ලබන වයඹ පළාත් සභා ඡන්දයට අනිවාර්යයෙන්ම ජාතික පවුරෙන් තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා කියයි.
විදේශගතව සිට දිවයිනට පැමිණ ඔහු පැවසුයේ තමාට එරෙහිව විනය පරීක්ෂණයක්ද පක්ෂයෙන් නියම කැර ඇති බවයි.
‘මම රනිල් වික්‍රමසිංහගෙන් සමාව ඉල්ලා සකච්ඡාවකට වෙලාවක් ඉල්ලා ලිපියක් යැවු බවට ප්‍රචාරයක් පවතිනවා.රනිල්ගෙන් සමාව ඉල්ලා ලිපියක් යැවීමේ අවශ්‍යතාවක් මට නෑ . එක්සත් ජාතික පක්ෂ මෙතරම් පිරීහිමට ලක් කළේ රනිල් වික්‍රමසිංහයි ඒ නිසා සමාව ඉල්ලා සිටිය යුත්තේ ඔහුයි.’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම එ.ජා පෙ ට ඡන්දයක් වත් දීල නැහැ.නමුත් රටේ ප්‍රධාන විපක්ෂයේ දිගින් දිගටම ආරවුල් පැවතීම ඉතා කනගාටු දායකයි. (අ)
කොහොමත් ඔය ගත්ත තීරණය හොදයි (නි)
නායකතුමා, පක්ෂයේ සාමාජිකයන් ගැන හොදින් හොයාබැලිය යුතුයි නේද? (නි)
ඔය හැමදේම වෙන්නේ ඇයි කියලා අපි දන්නවා. අනේ දැන්වත් කරුණාකරලා තේරුම් ගන්නකෝ (නි)
ඔය පවුරු හරියන්නේ නැහැ, මට හිතෙන විදියට නම්. නායකතුමා දයාසිරි මහත්තයට වගේ කතා කරලා රංගේ මන්ත්‍රිතුමාටත් එන්න කියලා මේවා විසදලා දාන්න. (නි)
එන්න එන්නම පාට පාට වලට බෙදන දේශපාලන පක්ෂ වැඩි වෙනවා (නි)
අනේ මම නම් දන්නේ නැහැ මෙයා ගැන, ඉතින් මොනවා ලියන්නද කියලා කල්පනා කලේ.(නදී)
මොන විදිහේ ජාතික තලයේ දේශපාලකයෙකුටවත් මේ පවතින ඡන්ද ක්‍රමයේදී ප්‍රධාන පක්ෂ දෙකින් එකකින් ඉදිරිපත් නොවුනොත් ඉදිරියට එන්න අමාරුයි. පක්ෂයට මුලින් ඡන්දෙ ගහලා ඉන්පස්සෙයි පුද්ගලයා කවුද කියලා බලන්නේ. පක්ෂයේ ඡන්ද වලින් තමන්ගේ ජනප්‍රියත්වය වැඩි වෙනවා මිස තමන්ගේ ජනප්‍රියත්වයෙන් පක්ෂයේ ඡන්ද ගොඩ වැඩි කරන්න බැහැ (නි)
මෙයා කවුද කියල කවුරුත් දන්නවා. (අ)
දැන් ඔය පක්ෂ වල ප්‍රතිපත්ති ජනතාවගේ නැතිනම් සාමාජිකයන්ගේ කැමැත්තට අනුව අනුමත වූ ඒවාද? නැතිනම් ඡන්ද වලට ඉදිරිපත් වෙන්නට යන්නේ සාමාජිකයින් නම් කළ නියෝජිතයෝද? එහෙමත් නැතිනම් ජනතාවට තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදිව කතිරය ගහන එක විතරද?(නදී)
රංගේ මහත්යා ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කරුණ කර තට්ටු මාරු කරන්න එපා (අ)
අය්යෝ ...මොකද මේ තදවෙලා? (දී)
රංගේ හොද මිනිහෙක් (දී)
මේක යම් සම්මත තත්ත්වයකට පත් කරගත යුතුයි නේද? (දී)
රංගේ බණ්ඩාර කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි හොදින් දන්නවා (නි)
අනිවාර්යයෙන්ම ඔබ සම්බන්ධ තීන්දුව ඇත්තේ ජනතාව අතයි (නි)
පළමුවෙන් තමාගේ පවුර හරියට හදා ගන්න (අ)
රංගේ බණ්ඩාර කියන්නේ බය නැති මහත්මයෙක්. නමුත් හොඳම දේ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න එක. (නි)
රංගේ බණ්ඩාර කියන්නේ හොද මහත්මයෙක් (නි)
මෙතුමාට හොද ඡන්ද පදනමක් තිබෙනවා (නි)
ඇත්තටම රනිල් වගේ ජාතික නායකයෙක් එක්ක හැප්පෙන්න යන්න මෙයාට ශක්තියක් තියනවද? මුලින්ම තමන් කව්ද කියල තේරුම් ගන්න ඕනේ (අ)
නායක තුමනි රංගේ බණ්ඩාරගෙයි, අබේසිංහගේ ප්‍රශ්නත් අඬගහල විසදන්න්ද කෝ. මේ පාර පරිසමින් කටුතු කරමු. තම ඡන්දද්දයකයින්ට ගරු කිරීමට පුරුදු වමු. නායකතුමනි කෙසේ හෝ මෙයත් සම්තක් පත් කර ගමු. ඔබ තුමාට එට කොට ජයවේවා (අ)
මන්ත්‍රීතුමා අමාරුවේ වටෙන්න එපා (අ)
මගේ අදහස අනුව නම් වැඩිය නාහෙට අහන්නේ නැති අය දැන් ඉන්නේ. ඒ නිසා යන ගමන පරිස්සමින් යන්න (දී)
සජිත් මහතාණනි, නායකතුමාට කතා කර මෙවන් සිද්ධීන් සමතයකට පත් කරනවා නම් අපි සතුටුයි. හැබැයි සාමාජිකයනුත් ටිකක් සාමකාමිව කටයුතු කළ යුතුයි නේද? (දී)
අන්තිමට අල්ලපු අත්තත් නැහැ පයගහපු අත්තත් නැහැ වගේ නොවන්නට වගබලා ගත යුතු බව මතක් කරමි (දී)