මැණික් ඔබගේ සම්පූර්ණ නම
මැණික් විජේවර්ධන
ගම් පළාත?
රත්නපුරය
.jpg)
පාසැල් ගැන කිව්වොත්
මහනුවර ලක්පහන, නුවරඑළිය පේන්ටර් සහ රත්නපුර කොන්වන්ට් එකට ගියේ.
පවුලේ විස්තර ගැන සඳහනක් කළොත්?
මම පවුලේ වැඩිමලා. නංගිලා තුන්දෙනයි, මල්ලියි, අම්මා - තාත්තා ව්‍යාපාර කටයුතුවල නියැලෙනවා.
මොන වගේ අංශයක් අරමුණු කරගෙනද ඉගෙන ගත්තෙ?
කලා අංශයෙන් උසස් පෙළ කළේ. මගේ ආසාව වුණේ හෙදියක වීමටයි. අවුරුද්දක් විතර හෙදියක ලෙස කටයුතු කළා. දැන් රැකියාවක් කරන්නෙ නැහැ. විවාහයට සූදානමින් සිටින්නෙ. එයාගෙ ව්‍යාපාරයේ කටයුතුවලට සහය වෙනවා.
පදිංචිය රත්නපුරයේද?
දැන් නුගේගොඩ.
කලා ක්ෂේත‍්‍රය මැණික් ගැන කතා කරන්න පටන් ගත්තෙ?
අනිත්‍යා චිත‍්‍රපටයේ රඟපෑමට එක්වීම නිසයි. ඉන්පසුව නාලක විතානගේ අයියාම අධ්‍යක්ෂණය කළ දෙවැනි චිත‍්‍රපටයෙත් රඟපාන්න ලැබුණා. උදයකාන්ත වර්ණසූරිය කොස්තාපල් පුණ්‍යසෝම චිත‍්‍රපටයෙත් රඟපෑවා.
ඔබගෙ තාත්තා මැණික් ව්‍යාපාරයෙ යෙදෙන නිසාද, ඔබට මැණික් කියන නම යෙදුවෙ?
මගෙ නම තිලංකා ලක්මිණි විජේවර්ධනයි. ඒත් කුඩා කාලයේ ඉඳලාම හුරතලයට අම්මා තාත්තා මට කිව්වෙ මැණික් කියලයි. ඒ නම භාවිතයට ආවා.
මැණික් මේ චිත‍්‍රපටයේ රඟපෑමට පෙර වෙනත් ඒවායේ රඟපාලා නැහැ නේද?
නැහැ.
මෙම චිත‍්‍රපටයෙ රඟපෑමට මාවත විවර වුණේ කොහොමද?
මෙම චිත‍්‍රපටයේ රඟපෑමට පෙර රූපවාහිනි දැන්වීම් වල සහ පාසැල් වේදිකාවේ රඟපාලා තිබුණා. ඒ දේවල් නිසා නිර්මාණකරුවන් තමුන්ගෙ නිර්මාණයට ගැලපෙන චරිත සොයා යද්දී මගේ රුවත් ගැලපෙන්න ඇති. මෙම චිිත‍්‍රපටයට පෙර තවත් චිත‍්‍රපට දෙකක විතර රඟපෑමට ලැබුණා. ඒත් පිටපත කියවීමෙන් පසු මට දැනුණෙ මේ චිත‍්‍රපටයයි. ඒ නිසා අනිත්‍යා චරිතය බාර ගත්තා.
මොකක්ද මෙහි ඔබ දකින වෙනස?
මෙය මනඃකල්පිත හෝ ආරූඪ කරවූ චරිත සමග මැවූ චිත‍්‍රපටයක් නෙවෙයි. සමාජයේ සැබෑ ලෙස දකින ජීවමාන එහෙත් අපි ඒවා ගැන වැඩිපුර කතාබහ නොවන චරිතයි. සරලවම කිව්වොත් හිස්නැති චරිතයි. ඇත්ත ඇති සැටියෙන් කතා කරන චරිතයි.
මේ විදියට චරිතය තෝරාගත් ඔබට රගපෑම දැනුණෙ කොහොමද?
කැමරාව ඉදිරියට ගිහින් රඟපෑම ලෙහෙසි නැහැ. චරිතයට ප‍්‍රවේශ වී එහි ජීවත් වෙන්න ඕනෑ. එය ඇත්තටම අමාරු දෙයක්.
