කලවාන ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකත්වයෙන් තමා ඉවත්වන බව මන්ත්‍රී ජානක වක්කුඹූර මහතා අද (24) සිය නිවසේ පැවැති රැස්වීමකදී පැවසීය.
මන්ත‍්‍රීවරයා එහි රැස්ව සිටි සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් නොවන ලෙසයි. එහිදී කලවාන ආසනයේ සියලු නිදහස් පක්‍ෂ සමිති ශාඛා සංවිධාන විසුරුවා හරින බවට කලවාන ශ්රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍ය සංවිධාන ලේකම් හිටපු පළාත් සභා මන්ත‍්‍රී කේ.ටී.එස්. චමින්ද මහතා කළ යෝජනාව හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එම් ගුණරත්න මහතා විසින් ස්ථිර කළේය.
‘අපේ පක්‍ෂ නායක රටේ ජනපති. උඩින් තියෙන්නේ නිල්පාට යටින් කොළ පාට. ඔබ සැම රුපියලේ සාමාජික වෙලා අන්තිමට දැන් දහයේ සාමාජිකවෙලා ඉන්නවා. හැම අවුරුද්දෙම. මා මගේ පඩියෙන් රුපියල් සීයක් සාමාජික මුදල් දෙනවා. ඔබ සැම මගෙන් ඉල්ලීමක් කළා. නමුත් මහින්ද රාජපක්‍ෂ සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්න ඕනි. 4වැනිද පක්‍ෂ සමුළුවට යන්නේ නෑ කියන ඒකට මා එකගයි. එය මා හිස නමා පිළිගන්නවා. පක්‍ෂය හරි මගට ගේන්න අපේ බණ්ඩාරනායක මහතාගේ ප‍්‍රතිපත්ති රකින්න අපි එකතුවෙලා කටයුතු කරන්න ඕනෑ‘ යැයි ද වක්කුඹුර මහතා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට අනාගතයක් නැති බව නම් පැහැදිලියි (නි)
ඔබට ජය! (නි)
හොඳ තීරණයක්. ඔබට ජයවේවා!! අපි දැන් බලාගෙන ඉන්නවා අර කියපු රහස් ගැන (නි)
එයාලා අතහරිනවා කිවුව ගමන් අපේ අය හුරේ දානවා. නමුත් අන්තිමට බලද්දී රැටවිලා තියෙන්නේ අපිමයි (නි)
මම හිතනවා දැන් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසිදු වෙන්නේ කියලා. මේ අය තවම දන්නේ නැතුව වගේ වර්තමාන ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂට ආපසු ජනාධිපති වෙන්න බැහැ කියලා. (නි)
ඉදිරියට රට හොඳ කලක් යාවි (නි)
හැම අවුරුද්දෙම පඩියෙන් රුපියල් සීයක් සාමාජික මුදල් දෙනවා කියන්නේ මොනතරම් දෙයක්ද? (නි)
මෙතුමාට නොතේරෙන බණ්ඩාරනායක ප්‍රතිපත්තිය මහින්ද ළඟ තිබිය හැකිද? "මිනිසාගේ පරම යුතුකම...." මෙතුමාගේ නව දේශපාලන ගමන තුළ අපට කිසි දවසක දැකිය නොහැකිය. මේ නිසා බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කාගෙවත් බඩවියත රැකගැනීමට භාවිතා නොකරන්නේ නම් මැනවි. (නි)
