ඉන්දියාවේ ගෝවේ බ්‍රික්ස් හා බිම්ස්ටෙක් රටවල රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වු මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉන්දියාවේ තිරුචි නුවර සිට අද (17) පස්වරු 4.25 ට ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රි ලංකාවට පෙර ශ්‍රී ලංකා ජනපති දෙපැයක් පමණ තිරුචි අන්තර්ජාතික ගුවන් තොටේ ප්‍රභූවරුන්ගේ කුටියේ ගත කළේය.
ඔහු ගෝවේ සිට කුලියට ගත් එයාර් ඉන්දියා යානයකින් පස්වරු 1.45 ට පමණ තිරුචි ගුවන් තොටුපළට ළඟාවිය. ඔහු සමඟ ගෝවේ ගිය 25 දෙනා ද විශේෂ ගුවන් යානයෙන් පැමිණියහ.
තිරුචි ගුවන් තොටුපළේ දී රතු පලස එළා ඔහු පිළිගැණිනි. ඒ වන විට ගුවන් තොටුපළ අවට ද ආරක්ෂාව තරකර තිබිණි.
ගුවන් තොටුපළ පර්යන්තයේ පිහිටි විශේෂ අමුත්තන්ගේ කුටියට වෙඩි නොවදින රියකින් රැගෙන ගිය බව හින්දු පුවත්පත කියයි.
අද (17) පස්වරු 3.30 ට කටුනායක බලා පිටත්වන එයාර් ලංකා යානයට නගින තුරු විශේෂ පොලිස් කණ්ඩායම් , සන්නද්ධ විශේෂ පොලිස් කණ්ඩායම් ආරක්ෂාව සඳහා කැඳවා තිබිණි.
පෙරදින 24 පැය පුරාම මධ්‍යයම කර්මාන්ත ආරක්ෂක බළකාය ද යොදවා තිබිණි. ඊට අමතරව ගුවන් තොටුපළට ඇතුළු වන වාහන සෝදිසියට ලක්විය.
කඩාකප්පල්කාරින් මර්දනය කිරිමේ නිලධාරින් ද යොදවා තිබිණි.
ගුවන් තොටුපළ කේ.එස් පලනිසාමි , පොලිසිය, බුද්ධි අංශ, ආරක්ෂක බලඇණි හා වෙනත් ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යා, කලින් කෙනා එහෙම කළ නිසා තමයි පස්සෙ එන අය අද බයනැතුව යන්නේ (නි)
සත්‍යා. ඔයා මාරයිනේ. (අ)
අමිත් සහ රමණී, එදා හිටපු එක්කෙනා මහා පොළව ඉඹගත් හින්දා අද මිනිසුන්ට නිදහසේ එහෙ මෙහෙ යන්න පුළුවන් වුණා කියන එකනේ ඕගොල්ලන්ගේ තර්කය. ත්‍රස්තයෝ එක්ක මුහුණට මුහුණලා කළ සටන් වලදී අපේ වීර සෙබළු දස දහස් ගණනින් පසට ලේ මුසු කරමින් මහා පොළව සිපගත් හින්දා හිටපු ලොක්කටත් පුතුන්ටත්, සහෝදරයින්ටත්, මස්සිනාටත් දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් ලෝකය වටේම යන්න නිදහසක් ලැබුනා කියා මා කිවුවොත්? ඔය කියන ලොක්කන් පොළව ඉම්ඹේ අපේ වීර සෙබළු යුද්ධය දිනුවට පස්සේ. අපේ සෙබළු පොළව ඉම්ඹේ වසර 30 ක ඉඳන්. දැන් වෙනස තේරෙනවා නේද? (නි)
සත්‍යා, කලින් එක්කෙනා ශ්‍රී ලංකා පොලොව ඉම්බේ හේතුවක් ඇතුව. එයා බටහිරට සහ ඉන්දියාවට බය වුනානම් අදත් අපි බෝම්බවලට බයේ හැංගිලා. පුලුවන්නම් ඒක එහෙම නෙවෙයි කියන්න. ඒ වගේම මේ අයට ශ්‍රී ලංකා පොලොව ඉඹින්න හේතුවකුත් කියන්න. (ර)
25දෙනෙක් ? නැටුම් කණ්ඩායමක් අරන් ගියාද? දැන් බලන් ගියාම නැට්ටුවෝ වගේ තමයි ජනතාවට පෙනෙන්නේ.
