IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජනප‍්‍රියත්වය වෙලාවකට කරදරයක්

 

ප‍්‍රවීණ නාට්‍යවේදී රංජිත් ධර්මකීර්ති නව නිෂ්පාදනයක් ලෙස වේදිකාවට ගෙනා ”අන්ගාරා ගඟ ගලා බසී” නාට්‍යයේ වාල්යාගේ චරිතය හැඩ කරන්නේ ඇයයි. එලෙසින් කරලිය හැඩ කරන ඇය තෙරුණි ආසංශා පෙරේරාය. 2010 වසරේදී ” සිංදු කිරිල්ලී” නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් ඇය, තවමත් සරසවි අධ්‍යාපනය ලබන සිසුවියකි. හැකියාවෙන් ඉහළ තෙරුණිගේ හඬට අපි මොහොතකට සවන්දෙමු.

 

 

තෙරුණි මේ දිනවල මොනවද කරන්නෙ?
සෞන්දර්ය සරසවියේ පළමු වසරේ සිසුවියක්. ඊට අමතරව වේදිකා නාට්‍යය රංගනයේ යෙදෙනවා. මේ දිනවල ජයන්ත ෆොන්සේකාගේ ”දෙකොණ විලක්කුව” නාට්‍යයේ පුහුණුවීම්වලට දායක වෙනවා. ඉගෙනීමට මුල්තැන දෙමින් නාට්‍යය රංගනයේ යෙදෙන බව කියන්න පුළුවනි.


කලා ක්ෂේත‍්‍රයේ ගමන පටන්ගත්තෙ කොහොමද?
පාසල් කාලයේ සිටම නැටුමට ගැයුමට සම්බන්ධව කටයුතු කළා. සමස්ත ලංකා නැටුම් හා රංග කලා මෙන්ම සාහිත්‍ය ආදී අංශවල නිරතව කටයුතු කරන්න පටන් ගත්තා. ප‍්‍රසිද්ධ වේදිකාවට ආවේ, සහන් රංවලගෙ වෙලාව කීයද කියන නාට්‍යයත් සමගයි. එය 2008 වසරේදී රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කළා. ඉන් පසුව විද්‍යාරත්න ප‍්‍රනාන්දු සර්ගෙ ”සම්මත අසම්මත” නාට්‍යයේත් රඟපෑවා. එලෙසින් ආ ගමනේදී බුද්ධික දමයන්තගෙ ”සිංදු කිරිල්ලි” රඟපෑමට හොඳම නිළිය වුණා. දැන් රංජිත් ධර්මකීර්ති සර්ගෙ අන්ගාරා ගඟ නාට්‍යයට අමතරව, චාමික හත්ලහවත්තගෙ ”මකරට” නාට්‍යයේ රඟපානවා.

 


අන්ගාරාගඟ වාල්යා චරිතයට සම්බන්ධවීම ගැන කීවොත්?
එය, එම නාට්‍යයේ ප‍්‍රධාන චරිත ත‍්‍රිත්වයෙන් එකක්. උසස් පෙළ කරන කාලයේදී රංජිත් ධර්මකීර්ති සර්ගෙ පොත් කියවලා තිබුණා. ඇත්තටම සර් අපට ලොකු චරිතයක් වුණා. ඒ වගේ කෙනෙක්ගෙ නාට්‍ය නිර්මාණයකට දායකවීම ඊටත් වඩා ලොකු භාග්‍යයක් වුණා. එවැනි මහා කලාකරුවකුගේ ආභාෂය ලැබීම ඉතා ලොකු දෙයක් වුණා.

