කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ ඇති කළ මැකෝ ගිරවුන් හතර දෙනකු අද කූඩුවෙන් ඉගිල ගොස් ඇතැයි එහි ප්‍රකාශකයෙක් කියයි.
මේ ගිරවුන් හැන තොරතුරක් ඇතොත් 0777535377 අංකයෙන් මයුර පෙරේරාට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරෙයි.
ඉගිල ගිය ගරවුන් තිදෙනකුගේ ඡායාරූප මෙහි දැක්වෙන අතර එක් ගිරවකුගේ ඡායාරූපයක් නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්ටත් ගෙදර එපා වෙන්න ඇති.(නදී)
අනාගත පෙරනිමිත්තක්ද මේ? වහාම රාජකීය දෛවඥයින්ගෙන් උපදෙස් ගත්තොත් නේද හොඳ? (නි)
මොන දේකට ජනාධිපති මන්දිරයේ පාට ගිරවු ඇති කරනවද? (නි)
මේ වග අපේ අහවලා දන්නවා නම් එතුමා මෙසේ කියාවි. "ඒ සත්තුන්ටත් නිදහසේ ඉන්න දෙන්න" (නි)
අනේ මම කැමතියි ගිරා කුඩුවක ඉන්න. රස ආහාර කන්න. මැකෝ දන්නේ නැහැනේ උන් හිටියේ රජගෙදර, රජ සැපට කියලා. පවට පින දෙන්න බැහැ. (නි)
කොහොමද ඉතින් අනිත් මැකෝ ගිරවුන්ගේ සහ මේ ගිරවුන්ගේ වෙනසක් සොයා ගන්නේ? කොහේ හිටියත් ගිරවා ගිරවාමයිනේ. (නි)
මොනවා වුණත් ලස්සන ගිරවු නේද? (නි)
පාරවල් හදලා උද්‍යාන දැම්මයි කියලා කූඩුවල ඉන්න සතුන්ට සංවර්ධනයෙන් ප්‍රයෝජනයක් නැහැ. මේ කුරුල්ලෝ පැනලා ගියා කියන්නේ ඉදිරි කාලය එතරම් සුභ නැති බවයි මට හිතෙන්නේ (නි)
ඇති කෙරුවත් රන් කුඩුවේ දමලා... ගිරවත් යනවලු ලැබුනොත් පැනලා... (නි)
හරි, හරි අපි ෆොටෝ දැක්කනේ. ගිරව් දැක්කොත් කියන්නම්.(නදී)
රජ මැදුරක ඉපදෙන්න පින නැතිවට ,රජ මැදුරක උනත් කූඩුවක ඉන්න පුලුවන්ද කියල හිතිලා යන්න ඇති.(නදී)
නරකද සොයා දෙන කෙනාට වටිනා තෑග්ගක් දෙනවා කිවුවොත්? මුළු රටේම මිනිස්සු වැඩ පැත්තකට දාලා ගිරවු සොයාවි. (නි)
මට හම්බ උනෝ .(නදී)
මීට කලිනුත් නැති උනා නේද , (අ)
මෙය ඉගිල යාමක්ද ? පැහැරගෙන යාමක්ද ? ඕනෑකමින් ඉගිල යැවීමක්ද ?....... ඇත්ත කුමක්ද?.(අ)
මේ සත්තු දැන් නිදහසේ ඉදිවී. (දී)
ෆොටෝ බලලා කොහොමද ගිරවු හඳුනා ගන්නේ? අනිත් එකා පැනල ගිහින්ද? (නි)
ඇයි මේ තවත් ගිරවු? හැමදාම වටේ ඉඳගෙන කියවන ගිරවු මදිද? (නි)
හැමදාම දකින එකම මුහුණු ටික එපා වෙලා කට්ටියම කතා වෙලා පැනලා යන්න ඇති (නි)
උන්ව හොඳින් ආරක්ෂා කරගන්න දැනගන්න එපැයි (නි)
වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා! (නි)
ඒකාකාරී ජීවිතය වගේම සැපත් එපා වෙන්න ඇති (නි)
අනේ ගරු ජනදිපතිතුමනි මේ සත්තු නිදහස් කරන්න . හදනවට වැඩ පිනක් එක (අ)
මටත් හිතෙනවා අසුබ බවක් (ත)
අසුබ ලකුණක පෙර නිමිත්තක්. ඊළඟ ජනාධිපතිවරණය ගැන ඉගියක්. (මුදී)
රාජ ගිරෞ
දෙමල ඩයස්පෝරාවේ සහ ජාතියන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් වෙන්න බැරිද ?
