ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ රහස් එළි කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීම හාස්‍යට ලක් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මහතා මාතර දී අද (20) මාධ්‍ය ප්‍රකාශයක් කළේය.
පක්ෂයේ මහලේකම්වරයා ලෙස සිටි ජනපති වෙමැනි කතාවක් කීමෙන් ඔහුද වැරදිකරුවකු සේ සැලකිය හැකි බව ගුණවර්ධන මහතා කීවේය.
ඩලස් අලහප්පෙරුම මහතා ද සහභාගී වූ මෙම රැස්වීම මාතර කංචන විජේසේකර මහතාගේ නිවසේ දී පැවැතිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත රාජපක්ෂ වරු ආවොත් අපේ පුද බිම් ටිකත් එයාල නමට ලියාගන්නවා මොකද සිතාගෙන ඉන්නේ රජ පරම්පරාව කියලනේ (රේ)
තිලක්-ඩුබායි: ඔයාට නම් හොඳ කොන්දක් තියෙනවා. බැරිද ඔයාටත් ආසන සංවිධායකකමක් ඉල්ලගෙන රටට වැඩක් කරන්න. හැබැයි කොන්දක් තිබෙන පක්ෂයකින් ඉල්ලන්න.(රේ)
බුද්ධිමත් අය වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ පැත්තට එකතු වුනා. අනෙක් අයට හෙට අනිද්දා වෙනකොට වැලේ වැල් නැති වේවි! අහෝ ඛේධයකි! ඉරකි තිතකි.(රේ)
විදුර ඔයා කියන්නෙත් අර හොරණ විදුර වික්‍රමනායක කියන කතාමයි. (රේ)
තිලක් ඩුබායි ගේ කතාව මෛත්‍රිරීගේ කතාවටත් වඩා වෛරී කතාවක්. සිංහල කියන එක රැකුණේ එතුමා නිසා. මේ යන විදිහට ඔහේම ඉන්න වේවි.(රේ)
මෙතන ඉන්න දෙන්නෙක් විතරක් චන්දෙ දෙනවා නම් රාජපක්ෂලාට අයෙ එන්න බැ තමයි..එයාල හිතාගෙන ඉන්නේ සියලුම චන්දදායකයෝ එයාල දෙන්න කියල..පව් තමයි..(රේ)
අපරාධ හංගා ගෙන ඉන්න එකත් ක්‍රිමිනල් වරදක් බව මෛත්‍රී දන්නවාද?(රේ)
ඔබතුමා ආර්ථික විද්‍යාව උගන්වාගෙන සිටියා නම් අදටත් සිසුන්ගේ වීරයෙක් බව නම් නොකිවයුතුමනාය. (නි)
අනේ! ඔය පාද යාත්‍රා ගිය අයට ඒ කාලය ඵලදායී වැඩකට යොදාගන්න පුලුවන් වුණා නම්... (නි)
60% ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිසා ශ්‍රී ලංකාවට යන කල! (නි)
මෛත්‍රී මහතාට එහෙම කියන්න අයිතියක් තියෙනවා. එයයි දැන් නායකයා. පක්ෂය කඩන්න හදන අයට පාඩමක් උගන්වන්න ඕනෑ. ඒකාබද්ධ විපක්ෂේ බාගයක් වෙන පක්ෂ වලින් ගත් උදවිය. (නි)
මොනවා කරන්නද සෙනඟ අාවෙත් නැහැ. කියපු කතාවට අත්පුඩි ගහලා හුරේ දැම්මෙත් නැහැ. මොකද කියන්නේ, රාජපක්ෂලාට බැන බැන යන එක හැර ඡන්දදායකයින් ඉදිරියේ වෙන මොනවා කියන්නද? මාතර කට්ටිය නම් නිහඬව අහගෙන හිටියේ, අපි මේ වතාවේ පොදු අපේක්ෂකයෙක් වෙනත් පක්ෂයකින් ගත්තට අායෙත් ඒ මෝඩ වැඩේ නම් ඊළඟ වාරයේදී කරන්නේ නැහැ කියන නිහඬ පණිවිඩයයි ඒ දීලා තියෙන්නේ. (නි)
