IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජනපති සටනට පැරීසියත් පෙරමුණ ගනී

පැරීසියේ පිහිටි බැස්ටිල් ස්මාරකය ස්ථාපිත කර ඇති ස්ථානය අසල ශාලාවකදී ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන උත්සව සභාවක් පැවැත්විණි. පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛා, ශ්‍රීලනීප ශාඛා, හෙළ උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂය, සමග විවිධ සමාජ සංවිධාන හා සමාජ ක‍්‍රියාකාරීන්ගේ එකතුවෙන් පැවැති මෙම සභාවට පැරීසියේ විශාල ජනතා සහභාගිත්වයක් ලැබුණි.

පැරීසියේ එජාප හා ශ්‍රීලනීපය එකම වේදිකාවේ අසුන් ගත් ප‍්‍රථම අවස්ථාව එය විය. එජාපය, ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂය, ශ්‍රීලනීපය සාමාජිකයන් හා විවිධ සමාජ ක‍්‍රියාකාරින් වන අජන්ත කල්දේරා, නිහාල් මැණික්බෝව , ඩේමියන් පීරිස්, වසන්ත ලොකුපතිරගේ, පුෂ්පසිරිද අල්විස්, අජිත් රණසිංහ, ආනන්ද ධර්මසේන මහත්වරුන් සභාව ඇමතීය.

‘යුද ජයග‍්‍රහණයට පෙරමුණ ගැනීමට මුල් වුයේ ජාතික හෙළ උරුමයයි. එදා අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ප‍්‍රමුඛ හෙළ උරුමයත්, ජනතා විමුක්ති පෙරමුණත් නිර්භයව පෙරමුණ ගත් බවත් මෙදා එම රතන ස්වාමීන්වහන්සේ අද පවතින ආඥාදායක පාලනයට එරෙහිව පලමු වෙඩි මුරය එල්ල කල බවත් රතන සුත‍්‍රය ඉතාමත් බලගතු සුත‍්‍රයක් බැවින් එදා මෙන් අදත් අවසාන ජයග‍්‍රහානය දක්වා සටන් වදිනවා‘ යැයි ජාතික හෙළ උරුමයේ ප‍්‍රංශ ශාඛා සභාපති සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ පැවැසීය.

 

ඉන් අනතුරුව වසර 13ක් පැරීසියේ ශ්‍රීලනීප සභාපති තනතුර දරන ඩේමියන් පීරිස් මහතා විසින් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට පාදකවූ කරුනු ඇතුළත් ජනාධිපතිවරයාට යොමු කළ සංදේශයක් සභාවට ඉදිරිපත් කළේය.

 

‘‘මහින්ද චින්තනයේ ලේඛන ගත කළ පරිදි තිරසාර සෙනෙහසින් පිරුණු රටක් ගොඩ නැගීම වෙනුවෙන් ඈත දේශ දේශාන්තරයන්හී සිට ඇප කැපවුවෝ අපි වෙමු. යුද්ධය ජයග‍්‍රහාණය කිරීමේ අවසන් මෙහොතේ ජාත්‍යයන්තරව නැඟුණු මහා විරෝධයට ජාත්‍යයන්තරව සිටිමින්ම දැඩි ශීතල විඳිමින් මුහුණ දුන්නෝ අපි වෙමු. මහා චින්තකයන් රාශියක් පහළ වුණු ප‍්‍රංශය වැනි දේශයක ජීවත් වෙමින් උපන් බිමට මහත් පේ‍්‍රම කරන්නන් වන අපට මහින්ද චින්තනය දැනුනේ සැබෑ චින්තනයක් ලෙසිනි. නමුත් එසේ සිතමින් සතුටු වීමට ඔබ , ඔබේ පවුලේ අය හා ඔබ වටේ සිටිනා අප පක්ෂය විනාශ කිරීමට උත්සහ දරන්නන් අපට වැඩි කාලයක් ඉඩ දුන්නේ නැත. ක‍්‍රමයෙන් විරුද්ධ පාක්ෂිකයින්, සෙසු ලෝකයා පමණක් නොව රටේ සුබ අනාගතය මුළු හදින් ප‍්‍රාර්ථනා කළ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන අපටද දැනෙන්නට වුයේ රටේ ක‍්‍රියාත්මක වෙමින් පවතින්නේ පෙර කියූ ඔබේ මහින්ද චින්තන ඉදිරි දැක්ම නොව”එක පවුලක බල පරාක‍්‍රමයක්” රැක ගැනීමේ හා තහවුරු කර ගැනීමේ ක‍්‍රියාවලියක් ලෙසය.‘‘

