වත්තල ඔලියමුල්ල නවලෝක උද්‍යානපුර ඉදිකිරීමට නියමිත දෙමළ මහ විදුහලට මුල් ගල තැබීමට අද (28) එහි ගිය සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංගට ප්‍රදේශවාසීහු සහ භික්ෂූන්වහන්සේලා කිහප දෙනෙක් විරෝධය පළ කරමින් හූ කීහ.
ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට නියමිතව තිබූ එම ස්ථානයේ විද්‍යාලයක් ඇරඹීමට විරුද්ධව ඔවුහු එසේ අප්‍රසාදය පළ කළහ.
ඇමැතිවරයා උත්සව සභාව අමතන විට පොලිස් බාධක බිඳගෙන පැමිණි පිරිසක් විරෝධය පළ කළහ. ඇමැතිවරයා කියා සිටියේ එම භූමියේ කොටසක් පමණක් පාසල ඉදි කිරීමට යොදා ගන්නා බවයි. ඉතිරි භූමියේ ක්‍රීඩා පිටිය ඉදිකර දෙන බවද කීය. මොන සක්කරයා පැමිණියද විදුහල ඉදිකිරීම නොනවත්වන බවද ඇමැතිවරයා පැවසීය.
උත්සවය අවසන්ව ඇමැතිවරයාට පිටත්ව යෑමට නොහැකි ලෙස විරෝධතාකරුවෝ මාර්ගය අවහිර කර තිබූ අතර මද වේලාවක් රැඳී සිටි ඇමැතිවරයා සහ ආරක්ෂකයෝ විකල්ප මාර්ගවලින් පිටව ගියහ. විරෝධතාකරුවෝ ඔවුන් පසුපස හඹායමින් හූ කියන්නට වූහ. පසුව ඔලියමුල්ල මංසන්ධියට පැමිණි විරෝධතාකරුවෝ ජෝන් අමරතුංග ඇමැතිගේ රුව රැගත් පුවරුවක් ගිනි තැබූහ.
තමන් සැළසුම් කළ ව්‍යාපෘතිය ජෝන් අමරතුංග මහතා අවුල් කළ බව ඇමැති මනෝ ගනේෂන් මහතා අදහස් දක්වමින් කීවේය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්තල ඇවිදින මං තීරුව පැය කිහිපයකින් විනාශ කළා. මහජන දේපල විනාශ කළාට මේගොල්ලන්ට නඩු නැහැ. පොලිසියට ගෙනියන්නේත් නැහැ. අනේ මමත් මේ යහපාලනේට ඡන්දෙ දුන්නා. රැවටුනා. අනේ යසට තිබුන රට, විනාශ කරන්න දායක වුණ මටම ශාප වේවා! (නි)
ලංකාවේ පාසල් වල සියලුම අධ්‍යාපන කටයුතු නවත්වලා ළමයින්ගේ ආකල්ප සංවර්ධනය කරන්න අවුරුද්දක්වත්. අඩුගානේ තව අවුරුදු 10කින්වත් දියුණු මානව සම්පතක් හැදෙයි. (නි)
මගේ නම් කිසිම පැහැදීමක් නැති ඇමතිවරයෙක්. පාසල ඉදිකිරීම නම් හොඳ දෙයක්. (නි)
බුද්ධ රූප උතුරේ බැහැ. දෙමළ පාසල් වලට එම නීතිය වලංගු නැද්ද? (නි)
අපේ පැරණි හාමුදුරුවරුන්ට තිබුන සම්මා දිට්ඨිය අද හාමුදුරුවරුන්ට නැද්ද? පාසැල නැතුව ක්‍රීඩා පිට්ටනියක් ඉල්ලන්නේ ඇයි? හරි ක්‍රමය පාසලට ක්‍රීඩා පිට්ටනියක් ඉල්ලන එකයි (නි)
