IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ජනාධිපතිවරයා බලය අත්හැරීමට හිත හදාගත යුතුයි

(ඩයනා උදයංගනී)

ජනාධිපතිවරයා දැන් බලය අත්හැරීමට හිත හදාගත යුතු බවත්, බලපොරය නිසා පමාවෙමින් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 21 වන සංශෝධනය තවත් පමා නොකර කඩිනමින් සම්මත කරගත යුතු බවත් 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (15) පැවසීය.

පැවති ජනතා විරෝධය යටපත් වී ඇතැයි ආණ්ඩුව සිතනවා නම් එය වරදක් බව කී මන්ත්‍රීවරයා 21 වන සංශෝධනය පමාවීමෙන් ආණ්ඩුව මෙන්ම රටම අස්ථාවර වනු ඇතැයි සඳහන් කළේය.

ජනාධිපතිවරයා වටා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැමුන් එය පමා කරමින් කරන්නේ වරදක් බව කී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ සියලුදෙනා එක්වී එය ඉක්මන් කළ යුතු බව ද කීවේය.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව කොළඹ දී  පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මේ මස අග මෙරටට පැමිණීමට නියමිත අතර, ජූලි මුල පමණ ඔවුන් සමග මාණ්ඩලික ගිවිසුමකට අත්සන් කිරීමේදී පවතින ආණ්ඩුව කුමක්ද, ඔවුන් දෙන මාර්ග සිතියම ක්‍රියාත්මක කළ හැකිද යන විශ්වාසය ලබාදිය යුතු බව කී රණවක මහතා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති පරිදි චීනය, ජපානය, ඉන්දියාව, ඇමෙරිකාව, යුරෝපා සංගමය ඇතුළු මිතුරු රටවල ආධාර සමුළුවක් පවත්වන්නේ නම් රට තුළ ප්‍රජාතාන්ත්‍රික පාලනයක් ඇති බව, නිදහස් පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක වන බව පෙන්විය යුතු බව ද කීවේය.

ජාත්‍යන්තර උපකාර බලාපොරොත්තු වෙනවා නම් ඊට අනුරූපව අපේ ප්‍රතිරූපයත් සකසා ගත යුතු බව කී මන්ත්‍රීවරයා තුන් හතර දෙනෙක් එක්වී ආර්ථිකය ගෙන යා හැකි බව සිතනවා නම් එය ලොකු මුලාවක් බව පැවසීය. 

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ. 



අදහස් (8)

ජනාධිපතිවරයා බලය අත්හැරීමට හිත හදාගත යුතුයි

ajith Wednesday, 15 June 2022 02:56 PM

චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි සහ ප්‍රියංකර ජයරත්න නැවත පාර්ලිමේන්තුවට පත්කර ගනිමු.

:       30       3

swissWednesday, 15 June 2022 03:23 PM

අසාද් සාලිය හා රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට ගෙන්වලා නායකත්වය දුන්නාම රට ඉතා කෙටි කාලයකින් ගොඩගත හැකිය..! දැන් සිංහල අය අවුරුදු 70ක් රට කෙරුවා ඇති...! බෙදිච්ච පක්‍ෂ පුරවාගෙන, නම්දාගෙන කිසිම වැඩක් කරලා නැහැ..! ණය කරා විතරයි රටම...!

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 15 June 2022 03:15 PM

රට අගාධයට ඇද දැමූ රාජපක්ෂ පාලනය ඉවත් වී, වර්තමාන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉවත්වී ජාත්‍යන්තර රට වලින් උදව් ගැනීමට අවකාශ සැලසිය යුතුය.එසේ නැතහොත්,රට වැට්ටවු දේශපාලකයන් තවමත් බලයේ රැඳී සිටින්නේ නම්, පිටරට වල උදව් ලැබීම සිදු නොවීය හැකිය.

:       0       0

විපරමා Wednesday, 15 June 2022 03:23 PM

ගේම් දීලා, ගේම් ගගහා බලයේ ඉන්ඩ හදපු බලලෝබි බඩගොස්තරවාදි පවුල් පාලනේ අය බලය අත හරින්ඩ කැමති නැහැ. 69 ලක්ෂයක් චන්දෙ දිලා බලයට පත්කරපු නායකයෙක් ලෙහෙසියෙන් යාවිද ?

:       16       11

සදරුවන් පෙරෙරා Wednesday, 15 June 2022 03:35 PM

ඕයි පාඨලී, අපිට 19න් වැඩකුත් නෑ,21 න් වැඩකුත් නෑ. උබලා ඔක්කොම එකතුවෙලානෙ රට කෑවෙ.පව් නොදී පලයන් 225ම දැන්වත්

:       8       30

sugath Wednesday, 15 June 2022 04:35 PM

මෙයා හොඳයි ලී වල පාට ගාන්ට.

:       6       28

Rata Perata Wednesday, 15 June 2022 07:38 PM

අපේ රටේ ගොඩක් ඉන්නෙ බඩගෝස්තරවාදී මිනිස්සු. මෙ අදහස් දැක්කම පෙන්නෙනැද්ද? කම්බ හොරුන්ට වදිනවද, මහ රජා කියනව. කරුනු හරියට කතා කරන ලොකු පවුල් නැති උන්ට ගරහනව. දීනකමෙ උපරිමය.

:       0       0

chandima Wednesday, 15 June 2022 09:39 PM

ඔහෙත් ඒ පාර්ලිමේන්තුවේම නේද ඉන්නේ...? කෝ පනත ඉදිරිපත් කළාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1183 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 419 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1271 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 141 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 872 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2498 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1794 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site