IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ජනපති කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ බඩු නැති වීම ගැන විමර්ශණයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතු භාණ්ඩ තොගයක් අස්ථාන ගතවීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය අද(08) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

එම අස්ථානගතවූ භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන 162 ක් බවත්  වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් යොමු කළ නිර්නාමික ලිපියක් පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බවත් පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය පැවැසුවේය.

අස්ථානගත වීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අංශය බාර ගණකාධිකාරී සිසිර කුමාර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවත් අස්ථානගතවූ භාණ්ඩ භාරගත් අයගෙන් ඉදිරියේ ප්‍රකාශ සටහන් කරගන්නා බවත් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශ කළේය.

එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතු භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළාය.

විමර්ශනය සදහා නියෝග අවශ්‍ය නම් මෝසමක් හරහා ඉල්ලා සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසටද නියෝග කළාය.



අදහස් (3)

ජනපති කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ බඩු නැති වීම ගැන විමර්ශණයක්

Damith Wednesday, 08 January 2025 05:42 PM

ඔය අහුවෙන්නේ හොරු...!

:       1       9

ගුණරත්න Wednesday, 08 January 2025 08:15 PM

මේ මොන හොරුද? බඩු භාරගන්නේ ලිපියක් අස්සන් කරලා, ඉතින් මේවා දුන්නේ කාටද කියන එක අදාළ අංශ දන්නවා, ඒවා නිසියාකාරව බාරදුන්නේ නැතිකම තමයි අර්බුදය. එත් මේවා නොවේ අපි කියන්නේ, මහා පරිමාණ හොරු අල්ලන්නේ කවද්ද? බදු වංචා කර රුපියන් මිලියන දසදහස් ගණන් වංචා කළ හොරු කවද්ද අල්ලන්නේ...?

:       4       10

Surain Thursday, 09 January 2025 12:29 PM

අපි සුද්දවන්තයන්ගේ කණ්ඩායම කියා කියා ගන්නා හොරකමටම උපාධිත් තියෙන හොරුද?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හෙට විශේෂ ආරක්ෂාවක්
2025 අප්‍රේල් මස 30 46 0

ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.


අද සිට ජන්ද කාඩ් ළගම තැපැල් කාර්යාලයෙන්
2025 අප්‍රේල් මස 30 43 0

තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය


තැනින් තැනට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 30 48 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මහජන සෞඛ්‍ය පරීක්ෂඛ අල්ලස් දැලේ
2025 අප්‍රේල් මස 30 593 0

රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස


ක්ලෝරින් කාන්දු වී පස්සර රෝහල වැසෙයි
2025 අප්‍රේල් මස 30 395 0

පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ


හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති
2025 අප්‍රේල් මස 30 2022 0

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 153 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 39 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1074 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site