ආදරණීය කාන්ති ලංකා ආදරණීය හඬකින් ‘සඳැල්ල’ පාඨකයින් ඇමතුවේ එහෙමයි.
‘‘චිත‍්‍රපට අධ්‍යක්‍ෂක ජෝ දේව් ආනන්ද මහත්මයා ‘සුජීවා’ චිත‍්‍රපටයට අලූත් නිළියක් සොයමින් ඉඳලා තියෙනවා. කෙනෙක් මං ගැන කියලා තියෙනවා. ඒ වෙනකොට මං ‘ප‍්‍රියංගා’ චිත‍්‍රපටයේ රඟපාලා ගෙදර හිටපු කාලේ. නෑ නෑ එතකොටත් මං ඉස්කෝලේ යනවා. ඉතින් ජෝ දේව් ආනන්ද මහත්මයා අපේ ගෙදර ආවා. මාව දැක්කම ‘සුජීවා’ චරිතයට මාව සුදුසුයි කියලා තෝරාගත්තා.
ඊට පස්සෙ කිහිප දෙනෙක්ම ජෝ දේව් ආනන්ද මහත්මයාට කියලා තියෙනවා ‘ප‍්‍රියංගා’ චිත‍්‍රපටයේ ප‍්‍රියංගා කියන ගැමි තරුණියගේ චරිතය කළ කාන්ති ලංකාට පුළුවන්ද සුජීවා කියන නාගරික දඟකාර චරිතය කරන්න කියලා. නමුත් ජෝ දේව් ආනන්ද මහත්මයාට වුවමනා කරලා තිබුණේ අලූත් මුහුණක්. ඒ වගේම මං ගැන ලොකු විශ්වාසයක් ඇතිකරගෙන හිටියා අධ්‍යක්‍ෂවරයා.
ඒ වගේම මගේ ලොකු විශ්වාසයක් තිබුණා කාන්ති ලංකාට ‘ප‍්‍රියංගා’ වෙන්නත් පුළුවනි, ‘සුජීවා’ වෙන්නත් පුළුවනි කියලා. මගේ රංගන කුසලතාවෙන් ඒක ඔප්පු කරනවා කියලා මං දැඩි අධිෂ්ඨානයක් කරගෙන හිටියා.
මේ චිත‍්‍රපටයේ රෝයි ද සිල්වා, නීටා ප‍්‍රනාන්දු, මේබල් බ්ලයිත්, ෆ්‍රෙඞී සිල්වා, එච්.ආර්. ජෝතිපාල, ධර්ම ශ්‍රී, දොන් සිරිසේන, ස්ටැන්ලි පෙරේරා, යන ප‍්‍රවීණ ශිල්පීන් රඟපෑවා.
ගී තනු නිර්මාණය ගලගෙදර එම්.එම්.ඒ. හක්, සංගීතය ටී.එෆ්. ලනීෆ්.
මගේ චරිතය ‘සුජීවා’. මගේ අක්කා ‘සුරම්‍යා’. ඒ චරිතය රඟපෑවේ නීටා ප‍්‍රනාන්දු. සුජීවා බොහෝම කාරුණිකයි. අක්කා හරිම සැරපරුෂයි. සුජීවාගේ මව සහ පියා හැටියට රඟපෑවේ මේබල් බ්ලයින් සහ ධර්ම ශ්‍රී රණතුංග.
කතාව ඇරඹෙන්නේ මෙහෙමයි. අපි මුළු පවුලම යනවා කොළඹ සිට නුවර එළියේ වත්තට. ඒ ගිය ගමනේදී සුරම්‍යා වතු සේවකයින්ට කතා කරන්නේ බොහෝම නපුරු විදිහට. ඒත් සුජීවා එහෙම නැහැ. හරිම කාරුණිකයි. ඇය කොච්චර කාරුණිකද කිව්වොත් ඇය පරිසරයටත් ආදරය කරනවා.
නුවරඑළිය පරිසරයේ චමත්කාරයෙන් මත්වුණු සුජීවා එහිදී ලස්සන ගීතයක් ගායනය කරනවා.
ඈත වනපෙත සරසාලා
පාට වනමල් පිබිදීලා
නීල කඳුමත ගෑවීලා
යාවි මේකුළු පාවීලා
සුජාතා අත්තනායක ගායනය කරන මේ ලස්සන ගීතයත් මගේ රසිකයනට මතක ඇතියි කියා මං හිතනවා.
මෙතැනදී ගමේ තරුණයෙක් මුණගැහෙනවා. මේ ඇසුර ආදරයකට පෙරළෙනවා. සුජීවා ඇතුළු පවුලේ පිරිස කොළඹට පැමිණි පසු අර ගමේ තරුණයා රැකියාවක් සොයා කොළඹට පැමිණෙනවා. එතැනදී සුජීවා හමුවී ඇයගේ පියාගේ වෙළඳ ආයතනයේ රැකියාවකට යොමුවනවා.
