IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජනපති රටේ ස්වෛරීභාවය ඉන්දියාවට බිල්ලට දෙමින් ඉන්නවා

(යොහාන් භාසුර)

බලයට ඉව අල්ලන සියලු දේශපාලන පක්ෂ ඉන්දියාවේ හිත ‘ඌයියා වෙයි‘ කියා ඉන්දියාවට එරෙහිව කටක් අරින්නේ නැති බවත් ‘බොරළුගොඩ සිංහයෝ - රාජපක්ෂලා - පොහොට්ටුකාරයෝ‘ සාධුකාර දෙද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ‘රටේ ස්වෛරීභාවය ඉන්දියාවට බිල්ලට දීම‘ යස අපූරුවට කරගෙන යන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

පාදුක්ක වේරගලදී පැවති ‘9 න් පසුව ශ්‍රී ලංකාවේ ඉරණම?’ යන මැයෙන් පැවති ජන හමුවක් අමතමින් විමල් වීරවංශ මහතා එසේ පැවසීය.

රටක් විදියට නිදහසෙන් පසු මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටියදී් අර්බුද ආපුවාම හරි ප්‍රතිකර්මය කළොත් යම් රටක් හිටියාටත් වඩා හොඳින් නැගිටින බවත් නිදසුනක් හැටියට 1991 දී ඉන්දියාවත් මෙවැනි අර්බුදයකට මුහුණපා සිටියදී ඔවුන්ගේ විදේශ විනිමය සංචිතයේ පැවතියේ  පිටරටින් භාණ්ඩ ගෙනඒමට සතියකට සෑහෙන ඩොලර් ප්‍රමාණයක බවත් ඒ මහතා කීය.


එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි, ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම ඒ වනවිට ඉන්දියාවේ කීර්තිමත් ආර්ථික විශේෂඥයෙකු වූ ‘මන්මෝහන් සිං‘ට පැවරූ බව කී වීරවංශ මහතා ඉන්දියාව කෙටි කලක් තුළ ඒ අර්බුදයෙන් ගොඩආ බව ද කීය.


ඉන්දියාවේ ඒ නිවැරදි ගමනේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවට අද ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්වීමට හැකිව ලැබී තිබෙන බවත් නමුත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දෙන ප්‍රතිකර්ම වළකට වැටී ඇති රට, ඒ වළ පත්ලටම හාරා, මුළු රටම වළලන වර්ගයේ ප්‍රතිකර්ම බව ඉතා පැහැදිලි බවත් වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (9)

ජනපති රටේ ස්වෛරීභාවය ඉන්දියාවට බිල්ලට දෙමින් ඉන්නවා

sakalan Sunday, 03 March 2024 02:22 PM

ඔයා දන්නා එකම දේ ජාතිවාදය පතුරුවලා ඡන්ද ටිකක් එකතුකර ගැනීම විතරයි. මතකයිනේ වඳ සාෆි? මෙදාපාර ඔයාගේ ඔය බයිලා වලට රැවටෙන්නේ නැහැ. ඇත්තටම සිංහයෙක් නම් මොකටද නඩුවලට බයේ හැඟෙන්නේ. කෙලින්ම උසාවි ගිහින් ඇත්ත කියන්නකෝ පාස්පෝර්ට් දෙකක් ගත්තේ නැහැ කියලා....

:       0       0

නන්දන Sunday, 03 March 2024 02:57 PM

මෙයා හැමදාම කළේ බිල්ලෝ මවන එක. අනේ මෝඩ ඡන්ද දායකයින් දිවිනහා ගත්තේ මෙයාලා කියන දේ විශ්වාස කරලා. හැබැයි මතක තියාගන්න අපිට ඔළුව උස්සන්න අත දුන්නේ ඉන්දියාව කියන එක. ඒකටත් දැන් නඩු...

:       0       0

කමල් Sunday, 03 March 2024 03:13 PM

මේ මනුස්සයා චීන තනාපති කාර්යාලයේ නිල නොවන ශ්‍රී ලංකාව භාර මාධ්‍ය ප්‍රකාශක නෙමෙයි කියලා ඔප්පු කරන්න පුළුවන්ද? චීන අසූචි පෝර නැව ගැන මොකද කියන්නේ කියලා ඇහුවාමත් අනික් පැත්තට ඇහුවේ දැන් එතකොට ඉන්දියාවෙන් ගේන්න හදන පෝර අසුචි නෙමෙයිද කියලා?

:       0       0

සුරාජ් Sunday, 03 March 2024 04:11 PM

චීන වහලාගේ අදහස්...!

:       0       0

ravin Sunday, 03 March 2024 04:34 PM

ආ..! වත්කම් උපයාගත්ත ආකාරය හෙළිකිරීමට අපහසුවෙන් අධිකරණයට නොගිය කෙනාද මේ...? මෙයාගේ පශ්චාත් ප්‍රෙද්ශයේ අමාරුවක්ලු නේද?

:       0       0

නිහාල් Sunday, 03 March 2024 06:12 PM

අපි හිතුවේ ඔයා නෑ කියලා.

:       0       0

රන්ජන් Sunday, 03 March 2024 07:14 PM

කෝටි ගණන් ගසා කාපු ඒවා ගැන හොයන්න උසාවියෙන් එන්න කියනකොට බඩ යනවා.

:       0       0

Perera Monday, 04 March 2024 06:22 AM

එහෙම නම් මහතීර් මොහොමඩ්ව එක්කන් එන්න.

:       0       0

නිහාල් Monday, 04 March 2024 10:20 AM

වදින්න තැනක් නැත. කව්රුත් ගණන් ගන්නේද නැත.. ඡන්දෙ දෙන්නේ ද නැත. අහෝ දුකකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 841 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 467 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 350 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 609 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 403 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1112 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site