IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


''ජනපතිගේ නිල කාලය අවුරුදු 4 කරනවා'' - මෛත්‍රීපාල

‘ලෝකයේ කිසිම රටක  ජනාධිපතිවරයකුගේ නිල කාලය අවුරුදු හයක් නැහැ. මා ජනපති වූ වහාම ජනපතිගේ නිල කාලය අවුරුදු හතර දක්වා අඩු කරනවා.‘ යැයි    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා  වැලිවේරියේදී පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ නායක තුෂාර ලියනගේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිලන්ත පෙරේරා සහ ව්‍යාපාරික බන්දු ලියනගේ   මහත්වරුන් විසින් මෙම රැලිය සංවිධානය කර තිබිණි.

‘  අපි හදන අලුත් ආණ්ඩුවේ පළමු තැන දෙන්නේ මේ රටේ  අහිංසක ජනතාවගේ බඩගින්න නිවන්නයි.  ඒක තමයි අපේ ආණ්ඩුව කරන පළමුවන කාරණය. මේ රටේ තරුණ පරපුර අද අසරණ වෙලයි ඉන්නේ. නව තාක්ෂණයත් එක්ක යන මේ තරුණ පරපුරට ඉදිරියට යන්න ප්‍රවේශයක් අද නැහැ. අපි ඒ සඳහා මංමාවත් විවර කරනවා. 

සමහරුන් කියනවා මා බලයට ආවොත් නැවත යුද්ධය එනවලු. මේ රටේ දේශපාලන අස්තාවරත්යක් ඇති වෙනවලු.  දේශපාලන අස්ථාවරත්වයක් දැනුයි ඇතිවෙලා තියෙන්නේ.  එක පවුලක් විසින් සියල්ල පාලනය කරන නිසයි දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙලා තියෙන්නේ.  මා කිසි දිනක  නැවත යුද්ධයකට ඉඩ තියන්නේ නෑ. නැවත එල්ටීටීයට හිස ඔසවන්න දෙන්නේ නෑ. යුද්ධය නිමා වෙන අන්තිම සති දෙකේ මේ රටේ ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කළේ මමයි. මා කොටි බෝම්බ පහකට ලක්වෙලා තිබෙනවා.‘

 වැලිවේරිය, රතුපස්වල, ඌරුවල, නැඳුන්ගමුව යන ප්‍රදේශ වල ජනතාව විශාල පිරිසක් මෙයට සහභාගී වුහ.

 1 2 3 4 5 6 7



අදහස් (0)

''ජනපතිගේ නිල කාලය අවුරුදු 4 කරනවා'' - මෛත්‍රීපාල

බන්දුල පෙරේරා Friday, 02 January 2015 07:42 AM

පිස්සුද සම්පත් මහත්තයෝ, කවුද එහෙම කිව්වේ? මීයක් කඩන්න හදන්නේ අත ලෙවකන්න නෙමෙයිනේ. හැබැයි මීය කැඩිල්ල කෙසේවෙතත් සමහරු 9 වෙනිදාට ගහෙන් පතබෑවෙයිද කියලයි මට බය (නි)

:       0       0

සරත් පියසේන Friday, 02 January 2015 07:51 AM

දෙබිඩි කතා නිසා ජනතා විශ්වාසය ගිලිහෙනවා.. කතාකරන්න පෙර සිතා බලන්න. (නි)

:       0       0

මාගලී Friday, 02 January 2015 07:57 AM

විධායක ක්‍රමයත් නිල කාලයත් දෙකම කියන්නේ?? අනේ මන්දා! (නි)

:       0       0

ගාමිණී Friday, 02 January 2015 08:00 AM

තීරණය හොඳයි. ජයවේවා! (නි)

:       0       0

බර්නාඩ් Friday, 02 January 2015 08:00 AM

කලබල නැතුව ඉන්නකෝ. දින 100යේ වැඩපිළිවෙළේ මේ හැමදේම අඩංගු වෙනවා (නි)

:       0       0

ජයන්ත Friday, 02 January 2015 08:24 AM

සමහරුන්ට ප්‍රශ්න ගොඩක්. ඉවසන්න.... (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 02 January 2015 09:28 AM

මට තේරුණ විදියට නම් විදායක බලතල නැති ජනාධිපති කෙනෙක් ගැන තමයි මුලදී කිවුවේ. මොකද විධායක බලතල හිමිවෙන්නේ ව්‍යවස්ථාදායකයට වගකියන අගමැතිට නිසා, ජනාධිපතිගේ නිල කාලය අවුරුදු හතරකට සීමාකරන එකත් හොඳයි. මොනවා වුණත් කතාවක් කරද්දී බහුතරයකට තේරුම් ගන්න පුළුවන් විදියකට කතාව කළා නම් මිනිසුන්ගේ හිත් වල කුකුසක් ඇතිවෙන්නේ නැහැ (නි)

