IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජනතාවගේ ඉල්ලීම් සාධාරණයි

මේ අහිංසක මිනිස්සු උද්ඝෝෂණය කළේ සාධාරණ හේතුවකට. ජලය නැති ජීවත් වන් අප කාටවත් බැහැ. එම ඉල්ලීමට පිළිතුරු දුන් අයුරු ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි මගේ හැඟිම. මෙම ඉල්ලීම්වලට සාධාරණයක් ලබා දෙන්න අපි හැමෝම එකමුතු විය යුතු යැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්ත මන්ත්‍රි රුවන් විජයවර්ධන මහතා ගම්පහ රෝහලේ දී පැවැසීය. විරෝධතා වට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලබා ගම්පහ රෝහල් ගත කර සිටින තුවල කරුවන් හා ඔවුන්ගේ ඥාතීන් හමුවේ මන්ත්‍රීවරයා එසේ කීවේය.

 

 



අදහස් (0)

ජනතාවගේ ඉල්ලීම් සාධාරණයි

කැනඩා දිසා Friday, 02 August 2013 08:44 AM

ගණන් ගන්න එපා මල්ලි. ඕවා සුළු දේවල්නේ. (නි)

:       0       0

ධම්මික Friday, 02 August 2013 01:13 PM

දැන් හැමෝම මේ අහිංසක මිනිස්සුන්ගේ දුක සැප බලන්න පෝලිමේ එයි, පැමිණ යයි. අහිංසක මිනිස්සුන්ට වෙන්නේ වස මිශ්‍ර වතුර බොන්න තමයි. සරත් මහත්තයා නින්දෙන් නැගිටලාද ඔය ප්‍රශ්නේ ඇහුවේ? (නි)

:       0       0

මහින්ද Friday, 02 August 2013 08:54 AM

මේ ප්‍රශ්නය ඇති වෙන්න කලින් නේද මහත්තයෝ එන්න තිබ්බේ (දී)

:       0       0

චාමිලා Friday, 02 August 2013 08:52 AM

ලංකාවේ නීතියක් තියෙනවාද (දී)

:       0       0

ඇසෙ Friday, 02 August 2013 08:56 AM

අපේ අනාගතය දැක ගත්තාද ?? (දී)

:       0       0

අරුමුගම් Saturday, 03 August 2013 09:05 AM

උගන්ඩාවේ එක් පන්සලක් ඉදිකළ පළියට කෝටි ගණන් දී පිරිසිදු පානීය ජල ව්‍යාපෘති හදන අපි මෙතරම් පන්සල් තිබෙන මේ රටේ ජනතාවට කුඩම්මාගේ සැළකිලි ඇයි? (නි)

:       0       0

කෙලි පොඩ්ඩි Friday, 02 August 2013 08:59 AM

බොරදියේ මාළු ගොඩයි

:       0       0

පිටිගල Friday, 02 August 2013 01:26 PM

මිනිසුන් පදිංචි ප්‍රදේශයක මෙවැනි රසායනික කර්මාන්ත ශාලා පිහිටුවීම වෙන රටවල් වල නම් අනුමත කරන්නේ නැහැ. ලංකාව ආසියාවේ ආශ්චර්යය නිසා වෙන්න ඇති. කාට කියන්නද? (නි)

:       0       0

පිටිගල Friday, 02 August 2013 08:08 PM

බල්ලන් බළලුන් වගේ ඔබේ අහිංසක ජනතාව මැරීම නැවත්වීම කෙරෙහි දිවස් කරුණාව යොමු කලයුතු කාලය පැමිණ ඇති බව ගෞරව බුහුමනින් යුතුව දන්වා සිටින්නෙමි. (අ)

:       0       0

කඩවත හේමසාර හිමි Friday, 02 August 2013 09:07 AM

අනේ මන්ත්‍රී තුමෝ දැන් කිබුල් කදුළු හෙලන්න්න එපා . බොරුවට .

