(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා හෙට (13) පිටත්ව යයි.
ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක නායකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ද හමුවීමට නියමිතව ඇත.
රට බංකොලොත් වීම නිසා පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නොහැකි වූ අතර මෙවර ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව පවතී.
ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ලබන 18 වැනිදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.
ජනාධිපතිවරයා ලබන 24 වැනිදා නැවත දිවයිනට පැමිණෙයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති ලෝක ආර්ථික සමුළුවට යයි
Prabha Friday, 12 January 2024 03:47 PM
උගන්ඩාවට යනවා නම් මහින්ද මහත්තයාගේ බිස්නස් වැඩත් පොඩ්ඩක් පිළිවෙළ කරලාම එන්න.
SiriFriday, 12 January 2024 06:55 PM
ඒවා වැඩිපුර තියෙන්නේ කෙන්යාවේ. උගන්ඩාවේත් ඇති මගේ හිතේ...!
Rosa Friday, 12 January 2024 04:09 PM
ස්විට්සර්ලන්තයේ මිනිස්සුන්ට පරිස්සම් වෙන්න කියන්න ඕනේ... මෙයා ගිහිං එහෙත් සේරම දේවල් විකුණලා දාලා එයි. දන්නේ ඔච්චරනේ...
අරවින්ද මොනරවිල Friday, 12 January 2024 04:22 PM
කිසිම වැඩක් බැරි කෙනෙකුට රට බාර දුන්නාම කරන්න පුළුවන් ඔච්චර තමයි... රටේ මිනිස්සු දුක් මහන්සි වෙලා හරි හම්බ කරන මුදල් බදුපිටබදු ගහලා එකතුකරගෙන ඒ අය ආතල් ගන්නවා...
Dharmatileke Friday, 12 January 2024 04:35 PM
බංකොළොත් කෙරුවේ කවුද කියලා දේශනාව පටන් ගන්නේ...!
Hafeel Friday, 12 January 2024 04:36 PM
බලයට ආවෙන් පසු රටේ ණය බරෙන් සතයක් හෝ අඩු කරලත් නැහැ... ජනතාවට බදු බර පටවන එකේ අඩුවක් නැහැ. නමුත් රංචු පිටින් රට සවාරි යනවා. මෙහෙම ලෝකේ වටේ විනෝදවෙමින් රටේ ජනතාවට පෙන්නන්න උත්සාහ කරන්නේ තමන්ට ලෝකේ රටවල්වලින් සහ ලෝක නායකයින්ගෙන් සහයෝග තියනවා කියලා. එහෙම මෙයාට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් හෝ විශ්වාසයක් තියනවා නම්, IMF මෙච්චර කොන්දේසි දාවිද? රටේ ජනතාව මෙච්චර දුක් විඳින්න ඕනද?
Muthu Friday, 12 January 2024 05:14 PM
අන්න ඔයාගේ රටේ මිනිස්සු 200 - 300 සියදිවි නසා ගන්නවා... ආර්ථික ප්‍රශ්නවල පීඩනයෙන්. මුලින්ම අන්න ඒ පැත්තට කවුරු හරි යවන්න...!
Amal Friday, 12 January 2024 05:21 PM
බොරුනම් බලන්න, අපේ පිනා ලෝක ආර්ථික සමුළුවේ සභාපති වෙලයි, ලංකාවට එන්නේ... උගන්ඩාවේදි මහින්ද ලොක්කාගේ බිස්නස් ටික run කරන කට්ටිය මෙයාව කන්සල්ට් කරන්න බලාගෙන ඉන්නවාලු.. ලාබ ලබන බිස්නස් ටික කුණුකොල්ලෙට විකුණලා කොමිෂන් ගහන හැටි අහගන්න...!!!
විපරමා Friday, 12 January 2024 06:08 PM
දූෂිත, බලලෝබි, බඩගෝස්තරවාදී දේශපාලුවෝ රටට ආසියාවේ ආශ්චර්යය පෙන්වපු හැටි තමයි කියන්න තියෙන්නේ...!
පිනා Friday, 12 January 2024 06:25 PM
එකඑක බොරු කියා කියා යන්න පුළුවන් හැම සමුළුවටම යනවා පිනා... මිනිහාගේ යහපාලන සමයේ කළේත් ඕකම විතරයි...
Rata Perata Friday, 12 January 2024 06:25 PM
අපේ කරුමෙටම ආපු කෙනෙක්. මාස 14ට රට සවාරි 14. කොහොමද වාර්තාව? දැන් විසර්ජන පනතකින් තව ලක්ෂ 2000ක් ඉල්ලනවා. මෙයාලාට ගහලා එළවන්න ඕනෑ.
chandima Friday, 12 January 2024 11:50 PM
මාලා, රටවල් ගොඩගන්න හැටි ලෝකයටම කියලා දෙන්න වගේ... අර පාර්ලිමේන්තුවේ නෝනෙක් කිව්වා වගේ එනගමන් නොබෙල් තෑග්ගත් අරන්ම එයිද? එහෙනම් ඉතින් එළම තමයි. පේනවා නේද වැඩ...?
SAM Saturday, 13 January 2024 12:33 AM
ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක නායකයින් සහ ජාත්‍යන්තර ආයෝජකයන් / ව්‍යාපාරිකයින් හමුවන අවස්ථාවේදී රතු මුහුදේ සිදුවන ත්‍රස්තක්‍රියාවන් නිසා ගෝලීය ආර්ථිකයට සහ නාවික ගමනාගමනයට සිදුවන බලපෑම පිළිබඳව ආසියානු බලවතුන්, ඇමෙරිකාව, යුරෝපීය රටවල් සහ මැදපෙරදිග රටවල මැදිහත්වීම වැදගත් බව දන්වා සිටිය යුතුවේ...
කළුතර Saturday, 13 January 2024 02:26 PM
යන ගමනේදී අහිංසක මිනිසුන්ගේ වෛරය දෙවියන්ගේ දඬුවමක් ලෙස ලැබේවා... ඒ අහිංසක මිනිසුන්ගේ ඒකායන පැතුමයි...