‘අපි අපේ ප්‍රශ්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ප්‍රථමයෙන් ඉදිරිපත් කළ නමුත් එයින් ප්‍රථිපල නොලද නිසා එම ප්‍රශ්න ජාත්‍යන්තරයට පැවසී යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්රන් මහතා උතුරු පළාත් සභා මාසික රැස්වීමේදී පැවසීය.
යාපනයේ කයිතඩියේ උතුරු පළාත් සභා ගොඩනැගිල්ලේදී මෙම රැස්වීම පැවැත්විණි.
සන්ධාන මන්ත්‍රී අංගජන් රාමනාදන් පැවසුයේ පවුලක ප්‍රශ්න පවුලේ ඇතුළේදීම විසඳා ගන්නවා සේ අපේ රටේ ප්‍රශ්න අප විසින්ම විසඳා ගත යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ප්‍රශ්න අපිම විසදා ගන්න ඕනා. ඉතාලියේ නම් බෝට්ටුවේ ආපු අයටත් සමාන අයිතිවසිකම් දීල තියෙනවා. බොරු දේශප්‍රේමී නිසා තමයි මොකුත් කරන්න බැරි. අන්තිමේදී තැලෙන්නේ පොඩි වෙන්නේ දුප්පත් අපි.(නදී)
මහත්තයෝ ඔයාගේ කේන්දරේ බලාගත්තොත් නරකද ? (නදී)
බොරු කරන්න එපා විග් මහත්තයෝ . ඔයගොල්ල ජාත්‍යන්තරයට ගිය නිසා තමයි මේ තරම්ම පැටලිලි. ඊටත් වැඩිය තනි ජාතියකට තනි ප්‍රදේශයක් වෙන්කරවා ගන්න කැසකවන නිසා තමයි මෙතරම් කලබල. ඔයාලගේ ඩයස්පෝරාව කොහෙද ඉන්නේ? එයාල නෙවිද කෙප්ප ගොත ගොත හැමතැනම යන්නේ . සිංහල මිනිස්සු වන අපිත් යුද්දේ නිසා දුක් වින්දා. එක පැත්තකට විතරක් වැඩි දුකක් නැහැ හැමෝම වින්දා.(නදී)
විජේසිංහ මහත්තයාගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. අර කෑගහන බොරු දේශප්‍රේමී නිසා තමයි මොකුත් කරගන්න බැරි.(නදී)
ප්‍රශ්න ජනාධිපතිට කීවාට ඒවාට විසදුම් දෙන්න රටේ ජනතාව කැමතිවෙලා ඉන්න ඕනේ. මේවා කාගෙවත් පුද්ගලික දේවල් නෙවේ ඉල්ලන ඉල්ලන ඒවා දෙන්න සිංහල මිනිස්සුන්ගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා කියලා කවුරුත් මතක තියාගත්තොත් හොඳයි.(නදී)
පළාත් සභාවෙනුත් ඉල්ලන්නේ කොටි ඉල්ලූ දේම නම් බලාගෙන ඉන්න, බඩ කට පුරා ලැබෙයි. (අ)
මොනවද ? ප්‍රශ්න, ජනතාවට දැනගන්න පුලුවන්ද?(අ)
නිය පොත්තේන් කඩන්න තියන දේ පොරවෙන් කපනකමි බලා නොසිටිය යුතුයි. අපේ අහිංසක රණවිරුවන් ජිවිත පුජාකරලා බේරලා දුන්න රට ආරක්ෂා කිරිම කාගේ වගකිමක්ද? යුදපිටියේ ලේ වැගිරුවේ අපේ අහිංසක දුප්පත් අමිමලාගේ තාත්තලාගේ දරුවෝ නෙමේද? (නදී)
විජේසිංහ මහත්තයෝ, ඉතාලිය කියන්නේ ලංකාව නෙමෙයි. බෝට්ටුවෙන් යන එකා වෙනම රටක් ඉල්ලන්නේ නැහැ..වෙනම පාලනයක් ඉල්ලන්නේ නැහැ.එහෙම ඉල්ලපු දවසට කට්ටියට බෝට්ටු වලින් නෙමෙයි ප්ලේන් එකේවත් යන්න ලැබෙන්නේ නැහැ. මහත්තය පොඩ්ඩක් පැහැදිලිව කියන්නකෝ අපිට තියෙන මෙයාලට නැති අයිතිවාසිකම් මොනවද කියලා හරියටම. මෙයාලගේ දේශපාලනේ රැදිලා තියෙන්නේ ජාතිවාදය මත ..සිංහල දෙමල මිනිසුන්ගේ බෙදීම් මත. ගිනි ඇවුලුවේ නැත්නම් එයාලට පැවැත්මක් නැහැ. ඒ හින්ද එයාල ගිනි තියනවා. අපි වතුර කොච්චර දැම්මත් ඒ ගින්න නිවන්න අමාරුයි. කලයුතු දේ ගින්න පැතිරෙන එක වලක්වා ගන්න එකයි.(නදී)
දැන් එහෙනම් හම්බවෙයි මහත්තයෝ.(නදී)
මේකට මගේ පුද්ගලික අදහස දැම්මට පලවෙන්නේ නැති නිසා දත්මිටි කාල නිකම් ඉන්නවා.(නදී)
බන්දුල පෙරේරා, ඔබගේ පහැදිලි කිරීම අගය කරමි. ටී.එන්.ඒ දමිල එල්.ටී.ටී.ඊ හිතවාදී දේසපාලන අරමුණු නොතේරන පුද්ගලයන්ට, ඔබගේ පැහැදිලි කිරීම මගින් යම් දැනුවත් වීමක් ලද හැක.(නදී)
අපිට එල් ටි ටි ඊ ( කොටින්ගේ ) ප්‍රස්න තිබෙන කාලේ / ජාත්ත්‍යන්තරය අපිට උදව් කරේ නැහැ ඉල්ලුවත්. ඒ කාලෙත් ජාත්‍යන්තරය උදව් කරේ ත්‍රස්තවාදින්ටම තමා. එම පුරුද්දට දැනුත් ඔවුන් යන්නේ ජාත්‍යන්තර උදව් ඉල්ලන්න.(නදී)
ශ්රී ලංකාව තුල සිටින සියලුම දෙමල ජාතිකයන් උතුරට ගෙන්වාගන්න වෙන්න ඇති උතුරු මහා ඇමති බලාපොරොත්තු වෙන්නේ.(නදී)
මෙයාලව තමිල්නාඩුවට යවන්නයි තියෙන්නේ.(නදී)
යුරෝපයේ ඉන්න කොටි ඩයස්පෝරාවට යාපනයේ ඉන්න දෙමල මිනිස්සු ගැන කිසිම කැක්කුමක් නැහැ. උන් උත්සහ කරන්නේ අපේ රට මානව හිමිකම් කඩන බවට ජාත්‍යන්තරයට පවසමින් එම රටවලින් දේශපාලන රැකවරණ ආධාර ඉල්ලීම. මෙය ඔවුන් දැන් ඩොලර් කෝටිගණන් හොයන ව්‍යාපාරයක් කරගෙන , දකුණේ සමහර ආණ්ඩුවේ දේශපාලකයන් සහ විගනේශ්වරන් වැනි දේශපාලකයන් ඡන්දෙ කාලෙට බොරු දේශප්‍රේමයක් මවාගෙන මෙම තත්වය බොරුවට පුම්බා පෙන්වමින් ඡන්ද ගරාගැනිමක යෙදෙයි.(නදී)