කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ ජේ සිරකුටියේ රඳවා සිටින කොටි රැඳවියන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන විසි එකක් සහ සිම් කාඞ් 14ක් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පීඨය හා විදුලි සංදේශ නියාමන කොමිසමට යොමු කර ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කෝසල සේනාධීර මහතා අද (10) නියෝග කළේය. සංවිධානය යළි ගොඩනැගීම සඳහා එම ජංගම දුරකථන උපයෝගී කරගෙන දේශීය හා විදේශීය කොටි සාමාජිකයන් සමග එම රැඳවියන් සම්බන්ධතා පවත්වන බවට බන්ධනාගාර අධිකාරී ෂමිල් රන්ජන් ළමාහේවා මහතාට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුවිය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජංගම දුරකතනයෙන් මළ කොටියාට පණ පිඹින්න හදලා
සම්පා Wednesday, 11 July 2012 12:40 PM
හිර ගේ ඇතුළෙම ඉවරයක් කරන්නයි තිබුණේ
ගොනා Tuesday, 10 July 2012 08:18 PM
මෙවා ඇතුලට ගෙනියනකන් සිංහල කොටි ටික බුදිනෙද?
නිරෝෂණ Tuesday, 10 July 2012 09:21 PM
මේවට වගකිවයුත්තෝ තවම ඕක ඇතුලේ යහතින් ඇති,සල්ලිදෙනවනම් මෙයාල මොනවද නොකරන්නේ........ඒවෙලාවට කොටිය,සිංහයා පෙන්නේ නෑනේ සාක්කුව පිරෙනවානම්....එකනේ ප්‍රාණඇපෙටත් ගත්තේ උන්දන්නවා අපේ උදවියගේහැටි.
Nishard Preena Wednesday, 11 July 2012 03:23 PM
දූෂිත නිලධාරීන් සිටින තාක්කල් මේවගේ දේවල් ඉදිරියටත් සිද්ධවේවි.
අභිලාෂිණි Wednesday, 11 July 2012 09:20 AM
නිරෝෂන්, ඔයාගේ කතාව නම් සහතික ඇත්ත
අමිල කටුනායක Tuesday, 10 July 2012 05:33 PM
ඕව ඇතුලෙම හදන්න ඇති. නැතිව එළියෙන් ගේන්න පුළුවං යැ....
ලලිත් Tuesday, 10 July 2012 04:54 PM
මේක සාමාන්‍ය දෙයක්.නමුත් වගකිව යුතු අංශ මේ දේවල් පිළිබදව විමසිල්ලෙන් සිටිය යුතුයි
රනයා Wednesday, 11 July 2012 09:48 AM
බන්ධනාගාර නිලධාරීන්ව හිටවල පස් ගහන්න ඔන. හරියට බන්ධනාගාරයක්වත් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්න කථා කරනවා. අනේ ඇත්තට මේ වගේ පාලකයො
වරුණ Wednesday, 11 July 2012 10:03 AM
අපේ ජෙනරාල්තුමාට කළා වගේ ඇයි කොටින්ට නීති ක්‍රියාත්මක කරන්න බැරි?
අචිනි Wednesday, 11 July 2012 11:05 AM
පොඩි මිනිස්සුන්ට කරනවා වගේම කෝටි ගාණක සල්ලිත් එක්ක අත්අඩංගුවට ගන්න සමහර කට්ටියටත් විරුද්ධව නීති ක්‍රියාත්මක කරනවා නම් නේද හොද?