මෙතන අදහස් දමන අයගෙන් වැඩිම දෙනා නිතර හමුවෙන අය. ඒ අයගෙන් ඡන්ද ප්‍රතිඵල අනුමාන කරන අයත් ඉන්නවා වාගෙ පෙනෙනවා. අනේ ඉතින් අපි මක්කරන්නද? පොඩ්ඩක් හිනායනවා තමයි එහෙම අදහස් බැලුවහම. (නි)
තිලක් ඩුබායි ඔබ තුමාට බැරිද ලංකාවට එන්න ඇවිත් ,යහපාලන ආණ්ඩුවේ රෙදි හෝදන්න පටන් ගන්න.ඩුබායි ඉදන් රෙදි හෙදිවට වැඩක් නැහැ.(රේ)
මෙන්න යහපාලනයේ ගැළපෙන දෙන්නෙක් හමුවුණා, තිලක් -ඩුබායි සහ දේවේන්ද්‍ර-ජර්මනිය. වාසනාවට දෙන්නම ශ්‍රී ලංකාද්වීපයේ පය ගහලා නැහැ. ඔයාලා ඔය රටවල් වලටම වෙලා ඉන්න. (නි)
ප්‍රියාන්: කෝ දැන් සුදු වෑන්වලින් උස්සල මරල දාන ඒවා. මාලිගාවට එන්න කියල දන්සැල් දෙන ඒවා. රටේ මහජනතාවගේ සල්ලි වලින් එක කොටසක් විතරක් යහමින් ජීවත් වුනා. ඇස් තිබුණට වැඩක් නැහැ සත්‍ය දකින්න බැරිනම්. කන් තිබුණට වැඩක් නැහැ හරි දේ අහන්න බැරි නම්. කටවල් තිබුණට වැඩක් නැහැ හරි දේ කියන්න බැරි නම්. කොන්දක් තිබුණට වැඩක් නැහැ කෙළින් තියාගන්න බැරි නම්.(රේ)
ජනධෙිපතිගේ කතාව හොඳයි ඔහු ගැන තවමත් හරියට නොදන්නා උදවිය ඉන්නවනම් දැනගන්න. කෝ තවම එයාගේ නැතිඋනු ලියවිල්ල (ඖෂධ පනත එලියට ආවද ?) ඕකේ අලුතෙන් ප්‍රින්ට් එකෙක් අරගෙන පනත සම්මත කරගන්න අවුරුද්දයි මාස පහක් ගිහිල්ලත් බැරිඋනාද ?(රේ)
ජනපති තුමා මඩු වල්ගේ අතට ගන්න. පරණ රජා ෆයිල් හැන්ගුවේ තම ඒකාධිපති බලය සදාකල් රැකගන්න. නමුත් මෛත්‍රි මේ හදන්නේ රට රැකගන්නත් නිදහස් පක්ෂය රැකගන්නත් කියන එක තේරුම් ගන්න බැරි කොටසක් තමා මේ එතුමාව විවේචනය කරන්නේ.i(රේ)
කෝ ඉතින් වැඩක් කරන්න දෙනවද මේ ඒකාබද්ධ විපක්ෂය කියන කට්ටිය. මහින්ද මහත්තයට නම් තාම බල තණ්හාව ගිහිල්ලා නැති හින්දා තමයි මේ වගේ වැඩ කරන්නේ. ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට බලතණ්හාව තිබුණේම නැහැ. ඊට ප්‍රධානම උදාරණයක් තමයි හිටපු ජනාධිපතිවරු වන ජේ.ආර්. ජයවර්ධන මහතා, ඩී.බී.විජේතුංග මහතා, චන්ද්‍රිකා මැතිනිය... මහින්ද මහත්තයා යුද්ධය ඉවර කළා. අපි නැහැ කියන්නේ නැහැ. නමුත් යුද්ධයේ නම විකුණාගෙන කන්න එපා. අපේ විරෝධාර රණවිරුවන් තමා ඇත්ත වශයෙන්ම යුද්ධය දිනපු ආඩම්බරය ගතයුත්තේ. (නි)
තිලක් ඩුබායි කඩේ යන එක නම් උපරිමව කරනවා (නි)
ඔබතුමා ඕවට කලබල වෙන්න එපා බන්දුල මහත්තයෝ (නි)
