(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මේ ආණ්ඩුව බදු වැඩි ක⁣ළේ නැතැයි ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළද ගිය අයවැයෙන් බදු කීපයක්ම වැඩි කළ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ ආණ්ඩුව ඇවිත් අලුත් බදු දැම්මා.අපනයනය  කරන අයට ඔන්ලයින්  වැඩ කරන අයට බදු ගැහුවා.ජනාධිපතිතුමාට වැරදි තොරතුරු දෙන්න එපා.

බිලියන 41ක් ණය ගෙවන එක කජ්ජක්ද කියලා ජනාධිපතිතුමා එදා ඇහුවා.

අද අස්වැසුම ලක්ෂ හතක් කපලා තියෙනවා.

ඒ වගේම පෝට් සිටි ආයෝජනයෙන් චීන සමාගම ගියේ ඇයි? ඇමරිකාව සහ චීනය අතර ලෝක බල තුලනය පිළිබඳ ගැටුමක් තියෙනවා.බලය තහවුරු කරගන්න මේ කලාපය ඇතුලෙත් ලොකු සීතල යුද්ධයක් යනවා.එක පැත්තකින් අපි චීනෙට වරායේ ආයෝජනය දෙනවා.ඇමරිකාවට සීසීටීවී සවි කරන්න දෙනවා.චීන්නු කරන ව්‍යාපෘතියට ඇමරිකන් කාරයා ගිහිල්ලා සී.සී.ටීවී සවි කළාම චීන ආයෝජකයෝ එන්නේ නෑ යනුවෙන් ද  මන්ත්‍රීවරයා කීය.