සත්‍යා, ඔයාට සතුටු නැතිවුණාට ඒ වෙලාවේ මුළු රටක්ම සතුටුවුණා (නි)
සත්‍යයා, කලින් කෙනා එහෙම කරපු නිසා කට්ටිය දැන් කොන්ද කෙළින් තියාගෙන ඉන්නවා (නි)
කොහෙවත් යන එක නොවෙයි ප්‍රශ්නය. ඊළඟ පියවර කුමක්ද කියන එකයි. ආයේ කොහෙවත් යන්න ඉස්සරවෙලා හොදට හිතලා බලන්න. (නි)
ඊළඟට කොහෙටද? (නි)
ඊළඟට කොහෙද යන්නේ? (නි)
ඊළඟ ප්‍රවෘත්තිය, අගමැති යයි .... (නි)
අර කලින් හිටපු කෙනත් කෙනා වගේ කටුනායකදී බැහැපු ගමන් පොළව ඉඹින්න තිබුනනේ. අපේ මිනිස්සු ප්‍රශ්න විසඳන්නේ ඔන්න ඔයවගේ උපක්‍රම වලින් තමයි. (නි)
දැන් බලමු ගිය ගමනෙන් ගෙනා ප්‍රතිලාභ! (නි)
මේ රටේ දේශපාලකයෝ ගතකරන්නේ පුදුමාකාර බියගුළු ජීවිත. එ්කට හේතුව තමයි ජනතාවට හරියාකාර සේවයක් නොකිරීම. (නි)
2002 සිදුවුණ දේම සිද්ධවෙන්නද යන්නේ? දැන් බලනකොට හවුල් ආණ්ඩුත් පාණ්ඩු හාල් වගේ. තරාතිරම කුමක් වුණත් වැරදි කරපු අයට සමාව දෙන්න අපි ඡන්දෙ දුන්නේ නැහැ. ඔබතුමන්ලා අපිට යහපාලනය ඉගැන්නුවා. දැන් අපි යහපාලනය අත අරින්න ලෑස්ති නැහැ. සිදුවිය යුත්තේ පුද්ගලයන්ගේ වෙනසක් නම් ලබන ඡන්දෙදි අපේ නියෝගය ඔබතුමන්ලට දෙනවා. එතෙක් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. සියලු දේ අපිට මතක තියෙන බව ඔබතුමන්ලා හොඳින් මතක තියාගත යුතුයි. (නි)
තව ටික දවසකින් ආයෙත් යයි (නි)
රුසියාව යුරෝපිය රටවල් අතරින් කිසිම දවසක ලංකාවට කෙනෙහිලිකම් නොකළ යුරෝපිය රටක්. අපේ රටේ 30 අවුරුදු යුද්ධය දිනවන්න නැත්නම් අවංකව උදව් කළ රටක්. අපි බටහිරට ගැතිකම් කළත් ඔවුන්ගෙන් අපට ලැබෙන්නේ නියෝග පමණයි (නි)
සාදරයෙන් පිළිගනිමු. ඉස්සරහට කාර්ය බහුල වේවි. ඉවසිල්ලෙන් කටයුතු කිරීම සුබ දායකයි. (අ)
දැන්නම් ඔබතුමාත් පිටරට යන ගමන් හොන්දටම වැඩියි වගේ. 25ක් මොකට ගියාද ?කරණමක් ගහල මරාත් එක්ක එකතුවෙන්න වගේ ?මොකද පුතා හදාගන්න බැරි එකට ලංකාවම පලිද ? (අ)
කවදාද ආපහු යන්නේ පිටරට? (නි)