IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


ජනතා විරෝධතා වැළැක්වීමට එරෙහිව සජබෙ විරෝධතා

(නිමල කොඩිතුවක්කු)

ජනතා විරෝධතා වැළැක්වීමට පියවර ගැනීම සහ මාධ්‍ය ආයතන වලට තර්ජනය කිරීමට විරෝධය පළ කරමින්  ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු මැයෙන් සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට අද(08) විරෝධතාවක නිරත වූහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.

"ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු, මාධ්‍ය මර්දනය හෙළා දකිමු, සිවිල් අයිතීන් සුරැකීමු, උද්ඝෝෂණ වලට ආණ්ඩුව බය ද"ආදී විරෝධතා පුවරු එහිදී ප්‍රදර්ශනය කර තිබිණ.


විරෝධතාවය සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාවෙමින්යනවා මනෝ ගනේෂන්, අශෝක් අබේසිංහ, ගයන්ත කරුණාතිලක, නලීන් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, මුජුබර් රහුමාන්, හෙක්ටර්  අප්පුහාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .


විරෝධතාවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.


   "සමගි ජන බලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෝවිඩ් රෙගුලාසි අනුගමනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් විරෝධතාවයක නිරත වී සිටිනවා.සාමකාමී විරෝධතා වල යෙදෙන ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මර්දනය කිරීමට ආණ්ඩුව විවිධ නියෝග, රෙගුලාසි,  නිවේදන නිකුත් කරමින් සිටිනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරන මානව අයිතීන් අපේ රටේ සියලුම පුරවැසියන්ට තියෙනවා. එය මොනම ජගතෙකුටවත් මොනම ආණ්ඩුවකට වත් මර්දනය කරන්න බැහැ. ඒ නිසා කොවීඩ්   රෙගුලාසි අනුගමනය කරමින් ඕනෑම වෙලාවක විනයානුකූලව මහ පාරේ විරෝධතා පවත්වන්න තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට හැකියාව ඕනෑම කෙනෙකුට තියෙනවා.

තෙල් මිල පහත හෙලන ලෙස ඉල්ලමින්, ගොවියාට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින්, ධීවරයාට සහන ඉල්ලමින්, පරිසර විනාශයට එරෙහිව කටයුතු කරන ලෙස ඉල්ලමින්  අද රට පුරා ජනතාව මේ විරෝධතා ව්‍යාපාර ගෙන යනවා. මේ ආණ්ඩුවට මුල ඉදලම කිසිම වැඩපිළිවෙළක් තිබුණෙ නැහැ. ආණ්ඩුවේ සියලුම දේවල් අද අසාර්ථක වෙලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, කොවීඩ් මර්දනය වෙනුවෙන් එන්නත් ලබාදීම සඳහා සිදුකරන සියලුම වැඩසටහන් අද අසාර්ථක වෙලා.

 එයට එරෙහිව විරෝධය පළ කරන්න ජනතාවට අයිතියක් තියෙනවා.එයට එරෙහිව වර්තමාන ආණ්ඩුව ජනතාව වෙත මර්දනය සහ තර්ජනය දියත්කොට තිබෙනවා.  ඊට එරෙහිව සමගි ජනබලවේගය දිගින් දිගටම  අරගල කරනවා" යයිද ඔහු එහිදී පැවසීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

 



අදහස් (3)

ජනතා විරෝධතා වැළැක්වීමට එරෙහිව සජබෙ විරෝධතා

Ruhunu Thursday, 08 July 2021 01:33 PM

ඔය කවුරුහරි මෙතනට පිදුරු ටිකක් ගෙනත් දාන්නකො.

:       230       22

ගලපරThursday, 08 July 2021 05:02 PM

මේ රුහුණු වගේ කට්ටියට තමයි පිදුරු කවන්න වෙලා තියෙන්නේ. අද රටේ දැන උගත්, දක්ෂ කිසිම කෙනෙක් ඉස්සරහට එන්නේ නැහැ. මේ උදාසීන බව රටේ යහපැවැත්මට ලොකු බාධාවක්...

:       0       0

Bamunuarachchi Thursday, 08 July 2021 05:26 PM

ඕවා ජනතා විරෝධතා නොවෙයි පක්ෂ විරෝධතා. ඕවාට ඉඩ දෙන්න බැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 44 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 172 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 02 94 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො


කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්
2024 නොවැම්බර් මස 02 581 1

බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත


රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 1092 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 2208 4

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1196 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site