‘‘රට යුද්ධයෙන් මුදා ගැනීමට ඔබ නායකත්වය දුන්නද ඒ රට අයිති ඔබට පමණක් නොව, එහි අයිතිය ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් මැලේ ආදි සියලූ ජාතින්ට මෙන්ම බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම්, ක‍්‍රිස්තියානි ආදි සියලූම ආගම් නියෝජනය කරන රට වැසියාටය.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයටත් ඇති අසීමිත ආදරය නිසාම ඔබේ මෙම දුෂිත පාලනයට එරෙහිව නැගී සිටි හතලිස් හත් වසරක් අඛන්ඩව අපේ ආදරණීය පක්ෂය නියෝජනය කළ එහි ප‍්‍රධාන ලේකම් වරයාවූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට අපි තීන්දු කිරීම මේ මෙහොතේ අසාධාරණ තීන්දුවක් විය නොහැකිය.‘‘

අවසානයේ හොර බොරු වංචා දුෂණ වලින් තොර පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදි මැතිවරණයක් පැවැත්වීම සදහා බල කෙරෙන උද්ඝෝෂණයක් ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීම හා සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තුවෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කිරීමටත් පැමිණි සියල්ලෝ කැමැත්ත ප‍්‍රකාශ කරමින් යෝජනා ස්ථීර කර ගන්නා ලදී.

ඒ සදහා ක‍්‍රියාකාරි කමිටුවට අජන්ත කල්දේරා, නාලක දේවේන්ද්‍ර, අජිත් පෙරේරා, අජිත් රණසිංහ, රෙක්සි, ඩේමියන් පීරිස්, වසන්ත ලොකුපතිරගේ, සම්පත් වර්ණකුලසූරිය, රොහාන් දයාදර, සුනිල් හෙට්ටිආරච්චි, නිහාල්, පුෂ්පසිරිද අල්විස් ,සුනිල් ගාමිණි යන මහත්වරුන් ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කර ගත්තේය.

02 04 05 06 07 08 10 11

 



අදහස් (0)

ජනපති සටනට පැරීසියත් පෙරමුණ ගනී

අනුර Wednesday, 17 December 2014 02:26 AM

අපි නම් කෙළෙහිගුණ යන වචනයේ තේරුම හොඳට දන්නවා (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 17 December 2014 07:36 PM

කාට නැතත් ලියනගේට නම් වැරදිලා කියලා පේනවා! (නි)

:       0       0

සමන්ජය Wednesday, 17 December 2014 03:11 AM

ලෙස්ලි හර්බට් විජේසිංහ මහත්මයා, අනුවණයෝ කියන කතා ගැන ඒතරම් හිතන්න එපා. (නි)

:       0       0

ජෙරාඩ් Wednesday, 17 December 2014 03:53 AM

සබුද්ධික ශ්‍රී ලාංකිකයන් ලෝකයේ කොහේ හිටියත් රටට යහපතක් වෙන්න යනකොට ආශිර්වාද කරන එක කවදත් තිබුණු උදාර ගතියක්.හෙට උදාවීමට නියමිත ඒ ගෞරවනීය අනාගතයට සුබ පතන ප්‍රංශයේ දිවිගෙවන ඔබට මගේ හදපිරි ආචාරය! (නි)

:       0       0

කේ පෙරේරා Wednesday, 17 December 2014 04:12 AM

ජයවේවා! (නදී)

:       0       0

ශිරෝමි Wednesday, 17 December 2014 04:34 AM

බුද්ධිමත් මිනිස්සුනේ. සත්‍යය තේරුම් අරගෙන. ජයවේවා!(හේ)

:       0       0

මායා Wednesday, 17 December 2014 04:42 AM

අපේ දරුවන්ට කුඩු, එතනෝල් කැසිනෝ වලින් විනාශ වෙන්න දෙන්න බෑ. අපේ සංස්කෘතිය සමාජ ශාලා සංස්කෘතියෙන් විනාස වෙනවා බලන් ඉන්න බෑ. අපේ වනෝද්‍යාන හෝටල් කරනවා බලන් ඉන්න බෑ. අපේ බදු මුදල් චීනෙට ගලාගෙන යනවා බලන් ඉන්න බෑ. බහු ජාතික සමාගම් අපේ සරු බිම් වස විසෙන් පුරවනවා බලන් ඉන්න බෑ.. අපි අපේ රටට රටේ මිනිස්සුන්ට ආදරෙයි (නදී)