කරුණාකරලා, කොළඹ ලොකු ලොකු සමහර පාසල් වලට දෙමළ, මුස්ලිම් ළමයි ගන්නවද කියලා කියනවද? මම ගිය රාජකීය විද්‍යාලයේ නම් ඔය ඔක්කොම ජාති හිටියා. (නි)
වැඩේ කෑවා කියන්නේ මනෝ ගනේෂන්නේ. එයා ජෝන් වගේම තවත් යහපාලන ඇමති කෙනෙක්. හිනායන වැඩේ තමා ජෝන්ට සක්කරයා මතක්වීම. මේවා ඉතින් සක්කරයාටම තමා කියන්නේ වෙන්නේ! (නි)
මහින්දගේ කාලේ වැඩක් කරනකොට පිළිවෙලක් තිබුනා. හූ කියන්න කලින් හූ කියන හේතුව හොයලා පිළියම් කළා. අදත් එතුමා යනෙන තැන එතුමාට ගෞරව කරන්නේ එකයි. එතුමාට හැමදේම කරන්න බැරිවුණා. නමුත් කළ දේ හරියට කළා. මෙයාලා වැඩේ වුණාට පස්සේ පැලැස්තර දානවා. එතකොට අස්සයා පැනලා ගිහින්. ඉතින් ඉස්තාලය වහලා මොනවටද? (නි)
උතුරේ බුදු පිළිම ඉවත් කරන්න කියන අය කරන්නේ හරි දේද? අපේ සිංහල මිනිස්සු කරන්නේ වැරදි දේද? මේක පුදුම වැඩක්නේ. අන්තිමේදී සිංහලයා මේ රටේ සුළු ජාතිය වෙයිද දන්නේත් නැහැ (නි)
අර කතාවටත් ‘වැඩේ ජෝන්බාස්ට ගියා වගේ‘ කියන්නේත් මේ හින්දද මන්දා? අනේ අම්මපා මේ වගේ අයටත් අපේ මිනිස්සු කැමැත්ත දැක්වූ එක නොවැ අරුමේ! (නි)
වත්තල ඕනෑතරම් සිංහල පාසල් තියෙනවා. මේ ප්‍රදේශයේ වැඩි හරියක් ඉන්නේ දෙමළ කට්ටිය. එමනිසා ඔවුන්ට පාසලක් ඕනෑ. සමහර සිංහල බෞද්ධයෝ හැමඑකටම ආගම ජාතිය ගාවාගත්තත් වැඩි දෙනෙක් මේ දිහා හොඳ අදහසින් බලන බව පෙනීම වාසනාවක්. වෙනස එයයි (නි)
ශාන, ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කළොත් හොඳයි (නි)
උතුරේ සමහර අය ජාතිවාදීව හැසිරෙනකොට කට පියාගෙන ඉන්න මැති ඇමතිවරු දකුණේ සාහජීවනයක් ඇතිකරන්න යන එක විහිළුවක්. අැයි ළමයින්ට පිට්ටනියක් නැතිකරන්නේ? (නි)
ඇෆ්ගනිස්ථාන් වලට, ඉන්දුනීසියා වලට වුණ දෙය අපේ මව්බිමට වෙන දවස වැඩි දුරක නොවේ (නි)
සමහරු සිංහලයාව එළවද්දී අපේ දේශපාලකයෝ වාසිය පිණිස රට පාවාදෙනවා (නි)
යුද්ධය ඉවර වුණත් ප්‍රශ්නය ඉවර නැහැ යන්නට තවත් නිදසුනක් මේ. (නි)
මනෝ ගනේෂන් ආරම්භකළ වැඩසටහන ජෝන් අවුල්කළ තැනයි ගැටලුව තියෙන්නේ. (නි)
