බෞද්ධ දර්ශනයේ ආභාසය ලබන නව ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට අවශ්‍ය පදනම සකසා ගනිමින් යහපත් රාජ්‍යකරණයක් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා ආරම්භ කළ ජාතික බෞද්ධ මණ්ඩලය අද මුල්වරට අද ජනාධිපති නිල නිවසේ දී රැස්විය.
ජාතික වශයෙන් වැදගත්වන අවස්ථාවල දී සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික අධ්‍යාපනික යන කරුණුවලට අදාලව බෞද්ධ දර්ශනය මත පදනම් වූ ඉගැන්වීම් මත රාජ්‍යපාලනයේ දී තීරණ ගැනීමට අවශ්‍ය කෙරෙන බුද්ධිමය දායකත්වය ලබාදීම ජාතික බෞද්ධ මණ්ඩලයේ කාර්යය බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන්, විද්‍යෝදය පිරිවෙන් පරිවේනාධිකාරී පූජ්‍ය මහාචාර්ය අකුරැටියේ නන්ද හිමියන්, පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නායක හිමියන්, පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්, පූජ්‍ය මහාචාර්ය විජිතපුර විමලරතන හිමියන් ප්‍රමුඛ දිවයිනේ නන් දෙසින් පැමිණි භික්ෂූන් වහන්සේලා රැසක් මෙම බෞද්ධ බුද්ධි මණ්ඩලයට සහභාගී වූහ.
(ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි බුදුසසුන බැබළේවා.....(බ)
බෞද්ධ රාජ්‍ය තමයි. මෙන්න මේ ගල්ෆ් රටකින් ලංකාවේ පල්ලි හදන්න සල්ලි එවනවා. බොරුනම් මගේ ළඟ තොරතුරු තියෙනවා. (බ)
අපෙත් සහය උපරිමව දෙනවා (ම)
චන්දාලෝක ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ අදහසට පින්, අවංකවම ස්තුතිය.රජින්ද ,චාමල් ඔබලාටත් ස්තුතිය සිංහල අපිට දන්නා සිද්ධ වෙන්න තියෙන්නේ එකම දෙයයි.මේ දක්වා සිංහලය ට බෞද්ධයට අහිමිවූ එක දෙයක් හෝ මේ දේශපාලන බලපෙරේතයන් ආපසු ලබා දුන්නේ නැත. හැකිනම් ආපසු ලබාදුන් දෙයක් කියන්න. (බ)
ජනාධිපතිට මෙය කිරීමට හැකි වුවත් ඔහුගේ නම සදාකාලිකව ලංකා ඉතිහාසයේ සදා බැබලෙනවා. (බ)
අවුරුදු පන්දහසක් කල් බුදු දහම ලංකාවේ බැබලේවා! ඉතාම හොඳ දෙයක්. සාදු සාදු සාදු! ආරණ්‍ය වාසී භාවනානුයොගී ස්වාමීන් වහන්සේලාගේ අදහසුත් අරන් ලංකාව ලෝකයේ විශේෂ රටක් කරන්න හැකියාව ලැබේවා. සප්ත අපරිහානීය ධර්ම, දස රාජ ධර්ම අද කාලෙටත් හොඳට ගැලපෙනවා. දස සක්විතිවත් වුනත් අදට ගලපගන්න බැරි වෙනෙ එකක් නෑ. සාර්ථක වේවා කියලා එක හදින්ම ප්‍රාර්ථනා කරනවා. (බ)
බොරු රගපෑම්, (බ)
පරක්කු වෙලා හරි රජය ගන්න හදන හොදම වැඩක් වැරදි හොයන බොහෝ දෙනාට මෙකටවත් මොන හරි කියේ ඇත කළ යුතු උතුම් කර්යභාරයක් (ම)
සාධු සාධු ! රටේ නායකයන් අල්පෙච්ඡ විය යුතුයි කියලයි ධර්මයේ උගන්වලා තියෙන්නේ? මෙව්වා වෙයිද ? (බ)
ඇමෙරිකානු න්‍යාය පත්‍රයේ තවත් මෙහෙයුමක්. ව්‍යවස්ථා සංශෝධනය නිසා සිංහල බොදු ජනතාවට වෙන්නට යන හානිය වැසෙන්න රගන තවත් එක ජවනිකාවක් පමණයි.(ම)
දෙවැනි ධර්මාශෝක රජු පහළ වී ඇතයි මට සිතේ (බ)