:       0       0

ජයලත් Friday, 02 January 2015 09:32 AM

ධර්මේ, සුජිත්, සම්පත් ශ්‍රී, ඔබතුමන්ලා තිදෙනෙක්ද එක්කෙනෙක්ද කියා මා දන්නේ නැත. නමුත් තිදෙනෙක් නම් ඔබ තිදෙනාම ඇසෙන වදන් වල අරුත තේරුම්ගැනීමේ යම් නොහැකියාවකින් පෙළෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති ධූරය අහෝසි කරනවා කියා නැත. සිදුකරනුයේ ජනාධිපති ධූරයේ ඇති විධායක බලතල අහෝසි කිරීමයි. විධායක බලතල අහෝසි කිරීමෙන් පසුව වුවද ජනාධිපතිවරයෙක් මෙරට සිටිනවා. ඔහුගේ ධූර කාලය වසර 4ක් ලෙස අඩුකරන බවක් මෙහිදී සඳහන් කර තිබෙනවා. කරුණාකර මීට වඩා අවධානයෙන් සවන් දෙන්න. (නි)

:       0       0

සම්පත් Friday, 02 January 2015 09:32 AM

අනවශ්‍ය ප්‍රශ්න එපා. ජනාධිපති ධුර කාලය අවුරුදු 4 ක් කරනවා කියන්නේ, විධායක බලතල ඉවත් කරන්නෙ නැහැ කියන එක නෙමෙයිනේ (නි)

:       0       0

ජීවා Friday, 02 January 2015 10:04 AM

බලයට අවොතින්. කරන දේ ඉතාම පැහැදිලි කියන කොට එහෙමයි , කරන කොට මෙහෙමයි.(හේ)

:       0       0

දිල්ෂාන් Friday, 02 January 2015 11:33 AM

කොහොමහරි කරයි. (හේ)

:       0       0

සචිත් Friday, 02 January 2015 11:43 AM

දැන් තව 1ක් කියනවා. කොහොමත් අපේ ජනාදිපතිතුමත් අවුරුදු 4න් ඡන්දෙ තිබ්බනේ. (නදී)

:       0       0

ප්‍රභාත් Friday, 02 January 2015 11:44 AM

සුජිත්, ධර්මේ! විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරත් ජනාධිපති කෙනෙක් නමට ඉන්නවා. ඒ ජනපතිගේ කාලය තමයි අවුරුදු 4කට සීමා කරන්නේ (නදී)

:       0       0

පී.එස් කැටවල Friday, 02 January 2015 11:49 AM

ලංකාවේ මිනිස්සු මෝඩයට අන්දන්න එපා. (නදී)

:       0       0

නඩරාජා Friday, 02 January 2015 03:30 AM

ඔයා මාසෙන් යනවා කිව්වනේ. ඉතින් මොකටද අවුරුදු හතරක් (නදි)

:       0       0

නිමල් Friday, 02 January 2015 03:44 AM

ජනාදිපති නාම මාත්‍රික නම් අවුරුදු 6 උනාම මොකද? පාර්ලිමේන්තුව 6. ජනාධිපති 4. එල ගොනයි. මී ගොනයි.(නදී)

:       0       0

සමන් Friday, 02 January 2015 04:13 AM

විකාර කියනවා (නදී)

:       0       0

ශාන්ත Friday, 02 January 2015 04:21 AM

අවුරුදු කෙසේ වෙතත් තව දින 4 යි. ඊට පස්සෙ...ගෙදර (නදී)

:       0       0

වසන්ත Friday, 02 January 2015 04:28 AM

මොනවද මේ දවසින් දවස එක එක අලුත් දේවල් කියන්නේ මොනම සැලසුමක් නැතුව. තේ කඩයක්වත් පාලනය කරන්න බැහැ පෙර සුදානමක් නැතිව. (නදී)

:       0       0

ලලිත් Friday, 02 January 2015 04:47 AM

මොනවද මේ කියන්නේ? දැන් මුලින් කිව්වේ ජනාධිපති තනතුර ඉවත්කරනවා කියලා නේද? (නි)

:       0       0

නිශාන්ත Friday, 02 January 2015 05:00 AM

විධායක බලතල නැති ජනාධිපතිවරයෙක් නම් මොකටද අවුරුදු හතරෙන් හතරට මැතිවරණ තියලා මුදල් විනාශ කරන්නෙ.දැන් පේනවා නේද මෙතන බලාපොරොත්තු වන විධායක අගමැතිකම හෝ අහෝසි කිරීම් සිදුවෙන්නෙ නැති බව. (නි)

