IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘ජනතාවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නෑ‘

‘පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ ගත වුණු කාලය තුළ නොයෙකුත් බියවැද්දීම් තර්ජන මත මා වෙනුවෙන් පෙනී සිටීම අගය කරනවා.

අපේ නිවසට පැමිණි ඔබ සියලු දෙනා ඉතා සෙනහසින් මා පිළිගන්නවා.

ඔබ පැමිණ සිටින්නේ අධි ඇසල පොහොය දවසක. ඇසල පොහොය කියන්නේ බුදුන් වහන්සේ තමන්ගේ ගුරුවරුන් සොයා ගොස් මුල්ම ධර්ම දේශනය පැවැත්වූ දවස.

ඔබ සියලු දෙනාගේ ඉල්ලීම මට බවත දමන්න බෑ. එනිසා ශ්‍රීලනිපය හා සන්ධානය පමණක් නොවේ එජාපය ඇතුළු පක්ෂවල ඉන්නා සියලු දේශප්‍රේමීන්ට මා ආරාධනා කරනවා අප සමඟ අත්වැල් බැඳගන්නා ලෙස.

ඔබට මතක ඇති පසුගිය ජනවාරි නව වැනිදා. බහුතර ජනතාවගේ තීරණයට මා හිස නැමූ අකාරය ඔබ දන්නවා. මම ඒ තීරණය අරගෙන රටට ඔප්පු කළ 70දි ලාබාලම මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තුවට ආ මම ජනාධිපති වනතුරු ආවා. ප්‍රජාත්‍රන්තවාදයට මා ගරු කරනවා. සමහරු මා හදුන්වනවා එක එක නම් වලින්. සමහරු හඳුන්වනවා සොඳුරු ආඥා දායකයා ලෙස. මේ මොන බොරු චෝදනා කළත් එදා කටයුතු කළ ආකාරය ගැන එදා මැතිවරණය හොඳ පූර්වාදර්ශනයක් සැපයූවා. පිටරට අයත් පුදුම වුණා මේ යෝධයා මේක බාර දීලා ගියාද කියලා.

පසුවදා මා තංගල්ලට සියලු දෙනා කැඳෙව්වා. අපේ ඉරණම ගැන කතා කළා. ඡන්ද ප්‍රතිපල නිකුත් වූ දා පටන් අපේ පිරිසට හිරිහැර කළා. තවත් සමහරු විකල්ප ශ්‍රීලනිපයක් හැදුවා. ඒ නිසා 12 වැනි දා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳව්වා. ඒ තීරණාත්මක මොහොතේ පක්ෂය ආරක්ෂා කර ගැනීම වැදගත් බව මම කිව්වා. මම කතානායක නිවසෙදි ජනාධිපති හමුවුණා. පක්ෂය ඕනෑ බව ඔහු ඉල්ලීමක් කළා. ඒ අනුව මා පක්ෂය බාර දුන්නා. දින හතක් ඇතුළට පක්ෂයේ නායකත්වය බාර දුන්නා. මට මාස හතක් ගියා සම්මේලනයක් කැඳවා නායකත්වය ගන්න.

මම කිසිම දවසක මගේ රටට, මගේ පක්ෂයට ද්‍රෝහි වෙලා නෑ. මම ඉවසගෙන පක්ෂය වෙනුවෙන් පෙනී සිටියා. එජාපය මේ රට පාලනය කළ ඒ හය මාසය තුළ ජාතික ආරක්ෂාවට මහා තර්ජනයක්, ජාතික ආර්ථිකයට අභියෝග එල්ල වෙලා තියෙනවා. ඒක කාටවත් රහසක් නොවෙයි. ත්‍රස්තවාදය විනාශ කරලා අවුරුදු හයක් යන්න කලින් ත්‍රස්තවාදීන්ට වන්දි දිය යුතුයි කියා කැබිනට් පත්‍රිකා දාන්න තරම් ලැජ්ජා නැති වුණත් ඉන්නවා කියන්න වෙනවා. හැබැයි එය සම්මත වුණේ නෑ.

මා හිතනවා සමහරවෙලාවට මේ නාකයකෝ හැසිරෙන්නේ මීට අවුරුදු 12කට කලින් ත්‍රස්තවාදී නායකයා සමඟ ද්‍රෝහීවීම ගිවිසුම අත්සන් කළ ආකාරයට කියලයි තේරෙන්නේ.

වත්මන් ජනපතිට, ආරක්ෂක ප්‍රධානීන් කියන දේ අහන්නේ නැතිව කටයුතු කළ කාලය මතයකි. නව යොවුන් තරුණයන්ට එජාපයේ දරුණු කාලයේ අත්දැකීම් නෑ. රටේ නීතියට පිටින් නොයෙක් ආයතන සංවිධාන පිහිටුවා දඩුවම් දෙන සංවිධාන පිහිටෙව්වා. ගෝනිබිල්ලෝ ඇවිත් ජනතාව උස්සන් යන හැකි මේ තරුණයන් දැකලා නෑ. රජ්‍ය ආයතන පෞගලික අංශයට විකුණපු හැටි මේ තරුණයන් දැකලා නෑ. බෙදුම්වාදීන්ට මේ රට පාවා දුන් හැටි මේ තරුණයන් දැකලා නැහැ.