ඔබ ඒ චරිතයේ ජීවත්වුණා කියලා හිතනවද?
මගේ හැකියාව අධ්‍යක්ෂ නාලක අයියා ප‍්‍රමුඛ මේ චිත‍්‍රපටයේ පිරිස එළියට ගන්න ඇති. ඇත්තටම ඒ අය මට උදව් කළා කිව්වොත් හරි. ඊට අමතරව චරිතයේ ජීවත් විය යුතු තැන්වල මම ජීවත් වුණා. ඒත් චරිතය රඟපාලා ඉවර වුණාම සියයට සීයක්ම මට ඒ ගැන සතුටු වෙන්න බැහැ. තවත් බොහෝ දේ කරන්න තිබුණා නේද කියලා හිතුවා.
සිනමාව ගැන ඔබට තියෙන කැමැත්ත මොන වගේද?
සිනමාවට මම ආසයි. ඒත් විශ්වාස කරන්න, මම වැඩිපුර කැමති කාටුන් නැරඹීමටයි.
රඟපෑමේ දී ලැබෙන චරිත බාර ගන්නවද? නැතිනම් ඉන් එහා චරිතයට කළ හැකි දේ ගැන හිතනවද?
ඇත්තටම ලංකා සමාජයේදී අපට සියල්ල කළ හැකි වන්නේ එක්තරා සීමාවකට මැදිවෙලයි. ඒ සීමාව කඩාගෙන අපට අපේ හරවත් සංස්කෘතික බැම්මෙන් පිට පනින්න බැහැ. ඒ සියල්ල රැකගෙන කළයුතු දේ කිරීම තමයි වඩා හරවත්.
මැණික් සැබෑ ජීවිතේ චරිතය මොන වගේද?
ඉතාම සරලයි, පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්.
දෙමාපියන් මෙම චිත‍්‍රපටයේ රඟපෑම ගැන අනුමත කළාද?
අම්මයි තාත්තයි මෙහි පිටපත කියෙව්වා. අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. හොඳ තැන් පෙන්වලා දුන්නා.
ඔබ රඟපෑමට ආවේ ජනප‍්‍රිය ලේබලය ලබාගන්නද? ජනප‍්‍රිය වෙන්නද?
මගේ නිදහසට බාධා කරගන්න මම කොහොමටත් කැමති නැහැ. මම ජනප‍්‍රිය ලේබලය පස්සෙ යන කෙනෙක් නෙවෙයි.
ජීවිතය ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?
අපට මොන සැප සම්පත් තිබුණත්, ජීවත්වන ටික කාලය ඉතා ගුණ යහපත්, සහ හොඳින් ජීවත්වීම තමයි වැදගත්. මගේ චේතනාව එයයි.
හැඩගැන්වීම් - සැලොන් චන්දිමාල් (කෙවින්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් නිකන් මොකක්ද මොකක්ද වගේ. (නි)
ජනප්රිය වෙන අයගේ නිහතමාණී කම නම් රගපෑමක්.(නදී)
මේ ලඟදි මම දැක්ක ඇමෙරිකාවේ ජනප්‍රිය නළු නිලියෝ මුලින්ම එනකොට හිටපු හැටියි ක්‍රමයෙන් විකාශනය වෙච්චි හැටියි පින්තුර සමග. මුලින්ම එනකොට හොඳට ඇදුම් ඇඳලා හරියට ලංකාවේ ද නැතිනම් ඉන්දියාවේද කියලා හිතෙන තරම්. අන්තිමට ඒවා ටික ටික අඩුවෙවී ගිහින් නතර වෙලා තිබුනේ කිසිම ඇඳුමක් නැතිව. අපේ අයගේත් වැඩි දෙනෙකුට අන්තිමේ වෙන්නේ මේ ටිකම තමා. දෙමවුපියනි, ඔබද මේවාට වගකිවයුතුයි. මේ ළමයට එහෙම නොවේවා කියා මම පතමි. (නි)
දුවේ අපේ රට බබළවන්න (දී)
දෙමාපියනි, ලලිත් වැනි පුද්ගලයින්ගෙන් ඔබගේ දරුවා ප්‍රවේශම් කරගන්න. (නි)
