අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කර ඇති ප‍්‍රකාශය නිසා එම ආයතන අකර්මන්‍යතාවකට සැකයකට හා විචිකිච්ඡාවකට ලක්ව ඇති බවත්, එයින් එම ආයතනවලට ඇති වූ අයහපත් බලපෑම ඉවත්කිරීම සඳහා ජනාධිපතිවරයා වහාම තම ප‍්‍රකාශය නිවැරදි කළ යුතු බවත් පුරවැසි සංවිධාන එකමුතුවේ කැදවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය.
මෙම ප‍්‍රකාශය හේතුවෙන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද රටට බලපෑමක් එල්ල වූ බව කී රත්නප‍්‍රිය මහතා එම තත්ත්වය වෙනස් කිරීමට නම් තමන් තවමත් පෙනී සිටින්නේ ජනවාරි 8 වැනිදා තමන් බලයට ගෙන ආ දේශපාලන අභිලාශයන් ඉටුකිරීම වෙනුවෙන් බව ජනාධිපතිවරයා ඉදිරියේදී ක‍්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතු යැයි ද සදහන් කළේය.
සමන් රත්නප‍්‍රිය මහතා මේ බව පැවසුවේ මරදාන, ඞීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රටේ පවතින දේශපාලන සංහිදියාව නැතිකිරීමට උත්සාහ කරන කණ්ඩායම් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින බවද කී රත්නප‍්‍රිය මහතා ජනාධිපතිවරයා ඒ අය සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බව ද මෙහිදී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකෙ ආයේ නිවැරදි කරන්න දෙයක් නැහැ (නි)
ඔබතුමා අපිට රජෙක් කියලා අර සමහරු ඉස්සර කියපුවා නිවැරදි කළා වගේද මේකත් නිවැරදි කරන්නේ. (නි)
හොඳට නරකට දෙකට කටමය කියලා කිව්වෙ කට කහනවටද? (නි)
ජනාධිපතිතුමා කිව්වේ ඇත්ත බව දකින ඕනෑ කෙනෙකුට තේරුම්ගන්න පුළුවන්. හිටපු ආරක්ෂක ඇමතිතුමා රටට කළ සේවය කව්රුත් දන්නා දෙයක්. (නි)
වරදක් සිදුව ඇත්නම් එය නිවැරදි කළයුතුයි (නි)
සමරේ, මොකද නැත්තේ? වැරදි දෙයක් කිව්වා. මෙතන අදහස් දාන සමහර අය මොනවා කිවුවත් ප්‍රජාතන්ත්‍රවාදය වෙතට රට ගමන් කළයුතුමයි. (නි)
කියපු දෙයක් ආපහු ගන්න බැහැ (නි)
මේ කතාව නිවැරදි කරනවා කියන්නේ වැරදි කතාවක් කරන්න වෙනවා කියන එක. (නි)
කවුරුත් එකයි අප්පා. අපි තමයි මෝඩයෝ, දේශපාලනය කරන අයගේ කතා අහන (නි)
මේ ඔක්කොම වුණේ ජනාධිපතිතුමාත් පක්ෂයක් බදාගන්න ගිය නිසා. එතුමා දැන් ටික ටික අමතක කරනවා තමන් විශාල ජනමතයක නියෝජිතයෙක් කියලා. මෙතන වැරදි කිහිපයක් තියෙනවා. වැරදිකරුවන්ට එරෙහිව නිවැරදි තීන්දු ගන්න බවක් පෙනෙන්නෙ නැහැ. සමහර රාජ්‍ය නිලධාරින් කූඨයි. ආණ්ඩුවේ අැමතිවරු බඩගොස්තරවාදීයි. එ් ඔක්කොම අස්සේ ජනතාවගෙන් ප්‍රතික්ෂේපිත මිනිස්සු පාර්ලිමේන්තුවේ. (නි)
දැන් මේකද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය? (නි)
ජනහිතට තවමත් අවශ්‍ය රජවරුද? දැන්වත් ඔය වහල් මානසිකත්වයෙන් මිදෙන්න. මට හිතාගන්න බැරි ඇත්තටම මිනිසුන් මෙතරම් වහලුන් වීමට කැමති අැයි කියා (නි)
මොකක්ද වරද? ඕනෑම කෙනෙකුට වැටහෙනවා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරනවා කියලා. එහෙම නොවේ නම් කෝ ආණ්ඩුව පැත්තේ ඉන්න ලොකුම චෝදනා තිබුණු උදවිය ඔය කොමිසම් වලට යනවා පෙනෙන්න එපාද? (නි)
සුභ සහ යස.(හේ)
