IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


'ජෝඩු ගෙදර' එක ජෝඩුවක් වන චමිලා සහ සරත්

2016-09-24-ent-102

 

සමාජය හරිම ප‍්‍රශ්නකාරියි. එක් අයෙකු තවකෙකු අභිබවා නොයන්න සමහරු උත්සාහ කරනවා. තවත් සමහරු මුදල් උපයාගැනීම වෙනුවෙන් විවිධ කූට උපක‍්‍රම යොදනවා. එම කූට උපක‍්‍රම දකින අපිට විටෙක සිනහ උපදින්නත් පුළුවන්. ඒ සමගම ඇස් අඟින් කඳුලක් මතුවෙන්නත් පුළුවන්. හිතලා බලන්න අපි ජීවත් වෙන සමාජය ඇතුළෙ අකට විහිළු දුක් කම්කටොලූ කොයි තම්තියෙනවද? මේත් එවන් වූ කතාවක්.

‘‘ජෝඩුගෙදර’’ කියන්නෙ එකම ගෙදරක බෝඩිං වෙලා ඉන්න ජෝ්ඩු 6ක් වටා ගෙතුණු හාස්‍යෝත්පාදක කතාවක්.

මේ දිනවල ඉතා ඉහළ ප‍්‍රතිචාර මැද දිවෙන මේ නාට්‍යය ස්වර්ණවාහිනියේ රාත‍්‍රී 7.30ට තමයි විකාශය වෙන්නෙ. තරංග දිසානායකගේ කතා සංකල්පයකට අනුව ක‍්‍රියාවට නැංවුණු මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නෙ රවීන්ද්‍ර විජේරත්න.

මේ සඳහා රංගනයෙන් ලංකාවෙ සිිටින දක්ෂ සම්මානනීය නළු නිළි පිරිසක් වන ගිහාන්, ජයනි, ධර්මප‍්‍රිය, දමිතා, කුමාර, හසිනිකා, ජගත්, සුජානි, චමිලා, සරත් ඇතුළු පිරිස දායක වෙනවා.

මේ අතරින් වැඩි කතාබහට ලක්වුණු ජෝඩුවක් තමයි චමිලා සහ සරත්. ඉතින් කවුරුත් දන්නා හඳුනන ආදරය කරන මේ දෙපළ සමග ‘‘ජෝඩු ගෙදර’’ පිළිබඳ කතා කරන්න අපි හිතුවා.

මේ දෙපළගෙ ජෝඩු වීම පිළිබඳව ඔවුන් සඳැල්ලට අදහස් දැක්වූවේ මෙලෙසින්.

 


මම ගාර්මන්ට් කෙල්ලෙක් - චමිලා


 

චමිලා ජෝඩුගෙදර කාත් එක්කද මේ ජෝඩු වෙලා ඉන්නෙ?

සරත් කොතලාවල සහ මම තමයි විවාහක ජෝඩුව. ඉතින් බොහොම අමාරුවෙන් ජීවත් වෙන ජෝඩුවක්. ඒවට විවිධ ක‍්‍රම හොයාගෙන තියෙනවා ජිවත් වෙන්න. මම ගාර්මන්ට් එකක රැුකියාවක් කරනවා. සරත් අයියා කරන්නෙ එක එක්කෙනාගෙ අසනීප තත්ත්වයන් විකුණගෙන සල්ලි හම්බ කරලා ජීවත් වෙන රැුකියාවක්. ඒ විදියට ජීවත් වෙන්න කරන අරගලය තමයි තියෙන්නෙ. ඊට අමතරව අනිත් ජෝඩු අතරත් හැල හැප්පීම් සිදුවෙනවා.

 

චමිලට මේ විදියට ජෝඩු වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?

තරංග දිසානායකයි, රවින්ද්‍ර විජේරත්නයි අලූත් නාට්‍යයක් කරනවා කියලා කතා කළා. නාට්‍යය කරන්න කලින්ම මේ සඳහා සම්බන්ධ වෙන පිරිස ගැනත් ඔවුන් කිව්වා. ඉතින් ඒ පිරිස අපි හැමෝම හොඳම යාලූවො. ලංකාවෙ ඉන්න වැඩ අධික දක්ෂතම වේදිකා නාට්‍ය රංගන ශිල්පීන් රැුසක් තමයි මෙහි ඉන්නේ. ඒ හැමෝටම මම ගොඩක් කැමැතියි. ඉතින් මේ සඳහා මටත් ආරාධනා කරද්දි ඇත්තටම මම ගොඩක් ආසාවෙන් මේ වෙනුවෙන් සහභාගි වුණේ. මම හිතුවා මේ වෙනුවෙන් හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා.

 

මේ ස්වාමිපුරුෂයා ඔබට ගැළපෙනවා කියලා හිතෙනවද?

ඔව්..... ඔව්. සරත් අයියයි, මමයි හොඳට ගැළපෙනවා.