යහපාලනයට මම කඩේ යන්නේ නැහැ. එ්ත් හිටපු අයගේ දශකයයේ දුෂණ වංචා ගැන මට "රාජපක්ෂවරු රටම ගසාකෑමේ පන්සිය පනස් ජාතක කතා වස්තුවක්" ලියන්න පුළුවන්. (නි)
බණ්ඩාර කුවේට්, ඔබ රටේ සිද්ධවුණ දේවල් ගැන දැනුවත්. (නි)
ඔයාලගෙ වැඩ ගැන තමා කියන්නෙ. අපි නොදන්නවා නොවෙයි (නි)
මේ කතාව මමත් ඇහුවා. අද රටේ නායකයා විදිහට කතාකළ දේ ගැන අපි දුක්වෙනවා. කෙසේනමුත් හැම කෙනෙක්ගේම කුණු ටික ටික එළියට එයි වගේ පෙනෙන්නේ (නි)
ඕක මහින්ද කියනකොට ඔහොම හිතුනේ නැද්ද? (නි)
අපි නම් මේ කතාව අනුමත කරන්නේ නැහැ (නි)
මුණසිංහ.අපි දෙන්නම කන්නේ බත්නේ.ඒ නිසයි ඔබට එහෙම හිතෙනවා ඇත්තේ.(රේ)
තිලක්-ඩුබායි වගේ නම් කිසිම කෙනෙක් ඔය වගේ අදහස් දරන්නේ නැහැ. (නි)
බය වෙන්න දෙයක් නෑ අයෙත් රාජපක්ස නම ගෑවුන කෙනෙකුට ලංකාවේ නායකත්වයට එන්න බෑ (රේ)
2500 කන එක වගේද ? සර් (රේ)
පිස්සුද බන්දුල මහත්තයෝ එයා පක්ෂ ලේකම් වෙලා හිටියේ නැහැ.(රේ)
ඇත්තෙන්ම සිරිසේන මහතා මෙවැනි තර්ජණයක් එල්ල කිරීම ඉතා වැරදි දෙයක්. (රේ)
මේ යුඇන්පී-ශ්‍රි ල නි ප හොර මගුල ඉක්මනින් ඉවර වෙනවනම් රටට හොඳයි.(රේ)
ආයෙත්, ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ ගැනද ඔය කියන්න හදන්නේ ජනාධිපති මහත්තයෝ (රේ)
මන්ත්‍රීතුමනි! බොහොම ඉක්මනින් පුතාගේ කාර් අනතුර විභාග වෙනවාට කැමතිද? (රේ)
තර්ජන, ගර්ජන ඔර්නේ නැහැ. තමන් කරන වැඩේ හරියට කලානම් ඉවරඊ නේ.(රේ)
යන එන මන් නැති උන අයගේ විලාපය (රේ)
හරියට වියරු වැටිලා කරපු කතාවක් තමයි අපි දැක්කේ. බයටම වෙන්න ඇතිනේද කොල්ලෝ. දැන් ඉතින් මහින්ද මහත්තයට පක්ෂයක් හදන්නයි තියෙන්නේ. පෙන්නන්නකො වැඩ දැන්. පිස්සුනම් කරන්න එපා. අපි රටත් සමග, හොඳ නායකයෙක් සමග. සුභ ගමන්.....!!(රේ)
තමගේ බලය රැකගැනීමට නිදහස් පක්ෂයේ පැරදුන මන්ත්‍රීවරුනට ආණ්ඩුවේ ඇමතිකම් දිලානේ තියෙන්නේ ,ඒ මහත්වරු අයෙත් මහින්ද මහත්තය ලගට යයි කියල බයට කියපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රකාශ තැබීමත් හාස්‍යට කරුණක්.(රේ)
මාතර තිබුන රැලියට ආපු සෙනග දැකපු ගමන් හිත වාවාගන්න බැරි වෙන්න ඇති(රේ)
ඇත්තමයි, ජනාධිපති තුමාගේ ඒ කතාව රටේ නායකයාට ගැලපෙන කතාවක්නම් නෙමෙයි තමා හරියට හොල්මනක් දැකලා බය වෙලා කෑ ගහනවා වගේ. අනිත් එක වයිරය, ක්‍රෝධය උතුරනවා. මෛත්‍රි කියන නම වෙනස් කරන්නයි වෙන්නේ. අහෝ දුකකි.(රේ)
ජනවාරි 8ට කලින් කීවටිකෙන් තව දුරටත් දුවගන්න බැහැ වගෙයි. අලුත් කතා ටිකක් කියන්න කාලේ හරි. ඒකයි ජනාධිපතිතුමා එහෙම කීවේ.(රේ)
