(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවට සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ විසි හතක් මේ දක්වා පරිත්‍යාග කරමින් චීන රජය ලබාදුන් සහයෝගය තමා ඉහළින්ම අගය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
සංචාරක කටයුතු ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භවූ පසු මෙරටේ සංචාරය සඳහා පැමිණෙන්නැයි චීන ජනතාවට ඇරයුම් කරන බවද හෙතෙම සඳහන් කළේ ය.
ඔහු මෙසේ පැවසුවේ චීන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක තොගය සහ එන්නත් සිරින්ජර ලක්ෂ 16 ශ්‍රීලංකාවේ චීන තානාපති චී.චෙන්ග් හොන්ග් මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් බාරදෙනු ලැබූ අවස්ථාවේදීය.
මෙරටේ වයස 30ට වැඩි සියලුදෙනාට ලබන අගෝස්තු මස අවසන්වීමට පෙර එන්නත ලබාදී අවසන් කරන බවද ජනපතිවරයා එහිදී සඳහන් කළේය.
චීනයෙන් ඊයේ ප්‍රදානය කෙරුණු එන්නත් තොගය උතුරු නැගෙනහිර පළාත්වල වයස 30ට වැඩි ජනතාවට ලබාදීමට කටයුතු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි .
මේරටට මේ දක්වා ලැබී ඇති කොරෝනා මර්දන එන්නත්වලින් සියයට 72ක්ම චීනයේ නිෂ්පාදිත සයිනොපාම් බවද එම කාර්යාලය සඳහන් කරයි.
ජනාධිපති වරයාට එන්නත් බාර දීමේ මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද,ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ කටයුතු ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීන තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී ලූ චොන්ග් යන මහත්ම මහත්මීහුද සහභාගීවූහ.
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජනාධිපතිවරයා චීන ජාතිකයන්ට කළ ඇරයුම
bandara Tuesday, 27 July 2021 02:24 PM
හම්බන්තොට වරාය කුණු කොල්ලෙට වසර 99 කට හම්බ වෙනකොට ලංකාවට මෙහෙම් දීලා මදි...
පප්ප Tuesday, 27 July 2021 02:53 PM
ඔය වගේ අර දෙන්න තියෙන ණය කන්දරාව කපා හරින්න කියලා කියන්න බැරිද? හොඳ යාලුවන්නේ...!!!
kamal Tuesday, 27 July 2021 03:22 PM
හානේ, එන්න එන්න ... අපේ දේපළ තාමත් තියෙනවා... කුණු කොල්ලෙට දීලා දාන්න...
bandara Tuesday, 27 July 2021 03:29 PM
ඔවුන් වෙන රටවලට දුන්නු ගාන වගේ 1.5 වගේ ගෙවලනේ අපි මාත්‍රාවක් ගත්තේ... ඉතින් ඒ වැඩිපුර ගත්තු සල්ලිවලින් හරි නම් ඔයිට වැඩි ගාණක් දෙන්න ඕනේ...
fairoos Tuesday, 27 July 2021 05:16 PM
ලංකාව චී ලංකාව වෙනකොට ඔහොම සලකලා මදි...