 

ඒ ගැළපීම ගැනත් කියමු

අපි දෙන්නා බොහොම අවංකව ආදරෙන් ඉන්න දෙන්නෙක්. විවිධ තැන්වලදී පොඩි පොඩි රණ්ඩු සරුවල් ඇති වෙනවා. නමුත් එකිනෙකාට බොහොම ලැදියාවෙන් ඉන්න ජෝඩුවක්. පොඩි පොඩි රණ්ඩු ඇතිවෙනවා. ඒවා දැවැන්ත පවුල් අවුල් කරන දේවල් නෙමෙයි. පොඩි අත්වැරදීම්වලට බැනගන්නවා. එහෙම ඇරෙන්න වෙන රණ්ඩු නම් නෑ.

 

අනිත් ජෝඩු ගැනත් කතා කරමු

ගිහාන් ප‍්‍රනාන්දු, ජයනි සේනානායක, ජගත් චමිල, සුජානි මේනකා, හසිනිකා කරලියද්ද, කුමාර තිරිමාදුර ඒ කට්ටිය තමයි. ඒ වගේම මෑතකදී හර්ෂණත්, වොල්ගාත් එකතු වෙලා ඉන්නවා.

 

ඒ කට්ටියත් එක්ක වැඩ කරද්දි කොහොමද පහසුද?

ඇත්තටම ගොඩක් පහසුයි. මේ අපි පළමු වතාවට හමුවුණ පිරිසක් නෙමෙයි. ගොඩක් එකට වැඩ කරලා තියෙනවා. ඒ ටෙලිනාට්‍ය සහ වේදිකාවෙදි. ඉතින් අපි හැමෝම හොඳින්ම හඳුනනවා. අපි අපි ගැන දන්නවා. ඒ නිසා රඟපාන්න හරිම පහසුයි වගේම හරිම විනෝදයි. ඉතින් ඒ අපි හරිම සතුටින් වැඩ කරගෙන යනවා.

 

රූගත කිරීම් කරද්දි රසවත් සිදුවීම් එහෙම වෙනවා ඇති නේද?

ඇත්තටම අපි ඔක්කොමලා එකට වැඩකිරීමම රසවත් සිදුවීමක් තමයි. මොකද එක් එක් වයස් මට්ටමේ විවිධ අත්දැකීම් සපිරි නළු නිළියො මෙහි ඉන්නෙ. රඟපෑමෙන් තොරව ඉද්දි අපි ඔක්කොම හරිම විනෝදජනකයි. ඒ ගත කරන වෙලාවෙ එක එක්කෙනාට විහිළු කරගෙන හරිම සතුටින් ඉන්නෙ.

 

‘‘ජෝඩු ගෙදර’’ කතාව ගැන මොකද හිතෙන්නෙ?

කතාව බොහොම සරල රීතියක යන කතාවක්. යම් යම් අවස්ථාවල සමාජයේ සිදුවන කතිකා ප‍්‍රශ්නයට නඟනවා. සරත් අයියගෙ චරිතෙ ගත්තත් එහිත් තියෙන්නෙ වකුගඩු ලෙඞ්ඩුන්ගෙන් ගසාකන චරිතයක්. ඒ අද සමාජයේ දක්නට ලැබෙන ප‍්‍රශ්නයක්. වෛද්‍යවරුන් ලෙඞ්ඩුන්ව ගසා කන අවධියක් මේ. ඒවා ඉතා ගැඹුරින් කතා කරනවා නෙමෙයි. නමුත් එහි සියුම් සියුම් සමාජමය ප‍්‍රශ්නකාරී දේවල් කතා කරනවා.

 

2016-09-24-ent-103


මම පොඩි ඇම්ඩෙක් -සරත්


 

සරත් මොකද මේ අලූතින් ජෝඩු වෙන්නෙ?

ඒ මගෙ අලූත්ම නාට්‍ය ‘‘ ජෝඩු ගෙදර’’ වෙනුවෙන් තමයි ජෝඩු වුණේ. ජෝඩු 6ක් ඉන්න බෝඩිමක කතාවක් තමයි මේ. බෝඩිම කරගෙන යන්නෙ විජේරත්න වරකාගොඩ සහ මාලිනි වීරමුණි දෙපළ. ඉතින් ජෝඩු කිහිපයක්ම දුර පළාත්වල සිට පැමිණ මේ ගෙදර නවාතැන් අරගෙන ඉන්නෙ.

 

ඔබට ජෝඩුවෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?

ගිහාන් ප‍්‍රනාන්දු තමයි මේ සඳහා මට කතා කළේ. ඔහු රවීන්ද්‍ර විජේරත්න සමග ගොඩක් වැඩ කරලා තියෙනවා. ඒ හැඳුනුම්කමත් එක්ක තමයි මම සම්බන්ධ වුණේ. මේ වෙනුවෙන් සම්බන්ධ වෙන අනෙක් නළු නිළි පිරිසත් අපේ හොඳම මිතුරු කැළක්. ප‍්‍රහසනයක් විදියට යන මේ කතාවෙ කියවෙන්නෙ සමාජයේ ජීවත් වෙන්න මිනිස්සු දරන පරිශ‍්‍රමය සහ මිනිස් චරිතවල අභ්‍යන්තරය පිළිබඳව.

