(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ ජාතික රෝහලේ ඊයේ (11) රාත්‍රී ආහාරවේල ලබා දී ඇත්තේ පස්වරු 11.30ට බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එයට හේතු වී ඇත්තේ එදින දහවල් කාලයේදී කාර්යාල සේවකයන් සේවයෙන් ඉවත් වී සිටීම නිසා රාත්‍රී ආහාරය පිළියෙළ කිරීමට අවශ්‍ය වියළි සලාක බාර ගැනීමට වගකිවයුත්තෙක් නොසිටීම බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය. තත්වය කළමනාකරණය කර ගැනීමට හැකියාව තිබුණත් බලධාරීන් නිසියාකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
රෝහල් බලධාරීන් කෑම පාර්සල් 2500 ක ඇණවුමක් ආපන ශාලාවකට ලබා දී තිබුණත් එම ආපනශාලාවට කෑම පාර්සල් 2500 ක් පිළියෙළ කිරීමේ හැකියාවක් නොතිබූ බවද රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.මෙම ඇණවුම ආපනශාලා කීපයකට ලබා දී තිබුණේ නම් මෙම තත්ත්වය උද්ගත නොවන බවද ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජාතික රෝහලේ රෝගීන්ට රෑ කෑම මධ්‍යම රාත්‍රියේ
Rata Perata Friday, 12 January 2024 06:20 PM
ඒකට මොකද, අපේ රටේ ආර්ථික ඝාතකයෝ නැව් වල ඉඳන් කන්නේ දැන්...!
දෙයියො දනී මම නොදනී Friday, 12 January 2024 07:03 PM
ඒකේ කිසිම වරදක් නැහැ... මොකද මෙවර සිංහල අලුත් අවුරුදු සඳහා ආහාර අනුභව කරන්න නැකැත් පතේ තියෙන්නේ 2024.04.13 දින මධ්‍යම රාත්‍රියේ (එනම් 14 දින අලුයම )12.06ට තමයි. ඉතින් ඒකට පුහුණුවක් ගන්නත් එක්කම ඔහොම කමු...!
පාඨකයෙක් Saturday, 13 January 2024 09:47 AM
කෙසේ වෙතත්, රෝගීන්ට ආපන ශාලාවල සැකසූ ආහාර අනුභව කිරීමට දීම කෙතරම් සුදුසුද? විශේෂයෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික මේදය වැනි රෝග තිබෙන අයට සුදු බත්, තෙල් යෙදූ ආහාර ආදී ආපනශාලා ආහාර ලබාදීම අනාරක්ෂිත නොවේද? එමෙන්ම එම ආහාරවල පිරිසිදු භාවය කෙතරම් විශ්වාසනීයද?
සත්‍යපාල Saturday, 13 January 2024 09:52 AM
සාමාන්‍යයෙන් නිශාචර සතුන් හැර අනෙක් කිසිම සත්වයෙක් ඔය මධ්‍යම රාත්‍රියේ ආහාර ගන්නේ නැහැ.. බොරුවක් නම් සමීක්ෂණයක් කර බලන්න...
රොබෝනිස් Saturday, 13 January 2024 08:04 PM
කරන්නන් වාලේ කරනවා මිස මොළයක් ඇතිව කරන වැඩ නොවෙයි... ඇත්තටම ආහාර පාර්සල් 2500 ක් හදනවා කියන්නේ ලේසි පහසු වැඩක් නොවෙයි..., බලන්න බිලේ 2500 ක් ඇති ගෙවීම කරන්න වවුචර සකසා ඇති ඇත්තටම ඇණවුමක් බාරදෙන්න හැකියාව ඇති තැනක් සොයන්න ඕනෑ. කොහොමත් රෝහල් සැපයීම ගැන දන්නෝ දනිති...!