IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජනපති මන්දිරයේ භාණ්ඩ ලැයිස්තුව ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ)

ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් විනාශ කරන ලද සහ  සොරකම් කරගෙන යන ලද  ජනාධිපති මන්දිරයේ  දේපළ  මොනවා දැයි ස්ථිර වශයෙන්  සහ  නිවැරදිව තහවුරු කරගැනීම සඳහා එහි භාණ්ඩ ලැයිස්තුව (ඉන්වෙන්ට්‍රි) ලබා දෙන්නැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් අද (11) දැනුම් දුන්නේය.

ප්‍රචණ්ඩකාරීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වැඩිම හානියක් සිදුවී ඇත්තේ ජනපති මන්දිරයේ  විවිධ චිත්‍ර සහ සිතුවම්වලට බව මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති මන්දිරයේ තිබී  ප්‍රචණ්ඩකාරීන් විසින්  විනාශ කරන ලද දේපළ මොනවා දැයි තහවුරු කරගැනීමේ මූලික පියවරක් ලෙස   බස්නාහිර පළාත් සහකාර පුරාවිද්‍යා කොමසාරිස් ශ්‍යාමිලා  රාජපක්ෂ මහත්මියගේ  මූලිකත්වයෙන් යුතු   පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් එම භාණ්ඩ ලේඛනගත කිරීමේ කටයුත්තක මේ දිනවල නිරතව සිටින  බව පැවසූ මහාචාර්යවරයා ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක්  එම කණ්ඩායම විසින් තමාට ළඟදීම  බාරදෙනු ඇතැයිද සඳහන් කළේය.

ජනාධිපති මන්දිරයේ කාමරයෙන් කාමරයට ගොස් එම භාණ්ඩ ලේඛනගත කිරීමේ කටයුතු මේ දිනවල කරගෙන යන බවත් කාමර වලින් සියයට  75 ක පමණ  භාණ්ඩ ලේඛනගත කිරීම මේ වනවිට අවසන් කර ඇති බවත්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජනාධිපති මන්දිරයේ විනාශ වූ සහ නැතිවී  ඇති භාණ්ඩ ලේඛනගත කිරීම කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් කෙරුණු ඉල්ලීමක් අනුවය.

ඒ අනුව එම භාණ්ඩ ලේඛනගත කිරීම  අවසන් වූ වහාම  ඒ පිළිබඳ වාර්තාවක් පොලීසියට බාර දීමටද කටයුතු කරන බව  අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේය.

මේ අතර  කොළඹ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය පුරාවිද්‍යා ස්මාරක ලෙස ගැසට් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව  පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ගොඩනැගිලි  පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත   ස්මාරක ලෙස  මෙතෙක් නම් කෙරී නැතැයි  වාර්තා වේ



අදහස් (3)

ජනපති මන්දිරයේ භාණ්ඩ ලැයිස්තුව ඉල්ලයි

Demuni Uduwara Friday, 12 August 2022 06:28 AM

Inventory should be available since 1944 i.e. Since Governor General -Sir Henry Monck Mason Moore.

:       0       6

dimuthFriday, 12 August 2022 12:07 PM

Half of the inventory might have ended up in different politician's houses..

:       0       0

sharm warn Friday, 12 August 2022 11:23 AM

ඔක්කෝටම කලින් පුරාවිද්‍යා ස්මාරකයක් වත් නොවෙන මෙ ගොඩනගිල්ලෙ පුරාවිද්‍යා කට්ටියට වැඩ කරන්න වගකිමක් තියෙනවද? දෙවෙනි එක.. ඔන්න දැන් තමයි හිටපු රජවරු ගහපු ගැහිලි වහ ගන්න පුලුවන්.. සේරම හොරකම් අරගල ගිනුමට බැර කරල මැදමුලනෙ ගොබ්බයො අත හොද ගනියි.. රනිල් ඉන්නවනෙ බෙර ගන්න..

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 264 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2540 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2739 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 7155 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3451 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 464 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 265 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site