ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි තිරුමාලා කඳුවැටියේ වෙන්කතේෂ්වර (තිරුපති) දෙවොලේ දෙදින වන්දනා සංචාරයක් සඳහා පැමිණ ඇතැයි ඉන්දියාවේ පළවන ‘ද හින්දු‘ පුවත්පත වාර්තා කළේය.
අන්ද්‍රා ප්‍රදේශයේ තිරුමාලා හි සප්ත ගිරි කඳු අතර පිහිටි තිරුපති කෝවිල ලොව බෙහෙවින් පරසිදු හින්දු ආගමික ස්ථානයකි. දිනකට 50,000 සිට 1,00000 දක්වා වන්දනාකරුවෝ එහි එති. වෙන්කතේෂ්වර දෙවියන් සඳහා කැපවුණු ආගමික සිද්ධස්ථානයක් ලෙස මෙය හැඳින්වේ. වෙන්කතේෂ්වර යනු විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස හින්දුහු සලකති.
මුහුදු මට්ටමින් අඩි 3700ක් පමණ ඉහළින් එය පිහිටා තිබේ.
ජනාධිපතිවරයාගේ සංචාරය නිසා තිරුමාලා දෙවොල පිහිටි චිට්ටූර් දිස්ත්‍රික්කයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවනු ලැබ තිබේ. ආන්ද්‍ර ප්‍රදේශ් හා තමිල්නාඩු ප්‍රාන්ත අතර දේශසීමා මාර්ග වල මුරපොළවල්හි ආරක්ෂාව තර කර ඇත.
විශ්ණු දෙවියන් වෙනුවෙන් කැපවුණු වයිශ්නාවා ශාස්ත්‍රධරයෝ පිරිසක් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට, ඔහුගේ බිරිඳ ජයන්ති පුෂ්පකුමාරි සිරිසේනට, පුතා දහම් සිරිසේනට හා අනෙකුත් පවුලේ සාමාජිකයින්ට තිරුපති කෝවිලේ රංගනායකුල මණ්ඩලයේදී වේදාර්ශිවාද පැවැත්වූහ.
තිරුපති කෝවිල් බලධරයෝ ආසිරි ගැන්වූ ලඩ්ඩු ජනපතිට පිරිනැමූහ.
ජනපති ඇතුළු පිරිස කෝවිලේ ශුද්ධවු මණ්ඩපයේ මිනිත්තු පහළොවක් පමණ ගතකළහ.කෝවිල් බලධරයෝ එහිදී ජනපති සේද සළුවකින් සැරසූහ.
කෝවිල් සභාපති ක්‍රිෂ්ණමූර්ති, විධායක නිලධාරී ආචාර්ය සම්බාසිව රාවෝ, වන සම්පත් ඇමැති බෝපාල ක්‍රිෂ්ණන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස පිළිගත්හ.
ක්‍රිෂ්ණා තානායමේ රාත්‍රිය ගතකළ ජනපති ඇතුළු පිරිස පසුදා පොලිස් ආරක්ෂාව මැද බැංගලෝරය බලා ගියහ. ජනපති මෙම කෝවිලේ සුප්රබාත සේවා පූජාවට සහභාගී වූ දෙවැනි අවස්ථාව මෙය බව හින්දු පුවත්පත කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරුපති දෙවියන්ගේ පිහිට ලැබ ලංකාවට එන්න (නි)
තිලක් ඩුබායි, ඔයා ආණ්ඩුවේ රෙදි අපුල්ලන එකට නොමිලේම ටිකට් ගන්න පුළුවන් වෙයි. උත්සාහ කරලා බලන්න (නි)
ලොකුවට කිව්වා නේද සාස්තර කේන්දර මෝඩ විශ්වාස බව? රූපවාහිනියේ ඒ වගේ වැඩසටහනකුත් නැවැත්තුවා දිනපු ගමන්. ඉතින් මේ ගමන එතකොට?
