යුද සමයේ දෙපාර්ශවයෙන්ම සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධ සිදුවීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලිකත්වය ගෙන සිදුකිරීමට යන අන්තර්ජාතික පරීක්ෂණයට ශී‍්‍ර ලංකාව අනිවාර්යයෙන්ම සහය දිය යුතුව ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියයි.
පසුගිය 18 වැනිදාට යුද්ධය අවසන් වී වසර 5 ක් ගතවී අවසානය.
ශ්‍රී ලංකා රජයේ පරීක්ෂණයකින් සිදුව ඇති අපරාධවලට සාධාරණය ඉෂ්ඨකරන්නෙමැයි රජය පොරොන්දුවුවද ඒ කිසිවක් ඉටුකිරීමට යුද්ධය අවසන්වී වසර 5 ගතව ඇති තැන ශී‍්‍රලංකාවට නොහැකිව ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයට එවන් පරීක්ෂණයක් සදහා කාලයදී එයින් ප‍්‍රතිඵලයක් නොමැති බව පෙනී යාම නිසා දැන් අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකිරීමට යද්දී රජය ඊට විරෝධය දක්වන බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කරයි.
රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ගන්නා තීරණයන්ට හිස නැමිය යුතුව ඇතැයිද එහි සංවිධානය පවසයි.
පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරිපත් කර සම්මත කරගත් යෝජනාවලියෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වරියට යුධ සමයේ ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමටත් මේ දක්වා එම චෝදනා වලට රජය ගෙන ඇති පියවරයන් පිළිබඳ සොයාබැලීමටත් අවසරය හිමිව තිබේ.
පරීක්ෂණයෙන් හෙළිවන කරුණු සම්බන්ධයෙන් මහකොමසාරිස්වරිය කවුන්සිලයේ 27 වැනි සැසිවාරය පැවැත්වෙන 2014 සැප්තැම්බර් මසදී වාචික පැහැදිලි කිරීමක් සිදුකරනු ඇති අතර 2015 මාර්තු මස පැවැත්වෙන කවුන්සිලයේ 28 වැනි සැසිවාරයේදී පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකමට ඇමෙරිකාව එහෙම පෙන්නේ නැද්ද දන්නෙ නෑ. ඕවට තමයි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියල. (අ)
ඇමරිකාවෙන් මෙහෙට ගෙන්වන බඩු අපි නොගෙන හිටියොත් ඒ අයට පාඩු නිසා ඔය බලපෑම් ටිකක් හෝ අඩු වෙයි.(නදී)
1995 වසර ඔස්ට්‍රලියාවේ ද එජ් නම් පුවත් පතේ පළවුණා නැගෙනහිර සිංහල පලාතක ගර්භිණී වාට්ටුවට ගිය එල්ටීටීඊ අය උපන් ගමන් බිලිඳුන් සහ ඔවුන්ගේ මවුවරුන්, ගැබිණි මවුන්, කපා කොටා දැමුව හැටි. පින්තුර සමග විස්තරය ලිව්වේ මාක් බේකර්. (නදී)
ඇමෙරිකාව වියට්නාමයේ කරපුවට, ඉරාකෙ කරපුවට ජගත් පිරික්සුම නැද්ද? (ස)
මෙවැනි තීරණ ගන්න අධමයින්ට නිර්මල බුදු ධහමේ හැටියට හොඳ රිටර්න් එකක් හම්බුවෙයි.(නදී)
එක්සත් ජාතීන් ගන්න තීරණයට ලංකාව හිස නැමිය යුතුයි. හොඳට හිටී ඒ ගොල්ල හිතා ගෙන ඇති අපි පොඩි එවුන් කියලා.(නදී)
ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඉරාකය ඇතුළු රටවල හා ඊට පෙර කරන ලද මානව විරෝධී ක්‍රියා ගැන ගත් ක්‍රියා මාර්ග හා ඒ සදහා ගත වූ කාලයන් පිළිබද වාර්තාවක් හියුමන් රයිට්ස් වොච් සංවිධානය අධ්‍යයනය කලොත් නරකද? කිසිම ක්‍රියා මාර්ගය නොගෙන වසා දැමූ දේවල් තියේවි. මෙම සංවිධානයට නෙපෙනේවි. මන්ද ඔවුන් අතකොලුවක් වන බැවිනි. අභියෝගය භාර ගන්නේද? (නදී)
