ඉන්දියාවේ ආන්ද්‍රප්‍රදේශ් තිරුපති හින්දු දොවොලට ගිය ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතා පැවැත්වූ කලහකාරීන් 130කට වැඩි පිරිසක් ආන්ද්‍ර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබී යැයි චෙන්නායි ආරංචි පවසයි.
කොටි හිතවාදී තමිල්නාඩු දේශපාලන පක්ෂ වන පී.එම්.කේ පක්ෂ වල ක්‍රියාකාරීන් පිරිස මෙලෙස අත්අඩංගුවට පත්ව සිටිති. ජනපති තිරුපති දේවාලයට යන එන මාර්ගය දෙපස කළු කොඩි රැගෙන ශ්‍රී ලංකා රජයට උද්ඝෝෂණ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයට දෙවියන්ගේ පිහිටයි! (නි)
පක්ෂ බේදයකින් තොරව හිස නමා ආචාර කරමි. කිසිම බලපෑමකට යටහත් නොවී නොබියව මුණ දෙන්න (නදී)
අපේ රටේ ඉන්න අංගම්පොර බොඩි ගාට්ලට ගහන්න ඉන්දියාවේ ඉන්න කොටින්ට බැහැ. ජනපතිට ජයවේවා ! (නදී)
අපේ මිනිස්සුන්ට ඉතා ඉක්මනින් අතීතය අමතක වෙනවා. මාසෙන් මාසෙට බඩු මිල වැඩි කර කර අපේ බඩට ගැහුවත් ජන්දෙට මාසයක් තියලා බඩු මිල ටිකක් අඩු කලහම සේරම අමතකයි.(හේ)
එහෙ කට්ටියත් සිරිසේන මහත්තයට නේ. (නදී)
නීතියක් තියෙන රටකයි නැති රටකයි වෙනස. එහෙ කළු කොඩි දැම්මත් අත්අඩංගුවට නමුත් මෙහෙ යාරෙන් යාරේට කටවුට් ගහගෙන ඉන්නේ චන්ඩි කමෙන්.(හේ)
ඇයි ඉන්දියාවට යන්නේ. යන්න දළදා මාළිගාවට (නි)
ජයලලිතා මොකද දන්නෙ නැහැ කරන්නේ මේ දවස් වල? (නි)
සිරිසේන මහත්තයා දිනුවහම තව හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන් වෙයි (නි)
ලෝකයේ හැමතැනම විරුද්ධකාරයෝනේ. පුදුම විදේශ ප්‍රතිපත්ති! (නි)
ඉතින් කෝ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස? ඔය නිසයි අපට මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. (නි)
ඇත්ත තමයි කමලසිරි අවුරුදු 30 ක් බෝම්බ වලට බයේ ජීවිතය ගැන විශ්වාසය අතහැරලා කොළඹ ආපු එකයි , ඈත ගම්වල මිනිස්සු රෑට කලවල්වල නිදියපු එකත් අමතක වෙලා.(හේ)
ලෝකයා ඉදිරියේ තවත් හැල්ලුවට ලක්වෙනවා මේ වැඩ වලින් ලංකාවේ ඡන්දය දිනාගන්නත් ඉන්දියාවේ පිහිට පතන්න සිද්ධ වෙලා ! (ම)
ඕනේ එකටයි එපා එකටයි විරුද්ධ වෙනකොට ඒකත් එපා වෙනවා. අපේ රටෙත් සමහරු විරෝධතා කියලා පඹයෝ පුච්චන්නේ, ඕවා කළා කියලා ජනපතිතුමා තිරුපති වන්දනේ කළේ නැද්ද? ඔය වගේ මුණ හංගන් කරන විරෝධතා කියන්නේ තුට්ටු දෙකේ වැඩ.(හේ)
මොනවා නැතත් කන්න තිබුනානම් ඇති කියලා හිතන බඩගෝස්තරවාදී ස්වල්පයක් පිරිස මොනවා කිව්වත් අති බහුතර ජනතාවක් ජනාධිපති තුමාට ආශිර්වාද කරනවා අනිවාර්යයෙන්ම. (බ)
මොනවා නැතත් කන්න තිබුනා නම් ඇති කියලා හිතන බඩගෝස්තරවාදී ස්වල්පයක් පිරිසට තමයි යහපාලනය , ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනෑ නැත්තේ. ඒ අය දෙනදෙයක් කාලා ඉන්නවා. අපිටත් එහෙම ඉන්න කියන එකයි වැරැද්ද. (නි)