:       0       0

තිලක් Friday, 02 January 2015 05:01 AM

ඒත් ජනතාවට ඕනෑ පෞද්ගලික උවමනා වලට අටවාගත් පුංචි පක්ෂයකට රජයක් හසුරුවන්න බලය ලැබෙන අනුපාත ක්‍රමය සහ මේ රට කෑලි නවයකට කඩපු 13 වන සංශෝධනය දෙකම අහෝසි කරන්නයි. මේ දෙක කරනවා කියලා කිසිම අපේක්ෂකයෙක් කියන්නේ නැහැනේ. (නි)

:       0       0

නුවන් Friday, 02 January 2015 05:04 AM

ඒක හොඳ අදහසක්. (නි)

:       0       0

සරත් Friday, 02 January 2015 05:17 AM

සියලුම පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා වල කාලයත්, ජනපතිගේ සහ පාර්ලිමේන්තුවේ කාලයත් වසර 4 දක්වා අඩුකොට, සියලු මැතිවරණ දින දෙකක් ඇතුළත තබා අවසන් කර ජන ජීවිතය යථා තත්වයට ගෙන ඒමට කටයුතු කළයුතුයි. මෙලෙස කඩින්කඩ මැතිවරණ පැවැත්වීමෙන් ජන ජීවිතය අඩාළවනවා. එපමණක් නොව, විශාල මුදල් නාස්තියක්ද සිදුවේ (නි)

:       0       0

නඳුන් Friday, 02 January 2015 05:26 AM

නියමයි.(හේ)

:       0       0

සුජිත් Friday, 02 January 2015 05:27 AM

දින100න් විධායක ජනධිපති ක්‍රමය අහෝසි කරනවා කියපු කෙනා දැන් කියනවා නිල කාලය අවුරුදු 4 දක්වා අඩුකරනවලු.(හේ)

:       0       0

ධර්මේ Friday, 02 January 2015 06:12 AM

එතකොට අහෝසි කරන්නේ නැද්ද?(හේ)

:       0       0

සම්පත් ශ්‍රී Friday, 02 January 2015 06:17 AM

එතකොට විධායකය ඉවත් කරන්නේ නැද්ද ?(හේ)

:       0       0

බණ්ඩාර Friday, 02 January 2015 06:42 AM

මෛත්‍රී අපේ නායකයායි (නි)

:       0       0

අමා Friday, 02 January 2015 06:44 AM

ජනාධිපති කෙනෙක් කොහොමත් ඉන්නවා. විධායක බලෙත් අඩුවෙනවා. අලුත් අයට අවස්ථාව තියෙනවා. වෙනසකට එක්වෙමු (නි)

:       0       0

කුරුවිට Friday, 02 January 2015 06:51 AM

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළොත් මොනවා වෙයිද? (නි)

:       0       0

උක්කුන් පුතා Friday, 02 January 2015 06:50 AM

එතකොට කිසිම දෙයක් රටේ දියුණුවට කරන්න වෙලාවක් නැහැනේ. ඡන්දය තියන්න සල්ලි? මේවා අහන්න යන මෝඩයොත් ඉන්නවනේ? (නි)

:       0       0

චන්දන Friday, 02 January 2015 07:01 AM

බුදු අම්මෝ! අවුරුදු හතරෙන් හතරට ඡන්ද ආවොත්? (නි)

:       0       0

රහුමාන් Friday, 02 January 2015 07:10 AM

අනිවාර්යයෙන් දිනනවා අපේ පොදු අපේක්ෂකයා (නි)

:       0       0

සමන් කුමාර Friday, 02 January 2015 07:18 AM

එතුමා කියලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා කියලා පමණයි. විධායක ජනාධිපති ධුරය නැතිකළ පමණින් ජනපතිධුරය නැතිවෙන්නේ නැහැ. මතක ඇතිනේ කලින් විලියම් ගොපල්ලව ජනාධිපති වෙලා සිටියා. (නි)

:       0       0

ජයන්ත Friday, 02 January 2015 07:27 AM

අලුතෙන් ඇතිකරන විධායක නොවන එහෙත් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ උපරිම බලතල තිබෙන ජනාධිපතිවරයාගේ කාලය ගැනයි මේ කියන්නේ. හරියට තේරුම් ගන්න මහත්වරුනේ. (නි)

:       0       0

ශාන්ත Friday, 02 January 2015 07:26 AM

සුජිත්, නිකන් නොදන්නා ‍දේ කතාකරන්න එපා. (නි)

:       0       0

කසුන් Friday, 02 January 2015 07:30 AM

සජිත්, ධර්මේ , සම්පත්, මෝඩ ප්‍රශ්න අහන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1003 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4091 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1277 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 743 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1071 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 715 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site