හූ කියන එක මිනිසුන්ට ලබාදුන්නේ නරි. නැත්නම් මිනිසුන් හූ කියන්න දන්නේ නැහැ. ඉතින් දැන් නරින්ට දොස් කිවයුතුයි (නි)
දෙමළ පාසලක අඩුපාඩුව පිරිමහන්න හදන එක වැරදිද? සිංහල බෞද්ධයා කියාගෙන හිටියට වැඩක් නැහේ. සිංහලයාට ඕනෑම තැනක ලංකාවේ ගිහින් පන්සල් හදන්න, පාසල් හදන්න පුළුවන්. නමුත් වත්තල දෙමළ බහුතරයකට පාසලක් නැති අඩුව මකන්න පාසලක් හදන එකේ තියන වරද මොකක්ද? (නි)
අනේ මන්දා අැමතිතුමනි මේවට මොනවා කියන්නද කියලා (නි)
මෙතන පාසලක් හදන එක නොවේ ප්‍රශ්නය. කෝ එතකොට සහජීවනයේ සමානාත්මතාවය. සමහරුන්ට ඒක තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නය. (නි)
මෙහෙම ප්‍රශ්න ඇතිකර නොගෙන මේවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න එක නේද හොඳ? (නි)
මහින්දගේ කාලේ මේක කළා නම් මෙලහකට මොනවා වෙලා තියෙයිද? දැන් ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න නිදහස තියනවා. මෙයයි ජනතාව ඉල්ලූ යහපාලනය (නි)
දෙමල ළමුන්ට අන්තෙනිස් විද්‍යාල කොටසක් තියනවා,පල්ලිය ළඟ තවත් පාසලක් තියනවා . ඔය ජෝන් ක්‍රීඩා පිටියකට තිබුන හොඳම ඉඩම නගර සභාවත් එක්ක එකතුවෙලා කෝටිගණනකට ආර්පිකෝ එකට විකුණුවා .මේකටත් කළේ ඕකම තමයි. මේ පළාතටම ළමයෙකුට සෙල්ලම් කරන්න පිට්ටනියක් නැහැ . එ්කට තමා මේක අරගෙන තිබුනේ .අපි අද මේ රටේ තුන්වෙනි ජාතිය වෙලා .අපි කතා කළොත් ජාතිවාදී . වෙනත් අය කතාකළොත් ඒ අයගේ අයිතිවාසිකම් හතරවරම් දෙවිවරු තමයි මේවා බලන්න ඕනේ .(බ)
වැඩේ ජෝන් බාස්ටම ගිහින් වගේ (නි)
ජෝන් ගිය තැන අනාගන්නවා! කිසිම වැඩක් හරියට කරන්න බැරි මනුස්සයෙක් (බ)
සහෝදරවරුනි, අවිහිංසාව, සත්ව හිංසාව, කරුණාව, දයාව, ගවඝාතනය ගැන අපි ඉතා ඉහළින් කතා කරන නමුත් කුමන හෝ ජාතියක ළමුන්ට පාසලක් හදාදීම හෙළාදැක ඇත. මතක තබාගන්න. අද පාසලක් අැරුනොත් හෙට හිරගෙයක් වැසෙනු ඇත.... (නි)
ගිය තැන විනාශයක්. මේ රට හදන්න පුලුවන්ද ඔය වගේ ඇමතිවරු එක්ක? (නි)
