IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජාත්‍යන්තර තක්සලාවටත් ප්‍රමිතියක් ?

ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා නීති රීති පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙන බවත් ඒ සඳහා වන කෙටුම්පතක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ ද අදහස් ලබාගෙන මෙම කෙටුම්පත සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා පියවර ගෙන  ඇති බව ද එම ප‍්‍රකාශකවරයා කීවේය.

සමාගමක් ලෙස ලියාපදිංචි කර  ඕනෑම අයෙකුට ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යා හැකි අතර ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් කිසිම නියාමනයක් දැනට සිදු නොකෙරෙන බව ද ඔහු කීය.

ඇතැම් පුද්ගලයින් ජාත්‍යන්තර පාසල් ලෙස ප‍්‍රමිතියෙන් තොර අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වන බැවින් මෙම තීරණය ගෙන ඇති බව ද අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව මෙම කෙටුම්පත මගින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තවත් අංශ කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර ඇති අතර සියලූම දරුවන්ට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලැබීම අනිවාර්ය කිරීම, අ.පො.ස සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනය නතර වීමට ඉඩ නොදීම ආදිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වනු ඇතැයි කියති.



අදහස් (0)

ජාත්‍යන්තර තක්සලාවටත් ප්‍රමිතියක් ?

සරත් කුමාර Monday, 08 February 2016 06:14 AM

පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් රුපියල් ලක්ශ පහකට මාස්ටර් ඩිග්‍රියක් ගත්තු කිසිම දැනුමක් නැතිකෙනෙක් රජයට සම්බන්ධ ආයතනයක ලොකු පුටුවක ඉන්නව මාසයකට ලක්ෂ හය හමාරකට වඩා මුදලක් සමග වසරකට දෙවරක් බෝනස් වශයෙන් ලක්ෂ 10ක් 20ක් පමණ ගන්නව. තව සීමා රහිත ඉන්ධන සමග රියදුරු සහිත නවීන මොටර් රථයක්. ගිය රජයෙන් පත්වීම ලැබුනු අතර තවමත් යෙහෙන් වැජඹෙනවා (බ)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 07 February 2016 05:07 PM

ලංකාවේ බොහෝ ප්‍රාදේශීය ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුන්ට මනාව ඉංග්‍රීසි කතාකිරීමට නොහැකිය. මෙම පාසල් වල තත්වය මෙන්ම පෙනේ. (නි)

:       0       0

කරුණාපාල Monday, 08 February 2016 08:42 AM

පිටිගල මිලානෝ, ඔබගේ නොදන්නාකම මෙතන ප්‍රදර්ශනය කරන්න එපා. ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුන්ට ඉංග්‍රීසි දැනුම හා විෂය දැනුම තිබුණත් ගුරුවරයකුට අවශ්‍ය පුහුණුව නොමැතිවීම තමයි ගැටලුව. නගරයෙන් පිට ජාත්‍යන්තර පාසල් වල තත්ත්වය මෙයට වඩා බොහෝ වෙනස් අවම සුදුසුකම් හා විෂය දැනුම නොමැති, සමහරවිට එම පාසලේම උසස්පෙළ දක්වා ඉගෙන ගත් සිසුන්ව ගුරුවෘතියේ යෙදවීම අවාසනාවන්ත තත්ත්වයක්. මේ පිලිබදව රජයේ විශේෂ අවධානයක් යොමුකිරීම ගැන අප රජයට කෘතඥ විය යුතුයි. තවද, සිංහල භාෂාව, ක්‍රීඩා, හා කළා හා සාහිත්‍ය රසවින්දනය සම්බන්දයෙන් දරුවන් පෙළඹවීමේ වැඩපිළිවෙලක් දීමටත් කටයුතු කල යුතු වෙනවා. (අ)

:       0       0

පසන් Monday, 08 February 2016 02:17 AM

ප්‍රමිතිය වගේම මවු භාෂාව ලියන්න කියන්න පුරුදු කරන්න ඕනෑ. මගේ වයසේ 35 අඳුරන කට්ටිය ඉන්නවා සිංහල ලියන්න කියන්න බැරි. ඒ ඇරෙන්න ලංකාවේ ඉතිහාසය ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ, වැඩක් තියනවද මෙහෙම පුරවැසියෝ? (නි)

:       0       0

ජයන්ත රත්මලාන Monday, 08 February 2016 02:27 AM

මුදල් දී ඉගෙනගන්න නිසා දරුවන්ගේ විනය ගැන එම පාසල් වල ගුරුවරු සෙවීමක් නැත. අත්දැකීම අඩු ගුරුවරු බහුලව සිටින නිසා නිසි දැනුම දරුවන්ට ලැබෙන්නේ නැත. එනිසා මෙය හොඳය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 241 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 348 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 221 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 860 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1483 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4217 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24736 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site