IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජිනීවා ප්‍රශ්නෙට 11ක සිවිල් බලකායක්

ශ්‍රී ලංකාවට සහාය දැක්වමින් ජිනීවා මානව හිමකම් කවුන්සිලයේදී සම්මතවූ යෝජනාව පිළිබඳ සමාජයේ සියලූ පාර්ශවයන්ගේ අදහස් විමසීම සඳහා 11 දෙනෙකුගෙන් යුතු උපදේශක කාර්ය සාධක බළකායක් පත් කිරීමට රජය සැරසෙයි.

විශේෂයෙන්ම එම යෝජනාව සම්බන්ධයෙන් වන දේශීය යාන්ත‍්‍රනය ක‍්‍රියාත්මක කිරීමට මෙම කාර්ය සාධක බලකාය පත් කළ බව විදේශ අමාත්‍යාංශ නිලධාරියෙක් කීය.

බළකායේ සභාපතිනිය ලෙස මෙරට ප‍්‍රවීන සිවිල් හා මානව හිමකම් ක‍්‍රියාකාරීනි නීතීඥ මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මිය පත්කොට ඇති අතර එහි ලේකම් ලෙස ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා පත් කොට ඇත.එහි ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය චිත‍්‍රලේඛා මෞනගුරු, විශාඛා ධර්මදාස, ධර්මසිරි බණ්ඩාරනායක, ආචාර්ය ෆර්සානා හනීෆා, ජනාධිපති නීතීඥ ශාන්තා අභිමානසිංහම්, මිරාක් රහීම්, මහාචාර්යා දයා සෝමසුන්දරම්  සහ ගමීලා සමරසිංහ සෙසු සාමාජිකයෝය.

මෙම කාර්ය සාධක බලකායේ ක‍්‍රියාකාරි සැලැස්ම අදියර දෙකක් යටතේ සිදුකෙරෙන අතර ත‍්‍රිභාෂාවෙන් ක‍්‍රියාත්මක වේ. ළමා,ආරක්ෂක අංශ, අබාධිත සොල්දාදුවන්, වැන්දඹුවන් හිටපු ළමා සොල්දාදුවන් යන සියලූ පාර්ශවයන් නියෝජනය වන පරිදි එම අදහස් විමසීම් සිදු කෙරෙනු ඇත.

නිල සංචාරයක් සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග‍්‍රීෆ් මෙම කාර්ය සාධක බළකායේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් හා සහයෝගය දීමට නියමිත බව විදේශ අමාත්‍යාංශ ආරංචි පවසයි.

එම සියලූ අදහස් විමසීම අවසන්වූ පසු බලකාය ජිනීවා යෝජනාව පිළිබඳ අග‍්‍රාමාත්‍ය ක‍්‍රියාකාරී කමිටුව වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමටද නියමිතය.



අදහස් (0)

ජිනීවා ප්‍රශ්නෙට 11ක සිවිල් බලකායක්

රොහාන් Sunday, 07 February 2016 12:38 PM

ඉතා හොද කටයුත්තක් නියම සුදුස්සෙ තේරා ඇත ..(කෞ)

:       0       0

නිමල් ලාලිත Sunday, 07 February 2016 01:52 PM

සිංහලයා අවසානය වෙත ඉක්මනින්ම ළගාකරමින් සිටිති. (බ)

:       0       0

උපුල් Sunday, 07 February 2016 01:51 PM

ඔන්න ඔහොමයි කනෝ ජාත්‍යන්තර ප්‍රශ්න විසදන්නේ.නැතුව පිට පොට ගහගන හන්දියක් හන්දියක් ගානේ කුණුහරුප කියලා මිනිසුන්ට බැනල නෙවයි (කෞ)

:       0       0

උපාලි Sunday, 07 February 2016 01:58 PM

ස්වාධීනව සිතන රටක් හා ජාතියක් කුමන සුපිරි බලවතකුට හෝ ඇත්තටම යටත් කර ගන්නට බැහැ. එසේම මොන දේශපාලන නිදහස තිබුණත් තර්කානුකූලව සිතීමේ විචාරශීලී හැකියාව සමාජයට නැතිනම් එය නිදහස් සිතුවිලිවලට ඉඩක් නොදෙන, පටු හා ගතානුගතික සමාජයක් වනවා. අපේ සමාජය එවැන්නක්. දැන්වත් අපි එතනින් මිදී ජාතියන්තරය සමග මේ ආකාරයෙන් කටයුතු කලයුතුය.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 257 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 362 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 231 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 883 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1518 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4268 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24738 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site