IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ජනවාරි 8 වැනිදා අපට වැරදුණේ නෑ‘

රටට යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකිරීමට පත් කළ රජයට ඒ සඳහා පස් අවුරුදු කොන්ත‍්‍රාත්තුවක් දී පැත්තකට වී සිටින්නේ නැති බවත්, දුන් පොරොන්දු ඉටු කරවන්නේ ද යන්න ගැන විමසිල්ලෙන් සිටිමින් කටයුතු කරන බවත්, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ මරදාන ඞීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

දුන් පොරොන්දු පරිදි දූෂණ වංචාවලට තිත තබා වැරදි කළ අයට දඬුවම් දීමේ වගකීමක් නව රජයට ඇතැයි කී උන්වහන්සේ එහෙත් පළිගැනීම සඳහා නීතිය භාවිතා නොකරන්නැයි නව රජයෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළහ.        

මෙතෙක් කල් පැවති මැතිවරණවලදී පරාජයට පත් වන පාර්ශවය ලද ප‍්‍රතිඵලය සාමකාමීව භුක්ති විඳින ලෙස ඉල්ලා සිටීම සාම්ප‍්‍රදායිකව සිදු වුවත්, මෙවර එසේ සිදු නොවීම කණගාටුවක් බව ද උන්වහන්සේ පැවසූහ.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසුවේ තමන් ජනවාරි 8 වැනිදා ගත් තීන්දුව වැරදි එකක් නොවන බව ජනතාව මෙවර පෙන්වා දුන් බවයි.

ජනතාවට එදා වැරදුණු බව ඇතැමුන් කීවත් එසේ වරදක් නොවූ බව ඔවුන් නැවතත් පෙන්වා ඇතැයි මහාචාර්යවරයා කීවේය.

web1



අදහස් (0)

‘ජනවාරි 8 වැනිදා අපට වැරදුණේ නෑ‘

මොහාන් Wednesday, 19 August 2015 06:49 AM

හාමුදුරුවනේ මුළු රටම ඔබට ණයගැති වෙමු.(ම)

:       0       0

ජයනාත් Wednesday, 19 August 2015 07:04 AM

සරත් විජේසුරිය මැතිදුනි , ඔබ මුණගැසුණු විටකදී වැරදුණු අයුරු කියලා දෙන්නම්. (ම)

:       0       0

සිරි Wednesday, 19 August 2015 07:30 AM

" චරථ භික්ඛවේ චාරිකං..........." (ම)

:       0       0

චමල් Wednesday, 19 August 2015 07:34 AM

ජයනාත් ට වැරදුනාට අපිට නම් එහෙම වෙලා නැහැ. (ම)

:       0       0

සත්‍යයා Thursday, 20 August 2015 01:32 AM

වාහනයක් අනතුරක් කරනොගෙන තවම ඉදිරියට ඇදෙනවා කියන්නේ වාහනයේ ලෙඩ කිසිවක් නැහැ කියන එක නොවෙයි. වාහනය තවදුරටත් ඔය ගමන යන්න නම් සියලුම (කාර්මික) දෝෂ නිවැරදි කරගත යුතුයි. 8 වෙනිදා සිදුවුණේ වැරැද්දක් නොවුණත් එදා සිට අද වෙනතුරු මේ "වාහනය" මටසිලුටු ගමනක් ආවේ නැහැ. (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 19 August 2015 08:22 AM

වැරදුනාද හරිගියාද කියන්න තවම කල් මදි.(ම)

:       0       0

කුලේන්ද්‍ර වාස් Wednesday, 19 August 2015 09:11 AM

ඔබවහන්සේගේ උත්සාහය, නීතිය අකුරටම ඉටු සම්බන්ධයෙන් අපගේ උපහාරය. (ම)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 19 August 2015 09:17 AM

නායක හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දැක්ම අතිශය ප්‍රසංසනීයයි , ඔබ වහන්සේට අපගේ නමස්කාර පුර්වක ස්තුතිය (ම)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි Wednesday, 19 August 2015 09:21 AM

ජනපති පොදු අපේක්ෂක අදහස ගෙනා ඔබ වහන්සේට මගෙන් ප්‍රණාමය, (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 101 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 224 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 266 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 593 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 445 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1464 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14599 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 191 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site