday, 21 May 2014 10:58 AM

ජනාධිපතිතුමනි, එන්න දෙන්න එපා එක්කෙනෙකුටවත්. (ස)

:       0       0

චමල් Wednesday, 21 May 2014 11:20 AM

නීල් හිතාගෙන ඉන්නේ ලංකාව විතරයි ලෝකේ තියෙන්න සහ ලංකාව ස්වයං පෝෂිත රටක් කියල, කාගෙවත් උදවු නැතුව ජීවත් වෙන්න. ඔබ වැනි දේශප්‍රේමී සන්ධාන පාක්ෂිකයෝ තමයි මේ රටට අවශ්‍ය. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘක්කි බලනවා නේද හැමදාම? (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 21 May 2014 11:30 AM

නිල් , මෝඩ කතා කියන්න එපා , හැබැයි රටේ ජනතාව එකමුතු උනොත් ඔය කාටවත් මේ රටට පය ගහන්න ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

විමල් Wednesday, 21 May 2014 11:58 AM

නීල් අපි බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. මේ රට යන විදිහ හොඳ මදි. අපරාධ වැඩියි. ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කල යුතුයි. ජනාධිපතිතුමා පමණක් රට පාලනය කල යුතුයි. තරාතිරම නොබලා සියලුම වැරදිකරුවන්ට (ඇමතිවරු) ඇතුළුව දඬුවම් දිය යුතුයි. එකමුතු වී පාලනයට සහයෝගය දක්වමු. (ස)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 21 May 2014 12:11 PM

දෙපාර්ශවයේම මානව හිමිකම් කෙසේ වෙතත් ඒගොල්ලන් කරපු අමානූෂික ඝාතන ගැන පරික්ෂණයක් කරන්න තිබුනේ මීට අවුරුදු ගානකට කලින්. බටහිරයන්ට හා අමෙරිකාවත්ට මෙපමන ගාය හැදිලා තියෙන්නෙ ඇයිද කියල හොයල බලන්න ඕනා සියලු දේටම කලින්. (මම නම් හිතන්නෙ ඒ අයගෙ බිස්නස් වලට පහර වැදුන නිසයි මෙහෙම කරන්නේ. දෙන් මෙහෙ ආර්තිකය වැටිලා. ප්‍රභාකරන්ගේ දක්ෂතාවය කියන්නේ මම මීට අවුරුදු 15 කට කලින් මගේ පුද්ගලික වෛද්‍යවරයා හමුවීම් නවතා වෙනත් වෛද්‍යවරයෙකු ලබාගත්තා. මක්නිසාද ඔහුගේ මනස විකෘතිකරලා තිබුනා මෙහේ ඉන්න එල්ටිටි අය. සිංහල ගම්වැසියන්ව කපලා කොටලා ඒ අයගේ පින්තුර අරගෙන (විශේෂයෙන් පොඩි දරුවන්ගේ) අපේ හමුදාවෙ අය කලා කියලා මෙහෙ අයට කියලා තිබුනේ. සිංහලයන් කියන්නේ මිලේච්ඡයන් කීයලයි. මගෙන් අැහුවා නුඹලාගේ මිනිසුන් මෙපමන දුෂ්ටද කියලා. යූරෝපයේ එල්ටිටිය කල ක්‍රියාකාරකම් වලින් බිදක් පමනයි මේ පලකලේ කරුණාකර සියලුම අදහස් පලකරණමෙන් ඉල්ලමි. (නදී)

:       0       0

සුනිල් රියාද් සිට Wednesday, 21 May 2014 12:17 PM

ජනාධිපතිතුමනි, 79 ඉඳන් 2005 වෙනකල් රටේ සියළුම ජාතීන්ගෙ මානව හිමිකම් උල්ලන්ගනයවීම් ගැන සොයල බලල ඒවාට ක්‍රියා මාර්ග අරන් ඉවර උනාට පස්සෙ ඔය කියන ඊනියා පරික්ෂනේ කරන්න කියන්න. (ස)

:       0       0

ජයසිංහ Wednesday, 21 May 2014 12:25 PM

යුද්දෙන් අහිංසක මිනිස්සු පාරවල් ගානේ බෝම්බවලටයි කපලකොටලයි මැරෙනකොට ඒව කරපු අයට විරුද්ධව කතා කරන්න, පරීක්ෂණ පවත්වන්න කවුරුවත් හිටියේ නෑ. දැන්නේ මේ නෑදෑයෝ ලෝකේ වටෙන්ම එන්නේ. (ස)