:       0       0

කපිල Tuesday, 16 December 2014 12:26 PM

අපරාදේ ඔයාලගේ කාලය සහ මුදල්. බලන්නකෝ ජනවාරි 9 වෙනිදාට හැමෝටම සිදුවන දේ. අපොයි වෙච්ච දේ අපි රට හිටියට ලංකාවේ මිනිස්සු තාමත් කැමති කාටද කියලා දන්නේ නැහැනේ, කියලා සියල්ලන්ටම සිතේවි. (ර)

:       0       0

ලංකා තිලක් Tuesday, 16 December 2014 12:47 PM

පැරීසියේ විතරක් නොවේ මුළු ලෝකයේම ඉන්න ශ්‍රී ලාංකිකයින් මෛත්‍රීටයි. අනාගත ජනාධිපතිතුමාට ජයවේවා.! (ර)

:       0       0

ඉන්දික Tuesday, 16 December 2014 12:48 PM

බොරු සෝබන වැඩ. කොටි ප‍්‍රංශයේ වැඩ පෙන්වද්දී මෙයාල කොහෙද හිටියේ? (ර)

:       0       0

රොහාන් - පැරිස් Tuesday, 16 December 2014 12:51 PM

පැරිස් ශ්‍රී ලංකා ජනයට ජය. (ර)

:       0       0

රෝහිනී Tuesday, 16 December 2014 01:03 PM

සිරීසේන මහත්මයට ජය.! (ර)

:       0       0

අප්පුහාමි Thursday, 18 December 2014 07:46 AM

ලියනගේට තමා ලොකුම වැරදීම මෙතන වෙලා තියෙන්නේ. මහින්ද පාලනයට කලින් ඔයා ලංකාවේ වුණ දේවල් දන්නවද?හිතට එන එන දේ දාන්නේ නැතුව,හිතට එකඟව තීරණ ගන්න. (නි)

:       0       0

සුජීවා Tuesday, 16 December 2014 01:08 PM

මෙන්න සබැ ශ්‍රී ලංකා නිදහස් පක්සිකයෝ. මමත් නියම ඒ ජාතියේ කෙනෙක් කවදාවත් කොලපාට නොවෙන නමුත් මේ අවස්ථාවේ වෙන කළහැක දෙයක් නැත. (ර)

:       0       0

රන්ජන් - පැරිස් Tuesday, 16 December 2014 01:18 PM

මේ එකතුවීම ඓතිහාසිකයි. මෛත්‍රී අපි ඔබ සමග පෙරට එන්නෙමු. (ර)

:       0       0

සුසන්ත - පැරිසිය Tuesday, 16 December 2014 01:25 PM

පැරිසිය එක්වුණා කියන්නේ, හෙට මෛත්‍රී පාලනයක් බිහිවෙන වගයි. (ර)

:       0       0

කීර්ති Wednesday, 17 December 2014 05:34 AM

මේගොල්ල කවුද ? දැන් තමයි මේගොල්ලන්ට රට මතක් වෙන්නේ. මීට කලින් කොහෙද හිටියේ ? (නදී)

:       0       0

වසන්ත, මිහිර - මිලානෝ Tuesday, 16 December 2014 02:04 PM

අපේ සුභ පැතුම්.! (ර)