මේ ආකාරයටම යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, මඩකලපුව යන දිස්ත්‍රික්ක වලද සිංහල මාධ්‍ය පාසල් බිහි කරන්නලු නේද යන්නේ? එම පළාත්වල සිංහල ළමයි නැත්නම් සිංහල පාසල් මොකටද? පළමුව එම පළාත්වල සිංහලයින් පදිංචි කරමු (නි)
ඕකට තමයි කියන්නේ වැඩේ ජෝන්බාස්ට ගියා කියලා (නි)
දන්නෝ දනිති.(හේ)
ගුටි නොකා බේරුණා ඇති.(හේ)
කොහොමත් ඉතින් ජෝන් අමරතුංග කියන්නේ රටේ වැඩ වලින් හොඳටම කාපු කෙනෙක් තමයි. ඔය ඇඟේ හැටියට ඉතින් නොකා බැරුව ඇතිනේ .. මේ වතාවේ නම් දරුනුවටම කන බවක් තමයි පෙනෙන්නේ . එයාටම හිතෙනවා ඇති මේ තමයි අවසාන අවස්ථාව කියල . (බ)
සිංහලුනි මීට එරෙහි වීම වැරදිය.දෙමළ ළමුන්ටද ඉගෙනීමට පහසුකම් දිය යුතුයි. පාලකයිනි මේ ආකාරයටම යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, මඩකලපුව යන දිස්ත්‍රික්ක වලද සිංහල මාධ්‍ය පාසල් බිහි කරන්න. එම දිස්ත්‍රික්ක වල එකම සිංහල පාසලක්වත් නැත. එවිට සහෝදරත්වය ගොඩනැගෙවී රටේ (ම)
ඇත්තම කියනවානම් වෙනම කියල පාසල් හදන්න ඕන නැහැ.තියන පාසල් වැඩි දියුණු කරන එකනේ තියෙන්නේ. ජාති, භාෂා, හෝ ආගමික වශයෙන් පාසල් නොවෙයි මොකුත් හදන්න හොද නැහැ. ඔය විදියට ගියොත් පළාත් සභාවකුත් ඉල්ලයි. (ම)
යහපාලනය නාමයෙන් රටේ ප්‍රශ්න නම් ඇතිකරන්න එපා (නි)
පිටිගල කියපු කතාව නොතේරුන අය විකාර දොඩවනවා . දන්නෝ දනිති (බ)
නැති ප්‍රශ්න ඇති කරනවා දැන් හැම විරෝධතාවකටම භික්ෂූන්වහන්සේලා යොදාගැනීම රැල්ලක් වෙලා. පාසලක් ඉදිකිරීමෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ, (බ)
තිලක් හීන මවන එක හොදයි. නැත්තම් කන බත් එක උගුරෙන් පල්ලෙහාට යන එකක් නැහැ. (බ)
මේ වගේ මෝඩයෝ පාර්ලිමේන්තුවට යවපු උන්ට ඉස්සෙල්ල හු කියන්න ඕන (බ)
අපේ රට ශ්‍රී ලංකාව, 100% ජාතිය ශ්‍රී ලාංකික, 75% භාෂාව සිංහල, 75% ආගම බුදු දහම, 100% රජයේ නොමිලේ දෙන අධ්‍යාපනය, වෙනම ජාතික පාසල් හෝ වෙනම ආගමික පාසල් අවශ්‍ය නැහැ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජිවත් වෙන්න අවශ්‍ය නම් සියලු දෙනාම සිංහල භාෂාව ඉගෙන ගත යුතුයි. චීනය, ජපානය, ඇමරිකාව, එංගලන්තය යුරෝපයේ අනිකුත් රටවල්, අරාබිය සැම තැනකම ඇත්තේ ඒ රටේ හාෂාව මිස දෙමල හෝ මුස්ලිම් නොව. එකට ජාතියක් වශයෙන් ජිවත් වීමට බැරිනම් අාපු තැනකට ගියාට රටේ අනිත් ජනතාවට කිසිම ප්‍රශනයක් නැහැ. (බ)