:       0       0

තුෂාර Friday, 02 August 2013 09:06 AM

මෙච්චර කල් කොහෙද ඔබතුමා ගිහින් හිටියේ (දී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 03 August 2013 09:35 AM

මන්ත්‍රී තුමනි, බියගම කලාපයේ රබර් අත්වැසුම් කර්මාන්ත ශාලා වලත් මෙහෙමද කියලා බැලුවොත් හොඳයි නේද? අබලි රබර් ග්ලවුස් තොග ගෙනියන වෙළදුන් විකිණිය හැකි ඒවා විකුණා ඉතිරි විෂ සහිත රබර් අත්වැසුම් කැබලි ගමේ පාලු වතුවලට , පුරන් කුඹුරු වලට ,ඇළ මාර්ග වලට හොර රහසේ ගෙනගොස් දානවා. මෙයින් මේ ප්‍රදේශයේ ජනතාවටත් ජලය විෂවීමේ ප්‍රශ්නයක් එන්නත් බැරි නැහැ. මල්වාන, වල්ගම,යබරලුව,වෑකන්ද ගම උලහිටිවල, කලුකොන්දයව, දෙකටන ගම්වල මෙම විෂ රබර් අත්වැසුම් තෝරන වැඩපළවල් පරිසර නීතිය උල්ලංගනය කරමින් පවත්වාගෙන යනවා. මේවා ගැන හොයන්න අදාළ බලධාරීන් දැනුවත් කරන්න.බියගම ප්‍රදේශයේ ළිං වල ජලය පරීක්ෂා කරවන්න. (නි)

:       0       0

නිල්මිණි Saturday, 03 August 2013 06:15 PM

අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසදුමක් දෙන්න බැරිද (දී)

:       0       0

සම්පත් Friday, 02 August 2013 09:09 AM

මහත්තයා මේ මොනවාද කියන්නේ නිදාගෙන ඇහැරලා වගේ (දී)

:       0       0

රූපා Friday, 02 August 2013 09:11 AM

අහිංසක මිනිස්සු ඉල්ලුවේ පිරිසිදු වතුර, වතුර ඉල්ලපු සිංහල මිනිස්සුන්ට සලකපු විදිහ නින්දිතයි (දී)

:       0       0

සුනෙත් Friday, 02 August 2013 09:12 AM

දේශපාලන වාසි ගන්න හිතන්නවත් එපා (දී)

:       0       0

සේනාදීර Friday, 02 August 2013 09:13 AM

විසදුමක් දෙන්න පමා උනා.. එකයි මේක මෙච්චර දුරදිග ගියේ..(දී)

:       0       0

තුෂාර Friday, 02 August 2013 09:16 AM

ජනතාවට අවශ්‍ය වෙලාවට විසදුම් දෙන්න (දී)

:       0       0

රුචිත Friday, 02 August 2013 08:59 PM

කැත වැඩක්නේ හමුදාවත් කළේ. හමුදාව එල්ටීටී එකෙන් බැට කනකොට ලේ ටික පවා දුන්නේ අහිංසක මිනිස්සු. (නි)

:       0       0

දිනූෂ Friday, 02 August 2013 09:21 AM

අනිවාර්යයෙන්ම මෙයාලට කතිරේ ගහන්න. වල දුටු කල වල ඉහගැනීම නරක පුරුද්දක් නෙමෙයි මේ අයට.(ස)

:       0       0

කඩවත හේමසාර Friday, 02 August 2013 09:29 AM

අතට අත දුන්නාම ඔක්කොම හරිද මහත්තයෝ

:       0       0

වරුණ Friday, 02 August 2013 09:27 AM

විපක්ෂය දුරුවලයි

:       0       0

චමීර ලක්මාල් Friday, 02 August 2013 09:31 AM

රුවන් කියන්නෙ හොඳ කෙනෙක්. අනිත් අයට වගේ හොරකම් කරල සල්ලි හොයන්න අවශ්‍යතාවක් ඔහුට නෑ.(ස)

:       0       0

ද සිල්වා Friday, 02 August 2013 02:09 PM

මේ මන්ත්‍රීතුමා මොන පක්ෂයේද? (නි)

:       0       0

සුදත් ශ්‍රී Friday, 02 August 2013 09:36 AM

සිවිල් ජනතාව පාලනයට හමුදාව යෙදවීම කිසිසේත්ම අනුමත කල නොහැකියි. මට හිතෙන්නේ ආන්ඩුවේ අයටත් දැන් මේ ආන්ඩුව ඇති වෙලා වගේ. විවිධ මති මතාන්තර තියෙන අය ආන්ඩුවට බාගෙන පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි ගාන වැඩිකර ගත්තත් ඒ නිසාම ආන්ඩුව අස්ථාර වෙන ප්‍රවනතාවයත් වැඩි වෙන්න පුළුවන්. (දී)

:       0       0

හේමන්ත Friday, 02 August 2013 09:39 AM

කෝ අපේ වග කිවයුත්තෝ කතා නැද්ද .?