:       0       0

ලියනගේ Wednesday, 17 December 2014 05:36 AM

මම මේකේ තියන ප්‍රතිචාර ඔක්කොම කියෙව්වා. අපි ඔක්කෝටම ලොකු වැරදීමක් වෙලා නේද ? මේ සියලුම දෙනා විදේශ රටවල ඉන්න නිසා මන් හිතනවා මේක තේරුම් ගැනීම ලේසියි කියලා. පොඩ්ඩක් හිතල බලන්න දැන් රටේ පවතින ක්‍රමය ඔබලා අනුමත කරනවද ? අද අපේ රටට වෙලා තියෙන දේ පොඩ්ඩක් හිතන්න . ආර්ථිකය විදේශ තානාපති සේවය, එවැනි තැන්වල පාලනය කරන අය අනුකුත් දුෂිත ගනුදෙනු. ඔබලා උගත් සමාජයක ඉන්න අය හැටියට මේවා අනුමත කරනවද ? පොඩ්ඩක් හිතන්න මේ රටේ පවතින ක්‍රමය ඔබලා අනුමත කරනවද ? එහෙනම් අපි මේ පවතින ක්‍රමය වෙනසකට යායුතු තැනකට නේද ඇවිත් තියෙන්නේ. පොඩ්ඩක් නිදහසේ කල්පනා කරන්න පාට පක්ෂ ගැන හිතන්නේ නැතිව රට ගැන. රටේ ඉදිරිය ගැන හිතන්න. මේ ඡන්දෙ එහෙම හිතන්න ඕන දෙයක් නේද ? තව අවුරුදු 8ක් මේ පාලනයම තිබ්බොත් රටක් තියේවිද ? පොඩ්ඩක් හිතන්න මේ ගැන පිල්වලට බෙදෙන්න ඕන කාලය නොවේ නේද. (නදී)

:       0       0

මිගමු සංවිධානය Tuesday, 16 December 2014 02:25 PM

නිදහස්, නිවහල්, යහපාලනයක් සදහා අපේ ආචාරය. (ර)

:       0       0

මුදිත- පැරිස් Tuesday, 16 December 2014 02:49 PM

පැරිසියේ කොටි ඉන්නකොට නම් පස් දෙනෙක් වත් හොයා ගන්න බැරිවුනා. (ර)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 16 December 2014 03:02 PM

මුදිත, ඔයා කොහොමද කොටි ඉන්න කොට පස් දෙනෙක් වත් සොයා ගන්න බැරි උනා කියන්නේ.? මාත් සහභාගි වෙලා තියනවා පැරිස් නුවර උද්ගෝෂන වලට නිකම් නොවේ, සිංහ කොඩි 2 ක්ම අතේ ඇතිව. හැබැයි ඔයා නම් බයේ හැංගිලා ඉන්න ඇති. (ර)

:       0       0

ලක්ෂාන් Tuesday, 16 December 2014 03:04 PM

එක්වෙලා මොකද කරන්නේ. ඊ මේල් වලින් ඡන්ද එවනවාද.? (ර)

:       0       0

ජයන්ත Tuesday, 16 December 2014 03:21 PM

කපිලට අමු කැවිලද මන්දා. 9 වෙනිදට අලුත් ජනාධිපති කෙනෙක්. ඒ අපේ මෛත්‍රිපාල මහතා (නදී)

:       0       0

එඩ්‍රීයන් ද මැල් Tuesday, 16 December 2014 03:24 PM

ලක්ෂාන් දුකට කවි කියයි. මෛත්‍රී මැතිතුමාට ජයවේවා! අනාගත ජනාධිපතිතුමා දිනේවා! (නි)

:       0       0

ලාල් Tuesday, 16 December 2014 03:26 PM

සුභ පැතුම්! යහපාලනයක් සඳහා මෛත්‍රී . (නි)

:       0       0

සුගුනවති Tuesday, 16 December 2014 03:28 PM

මට කනගාටු 9 වෙනිදායින් පස්සේ බන්දුල මල්ලිගේ අදහස් අපිට දැකීමට නොලැබෙන එකටයි. (නි)

:       0       0

වසන්ත Tuesday, 16 December 2014 03:29 PM

මේ ටික දෙනා එකතුවෙලා මොකක්ද කරන්න හදන්නේ. (නි)

:       0       0

මුදිත - පැරිස් Tuesday, 16 December 2014 03:38 PM

ලෙස්ලි, කොඞි දෙකත් අතේ තියාගෙන ගෙදරද හිටයේ ? (ර)

:       0       0

නාමල් Tuesday, 16 December 2014 04:08 PM

ලක්ෂාන්, මෙයාලගේ පවුල් ඉන්නවා ලංකාවේ, මේ මගින් ඒ හැමදෙනාම දැනුවත් කර එම ඡන්ද ලබා දෙනවා. (ර)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 16 December 2014 05:18 PM