ආතතිය හැදිලද ?(මුදී)
අර පළමු වන පින්තුරේ ඉන්න දෙන්නා නිවුන්නුද? (මුදී)
ආදරය සොයා යන්න ඇති. (මුදී)
දැන් එතකොට අරලිය ගහ මන්දිරෙයි ජනාදිපති මන්දිරෙයි 2 ම ඉන්නේ ජනාදිපති තුමාද? (අ)
විපක්ෂ නායකතුමා සමග පිටරට ගියා ද දන්නේ නැහැ ආණ්ඩු පෙරලන්න ඉගෙනගෙන එන්න. (අ)
මේ කට්ටිය ජිනීවා ගියාවත් ද දන්නේ නැහැ. (අ)
තෙල් ගාන්න පන්සලකටත් ගියාද, නැත්නම් යාපනයටවත් ගියාද, මානව හිමිකම් ගැන කතාකරන්න? (නි)
ලොකු දෙයක්, නැත්නම් මුන්ට කන්න දෙන්න වෙන්නෙත් අපේ බදු සල්ලි වලින්. (අ)
මට හිතෙන්න පැරැනි යාළුවා හම්බවෙන්න සතුවත්ටට යන්න ඇති (අ)
අශුභ ලකුණක් ! (මුදී)
සත්තුන්ට වුණත් මොලේ තියෙනවානේ. එපාවෙලා යන්න ඇති. (මුදී)
එකත් එකටම මැකෝ ගිරවුන් ගිරවියන් සොයා ගිහින් තමා. පසුගිය කාලයේ ඉවක් බවක් නැතිව කටට ආපු දේවල් කියපු ගිරවියන් රෑනක් හිටියා නේද ? (නදී)
සාමාන්‍යයෙන් කරදරයක් එනකොට මුලින්ම සතුන්ට ඒක දැනෙනවා. මේකත් එහෙම දෙයක්වද්ද? (නි)
මේක හොඳ නිමිත්තක් නම් නොවෙයි. (නි)
සිරිකොත පැත්තටවත් ගියාද? (නි)
කොළ පාට, රතු පාට සත්තු ඔය පැත්තේ කැරකුනාවද්ද? අනුමානයක් නැහැ, ඕක කුමන්ත්‍රණයක් (නි)
අපේ නායකතුමා නම් මේ දවස් වල පිටරට ගිහින් නිසා , එතුමාගේ බංගලාවටවත් ගියාද දන්නේ නැහැ. එහෙමත් නැත්නම් ගිරවුන් සේ පසුගිය මැතිවරණ සමයේ රස කතා කියවපු මන්ත්‍රී කෙනෙක්ගේ වාසභවනට සැපත් වෙන්න ඇති. (නි)
හතර දෙනාම එක පාර අතුරුදහන් උනේ කොහොමද?(දී)
විමුක්තිය සොයා ගිය ගමනක්.... (නි)
සතුන් කුඩු කර හැදීම නීතියෙන් තහනම් කල යුතුයි (දී)
පැන්නාද? පැන්නුවාද? (දී)
මෙච්චර ආරක්ෂාව තිබිලත් කොහොමද පැනලා ගියේ?(දී)
මේ සත්තුන්ව දැක්ක කෙනෙක් ඉන්නවා නම් වහාම දැනුම් දෙන්න (දී)
රජ සැප වින්දත් කුඩුවේ මොන පලක්ද කියා ඉගිලිලා යන්න ඇති. (දී)
ඇමති තුමන්ලාගෙන් වැරදි ආදර්ශ අරගෙන ද මේ අය ගියේ? (දී)
හතර දෙනාම සුරයෝ (දී)
මේ වගේ කුඩුවල වෙසෙන සතුන්ට බාහිර ලෝකටය හුරු පුරුදු නැති එක තමයි ප්‍රශ්නේ?(දී)
මේ අහිංසක සත්තුන්ට කරදරයක් හිරිහැරයක් නොවේවා (දී)
අපොයි! විපක්ෂයටවත් ගියාවද්ද ඉගිල්ලිලා? (නි)
