
(ෂේන් සෙනෙවිරත්න)
වත්මන් ආණ්ඩුව දිගටම රට කරවනු ඇති බවත් ජනාධිපතිවරයා වෙනස් වුවද ආණ්ඩුව වෙනස් නොවනු ඇති බවත් අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා මහනුවරදී අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද කීය. මින් ඉදිරියට තමන් කිසිදු දිනයක මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නෑ.
රටට සේවය කිරීමට දේශපාලනය කිරීම හෝ පාර්ලිමේන්තුවට යාමට අවශ්‍ය නෑ. මහනුවරින් ඡන්දයට ඉදිරිපත් වූයේ ජනාධිපතිවරයා ඒ සඳහා බලකර සිටි නිසායි.
පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මහතා කිසි දිනක ඡන්දය ඉල්ලා නෑ එහෙත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වනවා.
තමන් කිසිදු දිනයක පක්ෂය අතහැර යන්නේ නෑ පක්ෂය කඩාගෙන කිහිප දෙනෙක්ම ගියද එහෙත් පක්ෂය හෙල්ලීමටවත් ඔවුන්ට හැකි වූයේ නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු කියවීම අතින් මේ ආණ්ඩුවේ පළමු තැන මුන්නැහේට යා යුතුය.
විශිෂ්ටතම ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති වෙනස් කරන්නෙ මොකටද ? එතුමා බලයට පත්කර තවම හරියට වසර දෙකක්වත් ගිහින් නෑ. තව වැඩ කටයුතු ගොඩක් කරන්න තියෙනවා. මැදමූලන හොර රංචුව තවම පොලීසිය, FCID, අධිකරණ පද්ධතිය එක්ක කට්ටි පනිමින් සිටී. උන් ඔක්කොම මලදාලා හො කොටු කරලා, නඩු විභාග කර, රජයේ බොඩිමට දක්කං ගොස්, කල්දේරම් බත් ගිල්ලවා, යකඩ කම්බි කූරු ගනන් කරන්න දමා හො අළුගොසුවා සමග චැට් එකකට යවන්න අමතක කරන්න එපා... උන් රංචු පිටින් රට හොදා පාළු කරමින්, නැව් පිටින් රට පටවපු ඩොලර් බිලියන ගණන් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. ඒ සියල්ලම ඉතිරි වසර තුනක කාලය තුළදී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට AKD ජනාධිපති තුමාගේ ශක්තිමත් රජය ශ්‍රී ලංකා දෙශයට අත්‍යාවශ්‍ය බව හැමදෙනාම සිහියෙ තබා ගත යුතුයි ...
අපේ ජනාදිපති තුමා අපිට හොන්දා? හිටපු උන් රටම හොරාකාලා බන්කොලොත් කරලා,ජනතාවගේ රීරී මාන්සත් හූරගෙන කෑවා.