(උපාලි ආනන්ද)

කලාවැව කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සැරිසරමින් සිටි දීග දන්තු එක හස්තියාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පෞද්ගලික රක්ෂණ සමාගමේ කැකිරාව ශාඛාවේ කළමනාකාරුට එරෙහිව පොදු දේපල පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා  වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇති බව ගල්කිරියාගම වනජීවි කාර්යලායේ අඩවි ආරක්ෂක ප්‍රශාන්ත විජේකෝන් මහතා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

දීග දන්තු එක හස්තියාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධියට අදාළ නඩුව කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර මෙනවිය ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදී ගල්කිරියාගම වනජීවි කාර්යලායේ අඩවි ආරක්ෂක ප්‍රශාන්ත විජේකෝන් මහතා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

දීග දන්තු හස්තියා ඝාතන සිද්ධියට අදාළ සැකකරුට පොදු දේපල පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් ඇති නිසා මෙම නඩුවට අදාළ නඩු ගොනුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ගල්කිරියාගම පොලිසියට බාර දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය ගල්කිරියාගම වනජීවි ජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයාට නියෝග කරනු ලැබුවාය.

ඒ අනුව මෙම නඩුවට අදාළ නඩු ගොනුව ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ප්‍රශාන්ත විජේකොන් මහතා විසින් ගල්කිරියාම පොලිසියට බාර දෙනු ලැබීය.