 


අන්ගාරා ගඟ නාට්‍යයේ වාල්යාගේ චරිතය ගැන හිතන්නෙ කොහොමද?
ස්වභාවයෙන් දෙවිදියකට ගලා යන නාට්‍යයක්. මුලින්ම දඟකාර සැහැල්ලූ චරිතයක්. පසුව, ජීවිතේ ගොඩාක් දුරට තේරුම් අරගෙන දියුණු කරගෙන යන කෙනෙක්. ප‍්‍රසන්නජිත් සර් එහෙම මට බොහෝ දේ කියා දුන්නා. ඒ අනුව මෙම චරිතය සාර්ථකව රඟපානවා කියලා මට හිතෙනවා.
”ඔව්... මට මතකයි එදා අපි හුඟාක් උදෙන්ම නැගිට්ටා, සර්ජි ගෙදරින් පිට වෙන්න කලින් මගේ අත් දෙකම අල්ලගෙන කතා කළා.”
වාල්යාගේ මෙම දෙබස් කියවද්දී, ඇත්තටම මට මේ සියල්ල සිහිනයක් වගේ නේද කියලා දැනෙන්න පටන් ගත්තා. එදා උසස් පෙළ විෂය නිර්දේශයට පොත් කියවපු මට මේ නාට්‍යයේ රඟපාන්න ලැබීමම කොච්චර ලොකු භාග්‍යයක්ද කියලා හිතුණා.

 

 


දැන් ඔබේ අරමුණ කුමක්ද?
මම කැමතිම වේදිකාවටයි.

 


ඇයි ඒ?
මට හිතෙන විදියට සිනමාව සහ ටෙලි නාට්‍යවලට වඩා ඒවාට සම්බන්ධව ජනප‍්‍රිය රැුල්ලට යනවාට වඩා වේදිකාව හරි අර්ථාන්විතයි.


වේදිකාවේ රඟපාලා ගොඩාක් මුදල් හොයන්න බැහැ නේද?
ඔව්, ඒක ඇත්ත. ඒත් ජීවිතය තේරුම් ගන්න සහ ජීවිතය සොයා ගන්න පුළුවන් තැන එතැනයි.

 


ඔබට  ඕනෑ කරන්නෙ ජනප‍්‍රියත්වය සහ මුදල් නෙවෙයිද?
එහෙම  ඕනෑ නම් මට  ඕනෑ තරම් අවස්ථා ලැබුණා. නමුත් තවම මම අධ්‍යාපනය හදාරණ කෙනෙක්. ජනප‍්‍රියත්වය සහ මුදල් මත හඹා යාමට වඩා ජීවිතය අර්ථවත් කරගන්න තව බොහෝ දේ එකතු කර ගන්න තියෙනවා.

 


ජනප‍්‍රියත්වයට ඔබ අකමැතිද?
වෙලාවකට නම් හිතෙන්නෙ එය කරදරයක් කියලයි. ජනතාව දන්නා කියන කෙනෙක්වීම සතුටට කරුණක් තමයි. ඒත් ඒ ජනප‍්‍රියත්වයත්  ඕනෑවට වඩා  ඕනෑම නැහැ.

 


ජීවිතය තේරුම් ගන්න   ඕනෑ කිව්වෙ? ඒ මොන විදියටද?
සෑම පැත්තකින්ම ජීවිතය තේරුම්ගත යුතුයි. තවම අපි මහ පොළවට පය තැබුවා විතරයි. ජීවිතයට දැන ගන්න තියෙන දේ බොහෝමයි. ප‍්‍රවීණ ශිල්පීන් සමග ජීවත් වන විට අපගේ ජීවිතත් අර්ථවත් වෙනවා.

 


අද වනවිට ජීවිතය තේරුම් අරන්ද තියෙන්නෙ?
දැනට දෙමාපියන් සමග ගෙවන ජීවිතය මහා බරපතලකමක් නොදැනුනාට, ජීවිතය රෝසමල් යහනාවක්ම නෙවෙයි, කටුකොහොලින් පිරුණු තැනක්. කකුලෙන් අදින අයත් ඉන්නවා.

 


ආදරය දැනෙන්නෙ කොහොමද?
ජීවිතය ගෙවන්න අත්‍යාවශ්‍ය දෙයක්. විඳින්න  ඕන, ලැබෙන්න  ඕන දෙයක්.

