IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘‘ජනපති විධායක බලතල ඉවත් නොකළ යුතුයි‘‘

(චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය)

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතුයි. එම තනතුරට සුදුසු පුද්ගලයකු පත්වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත්කර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිරිසිදු කළ යුතු යැයි බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි .

දූෂිත දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵල හේතුවෙන් මේ වන විට රටම ගිලගෙන ඇති බවත් මෙම තත්ත්වයෙන් මිදීමට පක්ෂවලට වහල් නොවී ස්වාධීනව සහ බුද්ධිමත්ව කටයුතු කර ජාතික නායකයන්ට රට භාරදීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසයි.

එකම කණ්ඩායම් විවිධ දේශපාලන පක්ෂ නිර්මාණය කර ගනිමින් ජනතාව ළඟට පැමිණියද ඔවුන්ගේ මානසිකත්වය වෙනස්වී නොමැති බවත් මොවුන් කිසිවිටක රට ගැන හෝ රටේ අනාගතය ගැන පිළිබඳව සිත කටයුතු නොකරන බවත් සරත් ෆොන්සේකා මහතා පවසයි .

ඒ මහතා මේ බව කියා සිටියේ (19) පස්වරුවේ ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි .

සමගි ජන බලවේගයේ දොරගුළු විවෘත කරමින් ඕනෑම සොරෙකුට වුවද පක්ෂයට එක්වීමට අවස්ථා උදාකරිම හේතුවෙන් තමන්ට එම පක්ෂය තුළ අභිමානයෙන් යුතුව කටයුතු කිරීමට හැකියාවක් නොමැති හෙයින් තමන් ඉන් ඉවත් වූ බවත් පරිණත බව හා නායකත්වය ලබාදීමට නොහැකි පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු නොමැති බවත් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේය.

රටේ දූෂණය සහ අවභාවිතය නැවැත්වීම, සොරුන්ට දඬුවම් දීම හා මත්ද්‍රව්‍ය උවදුරු සහ පාතාලයෙන් රට මුදවා ගැනීම, සංචාරක ක්ෂේත්‍රය දියුණු කරමින් විදේශ විනිමය ළඟා කර ගැනීම , කෘෂිකර්මය, ධීවර සහ සත්ව පාලනය වැනි ක්ෂේත්‍ර දියුණු කිරීම හා අධ්‍යාපනය සෞඛ්‍ය හා පොදු ප්‍රවාහනය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සදහා කටයුතු කිරීම තමන්ගේ බලාපොරොත්තුව බව ද ඒ මහතා පවසා සිටියේය.

 



අදහස් (12)

‘‘ජනපති විධායක බලතල ඉවත් නොකළ යුතුයි‘‘

රංජිත් Wednesday, 21 August 2024 08:49 AM

එතකොට අවුරුදු පහකට සැරයක් එන අයව කන්න බොන්න දීලා බලාගන්න ඕනේ අපිද?

:       5       5

nimalWednesday, 21 August 2024 05:49 PM

විධායක ජනාධිපති තනතුරේ වටිනාකම මතුවන්නේ රටතුළ යුද්යධක්, ජාතික වශයෙන් තීන්දු ගැනීමට සිදුවන අවස්ථාවකදී , අරගලයකදී Covid වැනි වසංගතයක් ඇති වූ අවස්ථාවකදී ඍජු තීන්දු ගැනීමට අවස්ථාව තිබීම වේ. නමුත් බුද්ධිමත් නොවන පුද්ගලයෙකුට එම තනතුර ලබාදීම සුදුසු නොවේ...!

