ජනාධිපති අනුමැතියෙන් පත් කෙරෙන නව නිලධාරී මඩුල්ලක් යටතේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සක්‍රීය කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ මාධ්‍ය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ යළි පණ ගැන්වීමක් බව ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එහිදී මාධ්‍යවේදී සිසිර සී.විතානගේ මහතා පැවසුවේ යහපාලන ආණ්ඩුවක් යටතේ අවසන් වෙතැයි සිතූ ජනතා පීඩාකාරී පාලන ක්‍රමය යළි හිස ඔසවමින් සිටින බවයි. එම අවස්ථාවට මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය නිදහස ඇති කරන්නට කැපවෙමු! (නි)
පවතින රාමුව තුළ බොහෝදෙනා උත්සාහ කරන්නේ තමන්ගේ තැන රැකගන්නයි. ඒ වෙනුවෙන් ඔවුහු ඕනෑම දෙයක් ඕනෑම පාර්ශවයක් වෙනුවෙන් කරන්නට පසුබට නොවෙති (නි)
වයින් පරණ වෙන්න වෙන්න තමයි එකේ වටිනාකම වැඩි වෙන්නේ (ස)
පුවත්පත් පාලනය නොකර බැහැ. මොකද ඒවාට සල්ල්ලි දාපු එයට ඕන දේවල්නේ කරන්නේ.කොහොමත් මෛත්‍රීපාල සිරිසේන ජනාදිපති පිටුපස ඉන්න unp එක මාධ්‍යවේදීන්ට සලකපු හැටි මටක නැද්ද (ස)
වයින් පරණ වෙන තරමටම තමයි වටිනාකමෙන් වැඩි බව මේ මහතා දන්නේ නැති තරම්.(හේ)
මාධ්‍යවේදීන් සැබෑ ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටිනතාක් ඔවුන් ආරක්ෂිතයි. (නි)
පරණ වයින් වලට ලොකු ඉල්ලුමක්, ඒ වගේම වැඩි රසක් සහ වැඩි වටිනාකමක් තිබෙනවා. නමුත් සමහරු නම් දැම්මේ "අලුත් දේවල්" පරණ වීදුරුවල නිසා ඒවායින් අපිට කිසිම සෙතක් ලැබුනේ නැහැ (නි)
ආණ්ඩුවට වේවා පුද්ගලයන් වෙනුවෙන් හෝ වේවා කඩේ යනවා නම් සමබර වාර්තා ඉදිරිපත් කරන්න බැහැ. වරදාන වලට යටවුණු පසුගිය කාලයේ සමහරු සැබෑ ජනතා අපේක්ෂාවන් ඉටුකළේ නැති බවයි මට නම් හිතෙන්නේ (නි)