අපිට එරෙහිව පරීක්ෂණ කරන්න කලින්, ඇමෙරිකාව, එංගලන්තය, ඉරාකයේදී, ඇෆ්ඝනිස්තානේදී කරපු යුධ අපරාධ UN එකෙන් හොයල බැලුවොත් නරකද? (ස)
ලෝකෙට ලොක්කා ඇමරිකාව කඩන හා කැඩූ මානව හිමිකම් ගැන පළමුවෙන් සොයා බලන්න ,පිස්සු ලෝකයක් . (ස)
ලෝකයේ කෙරුමන්ය කියන අය කරන අපරාධ ගැන සෙවිය යුතුය කීමට මෙගොලන්ගේ දිවවල් නැවෙන්නේ නැද්ද? (ස)
ජනාධිපතිතුමනි, එන්න දෙන්න එපා එක්කෙනෙකුටවත්. (ස)
අපිට එකමුතු කම තියෙනවා නම් කාටවත් අපට බලපෑම් කරන්න බෑ. අපි එකමුතු උනොත් ඕන ප්‍රශ්නෙකට මුහුණ දෙන්න පුළුවන්. (අ)
මේ කොහෙවත් ඉන්න රාජ්‍ය නොවන සංවිධාන කොහොමද අපිට එහෙම කියන්නේ.වැඩක් බලා ගන්න කියන්න.මේ යුද්දේ තිබුණු තිස් අවුරුදු කාල සිමාවේ මෙයාල කොහෙද හිටියේ..මේ රටේ මිනිස්සු බුරුතු පිටින් කොටින්ට බිලි වෙද්දී මරණ බයේ ජිවත් වෙද්දී ගම් පිටින් කැති ගාද්දී මෙයාල කොහෙද හිටියේ? කට්ටිය ඔය මවල පෙන්නන තරම් ඔය යකා කළු නැහැ. (ස)
යුද්දෙන් අහිංසක මිනිස්සු පාරවල් ගානේ බෝම්බවලටයි කපලකොටලයි මැරෙනකොට ඒව කරපු අයට විරුද්ධව කතා කරන්න, පරීක්ෂණ පවත්වන්න කවුරුවත් හිටියේ නෑ. දැන්නේ මේ නෑදෑයෝ ලෝකේ වටෙන්ම එන්නේ. (ස)
ජනාධිපතිතුමනි, 79 ඉඳන් 2005 වෙනකල් රටේ සියළුම ජාතීන්ගෙ මානව හිමිකම් උල්ලන්ගනයවීම් ගැන සොයල බලල ඒවාට ක්‍රියා මාර්ග අරන් ඉවර උනාට පස්සෙ ඔය කියන ඊනියා පරික්ෂනේ කරන්න කියන්න. (ස)
දෙපාර්ශවයේම මානව හිමිකම් කෙසේ වෙතත් ඒගොල්ලන් කරපු අමානූෂික ඝාතන ගැන පරික්ෂණයක් කරන්න තිබුනේ මීට අවුරුදු ගානකට කලින්. බටහිරයන්ට හා අමෙරිකාවත්ට මෙපමන ගාය හැදිලා තියෙන්නෙ ඇයිද කියල හොයල බලන්න ඕනා සියලු දේටම කලින්. (මම නම් හිතන්නෙ ඒ අයගෙ බිස්නස් වලට පහර වැදුන නිසයි මෙහෙම කරන්නේ. දෙන් මෙහෙ ආර්තිකය වැටිලා. ප්‍රභාකරන්ගේ දක්ෂතාවය කියන්නේ මම මීට අවුරුදු 15 කට කලින් මගේ පුද්ගලික වෛද්‍යවරයා හමුවීම් නවතා වෙනත් වෛද්‍යවරයෙකු ලබාගත්තා. මක්නිසාද ඔහුගේ මනස විකෘතිකරලා තිබුනා මෙහේ ඉන්න එල්ටිටි අය. සිංහල ගම්වැසියන්ව කපලා කොටලා ඒ අයගේ පින්තුර අරගෙන (විශේෂයෙන් පොඩි දරුවන්ගේ) අපේ හමුදාවෙ අය කලා කියලා මෙහෙ අයට කියලා තිබුනේ. සිංහලයන් කියන්නේ මිලේච්ඡයන් කීයලයි. මගෙන් අැහුවා නුඹලාගේ මිනිසුන් මෙපමන දුෂ්ටද කියලා. යූරෝපයේ එල්ටිටිය කල ක්‍රියාකාරකම් වලින් බිදක් පමනයි මේ පලකලේ කරුණාකර සියලුම අදහස් පලකරණමෙන් ඉල්ලමි. (නදී)
නීල් අපි බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. මේ රට යන විදිහ හොඳ මදි. අපරාධ වැඩියි. ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කල යුතුයි. ජනාධිපතිතුමා පමණක් රට පාලනය කල යුතුයි. තරාතිරම නොබලා සියලුම වැරදිකරුවන්ට (ඇමතිවරු) ඇතුළුව දඬුවම් දිය යුතුයි. එකමුතු වී පාලනයට සහයෝගය දක්වමු. (ස)
නිල් , මෝඩ කතා කියන්න එපා , හැබැයි රටේ ජනතාව එකමුතු උනොත් ඔය කාටවත් මේ රටට පය ගහන්න ලැබෙන්නේ නැහැ.(නදී)
නීල් හිතාගෙන ඉන්නේ ලංකාව විතරයි ලෝකේ තියෙන්න සහ ලංකාව ස්වයං පෝෂිත රටක් කියල, කාගෙවත් උදවු නැතුව ජීවත් වෙන්න. ඔබ වැනි දේශප්‍රේමී සන්ධාන පාක්ෂිකයෝ තමයි මේ රටට අවශ්‍ය. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘක්කි බලනවා නේද හැමදාම? (ස)