මේ ආදර අන්දරයට එරෙහි වන සුජීවාගේ මස්සිනා (එච්.ආර්. ජෝතිපාල) මේ ගැමි තරුණය රැකියාවෙන් පලවා හැරීමට විවිධ කුමන්ත‍්‍රණ සැලසුම් කරනවා. ඒ සියල්ල අසාර්ථක වෙනවා. විවිධ හැල හැප්පීම් මැද සන්සුන්ව ඉදිරියට ගමන් කරන සුජීවාගේ ජීවිතය අනුව ක‍්‍රමානුකූලව හැඩගැසෙන්න ඇගේ සොයුරිය පෙළඹෙනවා. අවසානයේ මෙම සොයුරියන් දෙදෙනා විශාල ජයග‍්‍රහණයක් ලබා ගනිමින් සුදුසු විවාහයන්ට එළඹෙනවා.
ඉතාම කෙටියෙන් කිව්වොත් ‘සුජීවා’ ඉතාම ලස්සන කතාවක්.
නුපුරුදු හැඟුම තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
මගෙ හද වණ පිරි මැදලා
සැනසෙන්න සත්සර වයලා
ආදරණීය බබෝ
අලූත් කලාවක් සොයාගත්ත මං
කිස් නම් හාදුවකි
ජෝති, ඇන්ජි, එම්.එස්. ප‍්‍රනාන්දු, ෆ්‍රෙඞී ගැයූ මේ ගීත සියල්ලම ඇතුලත්වෙලා තිබුණෙ ‘සුජීවා’ චිත‍්‍රපටයේ.
රූපගතකිරීම් කළා නුවරඑළියේ, කොළඹ, හිටපු ඇමතිවරයකු වන රොනී ද මැල් මහත්මයගේ ගී කියන වත්තේ බංගලාවේ සර් ජෝන් කොතලාවල මහත්මයාගේ රත්මලානේ කඳවල වලව්වේ සුජීවාගේ නිවසේ ඇතුළත සමහර දර්ශනවලට සිලෝන් ස්ටුඩියෝ වල සෙට් හදලා රූපගත කිරීම් කළා.
මගේ පාසල් කටයුතු වලට පාඩු නොවෙන්න වැඩිපුර රූපගත කිරීම් කළේ රාත‍්‍රී කාලයේ. ඉතින් මේ රූපගත කිරීම් කරන රාත‍්‍රි කාලයට සිලෝන් ස්ටුඩියෝ එකට එනවා ජෝතිපාල, ෆ්‍රෙඞී, පේ‍්‍රමකීර්ති ද අල්විස් කට්ටියම. අලූත් කලාවක් ගීතය රචනා කළ නිසා පේ‍්‍රමකීර්ති අයියත් සෙට් වෙනවා අර කට්ටියට.
මේ කට්ටියම සිලෝන් ස්ටූඩියෝ එකට සෙට් වෙච්ච දවසට මුළු ස්ටූඩියෝ එකම රස ලෝකයක් මැවෙනවා කිව්වොත් වැරදි නැහැ. ඒ වෙලාවට මං කියනවා ජෝති අයියේ අහවල් සිංදුව කියන්න කියලා. එහෙම නිහතමානි ගායකයෙක් මං දැකලා නැහැ. පුංචි ළමයෙක් වගේ සිංදුව ගායනය කරනවා. ඉඳලා හිටලා ෆ්‍රෙඞී සිල්වා දෙපැත්ත කැපෙන වචනයක් දෙකක් කියනවා. ඔක්කෝටම හිනා.
ඒ වෙලාවට ජෝති අයියා මාව එළවා ගන්නවා. යන්න යන්න පුංචි ළමයා කියලා. මං පුංචි වුණත් මට එදා හිතුණා මේ මහා කලාකාරයෝ රටක් වටිනවා කියලා. ඒ සුන්දර මිනිස්සු කවුරුවත් අද අපි අතර නැහැ. මතක් වෙනකොටත් හිතට දුකයි.
‘සුජීවා’ අතිශය ජනප‍්‍රිය වුණා. සාර්ථක වුණා. ජෝ දේව් ආනන්ද මේ සාර්ථකත්වයට හේතු සොයනවා. සමීක්‍ෂණයක් කරලා තිබුණා. හේතු කිහිපයක්ම තිබුණා. එක් හේතුවක් තමයි සුජීවාගේ චරිතය රඟපෑ ගර්ල් ගෙ කටහඬ සහ වචන උච්චාරණය. ඒක පේ‍්‍රක්‍ෂකයින් ගේ හද බැඳගත්තා කියලා අධ්‍යක්‍ෂවරයා මට කියලා තිබුණා. මේ වෙනුවෙන් මට විශේෂ තිළිණයකුත් ප‍්‍රදානය කළ බවත් බොහෝම ගෞරවයෙන් සහ සතුටින් කියා සිටිනවා.
ඒ කාලේ හැටියට සුජීවා චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ලොකු මුදලක් ලැබුණා. මට මතකයි ඒ සල්ලි ඔක්කෝම මගේ ඉතිරි කිරීම් පොතට දැම්මා.
සුජීවා සාර්ථක වෙනකොට මට තව තවත් චිත‍්‍රපට ගලාගෙන එන්න පටන්ගත්තා. ලස්සනම වැඬේ කියන්නේ සුජීවා චිත‍්‍රපටය මට සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන් වුණේ අවුරුදු දහයකට පස්සෙයි.