:       0       0

නුවන් Friday, 02 August 2013 09:42 AM

හමුදා සොල්දාදුවනි, ඔබලා බිම්බෝම්බ වලින්, තුවක්කු පහරෙන්, බිම වැටෙද්දී බෝදි පුජා තබමින් ලේ දන්දෙමින් ඔබලාට ආදරේ කළේ මේ අහිංසක මිනිසුන් බව අමතකද? මේ අහිංසකයන් පාරට බැස්සේ පැජරෝවත්, මහා මාලිගා, ඉල්ලලාවත් නෙමෙයි. පිපාසයට බොන වතුර ටික වෙනුවෙන්.(ස)

:       0       0

චින්තක Saturday, 03 August 2013 08:37 PM

ප්‍රශ්නයට විසදුම් සොයන්නට එන්නේ මිනිස්සු මියගොස් තුවාල වුණාට පස්සෙද? රෝහලට එන්න පෙරත් මේ අසරණ මිනිසුන් සමග එකතු වෙන්න තිබුනා නේද? (නි)

:       0       0

සෙනෙවි Friday, 02 August 2013 09:44 AM

මේ සැබෑ වෙන්නේ කොසොල් රජු දුටු සිහින 16 නොවේද? (ස)

:       0       0

සුරංජීව Friday, 02 August 2013 10:10 PM

මේ වගේ සුළුදේකට ඇයි මේ ලංකාවෙ ඉන්න උගත් බුද්ධිමත් ජනතාව කලබල වෙන්නේ? (නි)

:       0       0

පෙරේරා Friday, 02 August 2013 09:53 AM

කියන්නත් දෙයක්ද මහත්තයෝ (දී)

:       0       0

සුනිල් Saturday, 03 August 2013 09:31 PM

හමුදාවට පෙට්‍රල් බෝම්බ වලින් ගැහුවේ සාමාන්‍ය ජනතාව වෙන්න බැහැ. සිද්ධිය වුණ දවසේ කිව්ව සටන් පාඨත් වෙනදා වගේ නොවෙයි. මට නම් හිතෙන්නේ සංවිධානාත්මක කණ්ඩායමක් රතුපස්වල මිනිස්සු විතරක් නොවෙයි මුළු රටම වැරදි පාරක යවනවා. හැබැයි මේකේ ඇත්ත නැත්ත හොයන එක ආණ්ඩුවේ වගකීම. (නි)

:       0       0

මුණසිංහ Friday, 02 August 2013 02:43 PM

ඔය මන්ත්‍රීතුමා මෙච්චර කල් එතකොට කොහෙද හිටියේ? ගමේ මෙහෙම ප්‍රශ්නයක් තිබෙන බව කලින් දැනගෙන හිටියේ නැද්ද? (නි)

:       0       0

සඳුන් Friday, 02 August 2013 10:05 AM

ලංකාවේ යුද්දය ඉවර කල දවස් වල මොවුන් දෙවිවරු සේ පෙනුනා (දී)

:       0       0

සමන් ප්‍රදීප් Friday, 02 August 2013 02:51 PM

ඔබ ප්‍රමාද වැඩියි

:       0       0

අරුණ Friday, 02 August 2013 10:07 AM

මේක ජාත්‍යන්තරය දකින්නේ මොන විදිහටද (දී)

:       0       0

ඔකිත Friday, 02 August 2013 10:11 AM

වතුර ප්‍රශ්නය බරපතලයී මතකද මාවිල්ලාරු සිද්දිය කොටි නැති කරන්න මග පාදුවෙත් වතුර ප්‍රශ්නයක් රජය වට්ටන්නත්රජය වට්ටන්නත් සමහර විට මේක අවස්තාවක් විය හැකි (දී)

:       0       0

මලිත් Friday, 02 August 2013 10:46 PM

හමුදාවට අපේ තිබුණූ ගෞරවය අදින් පස්සේ අවසානයි (නි)

:       0       0

කුමාර Friday, 02 August 2013 10:17 AM

ඒ මිනිස්සු වැරදි නෑ...