එට්කාත් එක්ක තව ගොඩක් දේවල් අපේ ලංකාවට ලැබෙයි කියලා හිතනවා. (නි)
ඔබතුමාට සුබ ගමන්! (නි)
අපේ රටේ සමහර අය කොච්චර බණ ඇහුවත් බුදු හිමියන් ගැන අචල ශ්‍රද්ධාවක් ඇති බවක් නම් පෙනෙන්න නැහැ (නි)
රටේ මහජන මුදලින් ගමන් යනවා. මහින්දට මොනවද කිව්වේ? අඩුගානේ රටට මොනවද කරලා තියෙන්නේ? (නි)
මම සුපිරිසිඳු බොදු බැතියෙක් නිසා , බුදුන් විසින් මිත්‍යා මත ලෙස දෙසු ඔය දේව ඇදහිලි ලොක්කට ඕන උනත් මට නම් \'\' අදාලම නෑ \".(රේ)
අපේ හිටපු ජනපති තුමත් තිරුපති ගිහින් ඇවිත් ඡන්දයක් තිබ්බ. එතුමාටත් තිරුපති දෙවියන් හොඳට සැලකුවනේ. (රේ)
තිරුපති දෙවියන් වන්දනා කිරීමට රාජ්‍ය නායකයින් යන බව අපට නිතර අසන්න ලැබෙනවානේ (නි)
දෙවිඳුනි, ඔබ වහන්සේගේ පිහිටින් අපේ රටට හොඳක්ම වේවා! (නි)
ඒක ඉතින් එතුමාගේ කැමැත්තනේ (නි)
ලංකාවේ බොහෝ දෙනෙක් දකුණු ඉන්දියාවට විරුද්ධ වුණත් එම අයගේ දෙවියන්ට පුද පූජා කරන්න නම් කැමතියි. (නි)
කල්කටාවේ මිනිසුන් මොනතරම් දුක්විඳිනවාද? බුදුදහමට නිගාදෙන්න එපා. යන්න බරණැසට, ඉසිපතනයටත් (නි)
අපේ රටේ ජනපතිවරුන්ගෙන් හා අගමැතිවරුන්ගෙන් දේව විශ්වාස වල ඇලී ගැලී නොසිටියේ ජේ.ආර්. සහ විජේතුංග ජනපතිවරුන් පමණක් විය හැකිය. (නි)
අපල හදාගන්නේ තමන්මයි. කර්මය කියන්නේ ක්‍රියාවට. (නි)
තිරුපති ගිහිනුත් පරාදවුණ අය ඉන්න බවත් මතක තියාගන්න. වෙන්න යන දේ තිරුපති නොව ශක්‍රයා හමුවට ගියත් වළක්වන්න බැහැ (නි)
අපේ රටට "විමුක්තිය" ලැබෙන්නේ කවදාද? (නි)
සිල්වි,වැරදි දේ වැරදියි කියන්න මට කොන්දක් තිබෙනවා. (නි)
කාලෙකින් මේ පැත්තට අාවේ.... දෙයියෝ සාක්කි! කෝ මේකේ අරක්ගත් යහපාලන නඩය? (නි)
අනේ මන්දා! බුදුදහම මිස වෙනත් සරණක් නැතිබව නොතේරෙන්නේද? බලය තිබෙනකොට සමහරුන්ට මොළය නැහැ. මොළය තිබෙනකොට බලය නැහැ (නි)
ටිරෝන් ඔබ හරි. (හේ)
දැන් මේ හැමොගෙන් අහලද දේවාල වලට යන්න ඕනෑ. මෙච්චර රටේ සල්ලි හොරකන් කරද්දී, සල්ලාල වැඩ කරද්දී මේවා විවේචනය කරන කට්ටිය කොහෙද හිටියේ ? (ම)
මට නම් පෙනෙන්නේ බහුතරය මහින්ද භීතිකාවෙන් ඉන්නවා කියලයි. මාතර රැස්වීමේදීත් ඒක පැහැදිලිව පෙනුනා. ඇයි මෙච්චර බලයට කෑදර? වැඩ කරන්න බැරිනම් රට විනාශ නොකර ඉන්න. ටීවී බලන මිනිසුන්ගේ ලේ පුච්චන්න එපා. (නි)
වැරදුනු කාටත් සිහිවෙයි දෙවියන් කියන්නේ නිකන්ද? (නි)
දැන් වෙන කරන්න දෙයක් නැහැ .දේව පිහිටවත් ලබාගන්න ,කොහොම වුනත් ඔයාට අන්තිමට පිහිට වන්නේ ඇමරිකන් දෙවියාය .එයාට පුද පඬුරු වශයෙන් ලංකාවේ උ/නැ දෙන්න සිදුවේවි (බ)
ගෙදර යන්න ඉන්න අය අන්තිමට යන්නේ තිරුපති කියලයි මටනම් හිතෙන්නේ. (බ)
අපේ එකම අරමුණ රටට විමුක්තිය ඇති කර දීමයි .(බ)
කලින් මහින්ද යනකොට කොපමණ දේවල් කිව්වද?