එදා පැරිසියෙන් ශ්‍රී ලාංකිකයන් වන අපි ජිනිවා ගියෙත් ප්‍රජාතන්ත්‍රවාදය අපේ මාතෘ භූමියට අත් කර දෙන්නයි. අද පැරිසියේ ජිවත් වන ශ්‍රී ලංකික අපි එකතු උනේ ප්‍රජාතන්ත්‍රවාදය අපේ මාතෘ භූමියට අත්පත් කර දෙන්නයි. මගේ ආගම, මගේ ජාතිය, මගේ භාශය, මගේ දේශය මට ලබාදුන් ද්‍යනයයි. චන්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්. (නදී)

:       0       0

වසන්ත Tuesday, 16 December 2014 05:20 PM

ජනවාරි 5 දා මම ලංකාවට යනවා ඡන්දය වෙනුවෙන්. කටින් බතල කොළ හිටවන්නේ නැතිව පුලුවන්නම් ඔයාලත් එහෙම කරන්න.(නදී)

:       0       0

බවර් පැරිස් Tuesday, 16 December 2014 05:21 PM

ඔබට රටක් ඇත පුතුනේ, ඔබට දැයක් ඇත පුතුනේ, මතු උපදින දරුවන්ට එය රැකදීම වැඩිහිටි අපේ යුතුකම වේ මගේ පුතුනේ. (නදී)

:       0       0

බවර් පැරිස් Tuesday, 16 December 2014 05:30 PM

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කිරට හඬන බිලිඳුන්ලා හට කරුණාකර මෛත‍්‍රීයෙන් ප්‍රජාතන්ත්‍රවාදය දුනමැන.(අ)

:       0       0

ඉසුරු පැරිස් Tuesday, 16 December 2014 05:34 PM

එදා පත් කළ කමිටුවට : ප්‍රීති කුරේ මහතා, කේ රන්ජිත් මහතා, ආනන්ද ධර්මසේන මහතා, ජේ වී පි සරත් මහතා, කොඩිතුවක්කු මහතා, මිගමු රන්ජිත් ප්‍රනාන්දු මහතාලාගේ නම් ඇතුලත්වී නැත. (අ)

:       0       0

ප්‍රියන්ත මතගවිර Tuesday, 16 December 2014 05:51 PM

ජයවේආ මෛත්‍රි (අ)

:       0       0

දිනේෂ් කපුකොටුව Tuesday, 16 December 2014 06:24 PM

ලන්ඩනයේ සහයත් මෛත්‍රිටයි. කොමිස්, පාගාවෙන් පිරිණු දුෂණයට, භීෂණයට එරෙහි සටනක්. පොදු අපේක්ෂකයාට ජයවේවා! (නදී)

:       0       0

ජගත් Tuesday, 16 December 2014 06:47 PM

දැන් ඔක්කොටම තේරෙන්නේ. රාජපක්ෂට යුද්දෙ ඉවර කරන්න ලැබු නේ හිටපු අපේ ජනාධිපති තුමිය නිසා කියල .ඔය ගොල්ලන් ඔක්කොම මෙච්චර කාලයක් කොඩි උස්සගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂට කඩේ ගියේ . (අ)

:       0       0

ලක්ෂාන් Wednesday, 17 December 2014 09:04 AM

මෙය සැබෑ ජාත්‍යාලයද ? මහින්දව පරද්දන්න ඕන පලියට මෙසේ කිරීමෙන් කාගේ උවමනා ද ඉටු වෙන්නේ ?(හේ)

:       0       0

චමින්ද : ලොය්ඩ් Tuesday, 16 December 2014 07:33 PM

මෛත්‍රී පාලනයක් උදෙසා අපගේ උණුසුම් සුබ පැතුම්, ජයෙන් ජය ලොයිඩ් විදානාරච්චි හා චමින්ද රාමනායක පැරිසිය (අ)

:       0       0

ලංකා පුත්ත්‍ර Tuesday, 16 December 2014 07:47 PM

මෙතැන සිටින බොහෝ දෙනා නිල් රෙද්දෙන් කොලපාට වසා ගත්අය වෙති පැරිසියේ හෙළ උරුමයක් නැත වසර 2පෙර සිට එය විසිරුවා ඇත නියම ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෝ සහ හෙළ උරුම පාක්ෂිකයෝ මෙතැන නැත සුනිල් ආනන්ද කරුණ කර මෙය පල කරන්න මාධ්‍ය නිදහසට ඔබත් ගරු කරන කෙනෙක් යයි සිතමි (අ)