:       0       0

සිංහ Friday, 02 August 2013 10:54 PM

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් පැමිණ අපේ රටේ මානව හිමිකම් ගැන බැලුවොත් මොන වගේ තත්ත්වයක්ද උදා වෙන්නේ? (නි)

:       0       0

උපාලි Friday, 02 August 2013 01:13 AM

ඔන්න පළමුවැනි දේවදුතයා පැමිණියා (නි)

:       0       0

ජයන් Friday, 02 August 2013 03:06 PM

තමන්ගේ අයිතිවාසිකම් ලබාගන්න තව කට්ටියකගේ අයිතිවාසිකම් නැති කරපු එකනම් වැරදියි. (නි)

:       0       0

නිශාර්ඩ් Friday, 02 August 2013 10:25 AM

මිනිස්සු පාරට බැහැලා උද්ගෝෂණය කරන්නේ ප්‍රශ්නය හුඟාක් බරපතල් නිසා. නැතුව නිකන් ඉන්ට බැරුවට කෙගහනවා නොවෙයි. කියන එක වග කිවයුත්තන් තේරුම් ගත්තොත් හොඳයි.

:       0       0

සංජිව Friday, 02 August 2013 10:37 AM

මෙතැනදී හමුදාවට බනින්න එපා (දී)

:       0       0

හිරුනි Friday, 02 August 2013 10:42 AM

ඒ ජනතාව ඉල්ලුවේ ඒ මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකමක් (දී)

:       0       0

බන්දුල Friday, 02 August 2013 10:45 AM

කොහොම වුණත් මේ ප්‍රශ්නය විසදන්න වගකිවයුත්තන් මැදිහත්වීම ප්‍රමාණවත් නොවුණා කියන එක මගෙත් හැගීමක්. මේක කම්හලේම ප්‍රශ්නයක් කියලා තාම ඔප්පු වෙලත් නැහැ.මේ තරම් ප්‍රදේශයක භූගත ජලය අපිරිසිදු වීම මේ කම්හලෙන් වෙනවා කියලා විශ්වාස කරන්නත් බැහැ.මොන යම් හෝ පිළිගත් ක්‍රමවේදයක් තිබෙන්න ඇතිනේ පරිසරයට වෙන හානිය අවම කරන්න. නිකම්ම කම්හලක් ගොඩ නගන්නේ නැහැනේ.රජයෙන් කුමක් හෝ සාධාරන විසදුමක් ලැබෙන බව දැන දැනත් ඊයේ මේ අය පාර හරස් කළේ ඇයි? අදහස් දමන කට්ටිය කියන විදියට මේ ආදර්ශය දිගටම ගෙනියන්න දුන්නා නම් පාරවල් හැමදාටම උද්ගෝෂණ වලට බදු දීලා අපි හැමෝටම ගෙවල් වලට වෙලා තමයි ඉන්න වෙන්නේ. (නි)

:       0       0

සිංහ Friday, 02 August 2013 10:43 AM

මේ දේශපාලකයන්ට තිබුණේ පානීය ජලය පිළිබඳ ප්‍රශ්නය නල ව්‍යාපෘතියක් මගින් විසඳන්න. ලබුගම කලටුවවේ සිට කොපමණ දුරකට වතුර බෙදා දෙනවාද? වැලිවේරිය කියන්නේ වතුර දෙන්න නොහැකි තරම් දුරක තිබෙන ගමක් නොවෙයිනේ. කර්මාන්ත ශාලාවට කරන දේ දෙවනුව හිතන්න පුළුවන්. (නි)

:       0       0

අසේල Friday, 02 August 2013 01:57 AM

රටේ අනාගත නායකත්වයකට සුදුසුකම් සපුරමින් සිටින තරුණයෙක්. ඔහු ඇත්තෙන්ම වැදගත් (නි)

:       0       0

රණා Friday, 02 August 2013 03:37 PM

රතුපස්වල කියන්නේ පොළොවේ යකඩ වැඩි නිසා.කබොක් ගල් ඔය පැත්තේ බහුලව ඇති.ලංකාවේ තව අත් වැසුම් කම්හල් තිබෙනවා. කෝ ඔය ගැටළු? කොහොම හරි වතුර මිනිසාගේ මූලික අවශ්‍යතාවයක්. දේශපාලකයෝ වගකියන්න ඕනෑ මේවට. දැන් බලන්න සබරගමුව මායිමේ තිබෙන කලටුවාව වැවෙන් කොළඹට වතුර දෙනවා. ලගම තිබෙන ඇහැලියගොඩ නගරයට පිරිසිදු වතුර නැහැ. නළ ජලය අපිරිසිදුයි කියල හැමෝම දන්නවා. එහෙත් ඉවසනවා. (නි)

