පරණ තුවාල මතකයේ තබා ගැනීමෙන් ජාතික සමගිය ඇති කළ නොහැකියැයිද තමා අතීත කුණු අවුස්සන කෙනෙකු නොවේයැයිද කුමන කාරණයක් වුවද බුද්ධියෙන් හා විමසිල්ලෙන් සෙවිය යුතු යැයිද මහින්ද රාජපක්ෂ ජනපති ඔළුවිල් වරාය විවෘත කරමින් අද (01) පැවසීය.
නැගෙනහිර පිහිටි ධීවර හා වාණිජ්‍ය වරාය ඒ එච් එම් අශ්රෝෆ් හිටපු මුස්ලිම් කොංග්‍රස් නායකගේ අදහසක් අනුව ඉදි විය.කොළඹ සිට දුර කිලෝමීටර් 370 කි.
ටොන් තුන්දහසක් පමණ බර නැවි ඇතුළු විය හැකි ඔළුවිල් වරායේ දිය කඩනයේ දිග මීටර් එක්දහස් හාරසිය හැත්තෑපහක් වන අතර ගැඹුර මීටර් හයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතනවා මේක ධීවර වරායක් වෙන්න ඇති කියලා. (නි)
ජනාදි පති තුමනි මුළු රටේම කුඹුරු ටිකත් අස්වදන්නකෝ ඔය වගේම මගේ එකම සිහිනය එයයි. මුළු රටේම නිල්වන් කෙත බැලීම.(නදී)
තිලක් ඩුබායි ඔයා ඩුබායි වල පුරවැසියෙක්ද? ඔයා දන්නවද වසර 30 කට ඉස්සල්ලා ඩුබායි කොහොමද කියලා. තිබුනේ එක බිල්දිනේකයි අර මිමැසි පෙට්ටිය විතරයි. ජබෙල් අලි වාරයත් හැදුවේ 2008 දී ඔයා හිටියට මදි ඉගන ගන්න රට කොහොමද හැදුවේ කියලා. ඔහෙත් පාරවල් තමයි මුලින්ම හැදුවේ. ඊට පසේ ජුමෙර හැදුවා මම ඔය රට ගැන හොදට දන්නවා. ඔයා නිකන් බොරු චරිතයක් විතරයි. ඉගෙන ගන්න දේශීය දේ අගය කරන්න. නැත්නම් ඔයාට ෆාම් දූපතේ මාලු බාන්න වෙන්නේ හැමදාම. ලංකාවේ මිනිස්සු ඔයිට වඩා උගත් දැනුම තියනවා. ඔයා නිකන් ඩුබායි ගෙම්බෙක් විතරයි තව ලෝකේ රටවල් තියනවා බලන්න ඔය ස්ක් සයිඩ් පාරවල් දිහා ඉගෙන ගන්න හරි දේ. හොදයි කියන්න කඩේ යන්න පලුවන් ඊට පස්සේ.(නදී)
ඉදිරි කාලයේදී චීන නැව් මෙරට මුහුදේ මාළු ඇල්ලීමට පටන්ගනු ඇත. (නි)
ජනාධිපතිතුමනි, බඩු මිලත් ටිකක් අඩු කරමුද (නි)
මංජුල වස්කඩුවේ වරායක් හදනවා. තව වසරකින් ඒක හදලා ඉවරයි !!මුළු ලංකාව වටේම වරායවල් ටික හදලා ඉවර වුණාම රටේ සංවර්ධනයට මහත් රුකලක් දෙනවා. දියුණුව කරා ඉක්මනට ගමන් කරන්න මහින්ද චින්තනයට ජය වේවා !! ඔය වගේම ලංකාවේ තියන හැම කුඹුරක්ම වගා කරන්න ශක්තිය ලැබේවා. !! (ස)
ඉහළින්ම අගයමි. (නි)
ජනාදිපති තුමනි ඔබ තුමාගේ සංවර්දන ක්‍රියාදාමය ප්‍රසන්ෂනියයි ඒ දුර දැක්ම ගැන ඔබට ස්තුතියි , ඒ වගේම රටේ නිතිය හා සාමය ගැන ක්‍රියා කිරීම රජයේ මන්දගාමිවය තිබෙන්නේ සංවර්ධනයට වඩා ඊට මුල්තැනක් දිය යුතු නොවෙයිද (දී)
පුද්ගල සංවර්දනය ගෙන ඉක්මන් අවදානය හා ක්‍රියාපටිපාටියක් ඉක්මින් අවශ්‍යයි ... (දී)
