IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජනපතිවරණයේ බලය හෙට සිට ජන්ද කොමිසම අතේ

(රංජන් කස්තුරි )

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හෙට (17) සිට බලය පැවරෙන අතර ඉදිරි සති දෙකක කාලය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම්.ඒ. එල්. රත්නායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවැසීය

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනයේ නාමයෝජනා භාර ගන්නා දිනය ඇප මුදල් තැන්පත් කළ යුතු දින සහ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව ද රත්නායක මහතා එහිදී සඳහන් කළේය.

මේ අතර ජනාධිපති මැතිවරණය සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර කාලය තුළ පැවැත්වීමට කටයුතු යොදන බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කීවේය.

මේ අතර ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 1000ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බව ද රත්නායක මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරණයේ මූලික කටයුතු සඳහා වන ඇතැම් වියදම් දැනටමත් සිදු කර ඇති අතර      මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීමට ජන්දදායකයන් 1,71,40, 000ක් සුදුසුකම් ලබා සිටින බව ද ඔහු සදහන් කළේය.

ඒ අතර වයස අවුරුදු 18 සම්පූර්ණවූ තරුණ ජන්ද 76,000ක් තිබෙන බව ද ඔහු කීවේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෝ සහ නිලධාරීහු පිරිසක් ද  එක්ව සිටියහ.



අදහස් (3)

ජනපතිවරණයේ බලය හෙට සිට ජන්ද කොමිසම අතේ

රටවැසියා Tuesday, 16 July 2024 06:39 PM

උසාවි නියෝග වලින් පස්සේ, ඊ ළඟට එන ගිනි විජ්ජුම්බරය මොකක් වෙයිද දන්නෑ...? බොහෝ දෙනෙකු හිතන්නේ මොකක් හරි "ගේම්" එකකින් ඡන්දය කල් දාන්න පුලුවන් කියායි...!

:       0       1

chandima Tuesday, 16 July 2024 09:33 PM

ජනමත විචාරන තියනකල් මහ චන්දෙ පස්සට දාන්න කියලා තර්ජනය කරලා එහෙම නැතිද ?ඔය තරම්ම ආස නම් ඒ දෙකම උනත් එකට තියන්න පුළුවන් නේද ?

:       0       2

Malinga Wednesday, 17 July 2024 11:28 AM

බලය කැළඹුනාට වැඩක් නැහැ මේ මාසේ අග වෙනකල් රාහු කාලේ ලු

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3787 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2770 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3555 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3257 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 722 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1411 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36123 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24135 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site