මෙන්න නියම බෞද්ධ නායකයෝ .සාදු...සාදු...සාදු ...(බ)
දහම්....සඟ බේදය එදා ඇති කළේත් අද ඇති කරන්නෙත් පැන්ෂන් ගිය නායකයෝ (බ)
හානා හීය පානා අඬ හැරෙන් දැනේ. (බ)
හොඳ අදහසක් ආයුබොවන් ශ්‍රී ලංකා (ම)
බිහි වුණාට වැඩක් නැහැ එවැන්නකින් රටට සේවයක් නොවෙනවානම් (බ)
හොද වැඩක් (ම)
හොඳ මිනිසුන් එකතුවෙලා හොඳ අදහසින් කරන හොඳ දේවලට මුස්ලිම් අපගේද ආශිර්වාදය හිමිවේ. (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
බුදුන්ගේ දේශය හරිමඟට ගන්න කාලය හරි. ඒ තුළින් පැහැදිලි දර්ශනයක් මතුකරගන්න. (නි)
හොඳ අදහසක් (නි)
මෙම කාර්යය ඉතාම හොඳ දෙයක්. හැබැයි එහි නිලතල හොබවන්නට සුදුස්සන් පත්කරන්න (නි)
මොකද්ද මේ වෙන්න යන්නේ? අපි බලමුකෝ (නි)
සංඝ බේදයක් ඇතිනොකර මෙය සිදුකරන්න (නි)
මේ රටේ ව්‍යවස්ථාපිත නීතිය පොදුවේ සියලු ජනයා වෙත සමානව ක්‍රියාත්මකවීම තුළින් යහපත් රාජ්‍ය පාලනයක් බිහිවීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. මහජනතාවගේ බදු මුදල් අනවශ්‍ය ව්‍යාපෘති තුළට පොම්ප කිරීම බරපතල අපරාධයකි. සාමනේර දිවිය පසුකර සිය අධි සිල් රක්ෂා කරන සෑම උපසපන් භික්ෂුවක්ම බුද්ධියේ අග්‍රඵලයක් ලෙස අපි සිතිය යුතුය (නි)
මෙම පැතුම ඉටුවේවා! (නි)
හොඳ අරමුණක්. එහෙත් මෙරට සහ විදෙස් විවිධ බලපෑම් දිනෙන් දින ඇතිවන බව පෙනෙන මෙම යුගයේ බෞද්ධ රාජ්‍යයකට පදනම සිහිනයක් වෙයිද යන්න සැකසිතේ (නි)
අපිත් මුළු හිතින්ම සහයෝගය දෙනවා (නි)
බොහොම හොඳ දෙයක් (නි)
බෞද්ධ රාජ්‍යයකට දමන පදනමට අපේ සම්පූර්ණ සහය දෙනවා (නි)
හරිම සතුටුයි අපිට (නි)
ලංකාවේ සිංහල මිනිස්සු වගේම භික්ෂුන්ටත් සමගිව එකම තීරණයක එළඹ කටයුතු කිරීම ඉතා අපහසු කාරණයකි. වැරැද්ද දැක දැකත් ඒ ඒ පුද්ගලයින් සතුටු කිරීමට එක එක පැති වලට හැරී පෞද්ගලික වාසි තකා ඔවුන්ගේ කීකරු ඉත්තන් බවට පත්වේ. මෙවැනි දේවල අනිසි විපාක අපි විඳිමින් සිටින අතර, අනාගතයේ එය දරුණු වී, භික්ෂු බලය පිරිහී දේශපාලකයින් යටතේ ඔවුන් කියන පදයට නටන රූකඩ බවට පත්වෙන්න සිදුවේවි. දැන් කළයුතුව ඇත්තේ සම්බුද්ධ ශාසනය ගැන සිතා සියලු නිකායික භික්ෂුන් එක්ව සම්මුතියක් ගොඩනඟා එය රජයට භාරදීමයි. (නි)
සිල්වා, බුදුන් වහන්සේ රටවල් වල අයිතිවාසිකම් බලාපොරොත්තුවුණ කෙනෙක් නොවෙයි. ඇරත් අපේ රට වගේ අපරාධ වලින්, පාපකර්ම වලින් ඔද්දල් වූ රටකට බුදුන් වහන්සේගේ රට කියලා කියන එකත් උන්වහන්සේට කරන නිග්‍රහයක් (නි)
බෞද්ධ රාජ්‍ය සංකල්පයට දේශපාලනය ගාවා නොගත යුතුය (නි)
බුදු සරණයි! අපේ රට දියුණු වෙන බව හොඳටම විශ්වාසයි (නි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුව දමල තියෙනවා මහජන අදහස් ගන්න...සිංහල බෞද්ධ ඉතාම අඩු ප්‍රමාණයක් ඉන්නේ...ඔක්කොම මුස්ලිම් සහ දෙමල..(බ)