ජනාධිපතිට කේන්ති ගිහින් තියෙන්නේ ආපු සෙනග දැකල වෙන්න ඇති..ඔබතුමාලා යන ගමන යන්න..ඕවත් ලැම්බෝගිනි කතා තමයි..(රේ)
කතාව අහද්දීම මට ඕක හිතුන අරයගෙ ෆයිල් මතක් උනා (රේ)
ජනාධිපතිවරයාගේ කතාව කෙසේවෙතත් තාත්වික නැහැ. මන්ද ඔහු කියන්නේ අලුත් පක්ෂයක් හැදුවොත් පමණයි ඔහු රහස් එලියට දාන්නේ. එහෙම නම් අපිටත් සැකයක් පහලවෙන්නේ ජනාධිපතිවරයාත් වැරදි දේවල් හංගනවදෝ කියලයි. එහෙම නම් 2015 ජනවාරි 8 වෙනිදා ජනතා තීන්දුවට මෙය පටහැනි නොවේද ? (රේ)
දෙන්නම් බැටේ කථාව.?හොඳටම බය වෙලා. පව් කියා හිතෙනවා. (රේ)
මෙයත් කාලයක් යූ. එන්.පී. එකේ ඉඳල ඇමතිකමක් දරල පස්සේ රාජපක්ෂ රජයට එකතුවෙලා එම රජයේ වෙළඳ හා ආර්ථික කටයුතු පිලිබඳ ඇමති වෙලා ඉන්නකොට බඩු මිළ ඉහළ යාම වලක්වන්න ශක්‍රයාට නෙවේ ශක්‍රයාගේ පුතා වන වයිමාටවත් බැරි බව කිවේ මෙයා තමයි. දැන් ආයෙමත් ශක්‍රයාටවත් කියල බලන්න රාජපක්ෂ ආණ්ඩුවක් පත් කරගෙන ඇමතිකමක් ගන්න පුලුවන්ද කියල. (රේ)
ජනතාව ප්‍රතික්ෂේප කරපු අයව ජාතික ලිස්ටුවට දාල හොර පාරෙන් පාර්ලිමේන්තුවට ගත්තේ කොහේ තියන ප්‍රජතන්ත්‍රවාදයකටද .දන්නේ නෑ (රේ)
කලින් ජනාධිපති රස්සාව කරපු එක්කනා ෆයිල් කතාව කියනකොට මෙයා ඉපදිලා නැතිද දන්නේ නැහැ (රේ)
මේක මාර කතාවක්නේ පක්ෂ හදන්න එපා කියල තර්ජනය කරන්නේ හරියටම ඉඩිඅමීන් වගේ (රේ)
රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ කාලයේ මේ අයට කටවල් තිබුනට ඇරියේ නැහැ බයට. ඒ කාලයේ ඒකාධිපති පාලනයේ හා මේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනස ඒකයි. (රේ)
අනේ දේවේන්ද්‍ර..ඔය ජර්මනියටම වෙලා ඉන්න..අපිනේ දකින්නේ වෙනසෙ තරම..දැන් කිව්ව අපමණ අගය ලැබිල තියෙනවද රටට? (රේ)
ජර්මනියේ ඉන්නේ ඔක්කොම යු අන් පි කාරයෝ (රේ)
මේ වගේ මෝඩ කථා කියනවද. ජනවාරි 8 බලය දුන්නේ තමාගේ වාසිය උදෙසා රහස් හන්ගගෙන ඉන්නද? ඒකෙන්ම පේනවා හැටි නේද? (රේ)
දේවේන්ද්‍ර-ජර්මනිය.ඔබගේ කතාව 100% සත්‍යයි.හිටපු ඒකාධිපතියාට සහ පවුලට රට යටත් වෙලා තිබුන වනචර දශකයේදී කටවල් වලට පණක් තිබුනේ නැහැ.ඉස්සර එහෙම කොන්දක් තිබුන කෙනෙක් හොයා ගන්නත් නැහැ.(රේ)
හිටපු ඒකාධිපතිය බදු පිට බදු ගහල අසරණ මිනිසුන් කන්න අදින්න නැතිව ගගට මුහුදට පැනල මැරෙන කාලේදී තමයි මෙය කිව්වේ රුපියල් 2500 කින් හොදට කන්න පුළුවන් කියල. (රේ)
ඩිලන්.ඔබ හරියටම හරි.නැවත රාජපක්ෂලාට ලංකාවේ දේශපාලනය කරන්න ලැබෙන්නේ නැහැ.ජනවාරි 8 වෙනිදා අපි ගෙදරම යැව්වා.(රේ)