මෙතන ජනපති වැරදි දෙයක් කියලා නෑ ත්‍රිවිධ හමුදා නායකයා ලෙස හමුදා නායකයන් අත්අඩංගුවට ගන්න කොට එතුමා දැනුවත් නොකළ බවයි කිව්වේ එහෙම නැතිව එපා කියලා කිව්වේ නෑ අ(හේ)
යහපාලනය කියල දැන් මොනාද ලැබුනේ? තව ටිකදවසකින් කන්නත් නැතිවෙයි.(අ)
අති ගරු ජනාධිපති තුමනි : ඔබතුමා අපකිර්තිමත්විම අවුල්වීම වැරදි තෙරතුරු සපයන්නන් පිරිසකගේ සුක්ෂම වැඩපිළිවෙලක් බව දැන් රටටම පැහැදිලියි. හැකි ඉක්මනින් එය නිවැරදි කර ජනතාවගේ බලාපොරොත්තු සපත කරනු අතයි සිතමු .යහපාලනයක් අපි සිතමු . (අ)
නිවැරදි කරනවා නම් මහ බැංකු,විනිමය, එක්ටා ගිවිසුම් ගැනත් එකතු වෙන්න ඕන (අ)
ප්රකාශය නිවැරදියි, ආයතන ප්‍රති ව්‍යුහ කල යුතුයි. (ර)
ඔය කවුරු මාරු කළත් වැඩක් නැහැ ක්‍රමයම අයින් නොකර (අ)
සියලුම චූදිතයන් බෙර ගසා පාවඩ දමා උසාවියට ගෙනා විය යුතුයි (ම)
ජනාධිපතිතුමා කරන්නේ නිවැරදි දේ... (නි)
ජනපති උපදේශක කෙනෙක්ද (අ)
ඔය එක එකාට ඕන විදිහට රජ කම් කරන්න ගියොත් රජාට රජකම් කරන්න බැරි වේවි. (අ)
නිවැරදි කරන්න මෙතන වැරදි දෙයක් කියල නෑ. රත්නප්‍රිය මහත්තය මෙතෙක් කල් කියපු දේවල් නිවැරදි කරන්න ගියොත් දිගටම අවුරුදු දෙකක් තුනක් කතාකරන්න වෙනවා.(අ)
ජනාධිපතිතුමා දැන් තමන් කියන දේවලුත් කියන්න ඕනෑ මෙයාලගෙන් අහලද? (නි)
කී කතාව ඇත්තනේ. නිවැරදි කරන්න දෙයක් නැහැ අපිට නම් (නි)
උපදෙස් දෙන්න මේ සමන් කියන්නේ කවුද? එන්න එපා උපදෙස් දෙන්න. උපදෙස් දෙන්න තිබුනේ අරගොල්ලන්ටනේ තනියම තරඟ කරලා දිනවා ගන්න ඒ වෙලාවේ. දැන් ඒ වෙලාව අවසන් වෙලා. දැන් ජනාධිපතිට ඕනෑ දේ කරන්න දීලා පැත්තකට වෙන්න (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
අනේ අපේ ජනාධිපතිතුමා! මට නම් දැන් යහපාලනය ගැන කතා කරන්නත් ලැජ්ජාවේ බැහැ (නි)
කව්ද මේ සමන් රත්නප්‍රිය? මොනවද අපි වෙනුවෙන් අපේ රටට කරලා තියෙන්නේ? (නි)
අනේ මන්දා. අපි දන්නෙ නැහැ ඕවා (නි)
කටින් වචනයක් පිට වුණාම එක ආපහු ගන්න බෑ, හරියට තුවක්කු කටෙන් උණ්ඩයක් පිට වුණා වගේ. (අ)
ලෙඩුන්ව ප්‍රාණ ඇපයට තබා ඉල්ලීම් ගන්න අය මෙවර මොනවා කරන්න හදනවද? කිව්වේ ඇත්ත. (නි)
සමරේ, රටක නායකයෙක් කරන කතාවක් නෙමෙයි නේද සිරිසේන ජනාධිපතිතුමා කළේ. නායකයෝ මේ වගේ වගකීමකින් තොර කතා කියන්නේ නැහැ. ඒ කතාව නිවැරදි කළොත් වෙච්ච් හානිය කෙසේවෙතත් වෙන්න තියෙන හානිය අවම කරගන්න පුළුවන් වෙයි (නි)
දැන් මෙයාලගේ උපදෙස් වලටද වලටද රටේ නායකයන්ට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඔබතුමාලා මේ රජය පත්කරන්න යම් දෙයක් කළා කියලා නායකයන්ට ඔයාලගේ වහල්ලු වෙන්න බැහැ. ඔබතුමාලා සුව සේවකයෝ හැටියට රෝහල්වල තමන්ගේ රාජකාරිය පළමුව කරන්න. රටේ නායකයෝ රට පාලනය කරයි. එයාලට උපදෙස් ඕනෑ නම් ඒවාට උපදේශකයෝ පත්කර ගනී (නි)
මම නම් කියන්නේ දැන් ප්‍රමාද වැඩියි (නි)
තෝරු මෝරු අල්ලන එක අමාරු වැඩක් බව මේ කතාවෙන් පෙනෙනවා (නි)
ස්වාධීන කොමිසමට කාගේවත් බලපෑම් නැතුව වැඩ කරගෙන යන්න ඉඩදෙන්න ඕනෑ (නි)
දුරදිග නොබලා කියන දේවල් නිසා ප්‍රශ්න ඇතිවෙනවා (නි)
මම නම් කියන්නේ එතුමා කියපු දේ හරි (නි)
රටේ පවතින දේශපාලන සංහිඳියාව නැතිකිරීමට උත්සාහ කරන කණ්ඩායම් අප අතරම සිටිම බොහොම භයානක දෙයක් (නි)