අපට මතකයි 89, 90 මේ රටේ තරුණයන් වෙනුවෙන් මම වාසු ඇතුළු කණ්ඩායම් එකතුවෙලා ජිනීවා ගියා. අපි එදා හඩ නැගුවා. අපි පාද යාත්‍රා ගියා. අපි ඔක්කොම එකතු වෙලා එදා පාරට බැස්සේ. මිනිස් දංවැල් ඇද්දේ, ජනඝෝෂා කළේ. හැබැයි මේ මාස හයේදි වැඩ කළ ආකාරය දැක්කම මේ තරුණයන්ට දැනගන්නට පුළුවන් වෙයි ඉතිහාසයේ කොහොමද වැඩ කළේ කියා.

ත්‍රස්තවාදීන් තවත් පෝෂණය කරන්නට, හමුදාව උතුරෙන් ඉවත් කරන්න, ඩොලරය 141 දක්වා යන්න ඉඩ හැරලා, දේශීය ව්‍යාපාරිකයා බංකලොත් කරලා, රජයේ සේවකයන් පීඩනයට ලක් කළා. ඔවුන් මහ මගට ඇද දැම්මා. දින සියයක් ඇතුළත එතනෝල් ලයිසන් 27ක් දීලා. දින සියයක් ඇතුළත ලංකාවේ සිදුවූ බැඳුම්කර වංචාව වුණා. එය මහා මංකොල්ලය කියලයි හදුන්වන්නේ. විරුද්ධ දේශපාලන මත දරන දේශපාලනඥයන් හිරේ විලංගුවේ දැම්මා. දූෂිතයන්ගේ නඩු ඉවත් කළා. මේ දින සියය ඇතුළත වැඩිහිටි අපට එජාපය ගැන අතීතය නැවත මතක් කළා.

ඒවගේම අපේ කාලයේ තිබුණු වරාය, ගුවන්තොටුපොළ, මාර්ග, විද්‍යාගාර, සතිපොළ ගැන දවස ගානේ පළ වුණා. ලංකාව පුරාම සංවර්ධනය වුණා. ලංකාවම වැඩ පොළක් වුණා. අද අපි පටන් ගත් ඒවා අවසන් කර පෙර බෝඩ් ගලවා අලුත් බෝඩ් ගසා විවෘත කළා.

දැන් හැමදාම කියන්නේ දේශපාලනඥයන් හිරේ යවන එක ගැන.

පසුගිය කාලයේ ආවා ඉතාම ඉක්මනින් දියුණු වෙන නගරය කොලඹ නගරය කියා.

මේ රටේ හානිකර දේවල් අපි දේශපාලන වශයෙන් කුණු බක්කියට දැම්මා. අපේ යුගයේ නීතියේ ආධිපත්‍ය රැකුණා. යම් ක්‍රමවේද තියනවා යමක් කරන්න. අපි ව්‍යවස්ථාවෙන් පිට ගියේ නෑ කිසිම දෙයක් කරන්න. ව්‍යවස්ථාවට ඒ තැන දුන්නා. එදා ඇමැතිවරු අධිකරණයට බැන්නා නම් හිරේ ගියා.

මතුගමින් අපේ කෙනෙකු දන ගස්වලා තමයි පළිගැනීම් පටන් ගත්තේ.

පක්ෂය බාර දීලා හිස් අතින් ගමට ආපු මට මොන චෝදනා නැගුවත් මේ රටට මා ආදරෙයි.

දිනේෂ්, උදය, විමල් ඇතුළු නායකයන් පෙරටු කරගෙන නුගේගොඩින් ආරම්භ කළ ගමන අද ජනපවුරක් වෙලා. එය මාතර හරහා අපේ දොරකඩට හමාගෙන ඇවිත් තියෙනවා. ඒ නිසා මම රටේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා ඔබ කරන ඉල්ලීම මා ප්‍රතික්ෂේප කරන්න සූදානම් නෑ.

ඒ නිසා රට වෙනුවෙන් මේ මාතෘ භූමිය වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයට අපි තරග කරන්න ඕනෑ කියා ඕනෑකමින් කියනවා. ඔබ කරන ඉල්ලීම මා එක සිතින් පිළිගන්නවා. ඒ නිසා මේ පැවැත්වෙන මහ මැතිවරණයට මේ ජන පවුරත් එක්ක අපි ඉදිරියට යනවා. ඒ නතර වුණු සංවර්ධනය, ආර්ථිකය ගොඩගැනීම, අධිකරණයේ ස්වාධීනත්වය අපි නැවත ගොඩ නගනවා. ඉදිරියේ ආණ්ඩුවක් පිහිටුවන්න අපි සූදානම්.

අපිට තියෙන්නේ එක ගිවිසුමයි. ඒ මේ රටේ ජනතාව සමඟ තිබෙන ගිවිසුම පමණයි. 2005දි 2010දි අපට බාර දුන් වගකීම් උපරිම ලෙස ඉටු කරන්න පුළුවන් වුණා.