:       1       6

ක්ලෝයි Wednesday, 21 August 2024 09:20 AM

දූෂණය බරපතල උවදුරක් බවට සැකයක් නොමැත. එය මුලිනුපුටා දැමිය යුතුමයි. නමුත් අප රට මුහුණ දී ඇති ආර්ථිකය අර්බුදයට එකම හෝ ප්‍රධාන හේතුව එය නොවේ. අපගේ රාජ්‍ය වියුහයයි. සුබසාධනයම මුල් කරගත් ක්‍රමවේදයයි. ඉපැයීමක් නැතිව බෙදා දීමේ පුරුද්දයි. වැඩ නොකර සල්ලි හොයන මානසිකත්වයයි. සොරකම් කළා යයි කියන මුදල් සොයා ගැනීමෙන් පමණක් රටේ සියලු ව්‍යාධි දුරු කරන්නට හැකි යයි සිතීම තරම් අමන, අවිචාරශීලී කතාවක් නැත. එතරම් විචාරශීලී නොවන සහ ඉක්මනින් ප්‍රතිඵල අපේක්ෂා කරන ප්‍රධාන වශයෙන්ම මධ්‍යම පාන්තික ජනතාවට මේ කතා ආකර්ශනීය වුවත් ඇත්ත ඇත්තේ ඊට බොහෝ දුරිනි. ජවිපෙය විසින් ජනගත කරන ලද මේ 'හොර' කතාව ෆොන්සේකා ද රසටම ගිල ඇති බව පෙනේ. මේ හොරු කතාවට කැමැති බොහෝ දෙනා තමන් විසින් තම හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුත්තේ තමන් ද, කොතෙක් තමාගේ සේවා ස්ථානවලට බොරුකර ඇති ද යන්නයි. අනුන්ට වරද පටවා තමන්ගේ අත සෝදා ගැනීමට අපි කවුරුත් කැමැතියි. කුණු ටික මහමගට විසිකර නගර සභාවට බනින අපි මෙවන් හොරු කතාවලට ඇදීයාම අරුමයක් නොවේ. නමුත් ෆොන්සේකාගේ ජනාධිපති කතාව නම් හැබෑයි. එල්ටීටී යුද්ධය මෙන්ම කොවිඩ් යුද්ධයද දිනුවේ විධායක ජනපතිකම් නිසායි.

:       3       13

Nevil Wednesday, 21 August 2024 09:23 AM

විධායක ජනාධිපති තනතුර අහෝසි නොකළ යුතුයි...!

:       3       10

ලුම්බිණි Wednesday, 21 August 2024 09:25 AM

කියන්නේම මෝඩ කතා... ඉතින් කොහොමද දිනන්නේ?

:       6       8

නෙවිල් Wednesday, 21 August 2024 09:30 AM

ජනාධිපති විධායක බලතල ඉවත් නොකළ යුතුයි...

:       2       10

මැක්ස් Wednesday, 21 August 2024 09:43 AM

2010දි පරාද වුණාට පස්සේවත් මේ මනුස්සයා පාඩමක් ඉගෙන ගත්තේ නෑනේ. විරුවෙක් විය යුතු කෙනෙක් නරියකු කරමින් මෙතුමා දේශපාලන නරා වළට ඇද දැමූ අය ඊට වගකිව යුතුයි.

:       4       15

Nimal 1 Wednesday, 21 August 2024 11:46 AM

ඔබතුමාගේ රැස්වීම්වලට සහභාගි වන ජනතාවට මේ පණිවිඩය දෙන්න...

:       4       6

Rata Perata Wednesday, 21 August 2024 12:05 PM

ගෙදර ඉදගෙන හරි ප්‍රතිපත්තියක් තියන අපේක්ෂකයෙක්ට සහය දෙන්න. ඔබට ලැබිය යුතු වගකීමක් සුදුසු කාලයේ දී ලැබෙයි...

:       1       9

රාලහාමි Wednesday, 21 August 2024 05:22 PM

හොර දුෂිත මිනීමරු... ඕනෑම ජරා වැඩක් කිරීමට ඉඩ සලසන විධායක ජනාධිපතිකම සම්පූර්ණයෙන්ම අහෝසිකළ යුතුයි. පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙක් හොඳටම ඇති රටක් පාලනය කරන්න. උදා; එංගලන්තය, ඉන්දියාව. මේ රටවල් යුද්ධ කරලා නැතිද? කොරෝනා පාලනය කලේ නැතිද?

:       3       9

Rukmal Dias Thursday, 22 August 2024 06:59 PM

ෆොන්සේකාට පඩිසන් දීලා තියෙන්නේ අපේ මහින්ද ජනාදිපතිතුමාට කරපු ද්‍රෝහී කම් සහ කරපු කතා.......

:       0       2

Swene Haputhantirige Friday, 23 August 2024 05:18 AM

මට නම් කියන්න තියෙන්නේ ඔබ තුමා යුද්ධය කලාට දේශපාලනිකව අපරිනතයි. විධායක ජනාධිපති කමට බුද්ධිමත්, අවංක සහ රටට ආදරය කරන, කැපකිරීමට සුදානම් දිරිමත් කෙනෙක් වුවහොත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නොවුනොත් සම්පුර්ණයෙන්ම අවුල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 243 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 23 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 649 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 655 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13987 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3356 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19786 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site