ගොම දියකරලා ගහන්න තිබුනේ. (බ)
ඇයි පාසල් මට්ටමින්ම දරුවන් සිංහල, දෙමල, මුස්ලිම් කියල වෙන්කරන්නෙ ? ඕනෑම පසලකට ඕනෑම දරුවකුට යා හැකි පරිසරයක් ඇතිකළොත්, පොඩිකාලයේ ඉඳන්ම ජාතීන් අතර සමගිය ගොඩනගන්න පුලුවන් නේද ? (බ)
ආගම සහ ජාතිය මුල්කරගෙන කිසිම පාසලක් හදන්න දෙන්න හොඳ නැහැ. එ්කෙන් අපේ වෙන්වීම වැඩිවෙනවා. මගේ පන්තියේ දෙමළ මුස්ලිම් ඔක්කොම හිටියා. මගේ හොඳම යාලුවෝ ගොඩක් මුස්ලිම් සහ දෙමළ. ඒ අවස්ථාව මට ලැබුනේ අපි ඔක්කොම ශ්‍රී ලංකා පාසලකට ගිය නිසා. නැතුව දෙමළ හෝ සිංහල හෝ හෝ මුස්ලිම් විතරක් ඉන්න පාසලකට නෙමෙයි (නි)
මේවායින් අන්තිමට නැති ප්‍රශ්න ඇතිවෙන එක විතරයි වෙන්නේ (නි)
ඉම්රාන්, සිංහලයට කොහෙද ලංකාවේ හැමතැනම පාසල්,පන්සල් හදන්න ඉඩ තියෙන්නේ. උතුරේ, නැගෙනහිර සිංහලයාගේ තැන මොකක්ද? හැබැයි මුස්ලිම් සහ දෙමළ අයට ලංකාවේ හැමතැනම තමන්ට රිසි සේ ඕනෑම දෙයක් කරන්න කාගෙන්ද බාධාවක් වෙලා තියෙන්නේ. (නි)
එයාලා නටන්නේ තව ටික දවසයි. ඔන්න ඔහේ ඇතිතරම් නටන්න ඉඩදෙන්න. (නි)
මේ යහපාලන ආණ්ඩුවේ ඉන්නෙම පිස්සෝ,ජෝකර්ලා, හොරු, අතිපණ්ඬිතයෝ, තක්කඩි සහ හොරු. අහෝ කොහොමට දියුණු වෙමින් ආ රටක්ද මේ වැනසෙන්නේ. (බ)
උතුරේ තියෙන පන්සල්වලටත් ද්‍රවිඩ අන්තවාදීන් විරෝධය පානවා. මේ මෝඩය, ක්‍රීඩා පිටියට වෙන්කළ ඉඩමේ ද්‍රවිඩ පාසල් හදන්න යනවා. මිනිස්සු ලබන ඡන්දෙදි මෙයා ගැන බලාගන්න ඕනේ, මේ කරන වැරදි වැඩවලට (බ)
සිංහල රටේ සිංහලයට උතුරේ පන්සලක් හදන්න බැහැ, බුදු පිළිමයක් තියන්න බැහැ, හමුදා කදවුරක් පිහිට වන්න බැහැ, ඉඩමක් ගන්න බැහැ, ගෙයක් හදා ගන්න බැහැ, ළමයෙකුට විශ්ව විද්‍යාලයකට යන්න බැහැ, ද්‍රවිඩයන්ට දකුණට ඇවිත් දෙමල මහා විදුහල හදන්න පුළුවන්. කියන්න එකට ඉන්නත් ඕනේ, ඒ වුනාට බලයත් බෙදල දෙන්න ඕනේ. කාගෙවත් වැරැද්ද නෙමෙයි මේවට අනුබල දෙන දේසපාලුවන්ට ඡන්දෙ දෙන සම හරක් ගේ වැරැද්ද. (බ)
මම නම් දැනගෙන හිටිය කොට්ටෝරුව කෙසෙල් ගහට කොටන්න ළඟයි කියල, (බ)