ඔබ මහින්ද සමඟ නම් අපි ඔබ සමඟයි! (නි)
මම ජානක ගැන දනන් හිටියේ නැහැ.අද තමා ගොඩක් තොරතුරු හොයාගත්තේ.කවදාවත් කිසිම වංචාවකට හසුනොවූ රුවන් පුරයේ වැඩකරපු දේශපාලකයෙකු බවයි කියන්නේ.(හේ)
කවුරු අස්වුණත් කලවාන ශ්රී ලංකා නිදහස් පක්ෂය ජනතාව පුද්ගලයින් පස්සේ යන්නේ නැහැ. ඔවුන් නිල පක්ෂය සමඟයි. (නි)
පසුගිය මැතිවරණයෙන් පරාදවෙලා මේ අාණ්ඩුවෙ අැමතිකම් කරන අය අයින් කරලා, රට ගැන අාදරයක් අැති බුද්ධිමත් වැඩට දක්ෂ අාසන සංවිධායකවරු පත්කරගෙන පක්ෂය ගොඩනඟන වැඩේ පටන්ගත්තොත් ජනතා විශ්වාසය ශ්‍රිලනිපයට නැවත අැතිවේවි (නි)
මම ජානකගේ ආසනයේ ජන්ද දායකයෙක්, එතුමා උගත් දුෂණයෙන් තොර තරුණ නායකයෙක්. (රේ)
ජය වේවා,නිදහස් පක්ෂේ පාවා දීල ඉවරයි, ,ඔබතුමාගේ තීරණය සමග අපිත් ඉන්නවා,අලුත් පක්ෂෙන් තරඟ කරමු (රේ)
යහපාලනයට ඡන්දය දුන් අපි වුණත් ජානකට ගරු කරනවා. හොරෙක් නෙමෙයි. නිහතමානි මිනිහෙක්. (නි)
මෙහෙම කරන්න හැමෝටම බැහැ. ඔබට සුබ පැතුම්! (නි)
එළියට යන කවුරුවත් ගිහින් නවතින්නේ කොහෙද කියන්නේ නැහැ. පක්ෂයක් හදනවා කියන්නෙත් නැහැ. ආයෙත් නාමයෝජනා නොලැබෙන බව දන්නා නිසයි මෙහෙම කරන්නේ. මෙයාලට යන එන මං නැතිවෙනවා. (නි)
කොන්ද පණ තිබෙන තවත් එක ශ්‍රී ලාංකිකයෙක්. අපේ ලස්සන ශ්‍රී ලංකාව රැකගැනීමට පෙරමුණ ගන්න (නි)
ඔබ මහින්ද සමඟ නම් අපි ඔබ සමඟයි! (නි)
එක් කෙනෙක් වෙනුවෙන් මැරෙන්න හදන අය වැඩක් නැහැ. ජනවිරෝධී පනත් සම්මත කරනකොට මොවුන් මී පැටවු වගේ (නි)
ඇත්තටම මේ දේශපාලකයෝ ඔක්කොමට එකවර ඉල්ලලා අස් වෙන්න බැරිද? (බ)
පිටිගලගේ ආසනයත් කලවානද? (බ)
දුර නොපෙනෙන ළඟ පමණක් බලා තීරණ ගන්න අය ඉවත්වීම රටට ආශිර්වාදයක්. පක්ෂ සැළකිය යුත්තේ මැතිවරණයේදී නියෝජිතයන් තෝරාගැනීමට පමණයි. ඉන් පත්වන අය සියලුම පුරවැසියන්ට සේවය කළ යුතුයි. මෙයාලා පක්ෂය ගොඩගන්න හදන අය මිසක් රට ගොඩගන අය නොවෙයි. ඇයි අනික් සියලු පක්ෂිකයන් ලංකාවෙ පුරවැසියන් නොවෙයිද? (නි)
උගත්කමට ආඩම්බරවීම තරම් නූගත්කමක් තවත් නැති බවයි මම නම් හිතන්නේ (නි)
ගිලෙන නැවෙන් තවත් අයෙක් පැන්නා වගෙයි! (නි)
පක්ෂ මඩගොහොරුවක රටම ගිලී ඇත (නි)
කළ වැඩකුත් නැත. රටට වැඩකුත් නැත. සිටියත් අපිටද වැඩක් නැත (නි)