 


ඔබට ඔබ ගැන හැෙඟන්නෙ කොහොමද?
ජීවිතය නිවැරැදි අවබෝධයෙන් ගෙවන්න උත්සාහ ගන්න කෙනෙක්. රඟපෑම මුදල් මත හඹා යන දෙයක් කරගන්න කැමති නැහැ. ඒ නිසා වෙනත් වෘත්තියක නියැලේවි. රසිකා පීරිස්, නිෂා ප‍්‍රනාන්දු සහ සමන්තිමාලා ටීචර්ස්ලාව මේ මොහොතේ මතක් කරන්න කැමතියි.

 

 

 

 

 



අදහස් (0)

ජනප‍්‍රියත්වය වෙලාවකට කරදරයක්

සඳරුවන් Wednesday, 10 July 2013 05:08 AM

තවම මහ පොළොවට පය තැබුවා විතරයි කියන්නේ මෙච්චර කල් පාවෙවීද හිටියේ? (නි)

:       0       0

රිෂාර්ඩ් Sunday, 07 July 2013 09:08 PM

දෙවෙනි පින්තුරේ හරිම ලස්සනයි (ත)

:       0       0

චන්දිමා Thursday, 11 July 2013 02:32 AM

නංගී මේ ප්‍රතිචාර වලින් ඔයාට අදාල දේ විතරක් ගන්න, මොකද සාමාන්‍ය දැනුම නැති අය ඔයාට ප්‍රතිචාර දාලා, ඒවා දැකල මට ඒ අයගේ දැනුම ගැන දුකයි (අ)

:       0       0

අනූ Friday, 12 July 2013 11:41 PM

නිලියන් ඉන්නේ රුපවාහිනියේ විතරක් නෙමේ. වේදිකාවේ ඔබේ රංගනය විශිෂ්ටයි. ඔබ සිංහල වේදිකාවට අලුත් ආලෝකයක්. "මකරට" චරිතය හරිම ජවයකින් රගපානවා. යන මග දැනගෙන ඉදිරියටම යන්න! සුබ පැතුම් !(නදී)

:       0       0

ශිරෝමි Sunday, 07 July 2013 10:41 AM

ඔයා ජනප්‍රියයි කිව්වට අපි ඔයාව දන්නේ නැහැනේ (නි)

:       0       0

ලලිත් Sunday, 07 July 2013 04:34 PM

මේ හැම දේකටම වඩා වටින්නේ ජීවිතය කියන්නේ මොකක්ද කියල හරියට තේරුම් ගැනීමයි. ඒක තේරුම් ගත් කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ. මට හිතෙන්නේ මේ ළමයා ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගනිමින් ඉන්න කෙනෙක්. (නි)

:       0       0

නාලක Sunday, 07 July 2013 11:18 AM

අපි නම් ඔයාව දන්නෙවත් නැහැ.ඒත් ඔයා ඒවාට කැමැති නැත්නම් කමක් නැහැ. පාඩුවේ ඉන්න. (නි)

:       0       0

විභූති Sunday, 07 July 2013 11:37 AM

හොඳ තිරනයක් අරන් තියෙන්නේ. සෙමෙන් එහෙත් ස්ථිරව ඉදිරියට යාමට පුළුවන් ....සුබ පැතුම් ! (නි)

:       0       0

ප්‍රිය Sunday, 07 July 2013 04:59 PM

ඔයා හිතලා වැඩියි වගේ මට හිතෙන්නේ. ඔයාලම ඔයාලව තක්සේරු කරගෙන. මාලනි ෆොන්සේකාවත් ජනප්‍රියකම හිතට අරන් නැහැ. ඒ නිසා වැඩිය හිතට ගන්න එපා (නි)

:       0       0

නදුනි Sunday, 07 July 2013 11:44 AM

රුපවාහිනියට ගොස් මෙගා සමග සිටිනවට වඩා, සිනමාවට ගිහින් ගස්වටේ දුවනවට වඩා ....වේදිකාවේ ඉඳන් ජීවිතේ කියවන්න ගත්ත තීරණේ නිවැරදියි.සුබ පතනවා (නි)

:       0       0

ජනිත Sunday, 07 July 2013 11:59 AM

කවුද මේ? අදමයි දැකකේ (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 07 July 2013 12:16 PM