:       0       0

සරත් Saturday, 03 August 2013 12:19 PM

ඔය වගේ සමාජ ගැටළු විසඳන්නේ මර්දනයෙන් නම් ප්‍රජාතන්තවාදී රටක් වෙන්නේ ‍කොහොමද? හමුදා මර්දනයකට එන්න ලෝක ප්‍රජාව පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා.සිද්ධ වෙන්නේ මොනවද කියලා පේනවනේ. (නි)

:       0       0

වසන්ත Friday, 02 August 2013 11:02 AM

මම හිතනවා එතුමා මේ ප්‍රශ්නයේදී මැදිහත් වුණා මදි කියලා. තම ප්‍රදේශයේ ජනතාවට වන අසාධාරනකම් ගැන මීට වැඩියෙන් මැදිහත් විය යුතුයි (නි)

:       0       0

කපිල Friday, 02 August 2013 03:43 PM

මේක මොකක්ද? මේ ගැන වැඩිය හිතන්න එපා (නි)

:       0       0

මානගේ Friday, 02 August 2013 02:33 AM

ඔලුව නැති මිනිස්සු අතීතය අමතක කරලා ලබන වතාවෙත් ඔය කට්ටියවම පත්කර ගන්න.එතකොට කන්න වෙන්නේ වෙඩි නොවෙයි... (නි)

:       0       0

රණා Friday, 02 August 2013 11:16 AM

අනේ රුවන් මහත්තයෝ, ඔය ගම් ටිකට නළ ජලය හරි දෙන්නකෝ. ඔය කම්හල වැසුනත් වතුර නම් හොද වෙන එකක් නැහැ. (නි)

:       0       0

රුසෙල් Saturday, 03 August 2013 12:27 AM

දැන් ඔක්කොම හරිනේ ඉතින් (නි)

:       0       0

සරත් Friday, 02 August 2013 03:04 AM

ජනාධිපතිතුමනි, ඔබ කොහෙද? මිනිස්සු මැරෙන්න බය නැහැ අසාධාරණය වෙනුවෙන් (නි)

:       0       0

ප්‍රදීප් Friday, 02 August 2013 04:12 PM

කෝ අපේ පාලකයෝ

:       0       0

ගීත් Friday, 02 August 2013 11:36 AM

සිවිල් ජනතාවට උණ්ඩයෙන් පිළිතුරු දෙන්න එපා.මොකද අපේ රටේ යුද්ධය වෙලාවේ හමුදාවට ශක්තියක් වෙලා ඔවුන්ගේ පිටුපසින් සිටියේ මේ වීර ජනතාවයි.එය කිසිදිනක අමතක කරන්න එපා (නි)

:       0       0

ගමගේ Friday, 02 August 2013 11:36 AM

අපි යළිත් අපේ හමුදාවට සෙත් පතමු. මෙම ක්‍රියාවට අනුබල දුන්නවුන්ට කල්පයක් ආයු පතමු.  ඊට දේශපාලන  නායකත්වය  සැපයූ අය සියල්ල සියළු මැතිවරණ  වලින් බලයට පත්කරමු (නි)

:       0       0

රාජුන් Friday, 02 August 2013 04:53 AM

දැන් ඔක්කොම හරි. එයා කැළණියෙන්-මෙයා ගම්පහින්. දවස් කීයක් ගියාද මේ ප්‍රශ්නය ගැන දැනගන්න? මනිස්සු මැරෙනකන්, තුවාල වෙනකම්ම හිටියද? (නි)

:       0       0

ස්ට් Friday, 02 August 2013 04:30 PM

ඇසල තමුසේ කියනවකො එහෙනම් හරියට උද්ගෝෂණය හැටි (දී)

