ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවෙහි ක්‍රියාත්මකවන මාවනානේ ශ්‍රී පේමානන්ද පදනම ගාල්ලේ කරාපිටිය පිළිකා රෝහලට රෝද පුටු දෙකක් හා ලෙඩුන් ප්‍රවාහනය කරන ට්‍රොලි දෙකක් ද, හිනිදුම මහ රෝහලට රෝද පුටු දෙකක් ද නෙබුලයිසර් යන්ත්‍රයක් ද පරිත්‍යාග කෙළේය.
මේ සඳහා රුපියල් 80.000 ක ප්‍රතිපාදන සපයන ලද්දේ ජිනීවා විහාරයේ දායිකා වියට්නාම් ජාතික කිම් ත්‍රොන්ග් මහත්මියයි.
මාවනානේ ශ්‍රී පේමානන්ද පදනමේ සභාපති හා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හබරකඩ ඉන්ද්‍රරතන නාහිමි, ගාලු මාතර හම්බන්තොට අධිකරණ සංඝ නායක හබරකඩ සෝරත නාහිමි, අනුරාධපුර ලෝලුගස්වැව මාවනානේ ශ්‍රී පේමානන්ද අනුස්මරණ විවේක ආයතයතනාධිපති එප්පාවල සෝරත හිමි හා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්තානාධිපති ආචාර්ය තවලම ධම්මික නාහිමිද, ගාල්ලේ කරාපිටිය රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සිරිතුංග මහතා හා ප්‍රධාන හෙදි නිලධාරිනිය ද සේවක පිරිසක් ද,හිනිදුම දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යචාරීනී පියුමිකා මහත්මිය, වෛද්‍ය තුෂාර, ජානක නිරිඇල්ල මහත්වරු හා හෙද හෙදි නිලධාරී මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගීවූහ.
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජිනීවා විහාරයේ පින්කමක්
නුවන් Tuesday, 06 May 2014 05:17 PM
අපෙන් සුභ පැතුම්! (නි)
රුවන්-රෝමය Tuesday, 06 May 2014 05:17 PM
අපි මේ ගැන විමසුවා. ගලබඩ මහතා ලිවුවා සේ අනුකම්පා කරමු. (නි)
සනත් ගුනවර්දන ස්විස් Monday, 05 May 2014 10:14 PM
මම මාගේ උපරිම උදව්ව කරා මෙයට (ස)
හේරත් Tuesday, 06 May 2014 12:36 AM
මමත් ආසයි උදව් කරන්න කොහමද කියන්නකෝ දන්නේ නැති නිසයි අහන්න්න. (ස)
දේදුනුපිටියේ උපනන්ද නාහිමි Tuesday, 06 May 2014 01:32 AM
අතිපුජනිය ආචාර්ය තවලම ධම්මික නාහිමිපානන්වහන්සේගේ ලෝක ශාසනික සේවය සදා අගයමු. (ස)
නිලන්ති Tuesday, 06 May 2014 12:07 PM
සාදු සාදු සාදු!!! උපදින හැම ආත්මයකම ඔබලාට නිරෝගී සුවයම ලැබේවා. (ස)
තුෂාරිකා Tuesday, 06 May 2014 12:09 PM
මෙවන් වූ වටිනා පින්කම් කිරිමට ඔබලාට තව තවත් ශක්තිය ලැබේවා. (ස)
ලේක්කෝ ගලබඩ Tuesday, 06 May 2014 01:33 PM
'මම මාගේ උපරිම උදව්ව කරා මෙයට' ලෙස ලිය ඇති පුද්ගලයාගේ මානසික තත්වය ගැන මට හරි කනගාටුයි. මෙහි විශාල වැඩ කොටසක් කරපු අය සැමදා නිහඬව තම කාර්ය කරනවා. 'අඩු කලේ සෙලවේ' යන පිරුල ගැලපෙන්නේ මේවාට. (ස)
නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 06 May 2014 03:30 PM
සරණ ගුණවර්දන, මා සහ මගේ යන ආත්මාර්ථකාමී සංකල්පය තමයි ජාතින්ට වැහිලා ඉන්න ලොකුම හෙනහුරා. වැඩක් කලත් නොකලත් අනුන් පරදා තමන් කැපී පෙනීමට අපේ අය ගොඩක් උත්සාහ කරනවා. (දී)
උපසේන Monday, 05 May 2014 07:36 PM
ආචාර්ය තවලම දම්මික නායක හාමුදුරුවන්ගේ අපරිමිත උත්සාහයක ප්‍රතිඵලය හදවතින්ම අගය කරමි. (නි)