 

එහි ඔබේ බිරිඳ චමිලගෙ මේ ජෝඩුව ගැළපෙනවා කියලා හිතනවද?

ඒක චරිතයක්නෙ. ඒ නිසා ඒ ගැන මට හරියටම කියන්න බෑ. ටෙලිනාට්‍ය නරඹන අපේ පේ‍්‍රක්ෂකයො තමයි ඒ දේ තීරණය කරන්න ඕනෙ අපි හරියට රඟපානවාද නැද්ද කියන දේ.

 

ඔබෙයි චමිලගෙයි පවුලෙ පසුබිම කොහොමද?

මමත් චමිලාත් දුර පළාතකින් ඇවිල්ලා විවාහවෙලා මේ බෝඩිමේ තමයි නැවතිලා ඉන්නෙ. ඇය ගාර්මන්ට් යන කාන්තාවක්. මම කරන්නෙ වකුගඩු ලෙඞ්ඩුන්ව අල්ලගෙන ඒවා නැවත බට් කරන්න සල්ලි එකතු කරලා ලෙඞ්ඩුන්ගෙන් ගසා කන එක.

 

සල්ලි ගැන කතා කරන්න එපා.... මනුස්සකමයි වටින්නෙ කියලා ඒවද කරන්නෙ?

ඔව්. ඔව්.. එහෙම කතා කළාට කපටි වැඩ තමයි කරන්නෙ. චරිතෙ විදියට පොඩි ඇම්ඩෙක්.

 

අනිත් පවුල් එක්ක රඟපාද්දි කොහොමද ඒ ලැබුනු අත්දැකීම්.

ඒ සඳහා සහභාගිවුණු ඔක්කොම වගේ අපි ක්ෂේත‍්‍රයට එකටම ආපු පිරිසක් ඉන්නෙ. අපේ මේ පිරිස ගොඩක් කාලෙකින් එවැනි ටෙලිනාට්‍යයකට එකතු වෙලා වැඩ කරන්නෙ. ඒ වගේම අපි අවුරුදු ගණනාවක සිටම දන්න හඳුනන කට්ටිය. අවුරුදු 15-20 වගේ ඉඳලා එකට රඟපානවා. ඉතින් ඒ නිසා එහි වැඩකටයුතු කරගෙන යන්න හරි ලේසියි.

 

මේ කතාව ගැන මොකද හිතෙන්නෙ?

කොමඩියක් විදියට යන්නෙ. ඇත්තටම හොඳ කතාවක්. තිර රචකයා ඒක හොඳට ලියාගෙන යනවා. දැන් බිහිවෙන ඇතැම් හාත්සේ‍යා්ත්පාදක නාට්‍ය වගේ නෙමෙයි. ජෝඩු ගෙදර කියන්නෙ බොළඳ නැති සමාජයේ සිදුවන ප‍්‍රශ්න ටිකක් හාස්‍යයෙන් ඉදිරිපත් කරන නාට්‍යයක්.

 

පුංචි තිරයේ තව කා සමග ද සරත් කොතලාවල ජෝඩුවෙලා තියෙන්නේ?

ජයනි සේනානායක, චාන්දනී සෙනෙවිරත්න, දමිතා අබේරත්න, නිල්මිණි තෙන්නකෝන් ඇතුළු සහෝදර නිළියො රැුසක් එක්ක ජෝඩුවෙලා තියෙනවා.

 

එතකොට සැබෑ ජීවිතේ ජෝඩු වෙලා ඉන්නෙ කාත් එක්කද?

මගෙ බිරිඳ පුෂ්පා සමන්ති. ඇය තමයි මේ වෙද්දි මට ලොකු හයියක් වෙලා තියෙන්නෙ. එදා ඉඳන් මම වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරමින් මගෙ පසුපස ඉන්නවා. සමහර වෙලාවට රංගන කටයුතු නිසා මගෙ වැඩකටයුතු ගොඩක් අඩාල වෙනවා. ඉතින් ඇය තමයි දරුවන්ගෙ වැඩකටයුතු සහ ගෙදර වැඩ හැම දේම කරගෙන යන්නෙ. ඒ හයිය තමයි හැම දේටම වඩා මට වටින්නෙ.

 

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

අලූතින් වේදිකා නාට්‍යයක් සහ ටෙලිනාට්‍ය පහක් හයක් ම කරගෙන යනවා. ඒ වගේම මගෙ වේදිකා නාට්‍ය කෝ කුක්කෝ සහ නරි බුරති නාට්‍යවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

 

ධනු විජේරත්න

 



අදහස් (0)

'ජෝඩු ගෙදර' එක ජෝඩුවක් වන චමිලා සහ සරත්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1341 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1511 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 930 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 406 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1342 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site