IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජනපතිවරණයට එරෙහි තවත් පෙත්සමක් හෙට විභාගයට

(මනෝප්‍රිය ගුණසේකර)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කර නොතිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගෙනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සළකා බැලීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය නිසියාකාරව සම්මත වී නොමැති අවස්ථාවක එය ජනමත විචාරණයකට යොමු කර අනුමැතිය ගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම මුලික අයිතිවාසිකම්ද උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙලෙස සළකා බැලේ.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහතුවරු කටයුතු කෙරේ.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඉදිරිපත් කර ඇති මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම, එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

 



අදහස් (4)

ජනපතිවරණයට එරෙහි තවත් පෙත්සමක් හෙට විභාගයට

Beeri Aliya Monday, 15 July 2024 12:36 AM

ඡන්දය තියන්න මුදල් නැ කියනවා ඒකට විරුද්ධව උද්ඝෝෂණ කරන්න ආවොත් පොලිසිය හමුදාව දාලා මදි නොකියන්න සංග්‍රහ කරනවා

:       0       0

තෝල්ක මුදලි Monday, 15 July 2024 01:20 AM

ගරු විනිශ්චයකාරතුමනි, චන්දයට බයේ සිටින දුෂිත දේශකාපාලුවන් රැසකගේ අසුචි රස බලන මේ පෙත්සම්කරුවා මේ හදන්නේ චන්දයට මොනයම් ක්‍රමයකින් හෝ ප්‍රශ්නයක් ඇතිකර ඡන්දය පැවැත්වීම වැළැක්වීමයි. ව්‍යවස්තාව පිළිබඳව පසුගිය සතියට කලින් සතියේ ඔබතුමාලා දුන් අර්ථ නිරුපණය ගණන් නොගෙන මොහු කරන්නේ අධිකරණයට අපහාසයක්. මිට කලින් ආපු එකා රුපියල් ලක්ෂයකට දඩ කෑවා.එකත් ගණන් ගන්නේ නැතිව මෙහෙම ඇවිත් උසාවියට අපහාසකරන මේ නරපනුවාට රුපියල් මිලියන 10 ක් දඩගසා, ඔහුගේ නිතිඥ කෝට් එකත් ගලවන්න කියලා මම යෝජනා කරනවා ස්වාමිනි. ස්තුතියි.

:       0       3

Basnayake Monday, 15 July 2024 05:54 AM

අධිකරණය විහිලුවට ලක් කරන්නට හෝ හිතෙන හිතෙන හැටියට නටවන්නට උත්සාහ කරන්නන්ට උපරීම දඬුවම් ලබාදිය යුතුය.

:       1       4

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 11:49 AM

ගරු අධිකරණයේ කාලය නාස්ති කිරීම සහ අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් මේ අඤාණයාට නඩු ගාස්තු ලෙස ලක්ෂ දහයකුත්, අධිකරණයට අපහාස කිරීමට රුපියල් කෝටියක දඩ මුදලක් හා වසර දහයකට අත් හිටවූ වසර තුනක හිර දඬුවමක් නියම කරන ලෙස ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 7188 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4239 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 5506 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4041 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 967 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1733 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36374 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24174 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 523 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 226 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site