:       0       0

ලාල් Friday, 02 August 2013 11:55 AM

ඔක්කොම යුද්දෙට ගිය අය නෙවෙයි නේ.යුද්දෙන් පිට කොළඹට වෙලා හිටපු අය සාමාන්‍ය මිනිස්සු ගැන හිතන්නේ නැ. එසේ නැත්නම් මේ අය ඒ මිනිස්සුන්ට සලකපු විදිය ගැන පිට රට මිනිස්සු දැක්කොත්

:       0       0

කමල් Friday, 02 August 2013 11:56 AM

අවාසනාවන්ත සිදුවීමක්

:       0       0

නිශාන්ත Friday, 02 August 2013 11:56 AM

මේවා ඔක්කොටම වගකියන්න ඕන නූගත් දේශපාලනුවෝ තමයි. (ස)

:       0       0

මාලක Friday, 02 August 2013 04:39 PM

මෙයා එවුවේ කවුද දන්නවාද

:       0       0

ප්‍රසන්න Friday, 02 August 2013 11:57 AM

ඔන්න ඔහොම තම ලකුණු දාගන්නේ. රටට හෙන ගැහුවත් කමක් නැහැ. ලකුණු වැටෙනවනේ දැන්. ඔය ප්‍රශ්නේ විසදුවනම් මුලින්ම හරිනේ. මිනිස්සුන්ට නරක ආදර්ශ නොදී.(ස)

:       0       0

චුට්ටා Friday, 02 August 2013 06:02 AM

ඔය සිංහල ජාතික හමුදාවට මෙහෙම කරන්න අණ දුන්නේ කවුද? (නි)

:       0       0

සමන් Friday, 02 August 2013 06:06 AM

විසදුම් නොදී මෙහෙම ජන මර්දනය කළාට හරියන්නේ නැහැනේ. (නි)

:       0       0

විජය Friday, 02 August 2013 12:00 PM

රට යන්නේ උඩුගම් බලා (දී)

:       0       0

ඉරෝශාන් අමිල Friday, 02 August 2013 04:57 PM

බන්දුල වගේ කට්ටිය රට කරන්න ගිය නිසා තමයි ඔහොම වෙන්නේ

:       0       0

සම්පත් Friday, 02 August 2013 04:59 PM

උද්ගෝෂණය කරනවා කියන්නේ පොලිසි වලට, හමුදා වලට ගල් ගහනවටද? පාරවල් වහගෙන අහිංසක මිනුසුන්ව රස්තියාදු කරනවටද? එහෙම අයට නම් හමුදාවෙන් ගහලා එලෙව්වට කමක් නැහැ. (නි)

:       0       0

ජනිත් Friday, 02 August 2013 05:01 PM

ලංකාවේ සදාචාරය අනේ අතට තමයි යන්නේ

:       0       0

රුපවති Friday, 02 August 2013 12:17 PM

මමනම් මේ සැමදෙයක්ම කියෙව්වේ හරිම හිරිකිතයකින් ..? මිනිසුන්ට බොන්න වතුර ටිකක් දෙනවා කියන්නේ නිවන්දකින්න පිනක් කරගත්තා හා සමානයි..? (දී)

:       0       0

ප්‍රසන්න රත්නායක Friday, 02 August 2013 06:57 AM

වෙලාවට වතුර නැති වුණේ. නැත්නම් මෙතුමලාට ජනතාව අතරට යන්න හේතුවකුත් නැහැනේ.හැමදේම වෙන්නේ අන්තිමට ජනතාවගේ අවාසියටමයි (නි)

:       0       0

පෙරේරා Friday, 02 August 2013 12:24 PM

බොරු සෝබන කතා. එයාල බලයේ හිටියත් ඔය ටිකම තමා. විරෝදතා වලට මමනම් අකමැති. ඒවා ජන ජීවිතය තවත් අඩාල කරනවා.දේසපාලන කුමන්ත්‍රණ . (අ)

:       0       0

මොහාන් Friday, 02 August 2013 05:30 PM

මොනවා වුණත් මර්වින් විතරයි මිනිස්සු වෙනුවෙන් ආවේ (නි)

:       0       0

සුදේශ් Friday, 02 August 2013 12:34 PM

සාධාරණයි ඒ උනාට දැන් වැඩේ වෙලා ඉවරයි

:       0       0

ඇසළ Friday, 02 August 2013 07:27 AM

ඉල්ලීම් සාධාරන එක ඇත්ත. නමුත් පොලිසියට හමුදාවට ගල්, පොලු මුගුරු වලින් ගහන එක සාධාරණද? කිසිම දෙයක් වෙන්නේ නැහැ හරියට උද්ගෝෂණය කළා නම්. (නි)

