IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජාතික පාපැදි ශුරතාවලිය කල්යයි

අනුරාධපුරයේදී මෙම 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික පාපැදි ශූරතාවලිය කල් දැමූ බව එහි සංවිධාන කටයුතු මෙහෙයවන අනුරාධපුර දිස්ති‍්‍රක් පාපැදි සංගමය පවසයි.

තරගාවලිය අගෝස්තු මස 17 සහ 18 යන දිනවල අනුරාධපුරයේදීම පැවැත්වෙන අතර තරගාවලිය කල් දැමීමට හේතු වූයේ අනුරාධපුර ඇසළ පෙරහර එම දිනවලදීම යෙදී තිබීම සැළකිල්ලට ගෙන බව අනුරාධපුර දිස්ති‍්‍රක් පාපැදි සංගමයේ ලේකම් උපුල් චන්දන මහතා ”ලංකාදීප” යට පැවැසීය.

ජාතික පාපැදි අතුරු කමිටුවේ අධික්ෂණයෙන් සංවිධානය කෙරෙන මෙවර ජාතික පාපැදි ශූරතාවලිය සඳහා අනුග‍්‍රහය දැක්වීම කී‍්‍රඩා අමාත්‍යාංශය ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ජාතික කී‍්‍රඩා සංගම් වාර්ෂිකව සංවිධානය කරන ජාතික ශූරතාවලි සඳහා අනුග‍්‍රාහකයන් සොයා ගැනීම එහි ප‍්‍රධානීන්ගේ වගකීමක් බව මීට පෙර පැවැති ජාතික කී‍්‍රඩා සංගම් ප‍්‍රධානීන්ගේ හමුවක දී කී‍්‍රඩා ඇමැති මහින්ද්‍රානන්ද අලූත්ගමගේ මහතා ප‍්‍රකාශ කර තිබුණි.

කෙසේ වුවත් තරගාවලියට අනුග‍්‍රහය දැක්වීමට කී‍්‍රඩා ඇමැතිවරයා ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු අවම අවශ්‍යතා සඳහා අනුග‍්‍රහය දක්වන ලෙස මේ වන විට අනුරාධපුර දිස්ති‍්‍රක් සංගමය පාපැදි අතුරු කමිටුවෙන් ඉල්ලීමක් කර තිබේ.
 විනිසුරු දීමනා, පදක්කම් හා රක්ෂණ ආවරණ සඳහා අනුග‍්‍රහය දක්වන ලෙස එහිදී කළ ඉල්ලීම ජාතික පාපැදි අතුරු කමිටුව දැන් සළකා බලමින් සිටින බවත් වාර්තා වේ.

 



අදහස් (0)

ජාතික පාපැදි ශුරතාවලිය කල්යයි

ජනුක මලිත් Sunday, 14 July 2013 03:42 PM

අයියෝ මට යන්න වෙන්නෙ නැහැනේ! අගෝස්තු විභාගෙනේ. අපරාදේ! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 264 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2004 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 228 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 906 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1011 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1232 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24768 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site