අනේ මන්දා පාඩමක් ඉගෙනගෙන නැහැ වගේ තවම (නි)
නියමයි. ජයවේවා! (නි)
ආදර්ශයක් අනෙකුත් කටු කන අයට. මේ කොන්ද පණ තිබෙන කෙළින් වැඩ කරන මිනිස්සු. (නි)
ඔය මහින්ද සමඟයි කියන අය අති බහුතරයක් කොහොම අයද කියලා අපි දන්නවා. ඔය එක් කෙනෙක් ළඟවත් බණ්ඩාරනායකගේ හෝ කාගෙවත් ප්‍රතිපත්ති නැහැ. පේනවනේ පාද යාත්‍රාවේ හැසිරුණ විදිය (නි)
හොඳ ක්‍රියාවක්. දැන් හොරු, තක්කඩි හා දුෂකයන්ගෙන් තොර පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හදාගන්න පුළුවන් අරගොල්ලන්ට (නි)
කොන්ද කෙලින් තියාගෙන ගත්ත තීරණයක්. අපිට දැන් සතුටුයි. (නි)
ඔබට ජයෙන් ජය! මහින්ද සමඟ සිටින සැමට ජනතාව සදා සළකනු ඇත. එ්ත් ශාඛා සමිති විසුරුවන්නේ ඇයි? (නි)
කෙනෙක් යනකොට එතනට එන්න සියයක් ඉන්නවා. කැඩී ගියොත් මේ දෙගොල්ලටම ජයග්‍රහණයක් නැති බව තේරුම් නොගැනීම මහා ඛේදයකි.(ම)
දැන් කලින් මැතිවරනෙන් බලයට පත් වුනු අය රටට සේවය කරනවද කියල දැනගන්න කැමති (ම)
එජාලෙට මුක්කු ගහල රට විනාශ කරන එකද බණ්ඩාරනායක ප්‍රතිපත්තිය (බ)
පක්ෂය දෙකඩ කරන්ඩ තව එකෙක් අස්වේ (බ)
මේ රටට සුදු පාලකයන්ගෙන් පසු ගොඩ නගන ලද දෙයක් ඇත්නම් එ්දේවල් කිරීමට පුරෝගාමී වූ පක්ෂයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පක්ෂය තියෙන්න ඕනේ රට හදන්න . පක්ෂයෙන් තමයි ජනතාවට නායකත්වය දෙන්නේ. නායකත්වයට කැමැත්ත දෙන්නේ ජනතාව. නායකත්වයක් නොමැතිව කිසිම දෙයක් කරන්න බැහැ නමුත් අද මේ ගෙවන්නේ නිදහස් පක්ෂයේ අදුරුම කාලය. පක්ෂය එසේ අදුරු කාලය ගෙවනකොට රටට එය අහිතකර වී තිබෙන බව නොරහසකි (බ)
මේ කමෙන්ට් කරලා තියෙන හුග දෙනෙක් ජානක කියන්නේ කවුද කියලවත් දන්නවද...මෙය 96 ප්‍රාදේශීය සභාවෙන් පටන් අරගෙන දිගු ගමනක් ගිය දක්ෂ තරුණ දේශපාලකයෙක්.පළාත්සභාවේ හිටපු දක්ෂතම ඇමතිවරයා විදිහට ගොඩක් වැඩ කළා.කලවාන ආසනය පාතාලේ මැරයෙකුත් එක්ක හැප්පිලත් කවදාවත් පරාද නැහැ.ඔහුගේ දේශපාලන මතය මම අනුමත නොකළත් හොරෙක් නොවනබව මුළු රුවන් පුරයම දන්නවා. (බ)
බැරිනම් යන එක හොඳයි .අලුත් අය ඉන්නවා ඕනෑ තරම් .හිටියත් ඔයාලට ලැබෙන්නේ නැහැ (ම)
මහින්ද මහත්තයාගේ සහ දරුවන්ගේ ඇත්ත තත්ත්වය දැන් උසාවියෙත් ඔප්පුවෙලා තියෙනවා. අැයි මේ මිනිස්සු තවත් මෙයාලා පස්සෙම දුවන්නේ. (නි)
ඔබතුමාට ජය වේවා! (නි)