සැබෑ බෞද්දයා කෝවිල් යන්නේ නැත රටේ රජ හින්දු බක්තිකයෙකි අහෝ බෞද්ද ජනතාව (රේ)
අපේ ජනාධිපති තුමා දැන් ඉන්නෙම තිරුපති කෝවිලේ දොර ළගනේ. දෙවියන්ට වැදලම අළුත් බොරු ටික කියන්න පටන්ගමු. මේ පාරවත් අතේ පත්තුවෙන්න එපා කියල. (රේ)
ඔබතුමා තිරුපති ගිහින් ඇවිල්ල ඊට පස්සේ ගෙදර යන්න පව් නොදී\(රේ)
ඉස්සර වෙලා ෆයිල් කතා. දැන් තිරුපති. නිතියේ ආධිපත්‍ය වැඩිවුන එක ඇරෙන්න යහපාලනයෙන් වෙන කිසිම දෙයක් වෙන්නේ නැද්ද?\(රේ)
මහින්ද ගිය නිසා මයිත්රීටත් යන්න ඕන වෙලාද. ඔහොම ගිහින් මෙයාගෙනුත් කවුරු හරි ආප්ප කාවි.(රේ)
තිස්තුන් කෝටිය ෂුවර් නැද්ද ????(රේ)
කොහොමත් මෙයා ඉන්දියාවට කැමතිනේ...!!(රේ)
රැස්වීම් වලට සෙනග ගෙන්න ගන්න යාඥා කරන්න යන්න ඇති..දෙවියන්ටවත් කියල බලන්න එපැයි..(රේ)
දැන් මෙය දැන ගත් ගමන් අපේ ජනපතිට කට්ටිය බනින්න. ගන්නවා ඇයි ගියේ ,අපි දන්නෙත් නැහැ යනකම් නොසැහෙන්න විහිළු කතා කියයි. දුකත් හිතෙනවා ඒ කට්ටිය ගැන (රේ)
ආණ්ඩුව පරාදවීමේ ලකුණු(රේ)
මටත් මගේ භාර්යාව සහ දරුවන් සමග තිරුපති යන්න හිතුන.සියලු විය හියදම් වෙනුවෙන් අනුග්‍රහය දක්වන කෙනෙක් හොයා ගන්න තමයි බැරි වුනේ.(රේ)
ඔය දෙයියෝ මම ඇස් දෙකින්ම දැක්ක පුදුම හාස්කමක් තියෙන්නේ (රේ)
තිරුපති දෙවි පිහිටයි ................(රේ)
ඕකේ ශාඛාවක් මෙහෙ හදන්න යනවා කියලා ආරංචි උනා. එහෙම උනොත් මම පවුල පිටින්ම ගිහින් දේවාලේ නවාතැන් ගන්නවා. \'ගට්ස්\' ගන්න හොඳම තැනක්. (රේ)
කතරගම හදන එකට උවමන කරන විස්තර ගෙන්න වෙන්න ඇති යන්න ඇත්තේ, දෙවි පිහිටි (රේ)
මිත්‍යාව අවිද්‍යාව රජවෙන රජ කරවන පාලනය ඉවරයි කියලානේද කිව්වේ (රේ)
අනේ මන්දා අපේ රටේ මෑතදී බිහිවුණු සියලුම පාලකයෝ අසීමිත විදියට දේව විස්වාසයන්හි ගිලිලා ඉන්නේ.මොන පිස්සුවක්ද කියල හිතෙනවා.හැමෝම එකයි.(රේ)
සිංහල බෞද්ධ යයි කියාගන්නා බොහොමයක් දේශපාලන නායකයෝ බුද්ධාගම ගැන තඹ සතේක විශ්වාශයක් නැති අය- ඡන්ද ගන්න විතරක් නමට බෞද්ධයෝ, පක්ෂ බේදයකින් තොරව. ඉතින් ඔවුන් පාලනය කරන රටක සිංහල බෞද්ධයින්ට අසධාරනකම් මිසක් වෙන කිසිවක් නොවීමත්, ඒ ජාතිය දිනෙන් දින වලපල්ලට යාමත් අරුමයක් නම් නෙවෙයි. (රේ)