කරෝත් කරන්නේ මේ වගේ වැඩක්ම තමයි. මිනිස්සුන්ට අවශ්‍ය දේ වෙනුවට අනවශ්‍ය දේවල් ලොකුකරගන්නවා. (ර)
පරණ ආණ්ඩුවේ ඉන්න සෙට් එක තවමත් ජාතිවාදය කරපින්නාගෙන වැඩ වගේ . ඔය සුළු පිරිස ගණන් ගන්න එපා . හොද දේවල් කරගෙන යන්න. (ර)
සහජීවනය එක පැත්තකට විතරක් අදාළ දෙයක්ද? (ර)
කවුරු වැඩේ කෑවත් අන්තිමේදී මේවායින් බැටකන්නේ අහිංසක දරුවන් (නි)
මේ වැඩ වලට විරෝධය පළකළ මගේ ජනතාවට මුළු ලංකාවේම උපහාරය පිදිය යුතුයි (නි)
ඉදිරි පරම්පරාවන් සඳහා ශ්‍රී ලංකාව බේරා ගනිමු (නි)
පිටිගල, අපි නම් දැක්කෙ නැහැ ඔය කියන විදිහේ ව්‍යාඝ්‍රයෙක් (නි)
උතුරෙන් බුදු පිළිම ගලවන්න කියනවා ..මෙහෙ ඉස්කෝල හදනවා..සංහිදියාව දෙපැත්තෙන්ම තියෙන්නේ ඕනේ..(බ)
ජෝන් මහත්තයලා කවදාද වැඩක් හරියට කළේ? දන්නා කෙනෙක් කියන්න මට (නි)
මට නම් මේක පුදුමයක් නොවෙයි. (නි)
අයියෝ! මොනවද මේ විහිළු? (නි)
කොහෙවත් ඉන්න කට්ටියක් කාගේහරි බහකට ඇවිල්ලා වගේ. පෙනෙන්නේ නැද්ද හැටි විතරක්. (නි)
පිටිගල මිලානෝ, මොනවද ඔයා මේ කියවන්නේ? (නි)
මිශ්‍ර ජාතිකයන්ට හදන පාසලක් නම් හරි, දෙමල පමණක් නම් වැරදි (බ)
වහාම ඉල්ලා අස්වන්න (බ)
සිංහලයා මෝඩයා කියන කතාව ඇත්ත (බ)
මහා ජන අප්‍රසාදය රට පුරා (බ)
මෙයා ඉල්ලගන කන බව වැඩි ඈතක නොවන බව නම් මට හිතුණා (බ)
මෙතන නටනවද ගැහැණු? පුදුම විදියට මිනිසුන්ට තිරිසන් ගති පහළවෙලා තියෙන්නේ. මේ වගේ කට්ටිය තමයි පසුගිය කාලේ වශී කරගෙන තියාගෙන හිටියේ. වෙන අම්මලා පාසල් නැතුව අඬනවා. මේ අම්මලා මෙහේ උඩ පනිනවා (නි)
මෙයාලා හැමදාම කරන්නේ මෙහෙම වැඩ තමයි. (නි)
මොනවා නැතත් දැන් රටේ නැවතත් ජාතීන් අතර මතගැටුම් වර්ධනය වී ඇති බව නම් පැහැදිලියි (නි)
හැමදාම වැඩේ ජෝන්බාස්ට යනවනේ අනේ. මොකද මේ? (නි)
වැඩේ ජෝන් බාස්ටම ගිහින් වගේ (නි)
පාසල සිංහල වුණත් දෙමළ වුණත් එය අත්‍යවශ්‍ය දෙයක්. ක්‍රීඩාංගනය කියන්නේ අත්‍යවශ්‍ය තැනක් නොවෙයි. වැදගත් දෙමව්පියෝ ඔය වගේ ක්‍රීඩාංගන වලට තමන්ගේ දරුවෝ එවන්නෙත් නැහැ (නි)
මෙතන තියෙන්නේ තනිකරම ප්‍රශ්නය අවුල්කිරීමක් (නි)
