ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ ජනපති මින් මද වේලාවකට පෙර කටුනායකින් නවදිල්ලිය බලා පිටත් විය.
විදේශ අමාත්‍ය ජී එල් පීරිස් හා ආමාත්‍ය අරුංගම් තොණ්ඩමන් ද ඒ අතර වූහ.
ශ්‍රී ලංකා ජනපතිට ඇරැයුම් කළැයි විරෝධය පළකරමින් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් එම උත්සවය වර්ජනය කරන බව ඉන්දියා ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබගමන් ජනදිපතිතුමනි..! (නදී)
ආසියාවේ සාම පරවියාණෙනි ! ඔබට ජය නියතයි.(නදී)
අපේ ජනාදිපතිතුට ජය වේවා බුදු සරණ ජයවේවා (අ)
ඉන්දියාවේ වර්තමාන පෙරළිය ලෙසින් හැදින්විය හැකි නරේන්ද්‍ර දමොදර්දාස් මෝඩි මහතා අද දිවුරුම් දෙමින් මහා භාරතයේ අගමැති බවට පත්වෙයි. ලෝක ජනගහනයෙන් 18% ක් වන ඉන්දියාවේ මෙන්ම ආසියාවේද බලවතා වීමේ හැකියාව ඔහු සතුව ඇත. ඒ ඔහුගේ විදේශ ප්‍රතිපත්ති මාලාව තුළිනි. ඔහුගේ දිවුරුම් දීමේ උත්සවයට ආසියානු කලාපයේ අසල්වැසි රාජ්‍යයන්ට ආරාධනය කිරීමෙන් ඔහු විසින් කලාපිය එකමුතුවක් අපේක්ෂා කරන බවක් කියවෙයි. ඉන්දීය නව අගමැතිවරයා තම රටේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව කොතරම් වැදගත් දැයි මනාව තේරුම් ගෙන ඇති බව ඔහුගේ ආරාධනයේ ස්වභාවයෙන්ම තේරුමයි. එමෙන්ම එය හොඳින් කළමනාකරණය කර ගෙන ඉන්දියාව සමග සුහද ගනුදෙනුවක යෙදීම ශ්‍රී ලංකාවේ ආරක්ෂාවටද හේතු වන්නේය. අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව යන ගමනේදී රටේ විශාල භෞතික වෙනසකට තුඩු දෙන බොහෝ කරුණු යෙදෙනු ද ඇත. මේ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැගෙන නව සම්බන්ධතාවයට බාධා කරන්නට ඉන්දියාව තුළ ම නොයෙකුත් බලවේග ඇත. ඒ තමිල්නාඩු ජයලලිතා, කොටිහිතවාදීන් ඇතුළු කණ්ඩායම් වන අතර ඉන්දියාවෙන් පිටත සිටින දෙමල ඩයස්පෝරාව, අධිරාජ්‍යවාදී යුරෝපා හවුල, ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය සහ නොර්වේ වැනි රටවල් අප හුදකලා කරන්නට උත්සාහ කරති. ඒ වන් අවස්තාවක මෝඩි මහතාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් පළමුව සුභ පැතු රජ්‍යනායකයා අප රටේ අතිගරු ජනාධිපතිතුමා වීම මෝඩි මහතා තුළ අප රට වෙනුවෙන් විශේෂතත්වයක් ඇතිවීමට හේතු විය. ජයලලිතා ඇති ව්ශාල බලයක් ලබාගෙන අපේ නායකයා ඉන්දියාවේ උත්සවයට ගෙන්වන්නට එපා යයි කියද්දීත්, එය තුට්ටුවකටවත් ගනං නො ගෙන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙන්වා ගැනීම දෙමළ ඉලාමයට ගැසූ ඇතුල් පහරක් ලෙස විග්‍රහ කළ හැකිය. එවන් මොහොතක නො බියව ඉදිරියට යන, අප රට භීෂණයෙන් මුදවාගෙන නිදහස සහ සාමය උදාකළ, අනාගතයේ මව් බිම උදෙසා ඇති විශාල සේවයක් කරන්නට කැප වී සිටින ගෞරවනීය නායකයාණෙනි, ඔබතුමාට සුභ ගමන්..,!!! (අ)
අපේ ජනාධිපති තුමාට ජයවේවා.තෙරුවන් සරණ. (අ)
අපේ ජනාධිපතිට ජයවේවා! (නදී)
අපටත් රජෙක් ඉන්නවා කියල දැනුනේ මහින්ද මහත්තය නිසා (නදී)