ගිය සතියේ පන්සලක පැවති ආශිර්වාද ශිෂ්‍යත්ව බෝධි පුජාව පැවැත්වුයේ පත්තිනි දේවියගේ ආරක්ෂාව ලැබෙන්නට කියලා. පැන්සලකුත් දුන්නා විභාගය ලියන්න.(රේ)
තිරුපති ගියේ දවල් තරු පේන නිසාද ?(රේ)
දෙවියන් වැඳුම් පිදුම් කරනවාට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ.දෙවියන් අපව රැක දෙන බවත් අපි විශ්වාස කරනවා.ජනපති තුමත් හිටපු එක්කෙනා වාගේම වන්දනාවේ යන්න ගියොත් අපටත් දෙවියන්ගේම පිහිට තමා !(රේ)
තිලක්-ඩුබායි ඔබේ පවුලේ විස්තර මෙතනට අදාල නැනේ...භාර්යවගේ විස්තර අදාල නැනේ...දරුවොන්ගේ විස්තර අදාල නැනේ...ඉක්මනට වෛද්‍යවරයෙක් හම්බ වෙන්න...(රේ)
අන්ධ විශ්වාසය තුන් කල් දක්නා නුවණ හා සමපාත නොවන බව පුරාණ ඍෂිවරයන්ගේ මතයයි. (රේ)
නන්දලාල් ඔයාගේ කතාව හරි නමුත් මේ ලංකාවේ ඉන්න දේශපාලකයන් ඇයි මේ තරමට හින්දු දෙවිවරුන්ට භය . බුදු දහමට කතාකරල මොනවා හරි කියල ඊළඟට දුවනවා හින්දු කෝවිල් වලට දහස් ගණන් වියදම් කරගෙන ,වඳිනවා ,පුදනවා මහජන මුදල් නාස්ති කර, කර මේ අය මොනවද ?ඉල්ලන්නේ තවත් මේ දෙවි වරුන්ගෙන් (රේ)
ජනතාව දේශපාලකයන්ට වන්දනා කරන රටක, එය නොකඩවා පවත්වා ගැනීමට දේශපාලකයන් දෙවියන් වන්දනා කිරීම සිදුවේ. දේව වන්දනාව වගේම දේශපාලන වන්දනාවද පාරම්පරිකව අපට උරුම වී ඇත.ජනතාව දේශපාලන වන්දනාවෙන් ඉවත් නොවීම පීඩිත පංතියේ තත්ත්වය තව තවත් කණගාටුදායක වීමට හේතු වී ඇත.අපේ දේශපාලකයන්ට අනුව තිරුපති කෝවිල් දෙවියාත් ඡංද ලබා දෙන යන්ත්‍රයක්ද කියා කෙනෙකුට අසන්නට පුළුවන.(රේ)
කියන්නෙම නැතිවනේ ගිහින් තියෙන්නේ. අපලයක්වත් තියනවද දන්නේ නැහැ. හිත හදාගෙන සන්සුන් උනොත් අපල දුරු වෙයි. අසත් පුරුෂයින්ගෙන් ඇත් උනොත් යහපතක් වේවි ඒ ඇත්තෝ හොදින් ඉන්න ඉඩ නොතියා ලනු දෙන නිසා පරිස්සම් වෙන්න.(රේ)
මේ බෞද්ධයෝද?(රේ)
පසුගිය කාලේ මෙවැනි ඇදහැලි වලටමේ රජය ගරහපු තරමක්? මේවට තමයි කියන්නේ "හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස්" කියලා (නි)