:       0       0

චින්තක Friday, 02 August 2013 07:36 AM

පාර අවහිර කරපු එක නම් වැරදියි තමයි. ඒත් ඊට වඩා මේ මිනිසුන්ගේ ප්‍රශ්නය විශාලයි. මිනිසුන්ට මෙවැනි ඉල්ලීමක් කරන්න ඒවාට ඇහුම්කන් දෙන්න අද පාලකයින්ට නොහැකි වුණේ මන්ද? මොවුන් බලයට පත් කර අප බලාපොරොත්තු වන්නේ මොනවාද? පාලකයින්ට හැම පහසුකමක්ම පාහේ නොමිලේම ලැබෙනවා. මොහුන් බලයට පත්වෙද්දී පවසන සුරංගනා ලෝකය කෝ? වැඩිකල් නොගොස් මිනිසුන් සේරම පාරට බසීවි මෙවැනි ක්‍රියා හෙලා දැකීමට. අපේ මේ පුංචි ලස්සන රට මිහිපිට අපායක් නොකරනු මැන. මතක තබාගන්න , සාමාන්‍ය මිනිසාගේ ශක්තියෙන් කළ නොහැක්කක් නොමැති බව (නි)

:       0       0

අජිත් Friday, 02 August 2013 12:41 PM

රබර් ග්ලවුස් නිෂ්පාදන කම්හල් තිබෙන හැම ස්ථානයක්ම පරීක්ෂා කර බැලිය යුතු කාලය එළඹ ඇතෙයි සිතනවා. ඔය කවුරුත් නිසි විධියට අප ජලය පිට කරන්නේ නැහැ. එයාගේ වියදම් අඩුකර ගන්න කටයුතු කරනවා. බියගම, මල්වාන පැත්තේ ඉවත දමන රබර් ග්ලවුස් පාලු වතුවල ගොඩ ගසා මදුරුවන් බෝවන ස්ථාන හදනවා. මේවා බලන්න කෙනෙක් නැහැ. (නදී)

:       0       0

මාගරට් Friday, 02 August 2013 12:44 PM

දැන් ඒ ගැන කතාකරලා වැඩක් නැහැ

:       0       0

අචිනි Friday, 02 August 2013 12:44 PM

කුඩු මුදලාලිලාට, සල්ලි කාර මහ කොටින්ට උපරිම සැප සමග ආරක්ෂාව. බොන්න වතුර ඉල්ලන අහිංසක ජනතාවට වෙඩි ප්‍රහාර නියමයි. (නදී)

:       0       0

මාරියා Friday, 02 August 2013 12:44 PM

සාධාරනයි කල වැඩේ තමයි කැත

:       0       0

සුබේ Friday, 02 August 2013 12:51 PM

අපේ හමුදාවේ කොල්ලන්ට අපි වැන්දේ නැති ටික විතරයි. අපි ඔබට සදා නය ගැතියි. උඹලා වෙනුවෙන් අපිට එදා කරන්න පුළුවන් උනේ බෝධි පුජාවක් තියල, ලේ ටිකක් දන් දීල බලාගෙන ඉන්න එක විතරයි. මේ සුකර දේශ පාළුවන්ගේ ගැට වලට අහුවෙන්න එපා. මිනිස්සුන්ට ගැහුවා, පාර සුද්ද කරලා දුන්නා. එත් ඒ මිනිස්සුන්ගේ වතුර ටික. තාම ප්‍රශ්නේ එතනමයි නේද. මේකද අපේ දරුවන්ට දෙන පැහැබර අනාගතය.

