(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ ඔරුවේ මොන පැත්ත පෙරලුනත් ඒකෙන් ගොඩ යන්නට බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරණය පවත්වනවාද?නැද්ද? කියා ලොකු කසුකුසුවක් පසුගිය දිනවල තිබු බව කී රහුමාන් මහතා ජනපතිගේ සහ වටේ ඉන්න ගෝලබාලයන්ගේ හැසිරීම නිසා ඒ සැකය ඇතිවූ බව රහුමාන් මහතා කීය.
"ජනපති කාල සීමාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. මැතිවරණය කල් දාන්න ඕන කියා විවාදයක් ඇතිකොට එහි දිගුවක් ලෙස මේ පෙත්සම අධිකරණයට ආවා. සංවිධානාත්මක අපරාධ කියන්නේ මේවට තමයි.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පෙත්සම ප්‍රතික්ෂේප කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනපති කාල සීමාව පැහැදිලිව කියා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙනවා.
ඡන්දය නොතබන බවට ජනතාවට ඒත්තු ගන්වන්න විශාල මෙහෙයුමක් යනවා.ජනාධිපතිතුමා බැලුවේ ඔරුව මොන අතට පෙරලුණත් ඒකෙන් ගොඩ යන්න"යැයි මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ජනපති බලන්නේ ඔරුවෙ මොන පැත්ත පෙලුනත් ගොඩ යන්න‘
kotiya Tuesday, 09 July 2024 10:51 PM
පහුගිය අවුරුදු ගානක් තිස්සේ ඒතුමා වැඩිපුරම ආශ්‍රය කලේ මුස්ලිම් අයනේ. සමහරවිට ඒක නිසා වෙන්න ඇති.