ජනාධිපතිවරණ ප්‍රතිඵල වලින් පස්සේ සමහර ගෙවල්වල ලිප ගිනි මෙළ වුණේ නෑ. හඩා වැටුණා. කාල්ටන් නිවසට වැල නොකැඩී ආවා.

එදා අඩකුඹු වුණු ජාතික ධජය අපි ඔසවන්න එදිරියට එනවා. මේ වෙහෙසකර ගමනෙදි මා හැර නොගොස් මා වෙත ආශිර්වාද කළ ඈත එපිට පිටිසර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සිට දියවන්නාව දක්වා පිරිසට මා හිස නමා මගේ ප්‍රණාමය පුද කරනවා.

අපි අතින් සිදුවූ වැරදි නැවරදි කරගෙන ඉදිරියට යනවා.

නූතන ජාතික ගොඩනගර සටනේදී සියලු ජාතීන් අපි හැමෝම අත්වැල් බැඳගෙන ඉදිරියට යන්නට අපි පියවර ගන්න ඕනෑ. ශ්‍රීලනිපය සහ සන්ධානය පමණක් නොවෙයි එජාප, ජවිපෙ ඇතුළු සෑම දේශපාලන පක්ෂවල දේශප්‍රේමීන්ට අප සමඟ අත්වැල් බැඳ ගන්න ආරාධනා කරනවා.‘

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ද, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද හිටපු ජනපතිගේ නිවසේ දී පැවැති ධර්ම දේශනය ඇසීමට පැමිණ සිටියහ.

(වීඩියෝ සනත් ගමගේ)

(ඡායාරූප ඉෂාන් සංජීව)

_DSC0253

_DSC0243

11694021_832871026803734_4781554192419088300_n _DSC0260

_DSC0213 _DSC0251 _DSC0255 _DSC0308 _DSC0313 _DSC0315 _DSC0344 _DSC0396 _DSC0400 IMG_6781

 

  



අදහස් (0)

‘ජනතාවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නෑ‘

හිරාන් Friday, 03 July 2015 09:46 AM

ජය වේවා ඔබ අපේ සදාකාලික නායකයා (ම)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 02 July 2015 03:50 PM

ඩිල්ෂාන්ට, මහින්ද මහත්තයා ගැන ගොඩක් දුකයි කියලා තේරෙනවා. ඔයාගේ කොමෙන්ට් එක දැක්කම අපිටත් ඇඩෙනවා. (ර)

:       0       0

චාමර Wednesday, 01 July 2015 11:53 AM

දිල්ශාන් ඔබ කියලා තියෙන චෝදනා සියල්ල පදනමක් නැති ඒවා කියා දැන් ඔප්පු වී ඉවරයි (නදී)

:       0       0

නලින් Wednesday, 01 July 2015 12:41 PM

ජනවාරි 8 රටට ජාතියට ආගමට සිදුකරගත් මහා විනාශය නැවත නිවැරදි කර ගන්න පුළුවන් අගෝස්තු 17 ට බව සියලු දෙනා තේරුම් අරන් අවසන්. ඒ නිසා අපි කලබල නොවී ඉමු (නදී)

:       0       0

දිල්ශාන් Wednesday, 01 July 2015 08:14 AM

සිදු කළ මහා සොරකම් වසාගැනීමට නම් ඔබ නියත වශයෙන්ම යළි දේශපාලනයට පැමිණිය යුතුය. ජාතිවාදය අවුස්සා, නව දළුලන සංහිඳියාව යටපත් කර, බලය ලබා ගැනීමට එන මේ කෑදර මිනිසාට නිසි පාඩමක් උගන්වන්න මැදහත් සිතින් අවදි වන්න...! (බ)

:       0       0

දිල්ශාන් Thursday, 02 July 2015 01:34 AM

චාමර, තමන්ට නායකත්වය හදාගන්න බැරි, පිට කොන්දක් නැති දේශපාලන පරපෝෂිතයන් කල්ලියේ මුලාවට හසුවී මඩේ ගිලෙන මේ නායකයා ගැන මට දුකයි. (නදී)

:       0       0

අනුර Monday, 06 July 2015 12:35 PM

ඔබ දෙවි කෙනෙක්. අපි ජීවත්වෙන්නේ ඔබ නිසයි (නි)

:       0       0

බුද්ධි Wednesday, 01 July 2015 06:58 AM

ජය ජය වේ! රටත් ජාතියත් බේරාගනු මැනවි! (නි)

:       0       0

ජීවන උදාර Wednesday, 01 July 2015 07:01 AM

නියමයි. (ර)

:       0       0

කසුන් සම්පත් Wednesday, 01 July 2015 07:04 AM

අපෙන් උණුසුම් සුබ පැතුම්.! අපි හැමදාමත් ඔබත් එක්ක සර්... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 3860 8

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1482 2

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4310 4

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 405 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4110 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2355 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33916 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23955 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 471 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site