ජනාධිපති ලේකම් කාර්යාලයයේ විශේෂ විමර්ශන ඒකකය ගිය අඟහරුවාදා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරීක්ෂණයකට ගිය බව නිවාස අධිකාරියේ ආරංචි කියයි.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති තිලක් ඉද්දමල්ගොඩ මහතා ගේ නායකත්වයෙන් පවත්නා ඒකකය එහි ගියේ ජනාධිපතිවරයාට ලැබී ඇති පැමිණිල්ලක් ගැන සොයා බැලීම සඳහාය.
රජයේ ආයතනවල සිදු වන එවැනි දේ ගැන සොයා බැලීම සඳහා වන බලතල ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනපතිට පැවරී ඇත.
එම කණ්ඩායම එහි ගියේ කුමක් සඳහා දැයි පැහැදිළි නැතැත් ඉහළින් ආ නියෝගයක් අනුව එසේ කරන්නට ඇතැයි දැනගන්නට ඇත.
මේ පරීක්ෂණය සඳහා ගිය පිරිස පසුව අපසු පැමිණි බවද දැනගන්නට ඇත.
(සන්ඩේ ටයිම්ස් )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත වශයෙන්ම වරදක් වී ඇති බවට පැමිණිලි ලැබී තිබේ නම් එය අනිවාර්යයෙන්ම සෙවිය යුතුයි. නමුත් නොයෙකුත් වැරදි ඇහැට පෙනී පෙනී සිදුවෙද්දී ඒවා ගැන නොතකමින්, සුළුවෙන් හෝ විවේචනය කළ පමණින් විමර්ශන කණ්ඩායම් යවනවා නම් ,එහි එකම තේරුම කුමක්දැයි වැටහෙනවා නේද? (නි)
මට නම් මේක පෙනෙන්නේ වෙන විදියකට (නි)
විමල් සහෝදරයාටත් ලෝක සත්‍යයට මුහුණ දෙන්න වෙලා වගේ නේද? (නි)
ඒ ගමන තවත් අලුත් දෙයක් වෙයි වගෙයි නේද? (නි)
බලමු මොකක්ද දැන් වෙන්නේ කියලා (නි)
මම නම් හිතුවේ පසුව යමක් දැනගන්න ලැබෙයි කියලා. දැන් බලනකොට සියල්ල දැන්මම පටන් අරගෙනත් ඉවරයිනේ. අපි ඔය පැත්ත බලාගෙනමයි ඉන්නේ (නි)
ඇත්ත කතාකරනකොට සමහරුන්ට රිදෙනවා (නි)
මොනවා වුණත් ඔය පරීක්ෂණ කරන්න යන මහත්තුරු පරිස්සමින්. (නි)
කොන්දක් ඇති ඇමතිවරයෙක්. (නි)
දැන් බොහෝ දෙනෙකුට වෙලා තියෙන්නෙ "මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්. ඉන්නත් බැහැ, ලැජ්ජාවක් නැතුව මේ වෙන වැඩ වලට, දමා යන්නත් බැහැ. (නි)
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්..... (නි)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (නි)
කලබල වෙන්න දෙයක් නැහැ. තවත් අන්තර් ජාතික කුමන්ත්‍රණයක් පමණයි. (ස)
කඩේ යන එක නවත්වනවා කිව්වනේ ඒකයි ඔය. (ස)
18 වන සංශෝධනයට අත ඉස්සුවේ කොහොමද කියන එක තමයි මටත් තියෙන ප්‍රශ්නය. (ස)
අබේ, ඔයා හොඳ සිහියෙන්ද කතා කරන්නේ? (ස)
අමාත්‍යංශවල වල වැඩ හොයල බලන්නම වෙනවා ගොඩක් තැන්වල කරන්නේ ඇන්දවිල්ල විතරයි (අ)
අර විල්පත්තුව අභය භුමිය සම්බන්ධ ප්‍රශ්න ඇති අයගේ කාර්යාල පරික්ෂා කරන්නේ නැද්ද ? (නි)
සතුටින් ගතකළ කාලය අවසානද? (නි)
ප්‍රදීප් ,ගියොත් ඉවරයි.කැමතිනම් යන විට, තොණ්ඩුවකුත්, තමන්ම අරගෙන ගියා නම් හොදයි. (ස)
ඇයි මේකට මෙච්චර ප්‍රමාද උනේ? ආණ්ඩුව විවෙචනය කරපු නිසාද? හරි නම් හැම අමාත්‍යංශයක්ම පරීක්ෂා කල යුතුයි. හැබැයි දැන් නම් මිනිස්සු අන්දන්න ටිකක් අමාරුයි. (ස)
අර කුඩු කන්ටේනර් එක ගැනත් හොයන්නකෝ ?(ස)
අපට වැඩක් නෑ කුමට ගියාද කියා (ස)
වරකා ගහටත් හෙණ ගහයිද??? (ස)
ආණ්ඩුව බය කරන්න ගියොත් වෙන්නේ ඕක තමයි. ඔය පොඩ්ඩයි. (ස)
අර අතේ තියෙන මොබයිල් ගැන පරීක්ෂණයක් කරාවිද දන්නේ නැහැ. (ස)
ජනාධිපතිතුමනි ඔය ලංවෙලා ඉන්න කට්ටිය ගැන හොඳ සෙල්ලම් අපි දන්නවා. (ස)
නැව ගිලෙන්න යනවද? එතකොටනම් මීයෝ පනිනවා! (ස)
සියල්ල රඟපෑම්. (ස)
තෝර මාළු කෑවානම් විඳවාපන් බලලෝ කියා කියමනක් තියෙනවා නේද ?... (ස)
අර ආණ්ඩුවෙන් වෙන් වෙනවා කියපු ප්‍රකාශය සමහරවිට ත්‍රස්තවාදී ප්‍රකාශයක් වෙන්න ඇති. (ස)
අයියා මල්ලී වාගේ කිවුවා නේද ? (ස)
හොඳයි වැඩේ. (ස)
අනේ දෙවියනේ !!! පංචායුධය කෝ. (ස)
ලංවෙලා ඉන්න අය ගැන විතරක් නොවෙයි වටේ ඉන්න ගෝල බාලයෝ ගැනත් ජනතාව දන්නවා. (ස)
තව මැති අැමතිලා ගැන හොයා බලන්න වෙනවා. (ස)
ඕකටත් මාරාන්තික උපවාසයක් කරනවා සිකුරුයි. (ස)
අනේ ඉතින් කඩේ යන්නේ කව්ද? (ස)
ආණ්ඩුවේ ඇතුලේ ඉද්දි, ආණ්ඩුවට කඩේ යද්දී ඕනෑම කෙනෙක් ඕනෑම වැරද්දක් කලොත් ඒ වැරැද්ද වහලා එයාලව බේරාගන්නවා වගේම තමා ආණ්ඩුවට විරුද්ද උනොත් නැති වැරදි පටෝලා නැති නීති හදල හරි හිර කරලා දානවා. මේක තමා මෙතෙක් කාලයක් කඩේ ගිය ගොඩක් අයට සිද්ද උනේ. (ස)
අලුත් කතාවක්ද දන්නෙ නැහැ (නි)