ඉතා හොදයි (නි)

:       0       0

සචින්තා ලක්ෂානි Tuesday, 09 July 2013 03:36 PM

ඇත්තටම ගොඩක් සතුටුයි ඔයා ගැන.ඔයාට සුබ අනාගතයක්.අපේ කෙනෙක් හොද තැනක ඉන්න එක ලොකු සතුටක්. (නි)

:       0       0

සන්දේශි Sunday, 07 July 2013 12:34 PM

රුපවාහිනියේ මෙගා වලින් ඩෙගා නටන නිලියන්, වෙබ් අඩවි වල කෙල්ලෝ දුටු අය ඕනෑතරම් ඉන්නවා වගේ. එහෙත් හොඳ තීරණයක් ගත්ත ලස්සන කෙල්ලෙක් හුඟක් අය දැකල නැහැ වගේ (නි)

:       0       0

රොෂාන් Wednesday, 10 July 2013 08:07 PM

ඔයාල දන්නවද වැඩක්,සමහර නළු නිලියෝ පොඩ්ඩක් රුපවාහිනියට චිත්‍රපටියකට ඔලුව දාගත්තම හිතන්නේ එයාලා තමා පොරවල් කියලා. ඒ වගේම එයාලා කියන කතාවක් තමා වැඩ ගොඩක් ආවා, මම බැහැ කිව්වා කියලා. බලනකොට කවුරුත් අහලා නැහැ (නි)

:       0       0

රත්න Sunday, 07 July 2013 12:51 PM

අපි දිරිමත් කරන්න ඕනෑ මේ වගේ නිලියන්. ඉතා හොදයි. ලස්සනයි, සුබ පැතුම් ! (නි)

:       0       0

ප්‍රියා Thursday, 11 July 2013 09:14 AM

මොකද කියල නැත්තේ ජනප්‍රිය කම කරදරයක් කියල නිලියම කියල තියෙනවා, අනේ බොරු මායම්, ලස්සන ගෑනු දැකල නැතිනම් හොදයි , හිතට අරන් හුගක්, නිලියෝ කව්ද ගණන් ගන්නේ, තෙලේ බලන් මෝඩයනන්ට හොදයි ඔයාලව. අනෙක් දවසේ කල්පනා කරලා කතා කරන්න

:       0       0

පහන්දි Sunday, 07 July 2013 01:26 PM

හොඳ තිරනයක්. දක්ෂ නිලියක් වෙයි කවදාක හරි. (නි)

:       0       0

විහග Sunday, 07 July 2013 02:15 PM

චාන්දනිලා, ජයනිලා, කෞශල්‍යලා නොමැති කලෙක ඒ අඩුව පුරවන්න කට්ටිය දැන්ම බිහිවෙන්න ඕනෑ.සුබ පැතුම්! (නි)

:       0       0

ප්‍රිය Monday, 08 July 2013 10:57 PM

මම ඔයාව අදමයි දැක්කේ. ජනප්‍රියකම කරදරයක් වුනේ කොහොමද? ඔයාට වැඩිය ලස්සන නිලියෝ ඉන්නවා, එයාලා ඔයවගේ කතා කියන්නේ නැහැ. (නි)

:       0       0

තරු Sunday, 07 July 2013 07:45 AM

පළමු සහ ‍තෙවන පින්තූර ලස්සනයි (නි)

:       0       0

චතූ Wednesday, 10 July 2013 11:47 AM

මෙයා කියලා නෑ ඒයා ජනප්‍රිය නිසා ඒක කරදරයක් කියලා ඒයා කියලා තියෙන්නේ ඕනෑවට වඩා ජනප්‍රිය වෙන ඒක කරදරයක් කියලා විතරයි.මෝඩ අදහස් පල කරන්නෙපා (අ)

:       0       0

ඩෙනම්-දෝහා Sunday, 07 July 2013 08:29 PM

ඔව් ඉතින්.රඟපාලා මුදල් නම් බලාපොරොත්තුවෙන්න අමාරුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 929 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 419 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 276 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 835 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 715 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site