:       0       0

ලංකා තිලක් Wednesday, 21 May 2014 12:38 PM

මේ කොහෙවත් ඉන්න රාජ්‍ය නොවන සංවිධාන කොහොමද අපිට එහෙම කියන්නේ.වැඩක් බලා ගන්න කියන්න.මේ යුද්දේ තිබුණු තිස් අවුරුදු කාල සිමාවේ මෙයාල කොහෙද හිටියේ..මේ රටේ මිනිස්සු බුරුතු පිටින් කොටින්ට බිලි වෙද්දී මරණ බයේ ජිවත් වෙද්දී ගම් පිටින් කැති ගාද්දී මෙයාල කොහෙද හිටියේ? කට්ටිය ඔය මවල පෙන්නන තරම් ඔය යකා කළු නැහැ. (ස)

:       0       0

අනුරාධ Wednesday, 21 May 2014 01:06 PM

අපිට එකමුතු කම තියෙනවා නම් කාටවත් අපට බලපෑම් කරන්න බෑ. අපි එකමුතු උනොත් ඕන ප්‍රශ්නෙකට මුහුණ දෙන්න පුළුවන්. (අ)

:       0       0

ඩීසි Wednesday, 21 May 2014 01:06 PM

මානව හිමිකමට ඇමෙරිකාව එහෙම පෙන්නේ නැද්ද දන්නෙ නෑ. ඕවට තමයි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියල. (අ)

:       0       0

නිමල්ලාලිත Wednesday, 21 May 2014 01:12 PM

ලෝකයේ කෙරුමන්ය කියන අය කරන අපරාධ ගැන සෙවිය යුතුය කීමට මෙගොලන්ගේ දිවවල් නැවෙන්නේ නැද්ද? (ස)

:       0       0

නඩරාජා Wednesday, 21 May 2014 01:34 PM

ලෝකෙට ලොක්කා ඇමරිකාව කඩන හා කැඩූ මානව හිමිකම් ගැන පළමුවෙන් සොයා බලන්න ,පිස්සු ලෝකයක් . (ස)

:       0       0

ඩිසාන් Wednesday, 21 May 2014 07:19 PM

1995 වසර ඔස්ට්‍රලියාවේ ද එජ් නම් පුවත් පතේ පළවුණා නැගෙනහිර සිංහල පලාතක ගර්භිණී වාට්ටුවට ගිය එල්ටීටීඊ අය උපන් ගමන් බිලිඳුන් සහ ඔවුන්ගේ මවුවරුන්, ගැබිණි මවුන්, කපා කොටා දැමුව හැටි. පින්තුර සමග විස්තරය ලිව්වේ මාක් බේකර්. (නදී)

:       0       0

නිමල් Wednesday, 21 May 2014 07:22 PM

ඇමරිකාවෙන් මෙහෙට ගෙන්වන බඩු අපි නොගෙන හිටියොත් ඒ අයට පාඩු නිසා ඔය බලපෑම් ටිකක් හෝ අඩු වෙයි.(නදී)

:       0       0

කුම්ධාර් Wednesday, 21 May 2014 02:08 PM

අපිට එරෙහිව පරීක්ෂණ කරන්න කලින්, ඇමෙරිකාව, එංගලන්තය, ඉරාකයේදී, ඇෆ්ඝනිස්තානේදී කරපු යුධ අපරාධ UN එකෙන් හොයල බැලුවොත් නරකද? (ස)

:       0       0

කමල් Wednesday, 21 May 2014 02:45 PM

ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඉරාකය ඇතුළු රටවල හා ඊට පෙර කරන ලද මානව විරෝධී ක්‍රියා ගැන ගත් ක්‍රියා මාර්ග හා ඒ සදහා ගත වූ කාලයන් පිළිබද වාර්තාවක් හියුමන් රයිට්ස් වොච් සංවිධානය අධ්‍යයනය කලොත් නරකද? කිසිම ක්‍රියා මාර්ගය නොගෙන වසා දැමූ දේවල් තියේවි. මෙම සංවිධානයට නෙපෙනේවි. මන්ද ඔවුන් අතකොලුවක් වන බැවිනි. අභියෝගය භාර ගන්නේද? (නදී)

:       0       0

හේවා Wednesday, 21 May 2014 03:44 PM

එක්සත් ජාතීන් ගන්න තීරණයට ලංකාව හිස නැමිය යුතුයි. හොඳට හිටී ඒ ගොල්ල හිතා ගෙන ඇති අපි පොඩි එවුන් කියලා.(නදී)

:       0       0

හේවා Wednesday, 21 May 2014 03:49 PM

මෙවැනි තීරණ ගන්න අධමයින්ට නිර්මල බුදු ධහමේ හැටියට හොඳ රිටර්න් එකක් හම්බුවෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 7244 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4255 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 5532 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4050 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 968 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1737 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36377 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24174 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 523 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 226 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site