ඔබ වැඩක් කලොත් යේ අහන්න දෙයක් නැහැ (දී)
හොද වැඩක්
අමිල වස්කඩුවේ වාරයක් නම් හදන්නේ නැහැ මගේ මතකයේ හැටියට.එතන සිද්ද උනේ කොළඹ දකුණ වරාය හදන්න ගල් ගෙනිච්ච එක නේද? (දී)
කුණු ගොඩේ ඇත්තේ මොනවාදැයි හොදින් දන්නා සහ එම කුණු ගොඩ ගැසූ අයවලුන් එම කුණු ගොඩ ඇවිස්සීමට අකමැති බව කෙලින්ම කිව්වානම් වඩාත් නිවැරදියැයි සිතමි. වරාය විවෘත වීමනම් හොඳය.(අ)
ඔව් මේක ධීවර වරායක්.රට සංවර්ධනය වෙනවා ව්ගේ මිනිස්සුන්ගෙ හොඳ ආකල්පත් සංවර්ධනය වෙනවනම්.(අ)
අනාගතයට අදට වඩා ප්‍රයෝජනවත් වේවි මෙය ! ප්‍රියා කියන අදහසත් බොහොම හොදයි ! (අ)
ජනාධිපති උතුමාණනි, රට සංවර්ධනය කරන එක හොදයි. එහෙත් රටේ නීතිය? ලංකාව දුෂණයෙන්, භීෂණයෙන් පිරුණු රටක් වෙලා. පුද්ගලයන්වත් සංවර්ධනය කරන්න(අ)
කොළඹ,ගාල්ල,හම්බන්තොට,ඔලුවිල්,තිරිකුණාමලේ,කන්කසන්තුරේ, රට වටේම මහා වරාය! රට පුරා ගුවන් තොටුපොල! ණයත් ගෙවල ඉවරකලොත් අපි ගොඩ . (දී)
හොද වැඩ කවුරු කළත් හොදයි. (නි)
මෙතරම් වරායවල් මොකටද ලංකාවට? (නි)
ජනාධිපති උතුමාණනි, රට සංවර්ධනය කරන එක හොදයි. එහෙත් රටේ නීතිය? ලංකාව දුෂණයෙන්, භීෂණයෙන් පිරුණු රටක් වෙලා. පුද්ගලයන්වත් සංවර්ධනය කරන්න. (නි)
ජනතා සෝ සුසුම් මැද අර ලංකාවෙන් ඇරිය චන්ද්‍රිකාවට මොකද වුනේ? (නි)
දැන් අපිට මේ තැන් වලින් ඕනෑ තැනක යන්න පුළුවන්. තවත් මොකටද පුද්ගලික බස්? (නි)
මගේ රටට ජයවේවා. (නි)
පරණ කුණු අවුස්සන්නේ නැතුව රටට වැඩක් කරන එක අගය කළයුතු දෙයක්. (නි)
වස්කඩුවේ වරාය කවදද විවෘත කරනේ? එකත් ඔය වරාය වගේමයි ලංකාව වටේම වරායවල් ටික හැදුනම රට සංවර්දනය කරා ඉක්මනට යන්න පලුවන් ජනාදිපති තුමා දුර දිග බලල වැඩ කරන්නේ. (අ) .
ජනාධිපතිතුමනි, මේ රටට සංවර්ධනය කරා ගෙන යාමට ඔබතුමාහට තව තවත් ශක්තිය ලැබේවා !!! ඔබයි අප රටේ මුර දේවත්වෝ. ඔබ රට වෙනුවෙන් කළ සේවය සදා අමරණීයි. මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමා විශිෂ්ට වූ නායකයෙකි.මෙලෙස මුළු රටම සංවර්ධනය කරන්න. අපි ඔබ සමඟයි !! (ස)
ඔබතුමා ශ්‍රේෂ්ට පුද්ගලයෙක් නමුත් ලංකාවේ දැන් අවුරුද්දක් තිස්සේ ඇවිලෙන ගින්න ඉක්මනින්ම නිවල දණ්ඩ නැතිනම් අතීතයේ දවසක ඔබේ නම වැරදි විදියට ලියවී. අපේ ජනදිපතිට දීර්ගයුස ලැබේවා.. (දී)
මේ සංවර්දනයට ස්තුතියි (දී)
රටට කිරි උතුරනවා වගේ නේ (දී)
ඔබතුමා කියුව දේ 100% හරි (දී)
ඔබතුමා තමයි අපේ නායකයා රට බේරා ගත්තු වීරයා