ජය ලලිතාට නරකද ආයෙත් පරණ නිලි ජීවිතය පටන් ගත්තොත්. දැන් නම් කෙල්ලගේ චරිතය රංග පාන්න බැහැ. ඒ වුනාට නපුරු නැන්දම්මාගේ චරිතයට නම් අගේට ගැලපෙනවා. හැරුනොත් කාට හරි බාල්දියක් පෙරලාගෙන. (නදී)
ජයලලිතාට පේන්ඩ අපේ ජනාදිපතිතුමා ගියපු එක හොදයි. ඔබට සුබ පතමි (නදී)
සමහර අදහස් ගැන දුක හිතෙනවා. බැරි වෙලාවත් දකුණු ඉන්දියානු විරොදයක් ආවොත් මොධි ලංකාවේ පැත්ත ගනීද? ප්‍රබල රටවලින් බලපෑම් ආවොත් ඒවා අතහැරලා ලංකාවේ පැත්ත ගනීද ? ඉන්දියාවට ලංකාවට වඩා ඒ රටවල් වටිනවා. පොඩ්ඩක් හිතල බලන්ඩ .(අ)
දැන් මෙයා ජය ලලිතා නොවෙයි පරාජය ලලිතා (අ)
අපේ ජනපතිට ජයම වේවා !! (නදී)
ජය ලලිතා නම් කවදාවත් හැදෙන්නේ නැහැ වගේ.(නදී)
හොද ආරම්භයක් වේවි , මම හිතන විදියට ලංකාවට හොද කාලයක් උදා වේවි, ඉන්දියාවත් අසල්වැසි රට වල උපකාර අරගෙන ආසියාවේ සමගිය සමාදානය ඇති කරන්න උත්සහ ගනීවි. මොකද මෝඩි මහත්තයා උගත් අනාගතය දකින්න පුළුවන් කෙනෙක්.(නදී)
අනේ හොදයි මමත් බලන් හිටියේ ජයලලිතාගේ ප්‍රතිචාරය මොන ආකාරයේද කියා දැන ගන්නයි. එයාගේ තියන මෝඩකමයි , ශරීරයේ සයිස් එකයි එකතු උනාම ලගදීම එයා පුපුරලා විනාශ වෙනවා. එයත් කොටින්ට උදව් කලේ ලංකාවෙන් කෑල්ලක් අනාගතේ කොටින්ගෙන් ඉල්ලගන්න පුළුවනි කියලයි.(නදී)
හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනයට සම්බන්ධවූ වැරදිකරුවන් නිදහස් කර ඉන්දියාවේ ශ්‍රේස්ඨාධිකරණයේ තීන්දු හැල්ලුවට ලක්කළ සහ තමිල්නාඩුව හැර අනිත් ප්‍රාන්තවල සියලුම ජනයාගේ පිළිකුලට ලක්වුණු ඇය සහභාගී නොවීමට තීරණය කිරීම දේශහිතයිෂි සියලු ඉන්දීය ජනතාවගේ සතුටට කරුණක් වනු නොඅනුමානය. එමෙන්ම ඉන්දීය රජය තම විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට කාගෙවත් උපදෙස් හෝ අවසර උවමනා නැතිබව, ඔහු සියලුම ප්‍රාන්ත මහා ඇමතිවරුන්ට ආරම්භයේදීම පෙන්වාදීම හොඳ ස්ථාවර ගමනකට හොඳ අඩිතාලමකි.(නදී)
ජය වේවා ! (නදී)
මෙම ගමන තුලින් දැනට උතුරේ ලිය ලමින් පවතින නොසන්සුන් තාවයට පිළිතුරක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක්. (නදී)
නමේ මුල් අකුර මාරු කරලවත්ද මේ උඩින් ප්‍රතිචාර දක්වල තියෙන්නෙ? (නදී)
මගේ රටේ එකම නායකයාණෙනි.! ශ්‍රී ලංකා මාතෘ භූමිය ඇතුළු කලාපිය ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාවේ සහාය නොඅඩුව ලබා ගෙන මගේ රට ඉහළට නවා තැබීමේ හැකියාව ඇත්තේ ඔබතුමාට පමණයි. ඔබතුමාට සමස්ත ශ්‍රී ලංකික ජනතාවගේ සුභාශිංසනය හිමිවෙනවා. තෙරුවන් සරණයි. (නදී)
ඉන්දියාව හා කලාපය ස්ථාවර වීම නොඉවසන සමහරක් බටහිර රටවල් ඇතුලු ඇමරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණ තම්ල්නාඩුව හරහා බලපෑම් කර ඉන්දියාව අස්ථාවර කිරීමට බලාවි, පකිස්ථානය සමග හොද හිත වර්ධනයට අකුල් හෙලාවි. කලාපය සමගිවීම ඉතා වැදගත්. ඉන්දියාව අපට කොමපණ කෙණෙහිලිකම් කලත් අප ඒවා ඉවසා දමා ඉන්දියාව සමග සිටගත යුතුයි.(නදී)
අනේ එයාගේ වර්ජනේ. ජය ලලිතා කියන්නේ ඉන්දියාවේ ජනාදිපති නෙවේ. එයා නාවට ඒ වැඩ ඉතා හොදින් සිදුවේවි. විනගේස්වරන් හිතාගන ඇති මෝදි මහත්තයා එන්න කියල ලංකාවේ පාලනය අරන් දේවි කියලා.(නදී)