මැණික් ඔයා හරිම ලස්සනයි. (නි)
ඇයි රෙනිශා පින්ටෝ, මමත් ඔයාව හොඳටම දන්නවානේ. (නි)
ඒක අහලා මගේ හිත හිරිවැටුණා. (නි)
ඇය ගැන සිතාබලද්දී ඇය මම වගේමයි. (නි)
ඔය කොහොම කිවුවත් ජනප්‍රිය වුණ ගමන් ඔය කතා අමතක වේවි. (නි)
මේ අය ජනප්‍රියද? (නදී)
කෞශි අක්කි ව අපි දන්නවා. එයා හරි හොද ළමයෙක්. මගේ හොඳ යාලුවෙක්. (නි)
දීර්ඝ ගමනකට සුභපැතුම් ඔබට,
මේ අපේ ඉස්කෝලේ හිටි නංගි කෙනෙක්නේ... සුභ පැතුම් ! (ස)
හොදට පය ගහල ඉන්න නැතිනම් ලිස්සන්න පුළුවන් නංගී.(නදී)
මෙයාව කාට අයිති වේවිද දන්නෙ නැහැ (නි)
ලස්සන හින්දා පරිස්සමින් හොදේ (නි)
නියමයි (නි)
මොනවා කියන්නද මන්දා? (නි)
දැක්කම නම් හොදයි. නමුත් හරියටම කියන්න අමාරුයි නේද?? (නි)
ලස්සනයි.(නදී)
පවු අසරනී. පවු අකිත් යට ගිය කල මෙයාටත් වේවිද? (නදී)
තව ටික දවසකින් රෙකෝඩ් එක කඩාගෙන යන්න පුළුවන් වේවි (ස)
සෙල්ලන් කරන්න බැරිද දන්නේ නැහැ නේද?(නදී)
නොදන්නා කමටයි අහන්නේ. මේ අය ද අපේ රටේ පරමාදර්ශී චරිත? හිත රිදුනා නම් සමාවන්න.(නදී)
ආසයි.....(ස)
ඔබ මට ලැබෙන්නට කෙතරමි පින් කළ යුතුද වග නොසගවා කියනු මැන ලැබැදි මියුලැසියේ.(නදී)
සුභපතනවා ඔබට මම (දී)
කවුද බොලේ මේ ??? (ස)
දැන් ඉන්නේ මේ වගේ නළු නිළියෝ තමයි . ඉස්සර හිටපු නළු නිළියෝ පාර්ලිමේන්තු යැව්වනේ අපේ අය (ස)
දැන් අපිට පොළවේ පය ගහලා ඉන්න නළු නිළියෝ නැහැ. හිටපු අය පාර්ලිමේන්තු යැව්වා. දැන් අපේ චිත්‍රපටි වලටත් නළු නිළියෝ ඉන්දියාවෙන් ගේන්නේ (නි)
කවුද බොලේ ඒ ?? (ස)
ඉන්න විදියෙන්ම පේනවා මෙයා හරිම සරල, පොළවේ පය ගසාගෙන ඉන්න කෙනෙක් කියලා. (නි)
වැලන්ටයින් කුමාරියක් වගේ මේ සුදු නංගී.(නදී)
ඔබට මම සුභ පතනවා (දී)
නංගි, ඉතාලිය පැත්තට එන්නෙ නැද්ද? (නි)
මැණිකේ ඔබෙ සිනාවේ ලිය වැල් ගලා ගියාවේ... (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා. (නි)
හොදයි, ටිකයි. (නි)
ලංකාදීප පත්තරේත් 3ඩී වර්ෂන් එකක් දෙන්නකො. (නි)
මොන බොරුද අනේ? කවුද අකමැති ජනප්‍රිය වෙන්න? (නි)
සුභ පැතුම්...!(නු)
සරළ බව ගතිගුණ වලින් කෙසේවෙතත් අවතුම් පැවතුම් වලින් නම් වෙන්න බැහැ..!(නු)
හැමෝම ගොඩාක් දේවල් කැප කරලා තමයි සිනමාවට එන්නේ. එතරම් දේවල් කැපකරන්න කොච්චර ආත්ම ශක්තියක් තියෙන්න ඕනෑද? අනිත්‍යයි...දුක්ඛයි.. අනාත්මකයි..... ඔය ශරිර කුඩුව ගද ගහන ඕජස් ගලන සිරුරකි පමණයි. (නි)