1972 තිරගත කෙරුණු මේ කළු සුදු චිත‍්‍රපටය අදටත් ජනප‍්‍රියයි. රූපවාහිනී නාළිකාවකින් හෙට විකාශය කළත් අපේ පේ‍්‍රක්‍ෂකයන් ඇහැපිය නොහෙලා බලන බව මට විශ්වාසයි. මොකක්ද මේ රහස?
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හප්පා තාමත් කෑල්ල වගේ (ස)
සුරේන්ද්‍ර ගායකයෙක්ද? (ස)
මට මතක් වෙනවා 1970 දී ඔබ හමුවෙන්න ඔබේ ගෙදර පැමිනි දිනය.ඔබ හරිම රූමත්..ඔබට දිගා සුව ලැබේවා! (නි)
කාන්ති ලංකා හා පුණ්‍ය හීන්දෙනිය අනිත් නිළියන්ට වඩා වෙනස් ලස්සනක් තියෙන දෙදෙනෙක්. ඇය මගේ බිරිදගේ ඥාතියෙක් වෙලත් තවම හමුවීමට බැරි වීම (අපි පිටරට ජීවත් වන නිසා) ගැන කණගාටුයි.(නදී)
ජෝතිපාල වගේ ගීත ගයන්න තවම කවුරුවත් ඉපදිලා නැහැ. පොඩ්ඩක් හරි කට හඬට කිට්ටුවෙන් කියන්න පුළුවන් නුවන් ගුණවර්ධනට පමණයි. මේ ලෝකේ තියෙන තුරු ජෝතිපාල වගේ හඬක් උපදින්නේ නැහැ. (ස)
ජෝතිපාලගේ ගී ගයන්න තාම කවුරුවත් ඉපදිලා නැහැ. (නි)
.. අර අනුර කියල පොරක් දාල තියෙන කොමෙන්ට් එකට හිනා යනවා ..සුරේන්ද්‍රට ජෝතිගේ සින්දු කියන්න පුළුවන්ලු .. ජෝතිගේ සින්දු හරියට රසවිදපු කෙනෙක්ට ඇත්තටම හිනා යනවා ..ජෝතිගේ හඬ සුවිශේෂ එකක්. (ස)
සංජය, ජෝතිගේ නිහතමානී බව ඇය කීවේ සින්දු කොපි කිරීම නොවේ, ඔබට එය නොතේරෙන එක හරිම දුකයි. (ත)
ජෝති ඒ දවස් වල ඔබට සැලකුව බව මමත් ජෝතිගේ ලගම මිතුරනුත් දන්නවා.(නදී)
කාන්ති ලංකාවනි, ඔබ අපගේ හද බැදී රුවකි. මම 'චන්දන ඇල්ලෙන් නාලා' ගීය ගයන විට මා හද තුල ජීවත් වන්නේ ඔබය. (නි)
සුන්දර මතක , අතීත ආවර්ජන කෙතරම් ම්හිරිද? මේ නළු නිලි ගායක, ගායිකා සුසංයෝග කෂේස්ත්‍රයට සම්බන්ද වූ අය සිනමාවේ උපරිමය ළඟා කර දුන්නා. මේවා රස විදින්නවත් දැන් පරපුර හිතන්නේවත් නැහැ. කුඩු මිරිස් කෑ රිලා සන්ස්කෘතියක් දැන් තියෙන්නේ.(නදී)
සින්දු කොපි කිරීමක් නොවේ. මෙතන ඇත්තේ නිහතමානීකමයි මනුශ්ෂ්‍යත්වයයි .(ස)
කාන්ති ලංකා 60 දශකයේදී රූප රාජිණියක් ලෙසත් අභිෂේක ලැබුවා නේද? (නි)
නිහතමානී වෙන්නේ කොහොමද ? සින්දු කියක් කොපි කරාද?(නදී)
රුක්මනී, මාලනී, පුණ්‍යා හීන්දෙනිය වැනි නිළියන්ට තිබෙන අවාජ, පිවිතුරු මනස්කාන්ත රූප ශෝභාව අද පිපෙන හෙට පරවෙන ටෙලි නිළියන්ට නැත්තේ ඇයි? (නි)
මට තවම මතකයි, දැනට අවුරුදු 39කට පෙර සුජීවා චිත්‍රපටිය නැරඹුවා. කාන්තිලංකා දක්ෂ නිලියක්. (නි)
ඇත්තටම ලස්සනයි. දැන් තියෙන බොළඳ ටෙලි නාට්‍ය වගේ නෙමෙයි. අපිට මතකයි තවම කාන්ති ලංකා, ඔබ නවක තරුවක් එදා. (නි)
මම දන්නා හැටියට ජෝතිපාල මහතාගේ ගීත නවපරපුරේ ගයන්නට හැක්කේ සුරේන්ද්‍ර පෙරේරාට පමණි. නමුත් රීමික්ස් කිරීමෙන් වළකින්න හොදේ. (නි)