උතුරේ අය මේ විදියට පන්සල් හදනවට විරුද්ධව කෑගහනවා. දකුණේ අයත් පාසල් හදනවට විරුද්ධව කෑගහනවා (නි)
පිටිගල මිලානෝ, ව්‍යාඝ්‍ර හම පොරවාගත් නරියෙක් මෙන් කතාකරන්න එපා (නි)
අැත්තටම මේක අනවශ්‍ය දෙයක්. අපේ ගමට මෙහෙම පාසලක් දැමීම ප්‍රශ්න ඇතිකරවන්නක්. දෙමළ මිනිස්සු එක්ක අපේ තරහක් නැහැ. ඒ මිනිස්සු අපේ සහෝදරයෝ. එහෙත් අපි හැමෝම කල්පනා කරලා වැඩ කරන්න ඕනෑ. (නි)
වැඩේ ජෝන් බාස්ටම ගිහිල්ලා නේද? (නි)
ව්‍යාඝ්‍රයෙක් මෙන් ශක්තිමත්ව වැඩ කරන මෙතුමාට හු කියන්නේ ඇයි? (බ)
මේ අය විරුද්ධ වෙන්නෙ දෙමළ විද්‍යාලයක් හදන නිසාමද? ජාතිය එහි මළගම කරා දක්කන්නේ මෙහෙම අය තමයි (නි)
අනේ! පාසලක් හදන්න යනකොට විරුද්ධවෙන අය තවම අපි අතර ඉන්නවා. කවුරු හැදුවත් කාට හැදුවත් අපි සතුටු වෙන්න ඕනෑ. අපි ආදර්ශමත් වෙන්න ඕනෑ අනිත් ජාතීන්ට. (නි)
ලංකා කියන්න බලන්න දෙමළ කියලා පාසල් හදන්නේ මොකටද? ඕවා සියලුම ජාතීන්ට පොදු පාසල් විදිහට හැදුවා නම් ඉවරනේ. (නි)
අර දෙමළ ළමයින්ටවත් ඉගෙනගන්න ඉඩදෙන්න. සමහරු නම් ඉතින් ඉගෙනගත්තට වැඩක් තියනවද, මොළේ වර්ධනය වෙන්නේ නැත්නම්? තමන් තැනකට ආවහම අනුන්ට වළකපන එක වැරදියි. ඒ නිසා සුළු ජාතිකයින්වත් මේ අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් ගතයුතුයි. ඇත්තම කියනවා නම් ඔය වගේ ආකල්ප තියන අය ලෝකේ කොහෙවත් නැහැ. (නි)
පිටිගල මිලානෝ, ඒ උපමාවට නම් මම ඒතරම් කැමති නැහැ (නි)
පිටිගල, ඒ හූව එයාට බොහොම ගැළපෙන නිසා වෙන්න ඇති (නි)
"එකක් කඩතොළු වසාගන්නට ගිහින් මට වුන කාරියා හුගක් කඩතොළු හදා දුන්නයි කම්මලේ අචාරියා" කියුවලු. (ර)
හූ නොකියා ප්‍රශ්නය ගොඩින් බේරා ගත්තානම් තමයි වටින්නේ. (ර)
පාසලක් හදද්දී විරුද්ධ වෙනවනම් කෙතරම් පිරිහිලාද, හොඳටම පේනවා මේවා කරන්නේ කව්ද කියලා. (ර)
මේ ලඟදි ටීවී එකේ ගිය වැඩසටහනක් බැලුවා. ඒකෙ මාධ්‍යවේදියෝ තුන් දෙනෙක්ගෙන් දෙන්නෙක්ම ප්‍රශ්න අහනවා සුළු ජාතීන් ගැන. මට පුදුම සංවේගයක් ඇති උනා මේ රටට ඉදිරියේදී වෙන්න යන දේට. කොහොමට තිබුණු රටක්ද. අද හැමෝටම ලොකු අපේ ප්‍රශ්න නෙවේ අනික් අයගේ පුංචි පුංචි ප්‍රශ්න. (ර)