:       0       0

නිලංක Saturday, 03 August 2013 07:42 AM

ඉඹුල්ගොඩ වතුරෙත් අම්ල ගතිය වැඩියි. පී.එච්. ගතිය අඩුයි. ඒක මම හිතන්නේ මේ පැත්තේ වතුරේ හැටි (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 02 August 2013 08:25 AM

ඇසළ , ඔහේගේ දරුවන්ට ඇසිඩ් වතුර බොන්න සිද්ධ වුනානම් ඔහෙට තේරේවි. (නි)

:       0       0

අමිල Friday, 02 August 2013 12:55 PM

ඒක වහලා කොහොමද? වතුර බොන්න බැරි නම් ළිං ටික වහන්න. රණවිරුවෝ කරන්නේ කියන දේ. බනින්න එපා ඔවුන්ට (නි)

:       0       0

ඉස්මෛල් හුසේන් Friday, 02 August 2013 08:24 AM

මෙතුමා හරි විදියට විපක්ෂයේ කටයුතු කළා නම් ඔය කම්හල ගැන මීට කලින් රටට විස්තර කියන්න තිබුණා නේද? මම කියන්නේ බොරුද? (නි)

:       0       0

තුෂාර Friday, 02 August 2013 12:59 PM

බන්දුල, මේ කම්හලෙන් වතුර අපිරිසිදු වෙනවා කියන්නේ සියලුම ඉවත් කරන ලෝහ සහ රබර්, අපද්‍රව්‍ය, ඇසිඩ් ගැලුම් වලට දාලා පොළවේ වළලන නිසයි (නි)

:       0       0

රුපවති Friday, 02 August 2013 01:04 PM

මේ රටේ පාලකයෝ ..තුන් වේලම කන්නේ දුප්පත් ජනතාවගේ මුදල් වලින් ..හරිම හිතට අමාරුයි ..? මගේ රටේ ජනතාව විදින දුක් දැක්කම , පෙර පිනකට මම දරුවොත් සමග පිටරටක ජීවත් වෙනවා ,ජීවිතේ උපරිම සැප පහසුකම් අතරින් ඉතාමත් සැපවත් ජීවිතයක් ගෙවද්දී මගේ උපන් රටේ වැසියෝ විදින දුක් ? මේවා දකිද්දී හිතට සැනසීමක් නැහැ . දෙවියනේ ..? (දී)

:       0       0

අසන්ක Friday, 02 August 2013 07:00 PM

ඔය ටික කියන්න අපිටත් පුළුවන්නේ ඉතින් (නි)

:       0       0

වරුණ Friday, 02 August 2013 08:39 AM

රටේ දුප්පත් මිනිස්සුන්ගේ ගැටළු සාවදානව අසා නිවැරදි විසදුම් දෙන නායකයන් කවදා බිහිවේද?පොළවෙන් ලැබෙන වතුර ටික ප්‍රවේශම් කරන්න අරගල කරන්න වෙලා ,ගුටිකන්න වෙලා. අනේ මෙහෙමත් ආශ්චර්යයක්? (නි)

:       0       0

සුබේ Friday, 02 August 2013 01:05 PM

බන්දුල , "මොනයම් හෝ පිළිගත් ක්‍රමවේදයක් තිබෙන්න ඇතිනේ පරිසරයට වෙන හානිය අවම කරන්න. නිකම්ම කම්හලක් ගොඩ නගන්නේ නැහැනේ" ... ඔහේ ලංකාවේද ජීවත් වෙන්නේ? ආවඩන එක නවත්තලා ලංකාවේ වෙන්නේ මොනවද කියලා ඇස් දෙක ඇරලා මොලේ පාවිච්චි කරලා බලනවා. (නි)

:       0       0

ටිකිරි Thursday, 08 August 2013 09:56 PM

ජනතාවගේ ජල ප්‍රශ්නය විසදුනේ නැති වුණාට ජනතාව පාරට බස්සපු අයගේ අදහස නම් ඉෂ්ඨ වෙලා. දැන් කට්ටිය මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ජල ප්‍රශ්නය ගැන නොවේ. මානව හිමිකම් ගැන. (ස)

:       0       0

සෙන්සා Friday, 02 August 2013 08:42 AM

රජය මෙම ප්‍රශ්ණෙ මෙපමණ සැහැල්ලුවට ගත්තේ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ. ඡන්දෙකුත් අත ළග තියෙද්දී.මහජන නියෝජිතයො කියලා සමහරු කියාගත්තත් මහජනතාවට ඔවුන් ගැන විශ්වාසයක් නැහැ.පිළිගැනීමක් නැහැ.ඔවුන් තත්වය තවත් අවුල් කරනවා.මානව හිතවාදී රජයකින් සිදු නොවිය යුතු දෙයක් තමයි සිද්ධ වුනේ.ජනතාවට මෙය මතක තියේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 331 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1186 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 235 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 476 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 374 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 633 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36780 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site