:       0       0

දීපා Tuesday, 16 December 2014 09:13 PM

කාට කාටත් තේරේවි මහින්ද මහත්තයා පැරදුනොත් කල මෝඩකම්. (නදී)

:       0       0

ගැමා Wednesday, 17 December 2014 10:01 AM

මේකට ගොඩක් ප්‍රතිචාර දාන අය රටට ආදරයක් තියෙන අය නෙමෙයි (නදී)

:       0       0

අනුර Tuesday, 16 December 2014 10:04 PM

අද ලංකාවේ ජීවත්වෙන සිංහලයන්ගෙන් වැඩි ප්‍රතිශතයකට ජාතිමාමකත්වය, සහෝදරත්වය, කෙළෙහිගුණ යන වචනවල තේරුමවත් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

විජේසිංහ Tuesday, 16 December 2014 10:28 PM

එදා කොටි වැඩ දානකොට ඔයාලා කොහෙද හිටියේ? (නි)

:       0       0

සිල්වා Tuesday, 16 December 2014 11:18 PM

ජනවාරි 8 තියෙන්නේ පැරිස් මැතිවරණයක් නොවේ.රටට ආදරය කරන ජනතාවත් එක්ක ඉන්න කෙනෙක් නැවත පත්කර ගන්න ලංකාවේ තිබෙන මැතිවරණයක්. ඒක හැමෝම දැනගත්තොත් හොඳයි (නි)

:       0       0

සිංහ Tuesday, 16 December 2014 11:19 PM

මුදිත, ලෙස්ලිගේ මොළය නරක් වෙලාද කොහෙද? අපිට මතකයි කොටි මෙහෙ දාපු සෙල්ලම්. එදා විතරක් නොවෙයි අදත් යම් තරමක් එහෙමනේ. මෙහෙ ඔය පොඩි පොඩි නමට සමිති සමාගම් හදාගෙන ලංකාවට ගොස් තනතුරු බලාපොරොත්තුවෙන් සමහරු කළ දේවල් වල ඉතිහාසය අපි දන්නවා. මොකද අපි ඉතිහාසයේ ජීවත්වුණ අයනේ. (නි)

:       0       0

සිල්වා Tuesday, 16 December 2014 11:20 PM

දකුණේ අපි නම් මෙදා සැරෙත් මහින්ද පාලනයක් තමයි බලාපොරොත්තු වෙන්නේ (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 17 December 2014 12:46 AM

පැරිසියේ සිටින අය මුල අමතක කිරීම ගැන කණගාටුයි (නි)

:       0       0

මතුගම Wednesday, 17 December 2014 12:50 AM

මෛත්‍රීගේ ජය නියතයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 17 December 2014 12:54 AM

කපිල, ඔබ හරි. 9 වෙනිදාට පසුව ඔවුන්ට වැටහේවි (නි)

:       0       0

ස්වර්ණාජයතුංග Saturday, 20 December 2014 07:13 AM

විජාතික බලවේග වලට හුලං ගහලා පුම්බලා පෙන්වන ජාතිදොු්භියෝ වැඩියෙන් ඉන්නේ එංගලන්තේ කියල මම භිතාභිටියෙ බලාගෙන ගියාම මෙභේත් ඉන්නවා අම්බරු රැලක්ම. (අ)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 17 December 2014 01:32 AM

මුදිත - පැරිස්, මං කොහෙද හිටියේ කියලා බලන්න පෙර ඔයා පරණ පත්තර අරගෙන බලන්න. ඒ වගේම පැරිසියේ සිංහල සංවිධාන හෝ පන්සලට ගියා නම් අයිෆල් කුළුණ ළඟ තිබුණ උද්ඝෝෂන වල විස්තර දැනගන්න තිබුණා. මම හිතන්නේ ඔයා නම් පැරිසියේ ගෙයක් තියා මුකුත් නැති අනාථයෙක් වගේ. මීට වඩා මම ඔයාට උත්තර දෙන්න එන්නෙ නැහැ, ඔයාට අනුකම්පා කරන නිසා (නි)

:       0       0

ඉන්දික Wednesday, 17 December 2014 01:46 AM

නාමල්,පිටරට ඉන්න අපිත් අපේ පවුල්වල සියල්ලන්ම දැනුවත් කරගෙන යනවා මේ දවස්වල. හැබැයි ඒ කවුරු දිනවන්නද කියලා දැන්ම කියන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 98 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 588 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 648 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 258 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 718 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2003 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38637 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site