සැප ගන්න පින නැතිව ඇති (දී)
මොනවා උනත් හොයලා බලන්න වටිනා දෙයක් (දී)
අහිංසක සත්තු කොහේ ගියාද දන්නේ නැහැ (දී)
ආරක්ෂාව සහිතව හදන සතුන් මෙලෙස පැන යාම ප්‍රශ්නයක්? (දී)
අහිංසක සත්තු ..........(දී)
රස ආහර කවලා රන් කුඩුවේ දමලා, හිතුවද මුන් දාලා යැයි කියලා(දී)
මම දැක්කොත් අනිවාර්යෙන්ම කෝල් එකක් දෙන්නම් (දී)
සුදු වැන් එකකක ගියාද දන්නේ නැහැ. (දී)
ගිරව් නිදහස හොයා ගෙන යන්න ඇති (දී)
කැලේ ඉන්න ඕනේ සත්තු රත්තරන් කුදුවකට දැම්මත් මොකටද? (දී)
කවුරුහරි හොරෙන්වත් ගත්තද? (නි)
ගිරවු හිතන්න ඇති එයාලගේ රාජකාරිය දැන් ඉන්න සමහර ඇමතිවරු කරන නිසා මෙතන ඉන්න එක පලක් නැහැ කියලා. (නි)
මේකට හේතුව දන්නේ ගිරව්ම තමා, ටයි මහත්තයාගේ දොස්තර හොඳ හිත මතක්වෙන්නේ මේ වෙලාවට. (අ)
සත්තුන්ට ඕනි තැනක යන්න පුලුවෙන්නේ (අ)
මැකෝ ගිරව් විතරක් නොවේ ගොන්නු මුවන් වුනත් කුඩුවල දමා ඇතිකිරීම ඔවුන්ට හිංසාවක් ,එහෙම කිරීම හරියට වරදකට හිරගෙදර දමනවා වගෙයි. සතුන්ට නිදහසේ ඉන්න දෙන්න . (අ)
උන්ට පැනලා යන්න හිතෙන්න ඇති (නි)
පින්තූරේ නැති ගිරවා නම් කපටියෙක් වෙන්න ඕනෑ. මොකද ෆොටෝ එකකටවත් මුහුණ පෙන්නලා නැති නිසා (නි)
සතුන් හිර කරගෙන තබා ගැනීම හොඳ නැහැ නේද? (නි)
හොයල දුන්නොත් කියක් දෙනවද (අ)
නැවත හමුවුණොත් හොඳයි (නි)
පින්තුරේ නැති ගිරවා නම් ගිහින් තියෙන්නේ මැතිවරණ කාර්යාලයටද දන්නෙ නැහැ නේද? (නි)
මැ කෝ ?..මැතිවරණ කොමසාරිස්? (දී)
අවුරුදු කාලේ නිසා නෑගම් යන්න ඇති රංචුවම (නි)
සත්ත්ව හිංසා යටතේ මෙතනට ඒක ප්‍රශ්නයක් නෙමෙයිද? (නි)
නැවත හොයා ගන්න බැරි වුණොත්? (නි)
කවුරුහරි දොර අරින්න ඇති මගේ හිතේ. (නි)
නිල කොළ රතු තුනම තියෙන හින්දා ඕනෑ අතකට යන්න පුළුවන්නේ. තව ටික දවසකින් අපහු එයි. දේශපාලනයේ හැටි ඔහොම තමයි. (නි)
ඇති කෙරුවත් රන් කුඩුවේ දමලා - උන් යනවලු තටු ආවම පැනලා... (නි)
තව පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
සත්ව හිංසාව මම නම් අනුමත කරන්නෙ නැහැ (නි)
අනෙක් පැත්තට පැන්නද දන්නේ නැහැ? (නි)
මැකෝ කොහෙද බොලේ ඇත්තටම පැන්නේ? (නි)